Feb 20, 2026

වික්ටෝරියාගේ රහස: Demons and Vampires

Epstein is that you?
London mail is royally screwed
 
ඔය පහල වීඩියෝවෙ ඉන්නෙ කොංග්‍රෙස් එක ඉදිරියෙ සාක්කි දෙන, එප්ස්ටීන් ගෙ "ගෝඩ් ෆාදර්"-Les Wexner.  මරණ තර්ජන කරන්නෙ, එයාගෙම ලෝයර් හැන්ඩ්ලර්. මම නං දැක්කෙ, අපේ බ්ලොග් නීතීග්ඤ තුමා වගේ "අහිම්සක" මූණක් නං නෙමෙයි. 

එප්ස්ටීන් ගැන සම්පූර්ණ ඇත්ත කවදාවත් එලිවෙන එකක් නෑ. අහම්බෙන් මේ අවලං කටවල් වලින් හැලෙන කෑලි එකතු කරලා, අපට "එඩියුකේටඩ් ගෙස්" හදාගන්න වෙන්නෙ ඒකයි.

Attorney: I will fu*king kill you if you answer another question with more than 5 words

Les Wexner: හී, හී ඇබ්සලුට්ලි නොට් x 20

මූ ගම කෑවා

අවන් හලේ මහේෂ් : පල, පල පෙත්තා යන්න, උඹ බබා
ටෙස්ලා මෑන්: සුරුස් .......( අඟහරු ලෝකෙ බලා...)
ගේට්ටු මෑන් : සුරුස්.......(ඉන්දියන් AI සමිට්, ධර්ම දේශණාව කැන්සල්)
ඔරේන්ජ් මෑන් : මේ මිනිස්සු මොකට මේ ෆයිල්ස් හොයනවද මන්දා? බෝ....රිං
පෑම් බොන්ඩි: තාර උලලම මට හන්දි රුදාව.💢😡

ගමයා: හපෝයි අපේ ටැක්ස් සුපියල් පාකේවා!

වෙලාවක් තියේ නං මෙතන සම්පූර්ණ තොරනෙම විස්තරේ තියෙනවා:




We might just be living in a managed reality. Just like an episode of "Trueman Show", you "see" what they want you to see. 

Protecting the billionaire victims


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

84 comments:

  1. ඇබ්සලූට් ගැන මහේෂය දන්නෙ නෑ. වෙල් පැන්ට ගැන ඇහුවොත් නං කියයි.

    ReplyDelete
    Replies
    1. හා, හා එහෙම කියන්න එපා. එයා ඔය ඉස්පිරිට් ගැන විශේෂඥයා. ආයෙ හොරබොරු නෑ පෙරාපු රාත්තල. පොයිය නොදා කෙලින්ම දැම්මා නම අවන්හල කියලම.

      Delete
    2. මේ දවස් වල බඩු නෑ. පුනරුදේ ලබල. DD ඉස්පිරිට් තියේ දෙන්නතේ. 😏😏😏

      Delete
    3. අනේ එපා. මට දන්න වයින් හොඳා.🙏

      Delete
    4. ⁣හොද වයින් එකක් දෙනෝකො. මෙහෙ තියේ වයින් 1200 ඉදල. මෙලෝ රහක් නෑ.

      Delete
    5. னයි දාල පෙරන වයිං එකක් තියෙනව මාළු කොමා ගාව. ඔහේගෙ යාලුව හින්ද ඉල්ලුවොත් බෝතලයක් ගන්න පුලුවං වෙයි.

      Delete
    6. @Mahesh
      මෙහෙ තියෙන හොඳම එක අයිස් වයින් තමා. අපි වගේ frugal living බස්සො බොන්නෙ කොන්කෝඩ්/බ්ලැක්බෙරි වයින් වගේ ඒව.

      @ னයා
      හෑ දැන් ඌ අල බිස්නස් එක අතෑරලා මාලු බානවද? 😮

      Delete
    7. මේක 2018 එකක් නේ ඒයි..
      ෆෙස්ටිවල් එක හොඳට නැගල යනේකක්ද.. මෙහෙ නං වයින් කියල විකුනන්නෙ ගෝඩද මංද
      මෙහෙට ඔක්ටෝබර්ෆෙස්ට් එක නං ඇවිත් තියේ. අරක්කු සම්බන්ධ, වයින් සම්බන්ධ දේවල් නෑ. එන්නෙත් නැති වෙයි. ඒ වගේ දෙයක් කරන්න සිවුරු පෙරවන අය කරන්න දෙන්නැති වෙයි

      Delete
    8. ඔවුවොවු. මිනිහ ආයෙ පරණ බිස්නස් එකටම බැහැලලු.

