May 28, 2025

බිග් ෆාර්මා සහ කෝවිඩ්

කෝවිඩ් පිළිබඳව අද වනවිට අපි දන්නා දේවල්:

1. කෝවිඩ් මූලාරම්භය එලි කිරීමට චීනයට කිසිම උවමනාවක් තිබ්බේ නැත, අදටත් නැත.  සදාචාර විරෝධී " "gain of function" චීන "වවුල් පරීක්ෂණ"  සඳහා ඇමරිකාව මූල්‍යමය වශයෙන් ආධාර කලේය.

2. වක්‍රය සමතලා කිරීම  හෙවත් flattening the curve සඳහා වැක්සීන් උදව් වුනේ නැත. වැක්සීන් එක එනවිට වයිරස් එක මියුටේට් වී හමාරය. එවිට ඒ සඳහා "බූස්ටර් සොට් එක" එයි. බූස්ටරේ එනවිට වයිරසයා ආයෙත් මියුටේට් වී "සොට් එක " දී හමාරය. බූස්ටර් පිට බූස්ටර් වැරදි වයිරසයට දීම,  අපේ "ප්රතිශක්තිකරණ පද්ධතියට" උදව් කිරීමක් නොව දුර්වල කිරීමකි.

3.  mRNA ක්‍රමවේදය භාවිතා කල ඇමරිකන් ෆයිසර් සහ මොඩර්නා වැක්සීන්, හදවතේ මාංශපේෂි දුර්වල කල බවට සාධක තිබේ. CDC සහ FDA ආයතන මේ බව දැන සිටි නමුත්, අනතුරු හැඟවීමක් කලේ නැත. හදවතේ මාංශපේෂි,  අනෙක් මාංශපේෂි මෙන් රෙපයාර් වෙන්නේ නැත.  mRNA වැක්සීන් අතුරු ආබාධ පිළිබඳ බොහෝ නොවිසිඳුන ප්‍රශ්ණ ඇත.

4. අන්තවාදී වුනත් චීනයේ දරුණු "ලොක් ඩවුන්" ක්‍රමවේදය සාර්ථක විය.සබන් ගා තත්පර 20 අත් සේදීම, හෑන්ඩ් සැනිටයිසර්, මාස්ක්, මීටර් 2 පරතරය සාර්ථක වූ බව පෙනේ.
බටහිර ක්‍රමවේද වූ, රෝගී/නීරෝගී ගුවන් මඟීන් හෝටල්වල එකට ගාල් කිරීම, වැක්සීන් විවේචනය වාරණය, වැක්සීන් විරෝධීන්ගේ රැකියා අහිමි කිරීම, වක්‍රය සමතලා කිරීමට උදව් වූ බවක් පේන්නට නැත. 

5. වැක්සීන් විරෝධීන් "මිනීමරුවන්" ලෙස හංවඩු ගැසූ අතර, මෑත ඉතිහාසයේ වූ දරුණුම ව්‍යසනය, වැරදියට කළමනාකරනය කල, WHO විකටයින් ප්‍රධාන රාජ්‍ය නායකයන් අදද යෙහෙන් වැජඹේ.



පිලිම නෙලා නැති කෝවිඩ් වීරයෙක් Dr. Li Wenliang
මේ ලෝක ව්‍යාප්ත වසංගතයෙන්, මා ඉගෙන ගත් දේ අතර, තත්පර විස්සක් සබන් ගා අත් සේදීම, හැකි හැම විටම මුකවාඩමක් පැළඳීම සහ බිග් පාර්මා වෙනුවෙන් අපට බොරු කීමට ලෑස්ති බොහෝ දෙස්පලුවන් සහ වෛද්‍ය වෘතිකයන් සිටිනා බව තේරුම් ගැනීම ඇතුලත් වේ. "benefits outperform the risk" යනු තඩි බොරුවක් බවත්,  රිස්ක් ඇනලයිස් කිරීම හිතාමතාම මඟහැර ඇති බවත්‍ ය.


Gain-of-function research (GoF research or GoFR) is medical research that genetically alters an organism in a way that may enhance the biological functions of gene products.

The Centers for Disease Control and Prevention (CDC) and the Food and Drug Administration (FDA)



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

86 comments:

  1. ඒ දවස්වල ලංකාවෙ මීඩියා වලත් මෙලෝ අල බෝලයක් නොදැන උදේ හවා හෙන ටෝක්ස් දීපු සෙට් එකක් හිටිය.

    වවුලො කියන්නෙ ඉතිං කොහොමත් මොකක් හරි අවුලන ජාතියෙ සත්තු කොට්ටාසයක් තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ටෝක්ස් විතරක් නෙමෙයි, වැක්සීන් ගැන ප්‍රශ්ණ කරන අයිතියවත් අපට තිබ්බෙ නෑ. ෆලෝ ද සයන්ස් කිය,කියා මේව ප්‍රමෝට් කරපු සමහරු බිග් ෆාර්මා ෂෙයාර් හෝල්ඩර්ලා, බිස්නස් කාරයො.

      වවුලො එහෙම වුනාට අපේ අල කොමා නං එහෙම නෑ. උන්දෑ පාට්-ටයිම් වවුල නෙව?🤣😋

      Delete
  2. රතු හැට්ටකාරී ලිනක්ස්10 බාගත කරන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. මට ලිනක්ස් ගැන දැනුමක් නෑ. මෙතන බලන්න
      https://developers.redhat.com/products/rhel/download

      වැඩිදුර ප්‍රශ්ණ මෙතනින් අහන්න. එතන ඉන්නවා බුලට් වගේ බඩු.
      https://www.reddit.com/r/redhat/

      Delete
  3. Replies
    1. "හ්ම්ම්ම්" යනු සිතීම, සලකා බැලීම, සැක කිරීම හෝ උත්ප්‍රාසාත්මක හැඟීමක් ප්‍රකාශ කිරීම ඇතුළු විවිධාකාර චිත්තවේගීය හෝ සංජානන ප්‍රතිචාර දැක්වීමට බොහෝ විට භාවිතා කරන අතුරු වචනයකි.

      ප්‍රා තුමා මේක දැම්මෙ ඔය මොන හැඟීමක් ප්‍රකාශ කරන්නද කියල ඔහේට තේරුනා වෙන්න බෑ ඉඳගෙන.

      Delete
    2. ඔව් ණයාතුමා. ඔය ඔක්කොම සෞම්‍යාත්මක වචනත් හරි... වෙන්න පුලුවන්. ඒවගේම තමයි අපි ඉස්සර ඉගනගෙන තියෙන්නේ බ්ලොග් පෝස්ට් එකක් කියන්නේ ඒකට යටින් කමෙන්ට් දැමීමට ප්‍රමුඛත්වය දෙන, පෝස්ට් එක කියවීම අත්‍යාවශ්‍ය නොවෙන, එය තේරුම් ගැනීම අනවශ්‍ය ප්‍රපංචිත අවයවයක් කියලනෙ.

