මම පුරුද්දක් විදිහට ගේම් ගහන්නෙ නෑ. ගැහුවත් හොල්මන්, සොම්බි සහ දරුණු ගේම් වලට කැමති නෑ. The Last Caretaker ටිකක් වෙනස් ජාතියෙ ගේම් එකක්. ගේම් එකේ ෆිසික්ස් මාරයි. ඔය සමහර ගේම් තියනවානෙ ට්‍රෙලර් එකේ හයි කොලිටි ඇනිමේෂන් පෙන්නලා, ඇත්ත ගේම් එකේ කොලිටි බල්ල මාක්. මේක එහෙම නෑ. පුදුම හිතෙන තරම් ඇත්තම කොලිටි.
| worship of an angel |
| Nice parking job |
අරගෙන තව එවන්න කියලා. දැන් තෙල් ඉවරයි, යන්න ඕනෙ "ඔයිල් ෆ්ලැට්ෆෝම්" එකේ බූතයො සුද්ද කරලා එතන ඔයිල් ප්‍රොඩක්ෂන් එක සෙට් කරන්න.
ලස්සන ගේම් එකක්. පට්ට බෝට්ටුවක් තියනවා. බෝට්ටු එලවන හැටි, ඩොක් එකට රිවර්ස් පාක් කරන හැටි ඉගෙන ගත්තෑකි. කාගෝ හෝල්, බ්‍රිජ් කියන්නෙ මොනවද කියල දැන ගත්තෙ මේකෙන්. ඇන්කර් එක දාලා, බෝට්ටුව ඩොක් එකට moor කරන හැටි. පස්සෙ බෝට්ටුව ඩොක් එකට හේත්තු වුනාම moor ටික ගලවලා ඇන්කර් එක දාන්න ඕනෙ. නැත්නම් moor එකෙන් බෝට්ටුව අදිනවා. එතකොට රැල්ලට උඩ පාත යන බෝට්ටුව ඩොක් එකේ හිර වෙලා ඇල වෙනවා.
| Baby farm Lazarus |
උසම උස ඇන්ටෙනා ටවර් නැගිල්ලෙ ඉඳන්, මුහුදෙ පීනන, බඹ ගාණක් කිමිදෙන් ඒවත් තියනවා. ඇත්ත වගේම රියලිස්ටික් විෂුවල්ස් නිසයි වටින්නෙ. මේක "ෆ්‍රී රෝමින්" ඇඩ්වෙන්චර් එකක්. කැමති වෙලාවක් අරගෙන, කැමති දෙයක් කලෑකි. කක්කුට්ටො වගේ එන රොබො සත්තුන්ගෙ නම "ස්වීට් හාර්ට්". ඇත්ත ලෝකෙ අපිට බැස්ටිය දුන්නෙ ස්වීට් හාර්ට්ල වුනාට මේකෙදි අපි ස්වීට් හාර්ට්ලට බැස්ටිය දෙන්න ඕනෙ.
තව ඉන්නව බෝලෙ වගේ රෝල් වෙලා ඇවිත් වෙඩි තියන එකෙක්. මූදෙ රොබො මෝරුත් ඉන්නව. බෝට්ටුවෙ ඉඳන් වෙඩි තියලා උන්ව දඩයම් කලෑකි. හැබැයි මූදෙදි මෝරෙකුට මාට්ටු වුනොත් බඩු බනිස්. මහිතේ පණ එපා කියල පීනලා බේරුනෑකිද කොහෙද. ඒත් මම ඔය අනවශ්‍ය රිස්ක් ගන්න යන්නෙ නෑ.
"එන්ජල්" කියලා පියාඹන රොබෝ තල්මස්සුත් ඉන්නවා. උන්ගෙන් කරදරයක් නෑ. හැබැයි අපි උන්ට වෙඩි තිබ්බොත් බඩුම තමා. මම ඔක්සිජන් කැනිස්ටර් සෙට් කරලා බෝම්බ ගහලා බෝල රොබෝවෙක් පිපිරෙව්ව වෙලාවෙ, එතනට ඉන්ස්පෙක්ෂන් ආපු "එන්ජල්" කෙනෙක්ට වැදුනා. මට එලෝ, එලෝ ගැහැව්වා. අනිත් එන්ජල්ලට කියල උනුත් දැක්ක තැන ගහන්න ගත්තා. මම දුන්නා හුරේ රන් එකක්. පස්සෙ කලින් සේව් ගේම් එකක් ලෝඩ් කරන්න වුනා. මුලදි සමහර තැන් වලදි ටිකක් බය වෙනවා. පස්සෙ යූ ටියුබ් එකේ අනිත් එවුන් බෝල රොබෝව එක්ක සල්සා ඩාන්ස් දාන කොට බය නැතුව ගියා.