      Delete
    9. මාත් එහෙම වයින් පස්සෙ එලෝගෙන යන්නෙ නැති නිසා වැඩි විස්තර දන්නෙ නෑ . මෙහෙ බියර් සහ වයින් වෙනම ඉන්ඩස්ට්‍රි එකක් විදිහට නැගලම යනවා කියල දන්නවා. තැබෑරුම(LCBO) කරන්න ප්‍රාදේශීය ආණ්ඩුවෙන්. මේ දවස්වල ඇමරිකන් විස්කි වාරණය කරලා තියෙන්නෙ, ට්‍රම්පුවට කෙලවන්න. ඒත් අඩුවක් නැ, අනෙක් රටවල ඒව තියනවා.

      Delete
    10. @Praසන්ன
      ආන් දැන් වැටිච්ච ප්ලේන්, පරණ යකඩ වලට එකතු කරන බිස්නස් එකකුත් කරනවා.

      Delete
    11. මහේෂ්,
      ඉවත්වෙනු!

      Delete
    12. @ ඩ්‍රැකී
      සමාවෙන්ට අපේ ආදිපාද හාංදුන්නෙ.
      ඔබ වහන්සේ නැති වෙලාවක් බලල පොඩි ආතල් එකක් ගත්තා, වයින් ගහලා ඉන්නෙ.🙏😋

      Delete
    13. හෙහ්,හෙහ් ටක්කෙටම ඒක හදපු එකාගෙ අප්ප, ඉස්සර "කියුබාවට අත නොතබනු" ජාතියෙ පෝස්ටර් ඇඳපු පරණ සමසමාජ ගොබිලෙක්.🤣

      Delete
    14. මේ දවස් වලආපහු වයින් බොන්න පටන් ගත්ත , විස්කි බිලා බඩ හෑරිලා . හොඳම සුදු වයින් ජෝර්ජියන්, ජර්මන් මටනම් රතු නම් බලේග්ග්රියන් , ඊට පස්සේ ෆ්‍රෙන්ච් , සවුත් ඇෆ්රිකා , ලතින් ඇමෙරිකා , ඉතාලි

      Delete
    15. හප්පේ ඇති යන්නං ආවා. ප්‍රාජේ තාම නෑ. අවුලක් නෑ කියල හිතනවා. මම හිතේ දුකට කවියකුත් ලිව්වා.😋

      මම කලිනුත් කිව්වා වගේ, අපේ පියතුමාට පිංසිද්ද වෙන්න, මට ඇල්කොහොල් අරහං. බොහෝ කාලෙකට පෙර බියර් බීලා පස්සෙ ස්ටවුට් වලට මාරු වුනා. මුලදි තිත්තයි. ඒක "පුරුදු කටගත යුතු" රසයක්. අහුමුළු වල තිබ්බ "පැදුරෙ මකරා" ටේක්-අවේ පොට් වලතමා සෙට් වුනේ. වැඩේ නැගලම ගියේ සෙට් වෙච්ච කස්ටිය නිසයි. එතකොට මම වැඩ කලේ පන්නිපිටිය පැත්තෙ තිබ්බ මාධය ආයතනයක. කඩල මුලයි, ඔම්ලට් එකයි, තිත්ත ස්ටවුට් සමඟ දේශපාලන, සමාජ සහ සාහිත්‍ය විවාද නැගලම යන දෙයක්. කවුද එකෙක් ගෙදරට කේලම කිව්වා" ආං අරූ දැන් ඩේලි ගහනවා කන් පාත්වෙන්නම" කියලා.🤣

      Delete
    16. හා හා ඒක මරු කතාව . මගේ බීමේ පටන් ගැනීම ලියන්න ඕනේ දෙයක් . ඉස්සෙල්ලම බිව්වේ රෝයල් තෝමියන් මැච් එකට . හැමෝම බොන්න පටන් ගන්නේ එතැනින්. ඒ කාලේ බිලා අර කෙල්ලන්ගේ ඉස්කෝල වලට පනින ජීප් එකක දෙපරන්දේ දාල වැටිලා ඉන්නව ෆොටෝ අරගෙන මගේ මරුමුස් යාලුවෝ ටික ගෙදරට පෙන්නුවා . ඊට පස්සේ බොන එක සාමාන්‍ය දෙයක් වුනා . දැන් වයින් වලට බැස්සේ බඩේ ඇසිඩ් ප්‍රශ්නේ නිසා . හොඳම වයින් ජෝර්ජියන් වයින් මගේ අදහස

      Delete
    17. බසු කවියක් ලීවා හෑ

      Delete
    18. ජෝර්ජියන් වයින් බීලම නෑ. ආයෙ LCBO ගියාම බලන්නම්. එහෙම කිව්වට මම ඇල්කොහොල්වල රස බලන්න දන්නෙ නෑ.😁