      මේ පෝස්ට් එක නම් කියෙව්වා. මට කෝවිඩ් වැක්සීන් 4ක් (බූස්ටර් සමග) ගහල තියනව. Hmmmmm

      Delete
    3. ණයාතුමා, මම ඉඳ-හිට අනා-ගමී වුනාට සකුර්දාගාමි නැති නිසා ඔක්කොම තේරුනේ නම් නෑ, ඒත් "ඕන පුපප්-ප්‍රීති වෙසක්" වගේ බෞද්ධාලම්භන ප්‍රීතියකින් පිළිතුරු බැන්ද බව නං තේරුනා. 😋

      Pra Jay තුමා. ප්‍රීතියි, ප්‍රීතියි, ආන්න ඔබතුමාට හරියටම තේරුනා. ආයෙ වැක්සීන් ගහන්න වුනොත්( god forbid!) mRNA අත්හැරලා සාම්ප්‍රධායික පැසිව් වැක්සීන් වලට යන්න සෑර්. සෑර්ගෙ හදවත හොඳ වුනාට, mRNA හාට් මසල් වලට කෙලියොත් නෝ-රිප්ලේස්මන්ට් බුදු සෑර්.

      Delete
    4. @ ප්‍රා, ඔවු ඉතිං බ්ලොග් පෝස්ට් කියන්නෙ සෙලවෙන මනසනෙ. කොමෙන්ට් කරන්න ඕව කියවන්නම ඕන කියල එකක් නෑ.

      @ දි.ග.ම, අපිටනං ඉතිං ඕන පුකක් කියල හම්බඋනේ චයිනීස් බඩු තමයි. හැබැයි මමනං දෙකකින් නවත්තගත්ත. අපේ කොල්ලටනං එකක්වත් විදින්න දුන්නෑ.

      Delete
    5. ණයා සෑර් , ඊශ්‍රායලය වෛද්‍ය විද්‍යාවෙන් දියුණු රටක්. ඊශ්‍රායලයෙන් ආ ඩේටා අනුව, mRNA වැක්සීන් එකෙන් පස්සෙ තරුණයින්ට තමා හාට් කේස් ඇවිත් තියෙන්නෙ. ආං දැන් හෙමීට නීතියක් ගෙනැල්ලා ලමයින්ට සහ ගැබිනි අම්මලාට බූස්ටර් සීමා කරන්න.

      https://www.theguardian.com/us-news/2025/may/27/rfk-jr-covid-vaccine-kids-pregnant-women

      චයිනීස් සහ රුසියන් වැක්සීන් හොඳයි කියල තමයි කියවෙන්නෙ. බාගදා උන්, අනෙක් අය නොදන්න දෙයක් දැණගෙන ඉන්න ඇති.

      Delete
    6. බස්තුමාට ඉතිං ඕවා අලුත් දේවල්යැ.
      ඇණ මොකද, ඉන්ජෙක්ශන් මොකද.
      දැන් රශියන් ඇන්ඩ් චයිනීස් !

      Delete
    7. ප්‍රා තුමාගෙන් කමෙන්ට් කීපයක් ගන්නව කියන්නෙ කම්ප්ලිමෙන්ට්‍රි එකක්. මෙතනදී ණයා සෑර් බොක්කෙන්ම සප් එක දුන්න නිසා හොඳයි. ආං අරහෙ මැලියං තුමා අප්‍රසාදය පල කරල මාර වැටක් හිටෙව්වට.🤣😋

      Delete
    8. කෝවිඩ් හතරක් ගැහුවා නිසා තමා ප්‍රා ජේ තවම කෙට්ටු .

      Delete
    9. ඒ ගහ ගත්ත "බූස්ටර්" ගාණෙ හැටියට මේ වෙනකොට කයිපර් බෙල්ට් එකටවත් කක්ෂ ගතවෙලාවත් ඉන්න ඕනෙ.🤣😋😁

      Delete
    10. වැක්සින් දෙකයි ගහ ගත්තේ වෙලාවට
      තවත් බොහොම අය කෙරුවෙත් එහෙමකොට
      එයින් කොරෝනා නාවත් අප ළඟට
      වෙන ජරමර ගොඩක් ආ බව හැඟෙයි මට!

      Delete
    11. ලංකාවට ලැබුනෙ චයිනීස් සයිනොෆාම් වැක්සීන් එක නේද? ඒක ගැන වැරැද්දක් දැක්කෙ නෑ. වැඩි දෙනෙක් වැක්සීන් දෙකකින් නැවතිලා තියනවා.

      සාම්ප්‍රධායික පැසිව් වැක්සීන් කියන්නෙ, සාධක සහිතව ඔප්පු වුන, ජීවිත බේරපු දෙයක්. ඒත් මේ අලුත් mRNA වැක්සීන් ඒ කැටගරියට වැටෙන්නෙ නෑ. හදිස්සිය දඩමීමා කරගෙන, අපිව "ලැබ් රැට්ස්" කරවලා, ක්ලිනිකල් ට්‍රයල් අඩුවෙන් කරලා, කොලේ වහලා ගහපු බිග් ෆාර්මා "කෑෂ් කව්" ගේමක් වගෙයි පේන්නෙ.

      Delete
  4. වැක්සින් නිසා ලෙඩේ දරුණු වීම අඩු උනා නේද ? අතුරු ආබාද තිබුනත් වැක්සින් වලින් ප්‍රයෝජනයක් උනේ නැහැ කියන්න බැහැ කියල මට නම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේ චෝදනාව එල්ල වෙන්නේ ෆයිසර් සහ මොඩර්නා mRNA වැක්සීන් ගැනයි. ඒක අඩුවෙන් ක්ලිනිකල් ට්‍රයල් කරලා, හදිස්සි කරලා අනුමත කරගත්ත නව ක්‍රමවේදයක්. ජොන්සන් & ජොන්සන්, රෂියන් ස්පුට්නික්, චයිනීස් සයිනොෆාම් පැසිව් වැක්සීන්. බාගදා ඒව යම් උදව්වක් වෙන්න ඇති.

      මේ වීඩීයෝව අනුව ලෙඩේ දරුණු වීම අඩු වුන ප්‍රධාන හේතුව, වයිරස් පරිනාමයයි. වයිරස් එක විසින්ම ඒකෙ දරුණු නැති, ඒත් වැඩිය පැතිරෙන වර්ශන් එකටට මාරු වෙනවා. ඒක ස'වයිවල් මැකනිසම් එකක්.
      ඒවගේම කෝවිඩ් පහර දුන්නෙ ශ්වසන නාළ වලට නොව, පෙනහල්ලේ ඔක්සිජන් හුවමාරු වෙන ඉන්ටෆේස් එකට බවත්, වෙන්ටලේටර් ලෙඩේ තවත් නරක් කල බවත් ඔහු කියනවා.

      Delete
    2. පැතුම් මහත්මයා කියන කතාව හරි කියලයි මමත් හිතන්නේ. COVID වසංගතය අඩුවුණේ Natural Immunity එකක් නිසාම නෙමෙයි. Vaccines ලොකු මෙහෙවරක් කරා. විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ සංකුලතා සහ මරණ අඩු උනා. Corona Virus සාමාන්‍යයෙන් ඉක්මනින් mutation වගේම ප්‍රභේදත් වැඩියි. Vaccine වල effect එක ඉක්මනින් අඩු වෙනවා. අනිත් අතට BIG Pharma කියන්න්නෙම ලොකු ජාවාරමක්. ඒ අය කල දුටු කළ වල ඉහගෙන කෑවා . Lock down ක්‍රමය කෙටිකාලීනව සාර්ථකයි. ලංකාවේ කොරෝනා මර්ධනයට ඒක සැහෙන උදව් වුනා. චීනයට Lock down ක්‍රමය දිගටම සාර්ථක කරගන්න ආර්ථික ශක්තිය වගේම රජයට තිබුණ අධිකාරිමය බලයත් හේතු වුණා . ලංකාවේ ආර්ථිකය කඩන් වැටුණා. (සමාවෙන්න Video එක තවම බැලුවේ නැහැ .)