අඩුම සෙටින්ග්ස් දා ගත්තාම සාමාන්‍ය කම්පූටරේක අවුලක් නැතුව දිව්වෑකි.
වැඩි විස්තර සහ උපදෙස්: Reddit
![]() |
| තව දෙන්නෙක් රෙඩ් උඩ අරින්න |
![]() |
| බොර තෙල් කල්දේරම් 7 බෝට්ටුවෙ |
![]() |
| රොබෝ මෝරා මල්ලි දියබුං ගහනවා |
![]() |
| This is my life now. A view from owl window |
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)




දවල් වෙලා ආයෙ එඥ්ඤං. මෙහෙට උදේ සිට වැස්ස.
ReplyDeleteඑහෙම ආපු එකම වටිනවා. වැස්ස පෑව්වාම එන්න. කිරි කෝපි එක්ක තල් හකුරු තියන්නම් බොන්න.🙏😁
Deleteබොලාලට ගලල නැතෙයි ணயோ
Deleteඔහොම ධාරාණිපාත වරුසාවක් ගැන නිදි කවියක් ලිව්වා මෙහෙම:
Deleteමෙහෙත් හරි වැස්ස
හිටං පුප හෝදන්න
අපොයි හරි වැස්ස
Deleteමොකටවත් නෑ රිස්ස
ඔහේ බුදියා ගන්න
දෙන්න ඉඩ නොඅවුස්ස!
අපි ඉන්නෙ ගංවතුර නායයෑම් වලින් තොර කලාපයක. හුළඟට ගහක් වැටුනොත් තමයි ඉතිං මොකුත් වෙන්නෙ.
Deleteචෑ එහෙමවත් පොඩි ආපදාවක් නැහ්නං ජීවිතේ කිසිම ෆන් එකක් නෑනෙ. ගැලුවාම කෙහෙල් කොටන් පාරු පැද්ද එවුන් තමා ඒකෙ ආතල් එක දන්නෙ. 😜
Deleteපරිස්සම් වෙලා ඉන්න ඔයාල (කැනඩාවේ මහ එකාට නෙමේ කීවේ BTW )
Deleteකොම්පීතර ගේම් පට්ට බසූ. ආසයි. ඒත් මට එක දිගට ගහල ඉවර කරන්න හිතෙන්නෑ. (මොබයිල් ගේම් වත්)
ReplyDeleteඉවර වෙනකං ගහල තියෙන්නෙ
COD, IGI, NFS විතරයිද කොහෙද. ඊට පස්සෙ බිසී වුණා. රස්සාවල් මංඥං වුණා. අවධානය බිදුණ.
පිස්සු තමා.
කන්සෙප්ට් එක නං හොඳයි නේ. Post Apocalypse Game හුඟක්ම සොම්බි නැත්තං මංකොල්ල. මේක නං ආතල් වගේ.
ලැප දන් දුන්නට පස්සෙ දැං ළඟ මොනාත් නැති නිසා නෝ පීසී ගේම්ස් 😃😃
ලැප දන් දුන්නා. 😮☹️ "ස්වීට් හාට්" ට වෙන්ටෑ? 😜
Deleteඔව් ටිපිකල් Post Apocalypse Game වල එන ඩිප්රෙෂන් එක මේකෙ එන්නෙ නෑ. පිංලන්තෙ හදපු ගේමක් නිසා ද මන්දා?🤔
මම කැමතිම HOG Puzzle ගේම්ස් වලට. මං ඉතීම් පරණ මනුස්සයනේ. අර ingredients හොයාගෙන portion එකක් හදල එතකොට ගල් ගෙඩියක් හොයාගෙන ජනේලයක් කඩාගෙන ගෙයක් ඇතුලට ගිහින් එකේ තියෙන අටෝරාසියක් දේවල් හොයාගෙන අන්තිමට ආත්මයක් නිදහස් කරන වගේ ඒවාට මම හරිම ආසයි. හොඳම එක තමයි Return to Ravenhearst
ReplyDeleteමේක Hidden puzzles නම් නෙමෙයි. මම 3D ගේම් වලට කැමතිත් නෑ, ඒව වල තියන අන් රියලිස්ටික් ගතිය නිසා , ඒත් මේක දැක්ක හොඳම රියලිස්ටික් 3D ගේමක්. මේකෙදිත්, වටේ තියෙන දේවල් රී සයිකල් කරලා තමයි අවශ්‍ය බඩු හදාගන්න ඕනෙ.