      Delete
  2. කෞද අර අහිංසක නීතීග්ඤය ප්‍රාජේ නං වෙන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. මේකෙ ඉන්න මාෆියා හිට්-මෑන් ලෝයර් එක්ක බැලුවාම අපේ එකා හාවෙක්.😜😋

      Delete
    2. https://www.youtube.com/watch?v=t8cE3ZekgCY

      Delete
    3. ඒ ඉතාලි/අයිරිෂ් මාෆියා දැන් ඉවරයි. අලුත් ගෝඩ් ෆාදර්, ඕවල් ඔෆිස් එකේ.
      මේ ඉන්නෙ එයාගෙ තව හිට් මෑන්(වටේටම) කෙනෙක්

      Delete
    4. https://allauthor.com/quotes/38635/

      Delete
    5. The trouble with law is lawyers
      හෙහ්, හෙහ් දවසේ කියමන.
      මෙන්න මේවගේ සතුටුයි දැක්කම 😁

      Delete
  3. ඔය මුල ටික ඇත්තද නෑනෙ..?

    එප්ස්ටීන් කාරය ගැන එක්ස්ප්ලේන් කරන්න මගෙ කුණුහරුප ඩික්සනේරියෙ වදන මදි. 😃😃😃
    උට පෙත්ත කියනෙක නම්බු වැඩියි

    අර ජේ මේල් එක දැක්කද.
    https://jmail.world/ මේක..
    දැක්කෙ නැත්තං ගොහිං බලන්ට.

    ReplyDelete
    Replies
    1. /ඔය මුල ටික ඇත්තද නෑනෙ..?//
      ඔය අහන්නෙ එප්ස්ටීන්ව හැදුවෙ CIA, මොසාඩ් කියන එක ගැනද? ඔව් කෙලින්ම සාක්කි නෑ. එඩියුකේටඩ් ගෙස් තමා. දැන් මෙහෙම බලමු. නිකම්ම නිකං පෙත්තෙක් හිටපු ගමන් සල්ලි කාරයෙක් වෙනවා. Les Wexner ලැබෙන සල්ලි ටික ඇරුනාම වෙන අදායමක් පේන්නත් නෑ.ඒට් ගෙවල්, ප්ලෙන්, දුපත් ගන්නවා. මිලියන් ගණන් සල්ලි චැරිටි වලට දෙනවා. ඒත් කිසිම පේපර් ට්‍රේල් එකක් නෑ. ඔය අතරෙ නාකි ඇමරිකන් මිලියන්ර්ස්ලා, ලෝක ඉහලම පන්තිය වැල නොකැඩී එප්ස්ටීන් අයිලන්ඩ්යනවා පීසා කන්න, ලෙමනේඩ් බොන්න. පෑම් බොන්ඩි, කෑෂ් පටෙල් කියනවා නඩු දාන්න සාක්කි නෑ කියල. එහෙම කියල කොටස් වශයෙන් ෆයිල් එලියට දානවා. දාපු ඒව වල තාර උලනවා ලොවෙත් නැති වෙන්න. ඔය අතරෙ බෙල්ලෙ කුරුසෙ, ඉනේ පිස්තෝලෙ දාගෙන නොවරදවාම ඉරිදට පල්ලි යන භක්තිමත් MAGA අදහන්නො "ෆේක් නිවුස්" කියල කියන කියනවා. බ්‍රිටිෂ් PM ගෙ චක්ගෝලයෙක් මාට්ටු වුනාම කිව්වා, තව රටක් සම්බන්ධයි කියලා. රටේ නම කිව්වෙ නෑ.

      එප්ස්ටීන් ෆයිල්ස් නම තිබ්බ පලියට හැමෝම ලමා අපචාර වල නෑ. ඒත් වැඩි හරියක් දෙන හේතු කිතුල් ගහට ගිය මිනිහා වගෙයි. මුලදි අවිස්වාස කලත් දැන් අපි දන්නවා බිල් ගේට්ස් කුඩු කාලා මාට්ටු වුන නිසා තමයි බෙලින්ඩා එයාව ඩිවෝස් කලේ කියලා.

      එප්ස්ටීන් කියන්නෙ අපතයෙක් තමා. එප්ස්ටීන්ගෙ "අග බිසව" ජිස්ලේන් මැක්ස්වෙල්ගෙ තාත්තා මොසාඩ්/MI 16/ රුසියන් ට්‍රිපල් ඒජන්ට්. ඇමරිකන් ආණ්ඩු හතරක්( සාපේක්ෂව හොඳ ඔබාමා, බයිඩන් පවා) මේවා වැහැව්වා. ඔය රැබිට් හෝල් එක බොහොම ගැඹුරුයි.

      ජේ මේල් එකට ගියා. තෑන්ක්ස්, ඒත් මට කම්මැලියි.