      Delete
    3. Dr. Jordan Vaughn, President of the Microvascular Research Foundation, testified on Capitol Hill Wednesday, during the Permanent Subcommittee on Investigations' first hearing

      නිහඞපාල මහත්තයගෙ අදහස් දැක්වීමට ස්තූතියි. අපි වගේ හුදීජනයට කැමති දෙයක් හිතා ගන්න නිදහස තියනවා. ඒත් මම Microvascular ගැන රිසර්ච් කරන, Dr. Jordan Vaughn වගේ අය ඇමරිකන් Senate Homeland Security Committee එක ඉස්සරහ බිග් ෆාර්මා, CDC සහ FDA වගේ ඩයිනසෝරස්ලට මෙහෙම චෝදනාවක් කලාම ඒකට සවන් දෙනවා. දොස්තර මහත්තයම කියනවා, COVID වසංගතය අඩුවුන ප්‍රධාන හේතු. Heard Immunity, virus evolution සහ තව මොකක්ද එකක්. ඒත් ඒකෙ මේ කියන mRNA වැක්සීන් දෙක තිබ්බෙ නෑ. අනෙකුත් පැසිව් වැක්සීන් යම් තරමකට දායක වෙන්නත් ඇති. මෙතන බිග් ෆාර්මාත් අරම වෙන්න ඇති වගේ හිතළු කතා කිව්වා. ටක්කෙටම හරියම වැක්සීන් එක නූනත්, ඊළඟ වයිරස් වර්ශන් එක හැදෙන්නෙ ලාවට වගේ කතා. හිතළු කතා කියන්නෙ සයන්ස් නෙමෙයි. වයිරසය ඇටෑක් කරන අවයව , වැක්සීන් වලින් එන අතුරු ආබාධ , දත්ත එකතු කිරීම ඕන කමින්ම මඟ හැරියා.කෝවිඩ් පීක් එකේදී මේවා හොයන්න වෙලාවක් නැති එක ඇත්ත, ඒත් දැන් 2025 තාමත් ඒවා මඟ හරින එකයි අවුල.

      වැක්සීන් වලින් "false sense of security" එකක් දුන්න බවත්. වැක්සීන් ගත්ත අයටත් ආයෙ කෝවිඩ් හැදුන අපි දන්නවා. වැක්සීන් බේතක් නෙමෙයි. ලෙඩේ හොඳ කරන්නෙ අපේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය. දොස්තර මහත්තයා කියන්නෙ, බූස්ටර් පිට බූස්ටර් ගහගෙන, ගහගෙන යන එකකට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කැමති නෑ කියලයි.

      මේ තියෙන්නෙ මහේ අදහස, මම දැකපු, අහපු දේ අනුව. බාගදා මගේ අදහස වෙනස් වේවී ඉදිරියේදී හරියට දත්ත ආවොත්. කොහොම වුනත් ආයෙත් නිහඞපාල, පැතුම් දෙන්නට ස්තූතියි. පරස්පර අදහස් නිසා සාකච්චාව පෝෂණය වෙනවා. මමත් ඕනෙ ඇත්ත දැණගන්න මිසක්, මගේ මතේ හරියි කියන්න නෙමෙයි.

      Delete
    4. බිග් පාර්මා කියන්නේ අමුතුම ගේම් එකක් . මිනිසුන්ව කෙලින්ම මරනවා . මම ඉතාලියේ රෝම හොලිඩේ ඉන් එකේ හිටිය දවසක් දෙකක් . බ්ලොග් එකේ ලියල් ඇති . ලංකාවේ වෛද්‍යවරු කට්ටියක් හිටිය ඇවිත් කොන්ෆරන්ස් එකකට . ස්පොන්සර් කරලා තියෙන්නේ බිග් පර්මා මුළු ට්‍රිප් එකම රටවල් ගානක ඩොකා ල . ඉතින් කියන දේ විශ්වාස කරන්න පුලුවන්ද

      Delete
    5. මම ට්‍රම්පුච්චට අකමැති වුනාට ට්‍රම්පුවා කෝපරේට් ඇමරිකාවට අරින එක ගැන නං අකමැත්තක් නෑ.🤣😁

      Delete
    6. පැහැදිලිවම අජිත් මහත්මයා , BIGPharma සහ ආයුධ වෙළදාම කියන්නෙම ජාවාරම්. ලංකාවේ වෛද්‍යවරු මේකේ ලොකු ඉත්තෝ ටිකක්. family Doctors ලා පවා. අවුරුද්දට පාරක් දෙපාරක් සිංගප්පුරු තායිලන්ත සවාරි එනවා. මේ එන්නේ Conference වලට නෙමෙයි. ජොලියට . වඩා නරකම දේ අපේ මිත්‍රයෝ ඒක සාධාරණිකරණය කිරීම. එළියේ ඉන්න අයට මේ දේ හොදින්ම පේනවා දැනෙනවා. මේ අය එක කොනක ඉන්නේ, ඉතින් Vaccine සාධාරනිකරණයට බිලියන ගණනක් වියදම් කරනව කියන එක අවිවාදාත්මකයි.

      Delete
    7. නිහඞපාල මහත්තයා අජිත් මේක දැකලා නෑ. ට්‍රම්ප්ම පත් කරපු FDA කොමසාරිස්ම පිළිගන්නවා වැක්සීන් ඩේටා නෑ කියල. එයාම කියනව 85% සෞඛ්‍ය සේවකයො බූස්ටර් එක ප්‍රතික්ෂේප කලාලු. ඔහු ඉල්ලා සිටිනව, කම්පැණි වලින් අඩුම ගානෙ මූලික ක්ලිනිකල් ට්‍රයල්වත් කරන්න කියලා. ඕ....යේස් දැට්ස් රියල් සයන්ස්. දැන් තේරෙනව නේද "benefits outperform the risk" කියපු එකේ තේරුම? 🤔

      මම හිතන්නෙ දෙවිවරුත්, යක්ෂයාත් දෙකම ඉන්නෙ අප තරමයි කියලයි.

      https://youtu.be/CDa8WBTy1zE?t=167

      Delete
    8. දැක්කා , දැක්ක

      Delete
  5. මේ මම 2020 ලියු එකක් - Coronavirus - Chinese Connection and Big Pharmahttps://quantumchecks.blogspot.com/2020/03/coronavirus-chinese-connection-and-big.html

    ReplyDelete
    Replies
    1. 2020 ලිව්වත් හොඳ ලිපියක්. ඒ විවේචන වාරණය කරපු කාලෙ, අපේ කටවල් වලට මුකාවාඩම් දාලා අත පය බැඳලනෙ තිබුනෙ?

      Delete
    2. මේ අනිත් එක : Why Lock-down should work - Virus Bottleneck -https://quantumchecks.blogspot.com/2020/04/why-lockdown-should-work-virus.html

      Delete
    3. වරක් ආගියුමන්ට් එකකදී චීනෙක් මෙහෙම කිව්වා "ඔව් ඉතිං උඹලා ලෝකෙ දකින්නෙ ගූගල්ගෙ ඇහෙන් නෙව?" කියලා. අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා, ඒක තමයි ඇත්ත. අපි දකින්නෙ, විස්වාස කරන්නෙ, අපේ කෝපරේට් ඔව'ලෝඩ්ලා අපට "පොවන" දේ විතරයි.😕🤔

      Delete
    4. @D G M bassa - චිනාගේ ගුගල් කතාවනම් ඇත්ත

      Delete
    5. අද දොස්තරලත් AI චැට් බොක්ස් වලින් උපදෙස් ගන්නවා. එක අතකට ඒක හොඳයි. වැඩි දැණුම් සම්භාරයක් කියන්නෙ, රෝගීන්ට වාසියක්. අපි අකමැති වුනත් AI ගමන යනවා. මට ඒ ගැන තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්.

