May 28, 2025

බිග් ෆාර්මා සහ කෝවිඩ්

කෝවිඩ් පිළිබඳව අද වනවිට අපි දන්නා දේවල්:

1. කෝවිඩ් මූලාරම්භය එලි කිරීමට චීනයට කිසිම උවමනාවක් තිබ්බේ නැත, අදටත් නැත.  සදාචාර විරෝධී " "gain of function" චීන "වවුල් පරීක්ෂණ"  සඳහා ඇමරිකාව මූල්‍යමය වශයෙන් ආධාර කලේය.

2. වක්‍රය සමතලා කිරීම  හෙවත් flattening the curve සඳහා වැක්සීන් උදව් වුනේ නැත. වැක්සීන් එක එනවිට වයිරස් එක මියුටේට් වී හමාරය. එවිට ඒ සඳහා "බූස්ටර් සොට් එක" එයි. බූස්ටරේ එනවිට වයිරසයා ආයෙත් මියුටේට් වී "සොට් එක " දී හමාරය. බූස්ටර් පිට බූස්ටර් වැරදි වයිරසයට දීම,  අපේ "ප්රතිශක්තිකරණ පද්ධතියට" උදව් කිරීමක් නොව දුර්වල කිරීමකි.

May 19, 2025

රතු ඇඳගත් හොල්මන් දැරිය සහ කුලී රහිත සොහොන් ගෙවල්

අවුරුදු 10කට විතර කලින්,  මගේ අම්මයි බාප්පයි, පොඩි සුසාන භූමියක භාරකරුවන් විදිහට වැඩ කළා. එක ගිම්හානයක, මම  සුසානය නඩත්තු කරන්න,තණකොල කපන්න උදව් කළා. ඒක හරිම උණුසුම් ගිම්හානයක්. එක දවසක් අපේ ට්‍රක් එක ගෙන යන්න අමාරු වුණ නිසා, අපි වෙනදාට වඩා ටිකක් පරක්කු වෙලායි වැඩේ පටන් ගත්තෙ. ඒත් එදිනම හැමදේම ඉවර කරගන්න බැරි වුන නිසා, ඊළඟ දවසේ උදේම නැඟිටලා තණකොල කපලා ඉවර කරන්න හිතුවා.