Deleteගේම් එකේ ස්ටෝරි එක පොඩ්ඩක් ගයිඩ් කරනවා. ඒත් ඒක මදි අත්‍යාවශ්‍ය මූලික කන්ට්‍රෝල්, ආවුද සහ් ක්‍රමවේද ඉගෙන ගන්න. පොඩ්ඩක් යූ-ටියුබ් ගයිඩ් බලල ඒ ටික ගොඩ දාගත්තාම , ඊට පස්සෙ ස්මූත් සේලින්.😁
එන, එන සතාට ගැලෙපෙන ආවුදෙන් ගහන්න ඕනෙ
රොබෝ ලෝකෙටත් සාටක ජහුටෙක් 😄
ReplyDeleteවීඩියොව බැලුව. ඇනිමේසන් කොලිටි හෙම හොඳයි.
රොබෝ ජහුටා "ආ දැන් ගෑස් එහෙම තියෙනවද" කියලත් ඇහුවා. මම ගෑස් සිලින්ඩර තුනක් දාලා බෝල රොබා වෙඩි තියන්න ආවහම බෝම්බයක් දාලා පිපිරෙව්වා.
Deleteඇනිමේෂන් වගේමයි ගේම් එකෙත් කොලිටි. මම අඩුම සෙටින්ග් වලින් ගහලත් ඒ හැටි වෙනසක් නෑ.
ගේම්කාරයෙක් නොවන මට උනත් හරියන එකක් වගෙයි. දියවඩන නිළමේ මොකක්ද සම්බන්ධය.
ReplyDeleteදියවඩන නිළමෙත් භාරකාරයෙක් නෙව? මේ රොබෝසිංඥාත් භාරකාරයෙක්. එසේ මෙසේ භාරකාරයෙක් නෙමෙයි මුළු මනුස්ස සංහතියේ පරම්පරාව ගෙනියන රාජකාරිය කරන්නෙ. අනික වටේම වතුර. ඒ නිසා ඒ නම දැම්මා.
Deleteඑකම සෙල්ලමයි සෙල්ලම් කර ඇත්තේ
ReplyDeleteගැලවෙන්නට ඉඩ දුන්නේ නැහැ චිත්තේ
එන පොට නරක බව පෙනිලා මතු මත්තේ
නැවැත්තුවා ඔව්වට කාලය නැත්තේ!
මම නං ඔය කොයිවත් ටික ටික කරල බලනවා. පටන් ගන්න හැම ගේමම මගදි නවත්තනවා. මම මුලින්ම ප්ලේ ස්ටේෂන් එක ගත්තෙ "ලිට්ල් බිග් ප්ලැනට්" නිසා. පොඩි කාලෙ කියවපු "කුසුම්පුරේ කීඩෑවො" වගේ නමක් තිබ්බ ෆැන්ටසි කතාවක් නිසා. ටිකකින් ඒක එපා වුනා. ප්ලේ ස්ටේෂන් එකත් එක්ක නිකං දුන්න "අන්චාටර්ඩ්" නැගලා ගියා. දිගටම ගැහැව්වා, අන්තිම හරියෙ සොම්බි එන්න ගත්තම එපා වුනා. මේක තමයි එකම ගේම් එක "මිෂන් එකම්ප්ලිෂ්ඩ්" කියන්න ඇහැකි.
Deleteදැන් ඔය "ඩිස්නි වර්ල්ඩ්" වගේ ව්‍යාපාර වලින් කරන්නෙත්, අධික මිලට ෆැන්ටසිය විකුණන එකයි. ඒකෙ වරදක් නැහැ වගේම මේක වරදක් මම දකින්නෙත් නෑ. බාගදා ඇබ්බැහි වුනොත් යම් බලපෑමක් එන්න ඇහැකි.