      Delete
    2. මැක්ස්වෙල්ගෙ ඔය මහ උන්දැ ලංකාවෙ ඉදං පොරගෙ Arms Deals කරා කියල කියනව. මංද ඔය නිව්ස් සයිට් මගුලක තිබිල තමා කියව්වෙ. පොර ආර්ම්ස් ඩීලර් නේ. උට තිබ්බ කනෙක්ෂන් එක්ක මූ සෑහෙන්න පිම්බෙන්න ඇති. ජිස්ලේන් ගැන කියනව නං එප්ස්ටීන් ගෙ ෆීමේල් වරෂන් එක. ලුසිෆර් ගෙ හෙල් එකේ වත්.මුංට ඉඩ නැතිව ඇති.
      මං දැක්ක ඇන්ඩෘ කාරායගෙ වයිෆ්/එක්ස් කියනව එප්ස්ටීන් මැරුනෙ නෑ ඒක රඟපෑමක්, ඌ ඊශ්‍රායල් වලද කොහෙද ඉන්නව කියල.

      අනේ මංද. විකාරයි නේ.

      ජේමේල් එකේ තියෙන්නෙ උට ආව මේල් අනං මනං කියල කිව්ව

      Delete
    3. මට අනුව ඔබාමා තමා දසම ගෙනියන්නා ඔය සෙට් එකේ. ඌ තරං මිඩ්ල් ඊස්ට් වලට ඩැමේජ් එකක් දෙන්න නැතිව ඇති ට්‍රම්ප් වත්.
      සුදු රෙද්දක් පොරව ගත්ත ගෙනියන වාසුවෙක් තනිකරම.

      Delete
    4. මැක්ස්වෙල් මහ උන්දැ අබිරහස් විදිහට මලේ "ලේඩි ජිස්ලේන්" යොට් එකේදි තමා. එප්ස්ටීන් ඊශ්‍රායල් වල ඉන්න කතාව මාත් අහල තියනවා. ඔය ඕන දෙයක් වෙන්න ඉඩ තියනවා.

      ඇයි බුෂ් ජූනියර්, බොරු "වෙපන්ස් ඔෆ් මැස් ඩිස්ට්‍රක්ෂන්" හොයන්න කියලා ඔබාමාට වඩා ඩැමේජ් එකක් කලේ නැත්ද?🤔

      Delete
    5. බුෂ්කාරයයි ට්‍රම්ප් කාරයයි දෙන්නා එළිපිට වැඩ කළේ. නේද.? ඒත් අර යකා තනිකරම සිල් රෙද්ද පොරව ගත්ත කොකා වගේ ඒ දුන්න ගේම් ටික අරුන් දෙන්නම දෙන්න නැතුව ඇති කියලා මං හිතනවා. ඔබා ලෝකෙට හොද මූණ දාගෙන කලේම අර වගේ වැඩනෙ.
      කන්ට්‍රවර්ෂියල් තමා. බුසාටයි ට්‍රපාටයි වඩා ඩිප්ලොමැටිකලි ඒක හැඩ්ල් කලා. ඇමරිකාව විතරක් නෙවී බාහිර ලෝකෙත් කාණට හැඩ්ල් කලා. අරුං දෙන්නට ඒක බෑ. පේනවනෙ නාන නෑම.

      (මගෙ අදහස විතරයි. හරිත)

      Delete
    6. සෑහෙන හොඳ තර්කයක්. අකමැත්තෙන් උනත් එකඟ වෙන්න වෙනවා. ඇත්ත, ඇමරිකාව හැමදාම කලේ ලෝකෙට හොද මූණ දාගෙන කලේම කුප්ප වැඩ. ඒක වඩා භයානකයි කියන තර්කය පිලිගන්නවා.

      මේ වැඩෙන් වෙච්ච හොඳ වැඩක් තමා, බොහෝ අයගෙ වෙස්මූණු ගැලවිච්ච එක. ඇමරිකාව අද කොමඩි ෂෝ එකක් වී ඇත්තේ ට්‍රම්ප් නිසා නොව, ට්‍රම්ප් ඔය තැනට ගෙනාවේ අඩකට වැඩි සික් ඇමරිකන් හුදීජන මානසිකත්වය නිසා බව ඔප්පු වීම.