      එකක් ස්කෑමර්ල තමයි AI වලින් ලෙසටම වැඩ ගන්නෙ. අනික ඊලොන් මස්ක් වගේ කපටි බිස්නස් කාර ස්පර්ම් ඩෝනර්ස්ලත් AI චැට් බොක්ස් එලියට දාන කොට සහ ඔවුන්ට ඒ ගැන තියෙන අසීමිත බලය ගැන හිතන කොට එන නොසන්සුන් හැඟීමක්.

      Delete
  6. ඕකේ මුල හරියේදී ඉන්දියන් සයන්ටිස්ට් ල ලියු ආර්ටිකල් එකක් ගූගල් එකෙන් අතුරුදහන් වුනා . මට වැක්සින් ගහන්න උනා නැත්නම් අනිත් බෙහෙත් දෙන්නේ නැහැ කියල තර්ජනය කල නිසා . මම අදටත් විශ්වාස කරන්නේ ඇමෙරිකාව සහ ප්‍රංශය චිනෙදී ඕක හදල අරගෙන ගියා කියල ලැබ් එක වහල . ඉස්සෙල්ලම යූස් කලේ යුක්‍රේනයේ ලැබ් වල . යුක්රේනය බයලොජිකල් වෙපොන් ලැබ් වහන්න කීවහම වැහුවේ නැහැ ඕව දිගටම කරගෙන ගියා මොකද ඒ සෝවියට් ලැබ් හරි විශාලයි . පූටින් ගේ යුද්දෙට එක හේතුවක් ඕක කියලත් කියනව , යුක්රේන් කාරයෝ වයිරසේ රුස්සට විරුද්ධව භාවිත කරන්න සුදානමින් ඉන්න එක පූට ට මාට්ටු වෙලා . මම ඒකත් ලීවා ඒ කාලෙම . ගොඩක් අය බැන්න හැබැයි . ඉතාලියේ මැරිච්ච් යුක්රේන් එකෙක් ගාව මැරුණට පස්සෙත් සර්වවයිව් වෙච්ඡ වයිරස් ස්ට්‍රෙන් එකක් - තිබුනලු . හැබැයි මේ විස්තර එකක්වත් ගුගල් එකේ දැන් නැහැ

    ReplyDelete
    Replies
    1. මේ වැක්සීන් සහ කෝව්ඩ් ගැන කියපු දේවල් බැලුවාම , කොන්ස්පිරසි තියරි වගේ පෙනුනට මේ ඕනෙ දෙයක් වෙන්න සම්භාව්‍යතාවයක් තියනවා. කොහොමද Anthony Fauci හීරෝ ඉඳන් සීරෝ වෙලා අන්තිමට ජනාධිපති සමාවෙන් ගොඩ ගිය ලස්සන. අදටත් අපිව කලුවරේ තියලයි තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි, FDA එකේ V-safe එක මැනිපියුලේට් කල හැටි එහෙම. මිනිස්සු තාම මේ බිග්-ෆාර්මාට තියන බලේ අන්ඩ-ඇස්ටිමේට් කරනවා. සමහරු අකමැති ඇති, මුං අපිව ඇන්දුව කියල පිලිගන්න, ඒ තරමට බොරු තොගයක් සමාජගත කරලයි තියෙන්නෙ. අදටත් බොහෝ අය ඒව විස්වාස කරනවා. කවුරු හරි "අවුට් ඔෆ් ද බොක්ස්" කතාවක් කිව්වොත්, "ෆේක් නිව්ස්" කියල මඟාරිනවා. බාගදා මම වැරදිත් ඇති, ඒත් මට ඕනෙ ඇත්ත දැණගන්න නිසයි මේක සකච්චාවට ගෙනාවෙ.

      Delete
    2. අර MMR එක මතකද අන්ඩ්රු වේක්ෆිල්ඩ් ගේ . පොරව නැති කරලම දැම්මනේ . එකොන් පවා ලිපියක් ලීවා මම ලියු එකට . අපි දෙන්න හොන්ද්ටා හොයල බැලුව . ඉනෙස් ටයි මටයි තේරුනා මොකක් හරි අවුලක් තියෙන බව . MMR එක හොඳයි හරි . නමුත් ඩෝස් එකේ ප්‍රශ්නයක් තියනව . එංගලන්තේ දෙන්න ලොකු ඩෝස් එකක් . මෙහෙ ළමයි විශාලයි . අපේ ළමයි පොඩියි . එයාව ක්වෝට් කරන්න එපා කියල ලංකාවේ විශේෂන්ඥ වෛද්‍යවරයෙක් ඕක කිව්වා . ඉතින් අපි ප්‍රයිවෙට් පවුම් 100 ගානේ ගෙවල දුවලට වෙනම ගැහුවා . නොගහ හිටියේ නැහැ. මොකද වක්සින් එක හොඳයි නේ . ලෙඩේ වළක්වනවා . . මුලදී ඉස්කෝලෙන් කීව MMR ගහල් නැත්නම් ඉස්කෝලෙට ගන්නේ නැහැ . කවුන්සිල් එකට ළමයි ගන්න්ව් අකියල් තර්ජනය කළා . අපි කීව වෙනම තුනක් ගැහුවත් තුනම එකට ගැහුවත් වැරැද්ද මොකක්ද කියල ඔප්පු කරන්න කියා . ඊට පස්සේ උන් බැක් ඩවුන් උනා

      Delete
    3. විද්‍යාව කියන්නෙ වැරදි නිවැරදි කරගෙන ඉගෙන ගැනීම කියලනේ කියන්නෙ. ඇන්ඩ්රු වේක්ෆිල්ඩ්ට එක නීතියකුයි, බිග් ෆාර්මාට වෙනම නීතියකුයි තියෙන එක වැරදියි. ෆයිසර්/මොඩර්නා ආර්ථික ලාබ සඳහා දැණ,දැණම කොලේ වහල ගාණ කැපුවා නං, ඒක සාපරාධයක්. අවාසනාවට ලෝකෙ අපි හිතන තරම් සාධාරණ නෑ. අපි අපිට හැකි විදිහට මේ අසාධාරණයට විරුද්ධ කතා කරමු.

      මම ඇනුවල් ෆ්ලූ ෂොට් එක ගත්තෙ එක පාරයි.ඒකත් වෙන මොකක්ද ලෙඩකට, ක්ලිනික් ගිය වෙලාවෙ, ඩොකා "ආ, ෆ්ලූ ෂොට් අරන් නැනෙ?" කියල, මට කතා කරන්නවත් නොදී ඇදලා ඇරියා. ඒත් ඒ පාරත් මට හෝතඹු හෙම්බා හැදුනා. මම බෙහෙත් ගන්නෙ නොගෙනම බැරි වුනොත් විතරයි.
      ලෝකෙ බේරගන්න නම් එන, එන හැම වයිරස් ස්ට්‍රේන් එකටම වැක්සීන් ගහ ගන්න ඕනෙ කියන තියරි එක මට දිරවන්නෙ නෑ.