අනූ ගණං වල කොම්පියුටරේ ගත්ත අලුත Pitfall කියල ගේම් එකක් දමාගෙන ගැහුව. ඒක විතරයි ආසාවෙන් සෙල්ලං කරල ඉවර කරපු ගේම් එකක් තිබ්බෙ. ලෙවල් 12 ක් ද කොහෙද තිබ්බ ඒකෙ. පළවෙනි එක ඉවර කරනකල් දෙවෙනි ලෙවල් එක ඕපන් වෙන්නෙ නෑ.
ReplyDeleteදැං අපේ කොල්ලනං ඉඳගෙන ගහනව ගේම්. ඒව ගහන්න අපි තාම පොඩි වැඩී. හැක්..
Pitfall ගහල නෑ. අදටත් මම ෆ්ලැට්ෆෝම් ගේම් වලට කැමතියි. ස්ටීම් වර්ල්ඩ් ඩිග්, යෝකූස් අයිලන්ඩ් එක්ස්ප්‍රස් අදටත් මම ප්ලේ කරනවා. ස්ට්‍රෙස් නිවන්න නියම බේත. හැබැයි ෆයිනල් බොස් ලෙවල් එකට යන්නෙ නෑ. ඒක දරුණු වැඩියි.
Deleteඑදා මගේ ෆේවරිට්ස් වුනේ ප්‍රින්ස් ඔෆ් පර්සියා. ඒකෙ 2D ගේම් දෙකම ගැහුවා. ගේම් ෆයිල් එඩිට් කරලා, හෙල්ත් වැඩි කරගෙන තමයි ගහන්නෙ. ප්‍රින්ස් ඔෆ් පර්සියා 3D ගේම් එක්ක බලන කොට, අද තියෙන මේ වගේ ගේම් එදා හීනයක් විතරයි. දැන් ඒ හීනෙ හැබෑ වෙලා නිසා, ඒක අත්විඳින්නෙ නැත්තෙ මොකද කියල තමයි මේ ආතල් එක ගන්නෙ.😜
ප්‍රින්ස් ඔෆ් පර්සියා එක තප්පර දහයකින් විතර ඉවර කරන්න පුලුවං කෝඩ් එකක් තිබුණ ඒ කාලෙ.
Deleteතප්පර දහයකින්?😮 එතකොට ෆන් එක මිස් වෙනවනෙ. අර සුදු මීයා ඇවිත් ගේට්ටුව ඇරලා දෙන එක. කොහොමද අන්තිමට රාජ කුමාරි ලඟට දුව ගෙන එනකොට එන ෆීලින් එක. 😁
Deleteඒ ටික තියෙනව. අන්තිම ලෙවල් එකේ අර උස බිත්ති ටික උඩින් පනින තැනට පළවෙනි ලෙවල් එකේ ඉඳල පනින්න පුලුවං. එතන ඉඳල ගේම ගහගෙන යන්න ඕන.
Deleteආ දැන් මට මතකයි. ඒක චීට් කෝඩ් එකක් ලෙවල් ෂිෆ්ටින් වලට කන්ට්‍රෝල්+L ගහගෙන ගියාම එහෙම ලෙවල් ෂිෆ්ටින් කලෑකිද කොහෙද? මහිතේ ඒ කාලෙ මල්ටිපල් සේව් තිබ්බෙ නැහ්ද කොහෙද? වරු ගාණක මහන්සිය වතුරෙ ගියාම ගහපල්ලකො ඉතින් මුල ඉඳන්.😡💢
Deleteගේම් විතරක් නෙමෙයි, ඒ වගේ බොහෝ සිංපල් දේ වලින් ගත්ත ආතල් එක අද එන්නෙ නෑ. හැන්දෑවට කන කඩල ගොට්ටෙ, උඹලකඩ වඩේ එකේ සහ වැඩි සීනී ප්ලේන්ටියෙනුත් ගත්තෙ පුදුම ෆන් එකක්. Less is more කියැන්නැහෙ වෙනස් වෙලා තියෙන්නෙ, කවදාවත් සංතෘප්මත් නොවෙන මිනිස් හිත තමයි කියල හිතෙනවා.
This comment has been removed by the author.
