Jul 21, 2025

නිකං දුන්න අයිෆෝන්

3g නෙට්වර්ක් එක විශ්‍රාම යෑම නිසා

නිකං දුන්න අයිෆෝන්

විස්තර

  • iPhone 14, 128GB, Blue - Unlocked (Renewed) 
  • ඇපල් කෙයා නැත.
  • බැස්ටි කැපෑසිටි 87% කි
  • සීරීම්, තැලීම් නැත.
  • ලැබුනේ ඔරිජිනල් කේබලය පමණි

 වාසි සහ අවාසි

  • රොටේටින් ස්මාට් විජට් හොඳයි.
  • “ෂෝර්ට්ස් කට්ස්” හොඳයි. බැස්ටි චාර්ජින් 25% සහ 90% සඳහා ඔටෝමේෂන් නෝටිෆිකේෂන් දෙකක් හැදුවා.
  • සැකුරිටි හොඳයි. Passwords ඇප් එක නියමයි. ඒත් ෆිංගර් ප්‍රින්ට් නැති නිසා බැංකු කටයුතු තාම Redmi එකේ.
  • පි කොච්චර ඇපලට බැන්නත්, UI සහ user friendliness අතින් ඇපල් සෑහෙන්න ඉදිරියෙනි.
  •   නිදන් ඉන්න අපට, නිකං දුන්න එකම මැඳැයි.
  • දැන් ෆෝන් දෙකක් පාවිච්චි කරන්න වෙච්ච එක ටිකාක් විතර ඇණයක් වුනත්, ෆෝන්  එක උදුරගෙන දිව්වත් ඒ හැටිම අවුලක් නැති එක හොඳ දෙයක්.
  • ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් සමඟ පෑහෙන්නේ නෙති නිසා ගේම්ස් සහ වට්ස් ඇප් හිස්ටරි එහෙමත් ට්‍රාන්ස්ෆර් කිරීමට නොහැකි විම.

නිමිත්ත

Google Docs වල ටයිප් කර පබිලිස් කරන ලදී.


නිගමනය

මහන්සියේ හැටියට ප්‍රතිඵලයක් නැත. Google Docs වල අමතර ෆෝර්මැටින් පහසුකම්, ටෙම්ප්ලේට් වැනි දේ ඇති නමුත් එහෙන් , මෙහාට ගෙන ඒම සාල ඇණයකි. ෆෝර්මැටින් "ඔලුව ජපන් කඳ ජර්මන්" වීය.

එබැවින් මෙය තවත් අසාර්ථක බකුසු අත්හදා බැලීමක් පමණි.


8 comments:

  1. මේ අවුරුද්දෙ කෝටා එක ඉවරයි. ජනවාරියෙ හමුවෙමු. සැමට සුභ නත්තලක්!

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට්නෙ. කමෙන්ට් කෝටා එකෙං තව ඉතුරු තියනවනෙ

      Delete
  2. නිකං දෙනවානම් ඔලුවේ කැක්කුම උනත් මොකෝ ඉතිං 😊

    //UI සහ user friendliness අතින් ඇපල් සෑහෙන්න ඉදිරියෙනි.// ඇත්ත... ඒත් මගේ විශ්වාසය ඇපල් වලට වැඩි කල් මේක මාකට් කරන්න බැරි වෙයි. මම නම් පෞද්ගලිකව Android fan කෙනෙක්. ස්මාර්ට් නැති නිසා ඉවත් කරන්න උනත් මගේ සදාතනික ලව් එක Nokia 3210.

    //මේ අවුරුද්දෙ කෝටා එක ඉවරයි. ජනවාරියෙ හමුවෙමු. සැමට සුභ නත්තලක්!//
    මේ හරුපේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මගෙත් තාම Android ලව් එක තියනවා. ඒත් ඉතිං ඇත්ත කියන්න එපැයි, iOS, ඇත්තටම කාර්‍යක්ෂමයි.

      කෝටා කතාව එච්චර සීරියස් ගන්න එපා. පෝස්ට් 12 ක් ලිව්ව නිසයි එහෙම හිතුවෙ.😁

      Delete
  3. අපිට නම් එන්ඩ් ඔෆ් ජුන් 3G අහවරයි, ඕන මගුලක් කර ගනින් කිව්වා විතරයි.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. මම දැක්කා Reddit එකේ තියනවා, ඔහේ මොබයිල් කම්පැණි 3G රිටයර්මන්ට් එක ආදායම් මාර්ගයක් කරගත්තා කියල. මෙහෙත් ටිකක් ඒ වගේ එකක් කලා, ඒත් මේ වගේ හොඳ වැඩත් කලා.

      Delete
  4. Officially 3G අයින්කරලා දාලා අවුරුද්දක්ම ගෙවිලා. retirement එකට අවුරුද්දකට ඉස්සෙල්ලම සැරෙන් සැරේ මතක් කළා විතරයි. iPhone නම් ඉතිං මගේ ලිස්ට් එකේ නැහැ.ඔහොම නිකං දුන්නොත් ඇරෙන්ඩ.

    ReplyDelete
  5. නිකං හම්බවුන (ඔෆීශියල්) අයි පෑඩ් එකක්නං තියනව. යූසර් යාලු නැති නිසා නිකං ඉන්නව.
    මමත්වය නැති නිසාද කොහෙද i හරි යන්නෙ නැත්තෙ.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code