      මට මතක් වෙනවා විහිලු කතාවක්:

      ලෙඩා: ඩොක්ටර්, මට උණ සෙම්ප්‍රතිශ්‍යාව. බේතක් කියනවද?
      ඩොකා: හා, ගෙදර ගිහින් රෑ දොලහට හොඳට ඇල් වතුර නාල එනවා
      ලෙඩා: හෑ, බුදාම්මෝ එතකොට මට නිව්මෝනියාව හැදෙයි නෙව?
      ඩොකා: ඔව් ඒක තමා වෙන්න ඕනෙ, නිව්මෝනියාව බේත් තියනවා.

      Delete
  7. කෝවිඩ් නැවත මතුවන තර්ජනයක් තියන කාලයක එහෙම උනොත් මොකද කරන්නේ කියන ප්‍රශ්නයට පිළිතුරක් හොයන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. කෝවිඩ් නැවත තැන, තැන මතු වෙනවා. ඒත් කලින් වගේ දරුණුවට නෙමෙයි. කොවිඩ් වයිරසයා බිග් ෆාර්මාට වඩා සාධාරණයි. දැන් එන ස්ට්‍රේන් මාරාන්තික නෑ.

      වෙන්න ඕනෙ, ඔය "ලෝංග් කෝවිඩ්" සහ බෙහෙත් ගැන රිසර්ච් කරන එකයි. ඒවට ෆන්ඩ්ස් නෑ. ඒත් US health secretary, Robert F Kennedy Jr ගෙ පුතාටත් ලෝංග් කෝවිඩ්. ඔන්න ඔහොමයි කතාව අපෙ ලොකු හාංදුරුවනේ.

      Delete
  8. ඩයිනසෝර් මකරු හැකරු
    දැන් ඉන්නව පොකුරු පොකුරු
    උන් හඳ නං අපි වෙමු තරු
    උන් ගහනව අපිව පතුරු

    ReplyDelete
    Replies
    1. ඉර හඳ තරු පායන තුරු
      කලු කපුටා සුදු වෙන තුරු
      උන් දැම්මට අපට කතුරු
      සයිනොෆාම් අපට මිතුරු

      Delete
  9. බස්සා මහත්තයෝ, ඊයේ පාන්දර මේ post එක blog රෝලේ තියෙනවා දැකලා මෙහාට ආවා. පෝස්ටුව පළ කරලා විනාඩි 22කින්. එතකොට කියවුනානේ 'මෙහෙම එකක් නොපවතී' කියල.

    ReplyDelete
    Replies
    1. හරි නෙව? මං පෝස්ට් එක අයින් කරලා ඩ්‍රාෆ්ට් දැම්මා. කව්ද කිව්වා මාසෙට පෝස්ට් දෙකක් ලියන්න එපා කියලා. ඒත් ඉතිං පාට-යකාට හැදී දෙකකින් බෙදන එක අසාධාරණ නිසා ආයෙ දැම්මා.🤣😋

      Delete
    2. කවුද බොලේ මාසෙට දෙකක් එපා කියන්නේ?
      ලියාගන්න ඇහැකියි නං මම මාසෙට පහ හයක් දානවා.

      Delete
    3. නිදිට වගේ ලිවීමේ හැකියාවක් මට නෑනෙ? මම ලියන්නෙ, යාලුවො එක්ක පොඩි ෆන් එකක් ගන්නත් එක්කයි. ඔය අහු-මුළු අස්සෙ රිංගන කොට මේ වගේ අපේ ජීවිතේට වැදගත් දෙයක් දැක්කොත් ඒකත් ගෙනත් ඔබනවා.

      Delete
    4. බස්සා මහත්තයෝ, තමුන්නැහේ එහෙම ගෙනත් එබුවද මන්දා- පේනවා නේද කොයි තරම් හොඳ සාකච්ඡාවන් වෙනවද කියලා comment තීරුවේ.

      Delete
    5. ඇත්ත. බ්ලොග් ලියන එක නවත්තලා කමෙන්ට් විතරක් කරන්න මට ඕනෙ වුනත්, තාමත් පෝස්ට් ලියවෙන්නෙ ඒක නිසාම තමයි. පරස්පර අදහස් වුනත්, සංවේදී නොවී ඉදිරිපත් කරන්න, ඒ අතර පොඩි ෆන් එකකුත් ගන්න, මේතන ඇරෙන්න වෙන තැනක් නෑ කියලයි මට හිතෙන්නෙ.

      Delete
  10. මම vaccine 3ක් ගත්තා cyno 2, faizer 1
    ඒ 2021දී. මට සාමාන්‍යයෙන් දරුණුවට හෙම්බිරිස්සාව හැදුන කෙනෙක්. කොවිඩ් හැදුනනම් මම ඉවරයි.ඉතින් මම හරිම සතුටින් vaccine එක ගත්තේ. 2021 ඉඳන් තවම මට හෙම්බිස්සවක් හැදුනේ නැහැනේ. වෙලාවකට හිතෙනවා හැදෙන පලවෙනි එකෙන්ම ඉවර වෙයිද කියලත්. ඕo මගෙන් reply නැති වුනොත් අවසානය සිදුවෙලා තමයි ඈ.

    ReplyDelete
    Replies
    1. වැක්සීන් එක්ක මගෙ කිසි අවුලක් නෑ ඒවා නියම ක්‍රමේට භාවිතා වෙනව නං. අතුරු ආබාධ සඳහන් කරලා තෝරා ගැනීම රෝගියාට දෙනව නං. රෝගියා වැක්සීන් එකට නරක ආසාදනයක් නැති බව තහවුරු කරගන්නව නං.

      තමන්ගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය ගැන විස්වාසය තියන්න. බඩේ ඉන්න අතුරු-මිතුරු බැක්ටීරියාවොන්ට සුමානෙට සැරයක්වත් මී-කිරි පාටියක්, පලතුරු ටිකක් දෙන්න. වැඩි හරියක් රෝග නිට්ටාවටම සනීප වේවි.😁

      Delete
  11. බස්සා මම හිතන්නේ , ඒ දවස් වල තිබ්බ තත්වෙත් එක්ක වැක්සින් ආවේ නැත්නම් තත්වේ බොහෝ දරුණු වෙන්න තිබ්බා . අර උඩින් කුමුදු කිව්වා වගේ මටත් හෙම්බිරිස්සාවක් හැදුනු කාලයක් මතක නැහැ .. ඒවා අතුරු පල වෙන්න ඇති . ඕක ඇතුලේ තිබ්බ දේශපාලනේ මොකක් උනත් මිනිස්සු , ඒ තිබ්බ තත්වෙන් ලෝකේ ගොඩ දැම්මා . වැක්සින් හදපු මිනිස්සු ඊළඟට එන්න පුළුවන් ඔයිට වඩා දරුණු එකකට උනත් ලැස්ති වෙන හැටි ඉගෙන ගන්න ඇති .. වැක්සින් බෙදා හැරපු මිනිස්සු ඊළඟ එක ඊට වඩා හොඳින් කරන්න ඕනේ විදිය ඉගෙන ගන්න ඇති .. ලාබ ගත්ත කෙනා ඊළඟ එකෙන් වැඩි ලාබයක් ගන්න පුළුවන් විදිය ඉගෙන ගන්න ඇති .