ReplyDeleteආතර් හරි කමක් නෑ ඇවිත් කොමෙන්ටුවක් කොටල යනවා නං.🙏😋
Deleteආදී pacman, Solitaire කාලේ ගැහුව වගෙ මතකයි ඊට පස්සේ කවදාවත් games කරල නැහැ.
ReplyDeleteඅපි ඉතිම් ජීවිතේ සීරියස් ගන්නෙ නැහැනෙ, බොස්. හිතූමතේ ජීවිතේ.
Deleteකුඩු විතරයි ගහල බලල නැත්තෙ. අඹේවෙල ෆාම් එකේදී රොකට් එකක් ගහල බැලුවා. පට, පට ගාලා ඇට පුපුරන්න ගත්තා. ඒකෙ ගඳ මට අපුලයි. වාසනාවටද , අවාසනාවටද කිසිම දෙයක් දැනුනෙ නෑ.
මේක මාර වැඩක්නේ පොඩි එවුං වගේ ගේම් ගහ ගහ ඉන්ඩ
ReplyDeleteඇයි ඔය හයේ, හතරේ නැඩ පොරවලුත් මී කන් තොප්පි දාගෙන ඩිස්නි වර්ල්ඩ් යන්නෙ? අපි මෙහෙම ආතල් එකක් ගත්තාම මොකෑ?😜
Deleteමරු ගේම් එකක් වගේ . උත්සහයක් දාලාම කියන්නම් . මම බැට්ල්ෆීල්ඩ් 5 ගැහුවා . දැන් හයට ගිහින් ඉන්නේ . ඉස්සර ඩෙල්ටා ෆෝස් ප්ලේ කළා . කෙල්ලෝ දෙන්න එක්ක ඉතින් මයින්ක්රාෆ්ට් තමා
ReplyDeleteඔයාගෙ කම්පූටරේ නං නෝමල් සෙටින්ග්ස් වලින් ගැහුවෑකි ඒක මිඩ් රේන්ජ් එකක් නිසා. අපි වගේ ලෝ එන්ඩ් එකේ අයට අඩුම සෙටින්ග්ස් වලට යන්න වෙනවා ලැග් එක අවම කරගන්න.
Deleteමෙන්න ෆ්‍රී ඩිමෝ එක:
https://store.epicgames.com/en-US/p/the-last-caretaker-the-last-caretaker-demo-c2b734
thanks
Deleteබලාගෙන යනකොට සාටක රොබෝ මුලු මිනිස් සන්හතියටම "අප්පච්චි" වෙලා නේද අපේ හාංදුරුවනේ 😜😏.
ReplyDeleteDescription video එකේ පලවෙනි තත්පර 40ට මම හරි කැමතියි; "It's hands shaped to nurture, it's hard programmed to protect.... the task I gave it is impossible, but isn't that what hope always is".
ඒ අතරෙ ලංකාවෙ දැන් තත්වෙත් එහෙම නේද කියලා හිතුණා. People cannot take everything with them, some things are too fragile to follow
අප්පච්චි නේන්නං ස්පර්ම් ඩෝනර්( මස්ක්?) කවුරු වුනත්, මම මගේ දෑතේ වීරියෙන් හදපු ලමයි. තව දෙන්නෙක් හැදුවා. ඔන්න ඒ පිංතූරත් පෝස්ට් එක අගට ඇමිනුවා.😜
Deleteලංකාවෙ විපතත්, හොංකොං වල විපතත් දැක්කම සසර කළ කිරෙනවා. අදටත් වැඩි වශයෙන් දුප්පත් අසරණයොන්ටම තමයි ඒ කරුමෙත් පලදෙන්නෙ.☹️
Deleteමහන්සියි. පස්සෙ එන්නං.
ReplyDeleteආපු එකම ගෞරවයක්. නිවාඩු පාඩු වෙලාවල එන්න.
DeleteWow !
ReplyDeleteපැහැදිලි නෑ. ගේම් ගහපු එක ගැනද? 😁
Deleteඔය ගේම් ගහද්දි ඇල්සයිමර් ඩිමේන්සියා අවධානම අඩුවෙනවා කියන කතාව ඇත්තද ? මම ආයේ ගේම් අහන්න පටන් ගන්න ඇත්තටම කල්පනා කරනවා . AI වලට ඔලුව බාරදීලා හින්ද ,දැන් ඔලුව මැටිවෙන ගතිය වැඩියි !