      මේ අදහස් වලට සමාන හොඳ ලිපියක්:

      ලෝක බලවතුන් ගේ නිරුවත හෙලිකල එපස්ටීන් ලිපිගොනු

      Delete
    7. ජිලේන් කියල කියන්නේ . එස් එක ශබ්ද කරන්නේ නැහැ

      Delete
    8. ඕකේ තෑන්ක්ස්. ඒක ප්‍රංස නමක් නිසා වෙන්ටෑ? 🙏

      Delete
  4. High profile නම් ගෑවුන නිසා කතන්දරත් ගොඩයි. සැරෙන් සැරේ බාගෙට file එළියට දාලා ඇවිලෙන ගින්නට පිදුරු දානවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ආයෙ ඇවිලෙන කොට, දැන් ඉරානෙට ගහන්න මානනවා. මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකට බැස්ටිය දෙන්න ගහන ගේමක් වෙන්නත් ඇහැකි

      අවධානය වෙනතකට යොමු කිරීම

      Delete
  5. මොකද්ද ලෝකෙට වෙලා තියෙන්නේ
    බොරුකාරයොමද රජ වෙලා ඉන්නේ
    බලයට තියෙනා කෑදරකමනේ
    වේවිද මිහිමවගේ අවසානේ?

    ReplyDelete
    Replies
    1. ලෝකෙ පාලනේ කරනා සක් දෙයියා
      පඞුපුල් අසුනෙ ඇන්දක හිටගෙන හිටියා
      ඇහුවා මොකද? මේ රුයිතෙට හිටි හැටියා
      පුප තියන්න බෑ, වාගෙයි රොටි තැටියා

      පොල් කට්ටයි ගම රාළයි
      වැටමාරයි, මාර වැටයි
      දැක්කේ නැහැ හිතට දුකයි
      අග්ගල කං ඩෝං පුතයි

      Delete
    2. අම්මට සිරි මරු කයිය මෙන්න පහක්

      Delete
    3. තෑන්ක්ස්!🙏
      අපිත් කවි ලියනවා කියල හිතා ගෙන ලියනවා නං තමයි. ඒත් ඒවා රීති, විරිත් වලට අනුකූලද මන්දා?

      Delete
    4. හද බස කවියලු ඒක එහෙම නං
      ඒකෙන් සිතිවිලි ලියන්න පුළුවන්
      එහෙම ලියන දේ හිතට වැදෙයි නං
      රීති විරිත් එහි තිබේවී නිකං

      Delete
    5. නිදිගෙ කවි බලල තමයි මමත් ලියන්න ගත්තෙ. වැඩි හරියක් කරන්නෙ වංචාව - ප්‍රසිද්ධ් කවි, සිංදු රී-සයිකල් කරන එක. අනෙක්වා ලියල, ටිකක් "රයිම්" වෙන්න ආයෙ එඩිට් කරනවා.

      Delete
    6. අපි වගේ දුහුනන්ට ආයෙත් අලුතෙන් හිතන්න- ලියන්න දේවල් ඉතිරි වෙලා නැති තරං බස්සෝ .
      අනෙක තමයි, අපි මෙතෙක් කියවා; බලා; රස විඳ තියෙන අපේ හිතගත් දේවල් අවිඥානිකවම අපට බල පානවා නිර්මාණ කරද්දී. (මට හිතෙන විදිහට)...
      ඒක නිසා ඕනෑවට වඩා නොහිතා; නීති රීතිවලට කොටු නොවී හරි නිර්මාණ කිරීම නේද ගොඩක් වැදගත්?

      Delete
    7. නීති රීතිවලට කොටු වීම නං අතෑරියා. 2025 නොවැ වලින් පස්සෙ ආයෙ 26 Feb. ලියන්න හිතුනාම ලියනවා. එකම අවුල අනිත් එවුනුත් එහෙම හිතුවොත් බ්ලොග් ලෝකෙට අබසරණයි. ඒ නිසා ලියන අයට හැකි සෑම විටම ෆුල් සපෝට් එක දෙනවා.

      ඒත් හතිලව්වේ දැන් බ්ලොග් ලෝකෙ පරණ ලදරං වන්ඩියක් වගේ නෙ? අලුතින් කෑල්ලක් දැම්මා "සනිදා දහයට", මොන?

      Delete
  6. "වික්ටෝරියාගෙ රහස"- හොඳම කැප්ශන් එකක් දාලා තියෙන්නේ 👍.

    G මැක්ස්වෙල්ගෙ අය්යා වන, I මැක්ස්වෙල් එක්ක YT සාකච්ඡාවක් ටිකක් දුරට බැලුවා. එක තැනකදි මෑන්ස් කියනවා "In my view, එප්ස්ටීන් වෝස් ගිල්ටි; බට් මයි සිස්ටර් ඉස් නොට් ගිල්ටි-she is innocent of the charges she is convicted of" කියලා. I lost it at that point 😡. The guy also said that G moved on at some point and had a relationship with another millionaire (as expected), and the relationship she had with E since then was more of a "professional nature" 🤣😂. That claim was rebutted by the female presenter straightaway. ඕනෙ කෙනෙකුට ඒක හොයා ගෙන බලන්න පුලුවන් නිසා, දිගටම විස්තර ලියන්නෙ නෑ. Anyway, imagine the audacity of these people.