    මම හිතන්නේ ලෝකේ හැමදේම උනේ ඔහොම තමා .. අලුත් දේවල් එලියට එන්නේ ඔක්කොම පර්ෆෙක්ට් තියෙනකොට නෙමේනේ .. මිනිස්සුන්ට අතුරු ආබාධ හැදෙයි ..ඒවට උත්තරත් කවුරු හරි හොයා ගනියි ..

    වැක්සින් වැඩක් නෑ කියල , අපිට අපේ ඇඟ ගැන විස්වාසය තියාගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවා . නමුත් එහෙම නැති කාලෙකුත් එනවා . අවුරුදු 60 කියන්නේ තරුණ වයස කියල මිනිස්සු හිතන්න තරම් මිනිස්සුන්ගේ සෞඛ්‍ය දියුණු උනේ ඔය විදියට බිග් පාර්මා වගේ අය හදපු බෙහෙත් හේත් තාක්ෂණ වලින් නෙමේද ?



    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා, සෑහෙන හොඳ තර්ක ටිකක්. මට පැතුම් තරම් සුභවාදීව ලෝකය දෙස බලන්න බැරි වුනත්, වැඩි හරියක් ඔබේ තර්ක සමඟ එකඟ වෙන්න වෙනවා. මගේ සමහර උපකල්පන වැරදි බවත් පේනවා.

      එකඟ නොවෙන එකම තැන, ඕව ඔහොම තමයි "ඩාං වෙනවා, ඩූං වෙනවා" කොටසටයි. ඔබත්, මමත් දෙන්නම "හිතන දේ", "වෙන්න ඇති" වගේ පෞද්ගලික විස්වාස, මත ඉදිරිපත් කරන නමුත් Dr. Jordan ඉදිරිපත් කරන්නේ සාධක. ඔහුට අනුව ෆයිසර්/මොඩර්නා වැක්සීන් අතුරු ආබාධ නොසලකා හැරලා තියනවා. ඩේටා ඇවිත් තියෙන්නෙ ඊශ්‍රායලයෙන් විතරයි. ඒකත් CDC/FDA නොසලකා හැරල තියනවා.

      සමස්ථයක් වශයෙන් මම, වැක්සීන් ලෝකයට මහඟු සෙතක් කල බව පිලිගන්නවා. බිග් ෆාර්මා ඇතුලු නවීන සෞඛ්‍ය ක්‍රම නිසා, අපේ ජීවන තත්ත්වය උසස් වුන බවත් පිළිගන්නවා. ඒත් ඒ නිසා අපි "හැම අකටයුත්තක්ම" ඉවසගෙන ඉන්න ඕනෙ කියන තර්කයට ඒ හැටි කැමැත්තක් නෑ.

      Delete
    2. දෙන්නම අහල තියෙනවද එයුජෙනික්ස් කියන්නේ මොකක්ද කියල . මේ මම ලියපු එක කොවිඩ් කාලේ සුජනන විද්‍යාව හෙවත් එයුජෙනික්ස්-https://kolambagamaya.blogspot.com/2020/04/blog-post_83.html

      Delete
    3. මේ එකම - පරිණාමවාදය කියන්නේ හැඩ ගැහෙන කෙනා බෙරෙනා කියන එක . ට්‍රම්ප් හේ කිලෝග් සගය හෙම මේ ලැබ් වලට මිලියන් ගණන් උදව් කරනවා . හිටලර් කලෙත් මේක . - අනවශ්‍ය දුර්වල මිනිසුන් ලෝකෙන් අයින් කලහම වඩා හොඳ ජනගහනය අඩු ලෝකයක් බිහි කරන්න පුළුවන් . ඒකට ඩිසයිනර් බැක්ටීරියා සහ වයිරස් හදන්න ඕනේ https://quantumchecks.blogspot.com/2020/03/survival-of-fittest-or-rule-of-jungle.html

      Delete
    4. කොවිඩ් වලදී වැඩිපුර මරුනේ ස්ථුල ශරීර තියෙන අය , වෙන ලෙඩ - ඇදුම , පිළිකා , හෘද රෝග තියෙන ප්‍රතිශක්තිය අඩු අය . නමුත් ඒක වෙන නිරෝගී අයට පැතිරෙන කොට කත්තියුඅ පැනික් වුනා . එන්නත් හැදුව . ඕකට තමයි එයුජෙනික්ස් කියන්නේ

      Delete
    5. නම මතක නැති වුනත් අහල තියනවා. අර කුප්‍රකට නාට්සි තියරිය නේද? ඉලොන් මස්ක් අපට කිව්වෙ "පැරසයිට් ක්ලාස්" කියලයි. බිල් ගේට්ස් වුනත් ලෝක ජනගහනය වැඩියි වගේ කතාවක් කිව්වා වගේ මතකයි.

      කෝවිඩ්, ලෝකය පිළිබඳ මගේ ආකල්ප වෙනස් කලා. දෙයියො අහක බලාගෙන, පූසාරිලත් එක්ක ලොක් ඩවුන් වෙනව මම දැක්කා. දෙවිවරු වගේ සෞඛ්‍ය සේවකයො, වයිරස් ලෝඩ් එක වැඩි වෙලා මැරෙනව මම දැක්කා.ඒකෙන් ගාණ කපා ගත්ත එවුන්ට පොදු සමාවක් දෙන එකට, මම විරුද්ධ ඒකයි.

      Delete
    6. වැක්සින් හොඳයි.
      ඒත් පමණට වඩා වැඩි වුණාම හොඳ වුණත් නරක වෙනවනේ!
      මෙතැනදීත් එහෙම දෙයක් වෙලා වගේ.
      බෙහෙත් නිපදවීම හා ඖෂධ අලෙවිය තනිකරම අතිවිශාල අමානුෂීය ජාවාරමක් වෙලා නේද?

      Delete
    7. බිග් ෆාර්මා වෙළඳ අධිකාරිය ගැනත්, ඔවුන්ගේ " එතරම් සදාචාරාත්මක" නොවන වෙළඳ ක්‍රමවේද ගැනත් සෑහෙන ප්‍රශ්ණ තියනවා. ආණ්ඩුව , CDC සහ FDA වගේ ආයතන තියෙන්නෙ, බිග් ෆාර්මා වැරදි පාරේ යන විට, ඔවුන්ව නියාමනය කරන්නයි. ඒ ගැන කතාකරන්න ගියොත් මේක දේශපාලන පැත්තට යනවා.

      කොහොම නමුත් අර පැතුම් කිව්වා වගේ, බිග් ෆාර්මා තනි කරම "බිග් බෑඩ් වුල්ෆ්" මත් නෙමෙයි. වැරදි තිබ්බත්, ඔවුන් අතින් නූතන වෛද්‍ය විද්‍යාවට සෑහෙන සේවයක් වෙලත් තියනවා.

      Delete
    8. ඔව් ඉතින් ඒ ගොල්ලන්ට සල්ලි තියනවා පරීක්ෂණ කරන්න , හොන්ඩ අබේහෙත් හදන්න . ඒත් ලෙඩ බාගෙට සනීප වෙන්න

      Delete
    9. කෝවිඩ් ආපු මුල් කාලෙ, මම දැක්කා සමාජ මාධ්‍යවල" අවුලක් නෑනෙ, නාකි ටිකනෙ මැරෙන්නෙ?" වගෙ කතාත්. හැබැයි අපරාදෙ කියන්න බෑ, කෝවිඩ් පංගුපේරුවක් නැතුව බෙදුව කාටත් සමසේ. නරුමයො කොහෙත් ඉන්නවා. බිග් ෆාර්මා ගැන වැඩිය කියවෙන්නෙ නරක. බිග් ෆාර්මා ලීඩ් කරන්නෙ ෆයිසර්.

