මම පුරුද්දක් විදිහට ගේම් ගහන්නෙ නෑ. ගැහුවත් හොල්මන්, සොම්බි සහ දරුණු ගේම් වලට කැමති නෑ. The Last Caretaker ටිකක් වෙනස් ජාතියෙ ගේම් එකක්. ගේම් එකේ ෆිසික්ස් මාරයි. ඔය සමහර ගේම් තියනවානෙ ට්‍රෙලර් එකේ හයි කොලිටි ඇනිමේෂන් පෙන්නලා, ඇත්ත ගේම් එකේ කොලිටි බල්ල මාක්. මේක එහෙම නෑ. පුදුම හිතෙන තරම් ඇත්තම කොලිටි.
| worship of an angel |
| Nice parking job |
අරගෙන තව එවන්න කියලා. දැන් තෙල් ඉවරයි, යන්න ඕනෙ "ඔයිල් ෆ්ලැට්ෆෝම්" එකේ බූතයො සුද්ද කරලා එතන ඔයිල් ප්‍රොඩක්ෂන් එක සෙට් කරන්න.
ලස්සන ගේම් එකක්. පට්ට බෝට්ටුවක් තියනවා. බෝට්ටු එලවන හැටි, ඩොක් එකට රිවර්ස් පාක් කරන හැටි ඉගෙන ගත්තෑකි. කාගෝ හෝල්, බ්‍රිජ් කියන්නෙ මොනවද කියල දැන ගත්තෙ මේකෙන්. ඇන්කර් එක දාලා, බෝට්ටුව ඩොක් එකට moor කරන හැටි. පස්සෙ බෝට්ටුව ඩොක් එකට හේත්තු වුනාම moor ටික ගලවලා ඇන්කර් එක දාන්න ඕනෙ. නැත්නම් moor එකෙන් බෝට්ටුව අදිනවා. එතකොට රැල්ලට උඩ පාත යන බෝට්ටුව ඩොක් එකේ හිර වෙලා ඇල වෙනවා.
උසම උස ඇන්ටෙනා ටවර් නැගිල්ලෙ ඉඳන්, මුහුදෙ පීනන, බඹ ගාණක් කිමිදෙන් ඒවත් තියනවා. ඇත්ත වගේම රියලිස්ටික් විෂුවල්ස් නිසයි වටින්නෙ. මේක "ෆ්‍රී රෝමින්" ඇඩ්වෙන්චර් එකක්. කැමති වෙලාවක් අරගෙන, කැමති දෙයක් කලෑකි. කක්කුට්ටො වගේ එන රොබො සත්තුන්ගෙ නම "ස්වීට් හාර්ට්". ඇත්ත ලෝකෙ අපිට බැස්ටිය දුන්නෙ ස්වීට් හාර්ට්ල වුනාට මේකෙදි අපි ස්වීට් හාර්ට්ලට බැස්ටිය දෙන්න ඕනෙ.
තව ඉන්නව බෝලෙ වගේ රෝල් වෙලා ඇවිත් වෙඩි තියන එකෙක්. මූදෙ රොබො මෝරුත් ඉන්නව. බෝට්ටුවෙ ඉඳන් වෙඩි තියලා උන්ව දඩයම් කලෑකි. හැබැයි මූදෙදි මෝරෙකුට මාට්ටු වුනොත් බඩු බනිස්. මහිතේ පණ එපා කියල පීනලා බේරුනෑකිද කොහෙද. ඒත් මම ඔය අනවශ්‍ය රිස්ක් ගන්න යන්නෙ නෑ.
"එන්ජල්" කියලා පියාඹන රොබෝ තල්මස්සුත් ඉන්නවා. උන්ගෙන් කරදරයක් නෑ. හැබැයි අපි උන්ට වෙඩි තිබ්බොත් බඩුම තමා. මම ඔක්සිජන් කැනිස්ටර් සෙට් කරලා බෝම්බ ගහලා බෝල රොබෝවෙක් පිපිරෙව්ව වෙලාවෙ, එතනට ඉන්ස්පෙක්ෂන් ආපු "එන්ජල්" කෙනෙක්ට වැදුනා. මට එලෝ, එලෝ ගැහැව්වා. අනිත් එන්ජල්ලට කියල උනුත් දැක්ක තැන ගහන්න ගත්තා. මම දුන්නා හුරේ රන් එකක්. පස්සෙ කලින් සේව් ගේම් එකක් ලෝඩ් කරන්න වුනා. මුලදි සමහර තැන් වලදි ටිකක් බය වෙනවා. පස්සෙ යූ ටියුබ් එකේ අනිත් එවුන් බෝල රොබෝව එක්ක සල්සා ඩාන්ස් දාන කොට බය නැතුව ගියා.
අඩුම සෙටින්ග්ස් දා ගත්තාම සාමාන්‍ය කම්පූටරේක අවුලක් නැතුව දිව්වෑකි.
වැඩි විස්තර සහ උපදෙස්: Reddit
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)
දවල් වෙලා ආයෙ එඥ්ඤං. මෙහෙට උදේ සිට වැස්ස.
ReplyDeleteඑහෙම ආපු එකම වටිනවා. වැස්ස පෑව්වාම එන්න. කිරි කෝපි එක්ක තල් හකුරු තියන්නම් බොන්න.🙏😁
Delete