    ReplyDelete
    Replies
    1. She's the devil incarnate and should rot in hell for eternity. Both were fully fledged psychopaths, hence no remorse.
      එපස්ටීන්ගෙ 50 වැනි උපන්දිනේ ස්ක්‍රැප්බුක් එක හැදුවෙ ඔය ගෑණි

      Happy B'Day

      The pedo in the ovel office has already cut a deal with this POS and she is living comfortably in a minimum-security facility known as "Club Fed". There are some rumors floating around, it's a body double. Anything is possible - welcome to American "Just-ice".😋

      Delete
    2. ඔය wexner මිස්ටර් Eට යවපු බර්ත් ඩේ කාර්ඩ්/නෝට් එක දැක්කා නේද. "ඔයා ඉල්ලපු දේ ඔන්න මම දැන් ඔයාට දෙනවා" කියලා ලියලා, ඊට පස්සෙ චිත්‍රයකින් ඇඳලා තිබුනු දේ. How hard he tried to downplay his relationship with E. Disgusting 😠 .

      Delete
    3. wexner ඇත්තටම ටැලන්ටඩ් පොරක්. රියල් බිලියනර් කෙනෙක්. එයා සමනලයෙක් වෙච්ච එක අවුලකුත් නෑ. ඒත් උඩින් පේන "නත්තල් පප්පා" වගේ පෙනුමට යටින් ඉන්නෙ ජරා සතෙක්. එප්ස්ටීන්ගේ රහස් ඔක්කොම මෙයා දන්නවා. මරණ තර්ජන කරන්නෙ ඒකයි.

      ඒත් මට wexner ව තේරුම්ගන්න බෑ. ඇයි එයා දැන් වමාරන්නෙ. නම සුද්ද කරගන්නද මේ scorched earth ටැක්ටික් එක. ඇයි සාක්කි දෙන්න ආවෙ?
      Possibly the most important 10 minutes ever caught on camera

      අපි එප්ස්ටීන් ගැන දන්න දේට අමතර දේත් තියනවා. ඔහු ඉතාමත් ආකර්ශමත්, ප්‍රියමනාප පුද්ගලයෙක්. ඒ වගේම කැසනෝවා වගේ කෙනෙක්. මේ ඔහුගේ එක "පෙම්වතියක්" : Eva Andersson-Dubin - board of Mount Sinai Hospital and founded the Breast cancer unit (Swedish physician, former model, and beauty pageant). සයිකොපැත්ලා බුද්ධිමත් වගේම ආකර්ශමත්, ප්‍රියමනාපයි. ඒක මැනිපියුලේෂන් ක්‍රමවේදයේ කොටසක්.

      Delete
    4. විනාඩි දහයේ ලින්ක් එක (වෙක්ස්නර්ගෙ closing statement) බැලුවා බස්සා. අනිත් එක පස්සෙ බලන්නම්. ඔව් වෙක්ස්නර් පොඩි පොඩි genuine වයිබ්සුත් දෙනවා නේද. තේරුම් ගන්න අමාරුයි. බොඩි ලැන්ග්වෙජ් ඇනලිසිස් එකක් YT තියෙනවද කියලා බලන්න ඕනෙ.

      "සයිකොපැත්ලා බුද්ධිමත් වගේම ආකර්ශමත්, ප්‍රියමනාපයි" ඔව්නේ; narcissistic charm වගේ. And he got royalty involved signal that he has been "vetted" by intelligence services and that there's no harm in associating with him. That's strategic.

      Delete
    5. * to signal that he has been vetted.

      Delete
    6. දෙවැනි එක mockumentary එකක් වගේ එකක්. නොබැලුවත් කමක් නෑ. මේ අපරාධ වහන් කරන්න බලගතු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. තාක්ෂණය, සංස්කෘතිය, විලාසිතා සහ ට්‍රෙන්ඩ් ලොවට බෙදන, ලෝකෙ බලවත්ම රට කියනවා "කැලෑ නීතිය" ආයෙ ගේන්න ඕනෙ කියල. රටෙන් බාගයක් ඒක අනුමත කරනවා. අනික් බාගෙ අතර ඉන්න, යම් පමණක හර්ද සාක්කියක් ඇති අයට මේවට කෙලින්ම විරුද්ධ වෙන්න බෑ. ඔවුන් වෙක්ස්නර් වගේ අයට කතාකරන්න සලස්වනවා.

      Delete
  7. මෙහේ ආවනං එප්ස්ටීන්ට ඉගෙනගෙන යන්න තිබ්බා අහුවෙන්නැතිව කරගෙන ඉන්න හැටි.