      Delete
  12. අඩේ මරු සාකච්ඡාවක්නේ මෙතන යන්නේ... ආයේ එන්නං ඈ...

    ReplyDelete
    Replies
    1. හා, හා එන්න, එන්න. සුරුට්ටුද බොන්නෙ, බුලත්මද කන්නෙ. මෙහෙත් හරි වැස්ස, ඔහෙත් හෙම වෙන්ටෑ? 😋🤣😁

      Delete
    2. අපොයි හරි වැස්ස - කොළඹ යට වෙන්න
      ඇහැකි වෙන තරමටම
      හිටන් xක හෝදන්න!

      Delete
    3. හිටන් xක හෝදන්න? 😮
      ගඳත් නැති වෙන්න
      හෙනං ගෙන එන්න
      සුරුට්ටුව බොන්න


      හෙහ්, හෙහ් මේක කියෝල මට තාමත් හිනා. මේවා හොඳටම රස විඳින්න නං, අතීත කතාව දැන ගන්න ඕනෙ. මතක විදිහට දයානන්ද ගුණවර්ධනයන්ගේ "නරි බෑණා" වේදිකා නාට්‍යයේ දර්ශණයක්.

      රෙදි, කෝට් ඇඳපු දෙන්නෙක්. ආගිය වංහුං, සතුටු සාමීචි කතාවක. ඔරිජිනල් එකේ තියෙන්නෙ "මෙහෙන් ඉඳගන්න" , "අපොයි හරි වැස්ස - වෙලත් උතුරන්න කියලයි.

      තව මම කැමතිම කොටසක් තමයි ගම හාමිනේ, දුවට කියන "තෝව කවද හරි දෙන්නෙ නරියෙකුටම තමයි" කියන එක😁

      Delete
    4. නරියට වවුල්ලු බලාගන්න දුන්න වගේ තියෙයි එහෙනං.

      Delete
    5. වවුල්ලු නෙමෙයි සෑර්, කුකුල්ලු, කුකුල්ලු. එකෙක් දෙන්නෙ නෑ ,සෑර්? ඇයි අපි කලුද? ගම ගෙදරින් ඉල්ලුවම දඩෝරියව පැන්නුව. සෑර්ට කොරවක් බිත්තරයක් දෙන්නද?

      Delete
  13. කොවිඩි කියන්නෙ සමාගම් වලට ධන උල්පතක් /
    මම ගැහුවා දෙකක් / අතුරු ආබාධ එන කතාව ඇත්තක් කියල තමයි අසපු දැකපු කතා වලින් තේරුනේ
    විශේෂයෙන්ම ස්නායු ගත ආබාධ

    ReplyDelete
    Replies
    1. බොහෝ අය දෙකෙන් නැවතිල තියනවා. ඒක හොඳයි , Dr. Jordan Vaughn තමයි කියන්නෙ. වැක්සීන් කියන්නෙ ජීවන ආරක්ෂාවක් අවශ්‍යම දේට ගන්නව නං. අනෙක් බොහෝ වැක්සීන් ගන්න ඉස්සෙල්ලා ටෙස්ට් කරනවා, නරක ආසාදනයක් තියනව බලන්න. මේකට මුකුත් නෑ, කෙලින්ම ඇදලා අරිනවා. සමහරුන්ට ඔරොත්තු දෙනවා. මගේ එපාට්මන්ට් එකේ හොඳින් හිටපු අසල්වාසියෙක් කෙලින්ම වැලිගං පිටි ගියා( RIP ටීචර් 😢). ඩේටා නෑ, එකතු කලෙත් නෑ. ගහගත්ත අයට එන අතුරු ආබාධ කියන්නෙත් නෑ. ලිඳ ලඟ ඕප වගේ කතා තමයි සමාජගත කරන්නෙ. වාව්! හෙම්බා හැදුනෙත්, මාර ෆිට් ඈ? වගේ කතා. මේව සයන්ස්ද? පෙනහල්ලෙ අවුල තියෙද්දී, වෙන්ටිලේටරෙන් පම්ප් කරලා ඒකත් වරද්දගෙන නෙව? දැන් එතකොට ඊළඟ පැන්ඩමික් එක "ටෙස්ලා මෑන්" ඇවිල්ලා ගොඩ දාලා දේවිද? සොරි , මට දැන් මිරකල් ගැන විස්වාසයක් නෑ.

      වැක්සීන් වලින් කරන්නෙ, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උගන්නනව නොදන්න වයිරස් ගැන. දැන් කෝවිඩ් "බූස්ටර් සීරීස්" ගැන කතාව යන්න මෙහෙමයි:

      මම : ආ, මචං මෙන්න අලුත්ම වයිරසාගෙ බ්ලූ ප්‍රින්ට් එක. අප්ඩේට් කර ගනින් , ඈ?
      ප්‍රතිශක්තිකරණ පද්ධතිය( ප්‍ර.ප) - ඕකේ බොසා , තෑන්ක්ස්
      මම - අඩේ සොරි මචෝ, වැරදි වැක්සීන් එක. මෙන්න හරි බූස්ටර් එක
      ප්‍ර.ප- හරි, හරි කා අතින්ද වැරදි නොවෙන්නෙ? ඕකේ අප්ඩේට් කර ගත්තා.
      මම - මාර වැඩේනෙ පෙන්ස්, වයිරසාගෙ ආච්චිට.....මූ ආයෙ වෙනස් වුනා. මෙන්න හරි බූස්ටර් එක
      ප්‍ර.ප - මොකක්ද ඕයි මේ මඟුල, දෙනවකො හරි එක. 😕
      මම - බයින්න නං එපා මචෝ, ඒකත් වැරදි එක. මෙන්න හරිම බූස්ටර් එක
      ප්‍රතිශක්තිකරණ පද්ධතිය: තොගෙ ආච්චිට ......ගහගිය ඕක ටොගෙ පුපේ...!@*^%$#**💢😡

      Delete
    2. ඒක මරු . මම හතරම ගැහැව්වා . ගැහැව්වේ නැත්නම් නොමිලේ දෙන හෘදයාබාධ බෙහෙත් හෙම ලැබෙන්නේ නැහැ නොව එහෙමනේ කෙලින්නේ

      Delete
    3. අම්මට හුඩු බ්ලැක්මේලුත් කරලා.😋 ඒකත් හරියට
      බොනවද පිරිත්පැන් නැත්නම් පොවන්නද
      යනවද නිවන්, නැත්නම් අපි අරින්නද
      වගේ තමයි. මං නං කියන්නෙ අපි පැන්ඩමික් එකේ බොරු වීරයොන්ට පදක්කම් දෙන එක දැන්වත් නවත්තන්න ඕනෙ. පැන්ඩමික් එකේදි ඇත්තටම ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කල සෞඛ්‍ය සේවකයනුත්, දැන්වත් ඒ ගැන හොයන කතාකරන වෛද්‍ය වෘතිකයනුත් සමරන්න ඕනෙ.

      Delete
    4. යනවද නිවන්, නැත්නම් අපි අරින්නද - අන්න හරි

      Delete
    5. අපට මේක කතා කරන්න, නිදහසේ අදහස් දක්වන්න, අත්දැකීම් බෙදාගන්න අවුරුදු 6ක්ම ඉන්න වුනා නේද? අපි මීට අවුරුදු 2කට කලින් මෙහෙම කිව්ව නං, රිපෝට් කරලා අපිව ප්‍රසිද්ධියේ එල්ලනවා.

