Nov 26, 2025

අපේ සාවියේ විත්ති සහ last දියවඩන නිළමේ

නොවැම්බරෙත් ඉවර වේගන එනවා, බ්ලැක් ෆ්ර්‍යි ඩේ අනිද්දා. පොකැට් එක පරිස්සම් කරගන්න ඕනෙ. මේ අවුරුද්ද අමුතුයි. තාම හරියට ගස්වල කොල හැලුනෙත් නෑ. ගස්වල කොල, කොල පාටට තියෙද්දිම හිම රැල්ලකුත් ගියා. දැන් ආයෙත් සීත අඩුයි. සුද්දොන්ට නං ඕනෙ "වයිට්" නත්තලක් හිම ක්‍රීඩා කරන්න. අපි නං ඉතිම් කෑම, බීම ස්ටොක් කරගෙන තටු පොරවාන බුදියනවා. අයිස් මිදිච්ච වෙලාවට, පරිස්සමට අඩිය නොතිබ්වාම අපිත් "සුරුස්" ගාලා "ස්කීන්" කරන වෙලාවලුත් තියනවා.