ReplyDeleteබ්ලැක් ෆ්‍රයිඩේ එකෙන් ගත්ත ගැජට් ගැනත් ලියමුද ? මම කාට් එකට ගොඩක් ජාති දාගෙන ඉඳල අන්තිමට ගත්තේ HDMI කේබල් දෙකක් විතරයි හෙහ් හෙහ් ..
බාගදා ඇල්සයිමර් ඩිමේන්සියා අවධානම අඩු වෙනවත් ඇති. ඇබ්බැහි නොවී ගහනවා නං එච්චරයි.
Deleteබ්ලැක් ෆ්‍රයිඩේ ගත්ත දෙයක් නෑ, සොඩා ස්ට්‍රීම් එකක් ඇරෙන්න. පරණ එක ලීක් වෙන්න ගත්තා, ඒක හදන්න ට්‍රයි එකක් දෙන්න ගිහින්, වැඩේ අනා ගත්ත.
මේක ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද?
ReplyDeleteඩිමෝ එක මෙතනින් ගත්තෑකි.
Deletehttps://store.epicgames.com/en-US/p/the-last-caretaker-the-last-caretaker-demo-c2b734
This comment has been removed by the author.
Deleteකම්ප්ලීට් එක නෙ ඕන මහත්තයෝ. ඩෙමො ගහලා වැඩක් ඇතෑ....
ReplyDeleteතමන්ගෙ ආරක්ෂාව තමන්ම සලසා ගන්න දන්නව නං මෙතන තියනවා.
Deletehttps://www.skidrowreloaded.com/
වයිරස් තියෙන ලින්ක් දෙනවට වාරික වශයෙන් හෙන ගහන්න ඕන....
Deleteඅල වගේද ගෝවා?😋 මේ නත්තල් කාලෙ ගේම් සේල් දානවා. එහෙම බලල ගන්න, වයිරස් වලින් ආරක්ෂා වෙන්න දන්නෙ නැත්නම්.
Deleteනිකං ගේම් දෙන තැනක්:
https://store.epicgames.com/en-US/free-games
වැරදි තැන කමන්ට් එක දැම්මේ . -ලින්ක් එකට ස්තුතියි . මගේ මයික්‍රොසොෆ්ට් ට්‍රෙන් සිමියුලේටර් එක එක්ස්පයර්ඩ් . මේකේ පවුම් 1.69 එකක් තියනව . ට්‍රයි කරලා බලන්න ඕනේ -�https://store.epicgames.com/en-US/p/train-life
Deleteවැරදි තැන හරි කමෙන්ට් දානව නං එච්චරයි.💐🙏😋
Deleteගේම්ස් ලාබෙට ගන්න හොඳම තැන් දෙකක් තමයි:
GOG
Epic
අනික මේ මාසෙ තමයි අඩුවෙන්ම දෙන්නෙ, epic ලා නිකනුත් දෙනවා සමහර ඒවා.
වයිරස් ගාඩ් එකක් දාලා තියෙන්නේ. ලින්ක් එකේ කොටපු ගමන් වයිරස් ගාඩ් එකෙන් සිංහලෙන්ම ඇහුවා "කොහෙද භල්ලෝ රිංගන්න හදන්නේ?" කියලා. ඒ පාර "බැක් ටු සේෆ්ටි" කියලා ශේප් උනා.
Delete"එපික් ගේම්ස්" බලන්න ඕනේ. ඒකේ "බන්ඩ්ල්ස්" කියලා තියෙනවා, "පැක්" කියලා තියෙනවා, බේස් ගේම් කියලා තියෙනවා. මොකද්ද ඩවුන්ලෝඩ් කරන්න ඕනේ කියලා හිතා ගන්න බෑ.
ගේම් ගහන්න ඉගෙන ගන්න ඕනැ අප්පා හැලපැට්ටගෙන්වත්. පොර තාම පෝන් එකෙන් ඉන්ග්ලිෂ් කාටුන් චිත්‍රකතා එහෙම බලනවා.
ReplyDeleteඉඳලා හිටලා ගේම් එකක් ගැහැව්වට සීලෙ බීඳෙන එකක්යෑ?😜
Delete