      ලෝඩ් බිග් ෆාර්මාගේ සැදැහැවත් අනුගාමිකයින්

      Delete
    6. මට ලංකාවට යන්න අවශ්‍ය වුනා . අම්ම අසනීප වෙලා . එනිසා වෙනම කොවිඩ් ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා ලන්ඩන් වල . දිලිත් ජයවීරට ගෙව්වා අර චෙක් කරන එව්වට , ගෝටා ගේ හොටෙල් වලට ගෙව්වා . මතකනේ ඒ දවස් වල

      Delete
    7. වෙනම පැන්ඩමික් කාක්කො සෙට් එකක් හිටිය. මෙහෙත් එකෙක් මිලියන් 80 ගසා කෑව. සබ්-සබ්-සබ් කන්ට්‍රෑක්ට් ක්‍රමේට. අන්තිමට ඇප් එක ලියන තිබ්බෙ, බේස්මන්ට් එකක හිටි දෙන්නෙක්ගෙ "කම්පැණියක්". ජස්ටියට යන්න වුනෙත් ඔය වගෙ කේස් නිසයි.

      ArriveCAN

      Delete
  14. ලංකාවේ ඉස්කෝල වලින් නටපු නාඩගම.. ඉන්ජෙක්ෂන් ගහගන්නේ නැත්තම් රස්සා නැති කරන තැනටම ආවා. සයිඩ් ඉෆෙක්ට් කතාව නම් සහතිකම ඇත්ත. ඉස්සර කිලෝමීටර් 10-12 බයිසිකල් පැදලා තව කිලෝමීටර් 2-3 පයිනුත් ගිය මට දැන් දවසක් ඉස්කෝලේ වැඩ කරාම මහන්සියි.

    ReplyDelete
    Replies
    1. සයිඩ් ඉෆෙක්ට් තියනවද ඇහුවොත්, "ඔය උන්නු හැටියට මලා මඳැයි" වගේ ටෝක් දීලා "ට්‍රස්ට් මී බ්‍රෝ" කියලත් කියනවා. හැබැයි, වැක්සීන් ගත්ත අල්ලපු ගෙදර සෝමපාල මලා නේද? කියල ඇහැව්වොත්. දන්නැත්ද, ඔය එහෙන්-මෙහෙන් ඩාං වෙනව, ඩූං වෙනව වුනාට benefits outperform the risk කියනව.

      Delete
    2. බිරිඳට දුර ඇවිදින්න බැරිව හිටිය අවුරුද්දක් විතර, හති වැටෙනවා හොඳට හිටිය මනුස්සය

      Delete
    3. Dr. Jordan කිව්වා වයිරස් එක හෝ mRNA ස්පයික් ප්‍රෝටීන් එක පෙනහල්ලේ, ඔක්සිජන් ඉන්ටෆේස් නාල වලට ඇටෑක් කරන කතාවක්. හොඳ වෙලාවට හාට් මසල් වගේ නෙමෙයි පෙනහල්ලේ දෝෂ රෙපයාර් වෙනවා.

      අවාසනාවට තාමත් මේව එලිපිට කතා නොකරන, ටැබූ සබ්ජෙක්ට්. අපට මේව අහුමුළුවල කතා කරන්න වෙලා තියෙන්නෙ ඒකයි. තාමත් අපිව තියල තියෙන්නෙ අඳුරේ.

      We are not worthy O'Lord BigPharma!

      Delete
    4. මේ කතාව ඇත්ත... මුලින්ම කොවිඩ් එනකොට මම ලංකාවේ. ලෙඩෙයි බෙහෙතුයි දෙකම චීනෙන් නිසා සහ රට ඉන්න දොස්තර යාළුවො කියපු කතා නිසා vaccine ගහන්නේ නෑ කියලා හිතාගෙන හිටියා. සෑහෙන්න පරිස්සම් උනා. self quarantine වෙලා හිටියේ ගෙදර හැමෝම. ඒත් රටින් පිටවෙන්න MoH Covid Certificate එක ඕනේ නිසා අන්තිමේ අකමැත්තෙන් උනත් ගහන්න වුනා. දුවලා දෙන්නා බේරා ගත්තා යන්තම්.

      දැන් හෙම්බිරිස්සාව හැදෙන්නේ අඩුවෙන් බව නම් ඇත්ත. ඒත් දැනේනේ මමයි වයිෆුයි දෙන්නම එක පාර අවුරුදු 10 කින් වයසට ගියා වගේ. පොඩි වැඩක් කලත් මහන්සිය උපරිමයි...

      Delete
    5. බොහෝ දෙනෙක් මේ මහන්සිය, හතිය ගැන කියනවා. වැක්සීන්, වයිරස් වලින් ශරීරයට වෙන හානිය, අදටත් අභිරහසක්. පැන්ඩමික් එක පටන් ගන්න කොටත් එහෙමනෙ කිව්වෙ. "අපි රෙඩි" කිව්වා, අර WHO බූතයා " wait, wait not yet...not yet" කිව්වා. වයිරස් එක ඇරියා ඇරිල්ලක් ලොවෙත් නැති වෙන්න.

      https://frozenlazyowl.blogspot.com/2025/05/blog-post_28.html?showComment=1748825085877#c852554318333183575

      Delete
  15. ඕවට කීවේ 'අනේ කාලේ වනේ වාසේ' කියල බස්සො 😁

    ReplyDelete
    Replies
    1. බිග් ෆාම් තියා... කොයි බිග් තැන්වලත් දූෂණයට ඉඩ ප්‍රස්තාව ලැබීම තමා සිදුවෙන්නෙ.
      මම අන්තිම මොහොතේ ගියා ඉන්ජස්සන් එක ගහගන්න... කතාවක් ගියානෙ වැක්සින් කාඩ් එක නැතුව එළි බහින්න බෑය කියල. ඒ හන්ද දෙසැරයක් ගහගත්තා. මොක ගැහුවද කියල බැලුවේවත් නෑ, හෙව්වෙත් නෑ 😅

      Delete
    2. එළි බහින්න? වැක්සින් කාඩ් එක ඇතා නැතා එළි බහින්න වෙන්නේ උවමනාව ආවම නෙව.😁😁😁

      Delete
    3. @ නමි
      මෙතන ආණ්ඩුවෙන් ලැබෙන ෆන්ඩ්ස් එහෙමත් තියනවනෙ නමී. ප්‍රතිශක්තිය හොඳ අයට අවුලක් නැති බවයි පේන්නෙ.
      @ නිදි
      එළි බහිනව කියන ගැමි වහරෙ තේරුම නමියා දන්නෙ නෑ වගේ නේද? ඇයි පාද යාත්‍රාවෙදී නමිය එළිබැස්සෙ නැතෙයි?🤣

      ආං ෆයිසර් CEO යුද්ධ ප්‍රකාශ කරලා

      Delete
    4. දැන හිටියට මතක් උනෙම නෑ 🤣
      ඇයි දැන් එළි බහිනව කියනවනෙ අලුතෙන් ප්‍රඩක්ට් එකක් ආවමත්. මම ගමන් යන්න වෙන අර්ථයෙන් ඒක කීවෙ 😁

      Delete
    5. අවුලක් නෑ, දැන් ගම්වල උන්දැලත් ඔය පැරණි කියුම් දන්නෙ නෑ.😋

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code