    ReplyDelete
  8. https://samigepunchilokaya.blogspot.com/2026/02/after-long-while.html
    සමියා ආපහු ලියලා

    ReplyDelete
    Replies
    1. ගිහින් කොමෙන්ට් එකක් කොටල ආවා.😁

      Delete
    2. අර දුකා අලුතෙන් හදපු ස්පෝට් කොම්ප්ලේක්ස් එකේ තියන බ්ලොග් පාටි එකටද

      Delete
    3. ඕක නං කවදාවත් හරියන්නෙ නෑ. ආයෙත් නෑමක් තමයි

      මීට
      චව්චව්
      😋

      Delete
    4. මාත් ටිකට් එකක් අරන් යන්නම හිතිලා අවසන් මොහොතේ ප්‍රඥාව පහල වුනා

      Delete
  9. එප්ස්ටින් කෙස් එක මම ආසම කෑල්ල මේ අන්ඩ්රුවට කෙලවෙන එක . පෙන්නන්නම බැරි අහංකාර සතෙක් . පැලස් එකේ උන් මෙගන් කෙල්ලට වැඩිපුරම පත්තර වල ගැහුවේ මුගේ කේස් එක යටට දාගන්න . අන්තිමට රයිට්වින් පත්තර වලටම අදින්න උනා කේස් එක . හැබැයි මේ එප්ස්ටින් ගේ සාක්කුවේ වාමාංශික , දක්ෂිනනාෂික දේශපාලනඥයෝ දෙගොල්ලම ඉඳල තියනවා . අර මන්ඩෙල්සන් කියන බ්ලෙයාර් ගේ දකුණු අතට කෙල වෙච්චි එකත් මරු

    ReplyDelete
    Replies
    1. ඔය Mandelson ව මාට්ටු වුනාම නේද Starmer කිව්වෙ තව රටක් සම්බන්ධයි කියලා. එප්ස්ටින්, ස්‍යිකොපැත්ලට සුපුරු ලෙස ටිකක් බුද්ධිමත් වුනාට එක්සෙප්ෂනල් කේස් එකක් නෙමෙයි( ජිලේන්ට ඊට වඩා කෙනෙක්ෂන් තිබ්බා). leslie wexner ගේ, ඒක FBI ෆයිල් වල තියනවා සහ Ohio වල අය දන්නවා. එප්ස්ටින් මුල්ම සල්ලි ලැබෙන්නෙ leslie wexner ව "ස්ර්විස්" කරලා. ඒත් සම්පූර්ණ ඔපරේෂන් එක එප්ස්ටින්ගෙ හැකියාවන්ට වඩා ඉතා ඉහලයි. CIA/මොසාඩ් තියරිය එන්න එක හේතුවක් ඒකයි.

      එප්ස්ටින් ගේ සාක්කුවේ වාමාංශික , දක්ෂිනනාෂික දේශපාලනඥයෝ විතරක් නෙමෙයි සයන්ටිස්ලා, වයිස් චාන්ස්ලර්ලා, සෙලිබ්‍රටිස්ලා ඔක්කොම හිටියා. ප්‍රශ්ණෙ නොහිටියෙ කව්ද කියල එකයි. මම කැමැත්තෙන් හිටි Richard Dawkins ගැනත් කලකිරුනෙ ඔය නිසයි. මුං ඔක්කොම එක වල්ලෙ පොල්😡💢

      Delete
    2. ඕක ඔය රුසියාව ගාවන්න නේ හදන්නේ හැම මගුලටම . තමන්ගේ වැරැද්ද පිළිගන්න කැමති නෑ . රූස්ස වුනත් අත දාන්නේ දූෂිත නම් තමා . ඩොව්කින් ගොයියා මම අයින් කලේ අර අදේවවාදී ගෘප් යන කාලේ. උගේ සෙට් එකක් හැමදාම මුස්ලිම් හින්දු හැම එකා එක්කම වලි. සමහර ඔය කරවිල කෑවම සීනි බහින එක , කැමමයිල් තේ බිවම උදරය සන්සුන් වෙන එක වගේ ඇත්ත දේවල් වුනත් පිලි ගන්නේ නැහැ අත් බේත් කියල . ඕවගේ අවුල් ගොඩක් තිබ්බ ඩොව්කින් එක්ක සහ එයා පස්සේ යන අය . රණ්ඩු ත් වැඩියි

      Delete
    3. ඇයි එතකොට Norman Chomsky? එප්ස්ටීන්, රාජ්‍ය රහස් වැඩිම ලන්සුවට වික්කා. රුස්සොත් ඉතිං බොරදියේ මාලු බාන්න ඇති, ඒකෙ අවුලක් නෑ. මම ඉගෙන ගත්ත දේ තමා මේ බැට්මෑන්, සුපර්මෑන් වගේ ලෝකෙ බේරගන්න එන වීරයො දිහා ටිකක් සැකයෙන් බලන්න කියන එක .

