Jul 21, 2025

නිකං දුන්න අයිෆෝන්

3g නෙට්වර්ක් එක විශ්‍රාම යෑම නිසා

නිකං දුන්න අයිෆෝන්

විස්තර

  • iPhone 14, 128GB, Blue - Unlocked (Renewed) 
  • ඇපල් කෙයා නැත.
  • බැස්ටි කැපෑසිටි 87% කි
  • සීරීම්, තැලීම් නැත.
  • ලැබුනේ ඔරිජිනල් කේබලය පමණි

 වාසි සහ අවාසි

  • රොටේටින් ස්මාට් විජට් හොඳයි.
  • “ෂෝර්ට්ස් කට්ස්” හොඳයි. බැස්ටි චාර්ජින් 25% සහ 90% සඳහා ඔටෝමේෂන් නෝටිෆිකේෂන් දෙකක් හැදුවා.
  • සැකුරිටි හොඳයි. Passwords ඇප් එක නියමයි. ඒත් ෆිංගර් ප්‍රින්ට් නැති නිසා බැංකු කටයුතු තාම Redmi එකේ.
  • පි කොච්චර ඇපලට බැන්නත්, UI සහ user friendliness අතින් ඇපල් සෑහෙන්න ඉදිරියෙනි.
  •   නිදන් ඉන්න අපට, නිකං දුන්න එකම මැඳැයි.
  • දැන් ෆෝන් දෙකක් පාවිච්චි කරන්න වෙච්ච එක ටිකාක් විතර ඇණයක් වුනත්, ෆෝන්  එක උදුරගෙන දිව්වත් ඒ හැටිම අවුලක් නැති එක හොඳ දෙයක්.
  • ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් සමඟ පෑහෙන්නේ නැති නිසා ගේම්ස් සහ වට්ස් ඇප් හිස්ටරි එහෙමත් ට්‍රාන්ස්ෆර් කිරීමට නොහැකි විම.
  • වයර්ලස් චාර්ජින් තිබ්බත් පාවිච්චි කිරීමට අදහසක් නැත.

නිමිත්ත

Google Docs වල ටයිප් කර පබිලිස් කරන ලදී.


නිගමනය

මහන්සියේ හැටියට ප්‍රතිඵලයක් නැත. Google Docs වල අමතර ෆෝර්මැටින් පහසුකම්, ටෙම්ප්ලේට් වැනි දේ ඇති නමුත් එහෙන් , මෙහාට ගෙන ඒම සාල ඇණයකි. ෆෝර්මැටින් "ඔලුව ජපන් කඳ ජර්මන්" වීය.

එබැවින් මෙය තවත් අසාර්ථක බකුසු අත්හදා බැලීමක් පමණි.


13 comments:

  1. මේ අවුරුද්දෙ කෝටා එක ඉවරයි. ජනවාරියෙ හමුවෙමු. සැමට සුභ නත්තලක්!

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට්නෙ. කමෙන්ට් කෝටා එකෙං තව ඉතුරු තියනවනෙ

      Delete
    2. හපෝයි ඔව්. කමෙන්ට් නොකර කොහොමද?

      Delete
  2. නිකං දෙනවානම් ඔලුවේ කැක්කුම උනත් මොකෝ ඉතිං 😊

    //UI සහ user friendliness අතින් ඇපල් සෑහෙන්න ඉදිරියෙනි.// ඇත්ත... ඒත් මගේ විශ්වාසය ඇපල් වලට වැඩි කල් මේක මාකට් කරන්න බැරි වෙයි. මම නම් පෞද්ගලිකව Android fan කෙනෙක්. ස්මාර්ට් නැති නිසා ඉවත් කරන්න උනත් මගේ සදාතනික ලව් එක Nokia 3210.

    //මේ අවුරුද්දෙ කෝටා එක ඉවරයි. ජනවාරියෙ හමුවෙමු. සැමට සුභ නත්තලක්!//
    මේ හරුපේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මගෙත් තාම Android ලව් එක තියනවා. ඒත් ඉතිං ඇත්ත කියන්න එපැයි, iOS, ඇත්තටම කාර්‍යක්ෂමයි.

      කෝටා කතාව එච්චර සීරියස් ගන්න එපා. පෝස්ට් 12 ක් ලිව්ව නිසයි එහෙම හිතුවෙ.😁

      Delete
  3. අපිට නම් එන්ඩ් ඔෆ් ජුන් 3G අහවරයි, ඕන මගුලක් කර ගනින් කිව්වා විතරයි.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. මම දැක්කා Reddit එකේ තියනවා, ඔහේ මොබයිල් කම්පැණි 3G රිටයර්මන්ට් එක ආදායම් මාර්ගයක් කරගත්තා කියල. මෙහෙත් ටිකක් ඒ වගේ එකක් කලා, ඒත් මේ වගේ හොඳ වැඩත් කලා.

      Delete
  4. Officially 3G අයින්කරලා දාලා අවුරුද්දක්ම ගෙවිලා. retirement එකට අවුරුද්දකට ඉස්සෙල්ලම සැරෙන් සැරේ මතක් කළා විතරයි. iPhone නම් ඉතිං මගේ ලිස්ට් එකේ නැහැ.ඔහොම නිකං දුන්නොත් ඇරෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. මගේ ලිස්ට් එකේ තිබුනෙත් නෑ. අන්තිම එක iPhone 6. තාම තියනව, තාම වැඩ. ඒක තිබ්බ නිසා යාංතං සන්තං iCloud එක සෙට් කර ගත්තා. ඒත් මේ අලුත් iOS පහසුකම් ආයෙ ඉගෙන ගනිමින් ඉන්නවා. මම කොහොමත් බරපතල මොබයිල් යූසර් කෙනෙක් නෙමෙයි.

      එකම හොඳේ, පේන විදිහට තව අවුරුද්දකින් විතර තව නිකං පරණ ෆෝන් එකකට මාරු වෙන්න ඇහැකි වගේ.😁

      Delete
  5. නිකං හම්බවුන (ඔෆීශියල්) අයි පෑඩ් එකක්නං තියනව. යූසර් යාලු නැති නිසා නිකං ඉන්නව.
    මමත්වය නැති නිසාද කොහෙද i හරි යන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ටිකක් වෙනස් දෙකක්. මම ඔය යූටියුබ් පන්ති දෙක තුනක් බලල මූලික දේ, මට ඕනෙ විදිහට ටික හදා ගත්තා. ඒත් මේ දැන් යන planned obsolescence සීන් එකත් එක්ක පුදන්න අමාරුයි. මාත් ඒක තමා "නිකං දෙන ටිකක් පරණ එක" ක්‍රමේට ගියේ.

      Delete
  6. නිඅක්න් දුන්න දත් වල අස්සය බලන්න එපාලු.

    ReplyDelete
    Replies
    1. ටික කාලෙකින්, තව අස්සයෙක් නිකං දෙයිද බලන්න ඕනෙ.😋

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code