      Delete
    4. රුස්සෝ අනිවාර්යයයෙන්ම ඒවා කරනවා . උන්ගේ රහස් ඔත්තු සේවය ඉන්නේ ඒකටම නේ . චොම්ස්කි නම් මම වැඩිය ආස නැති පොරක් . මම කොහෙවත් බ්ලොග් එකේවත් මෙන්ෂන් කරලා තියනවද ? නැහැනේ

      Delete
    5. Mandelson ඇරෙස්ට් කරලා නේද? දඞුවම් නැතුව බේරෙයි, ඒත් අඩුම ගානෙ name & shame වත් තියනවා, ඒ මඳෑ?🤔

      Delete
    6. බේරනවා නම් එකම හේතුව 'රාජ්‍ය රහස් ' එලියට යාම නිසා . සුද්දෝ රිෆොර්ම් පාටි එකට් සපෝට් කරන්න තව හේතු ඕනෙද මේ වගේ උන් ඉන්න කොට

      Delete
    7. ඔහෙලට වෙලා තියෙන හෙනේ, රටට කිසිම රිටර්න් එකක් නැති ඔය මහජන මුදලින් නඩත්තු කරන රජ පවුල. අපේ මාර්ක් කානි නං විවේචන තිබ්බත් සෑහෙන වැඩ කොටසක් කරගෙන යනවා. අතීත අත්දැකීම් බැලුවාම, එකම පක්ෂයක් ඕනවට වඩා කාලයක් දිගටම බලයේ හිටියොත් අන්තිමට "චා" වෙන නැඹුරුවක් තියෙනව වුනත්, අපේ කන්සවේටිව් හොරාට වඩා මාර්ක් කානි සෑහෙන්න හොඳයි.

      Delete
    8. රජ පවුලට සපෝර්ට් කරන ය ලංකාවෙත් ඉන්නව . මම අර රැජින ගැන ලිව්ව ලිපියටත් බැනුම් ඇහුවනේ .

      Delete
    9. මෙහෙමයි, රජ පවුල ගැන මගේ අකමැත්ත වගේම පොඩි ගෞරවයකුත් තියනවා. ලෝකෙ දේශපාලනයේ වැදගත් තැනක ලන්ඩන් ඉන්නවා.
      අන්තිමට කාල් මාර්ක්ස් වගේම, ලෝකෙම ඉන්න අපරාධකාරයින්ට තෝතැන්නක් වුනා ඩුබායි මාෆියා බොස්ගෙ එක්ස්-වයිෆ් පැනලා ආවෙත් ඔතනට නේද?

      Delete
  10. ඩ්‍රැකීතුමාගෙ Untrueman show පෝස්ට්

    ReplyDelete
    Replies
    1. මේ තුන් තේරවිල්ල නං තේරුනේ නැහැ. 🤔😵‍💫😕

      Delete
    2. 😕මේ වගේඑකක් ද?

      ආයෙ දැන් ලංකාවෙ කියලත් හිට්-මෑන් කල්චර් එකේ වෙනසක් නෑ වගෙයි නේද?

      Delete
    3. ,දෙවෙනි ලින්ක් එකට යන්න බැහැ -We've blocked this website because it contains software designed to spam you with adverts and popups which can compromise the security of your device.
      We strongly advise against visiting this website.

      Delete
    4. මේක මේ දිවයින පත්තරේ මුල් පිටේ ප්‍රවුර්තියක්.
      https://www.divaina.lk/
      ලංකාවෙ පත්තරත් දැන් ඒ ගෑනට වැටිල කියල කියන්න දන්නෙ නෑ.

      Delete
    5. ඔව් ඔව් . සල්ලි ලැබෙන්නේ නැති නිසා චීප් ඇඩ් වලට යනව

      Delete
    6. ඒත් මේ වගේ උනන්නුව ඇති කරවන ලිපිත් තියනවා. (සුනිල් මාධවගෙ බේබදුකම සහ අනෙකුත් වැරදි අමතක කලොත්)
      https://miduma.blogspot.com/2026/02/blog-post_28.html

      Delete
  11. ඒක නෙමෙයි අපේ මේ බ්ලොග් වලටත් නීතීග්ඤ තුමෙක් ඉන්නවාද? මම දැනගෙන හිටියේ නෑනේ ඒ ගැන

    ReplyDelete
    Replies
    1. ඉන්නව, ඉන්නවා. එයා වෙස්වලා ගෙන ඉන්නෙ. ඉඳලා හිටලා තමයි ලෝ පොයින්ට්ස් දාන්නෙ.😁

      Delete
    2. එහෙමත් එකක්ද? එහෙනම් ටිකක් පරිස්සමින් ඉන්න ඕනෙ නේද?

      Delete
    3. අපොයි එහෙම බය වෙන්න දෙයක් නෑ. එයා අහිම්සක පොලිස්.🤣

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code