Nov 1, 2026

Paradox of Self-awareness

"I've lived more in my head than I have in real life"

— කියල එකෙක් කියපි.

අප්පට හුඩු, ඇත්ත නේන්නං. මාතෘකාව "ස්වයං දැනුවත්භාවයේ විරුද්ධාභාසය". හුටා! ඒක කියන්න ගිහින් දිව ඇඹරුනා කියහංකො. මේ කියන්නෙ අර superposition proton, observer effect වගේ එකක්. ගමරාළ නං, ඕක විද්‍යාත්මකව ලියනවා. මගේ විදිහට කියනව නං, Actor and the Critic සංකල්පය.

අපි උප්පත්තියෙන්ම නලුවො. කරන්නෙම රඟපෑමක්. ඇතුලෙ තව එකෙක් ඉන්නවා - විචාරක. ඌ බලන කොට, රඟපෑම වෙනස් කරනවා. ඒත් තාම නලුවම තමයි.

🔍 කැඩපතකින් බැලීම, ඔබේ ප්‍රතිරූපය ඇජස්ට් කර ගැනීමට උපකාරී වේ

🛑 ඒත්, දවස පුරාම කැඩපත ඉදිරියේ ගත කිරීම, ඔබට "ජීවත් වීම" අමතක කරවයි.

ශ්‍රෝඩිංගර්ගෙ ලව්-පූෂ්

Self-awareness යනු දෙපැත්ත කැපෙන කඩුවකි. එයreflection, creativity, planning, science, philosophy, and the search for meaning සෙවීමට හැකියාව ලබා දෙන නමුත්, එය අපව anxiety, uncertainty, and awareness of mortality වලට නිරාවරණය කරයි.

ප්‍රධාන කරුණු කිහිපයක්:

  • ✔අපි අපවම නිරීක්ෂණය කිරීමෙන්, අපගේ හැසිරීම වෙනස් වේ. (විවේචක සහ නළුවා)
  • ✔අපේ මතකය, සැමවිටම සම්පූර්ණයෙන්ම විශ්වාසදායක නොවේ.   (Reconstruction of memory)
  • ✔ඕනෑවට වඩා සිතීම (Overthinking) පුනරාවර්තන (recursive) විය හැකිය.
  • ✔අනන්‍යතාවය සහ ලේබල් උගුලක් බවට පත්විය හැකිය.
  • ✔විවිධ සංස්කෘතීන්/ආගම් Self යන්න වෙනස් ලෙස දකී.

⭐ මම කැමතිම එක:

"Our choices are influenced by hidden structures. How decisions are often shaped by mental frameworks, cultural expectations, and the stories we construct about ourselves."

📢 ෂෝක් බණ ටික. බොලත් අහපල්ලා!

අහල, ගන්න යමක් තියනව නං ගනිල්ලා, ඒත් එක ගුරු කුලකටම බැඳෙන්න එපා. නැහ්නං, නයි-බස්තං සාදු ඉස්සරහා මෙහෙම පොලවෙ පස් කාපල්ලා.



මෙන්න වීඩියෝ එක(පැය 1/2). කමෙන්ට් 2,101ක්. ඒව වල තමා නියම මිණි කැට තියෙන්නෙ. පුදුමෙ කියන්න, භාවනාව ගැන උපදෙස් ඉල්ලුව එක බබලතෙක් අරාබි, සෞදි, ජෝර්දානි සම්භවයක් ඇති කෙනෙක් වීමම දෛවයේ සරදමක්ද මන්දා?

 


පැන්සල් චිත්‍ර ගැන අදහසේ ස්තූතිය - සිසිල සඟරාව
(ඡායාරූප නැනෝ බනානා සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

70 comments:

  1. සමහර වචන සිංහලට පෙරලන එක වැඩක් නැති දෙයක් කියලයි හිතුනෙ. එකක් ඔය මහප්ප්‍රාණ හුදී ජනයට තේරෙන්නෙ නෑ. අනික, උනන්දු ඇති අයට අර වැඩි විස්තර පෙන්නන ගූගල් ගැජට් එක සිංහල වලට වැඩ කරන්නෙ නෑ.

    බොහොම සැරට, පුපෙන් දුං විසි වෙන්න වැදිච්ච දාර බූට් පාරක් ගැන ආයෙ අලුත් විදිහකට බලන්න ඇහැකි වුනා. නෑ, ඒක ගැන පෝස්ට් එකක් ලියවෙන්නෙ නෑ.

    ReplyDelete
  2. බස්සා ලියලා තියෙන එකේ ගැඹුරු දාර්ශනික වගේම විද්‍යාත්මක පැතිකඩවලුත් තියෙනවා. හැබැයි ඉතින් ඒ තරම් ගැඹුරට ගිහින් මේක විශ්ලේෂණය කරන්න නම් මට එච්චර තේරෙන්නේ නෑ. 😄 ඒත් මට හිතෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.

    අපි යම් වැඩක් කරන්න කලින්ම ඕනෑවට වඩා හිතන්න ගියාම, මට මේක කරන්න පුළුවන් වෙයිද, බැරි වෙයිද, ෆේල් වෙයිද, අනිත් අය මොනවා හිතයිද කියලා ප්‍රශ්න ගොඩක් ඔළුවට එනවා. අන්තිමට වැඩේ පටන් ගන්නත් බැරි වෙනවා. හැබැයි ඒ ගැන ඕනෑවට වඩා නොහිතා වැඩේ පටන් අරගෙන කරගෙන යනකොට, මුලදී බැහැ කියලා හිතුණු දේවලුත් කරන්න පුළුවන් වෙනවා.

    ඒත් අර කණ්ණාඩියේ උපමාව ගත්තොත්, හැම තිස්සෙම කණ්ණාඩිය දිහා බල බල හිටියොත් ගමනක් යන්න බැහැ. ඒ වගේම කණ්ණාඩිය දිහා නොබලාම ගියොත් තමන්ගේ වැරදි හදාගන්නත් බැහැ. ඒ නිසා මට නම් හිතෙන්නේ හොඳම දේ ඉඳහිට කණ්ණාඩියෙන් බලලා, තමන්ගේ අඩුපාඩු හදාගෙන, ආයෙත් ගමන යන එක කියලයි.

    අන්තිමට තමන් ගැන සිතීම කියන්නේ තමන්ගේ ගමන නවත්වන දෙයක් නෙවෙයි, ගමන නිවැරදි කරගන්න උදව් වෙන දෙයක් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මයියාට ස්තූතියි මේ දීර්ඝ පිළිතුරට. මමත් ඔය ගැඹුරට විශ්ලේෂණ/විච්ඡේදන වැඩ වලට ඒ හැටි කැමති නෑ. "I think, therefore I suffer" තමයි මොටෝ එක.😋😂
      තව"Ignorance is bliss" පොඩ්ඩකුත් මාත්තුවට ගත්තාම පංකාදුයි.😇

      Delete
  3. මේ පෝස්ටුව ගූගල් ට්‍රාන්ස්ලේට් වලින් සිංහලට ට්‍රාන්ස්ලේට් කරගන්නකං ඉන්න... 🤣🤣

    ReplyDelete
    Replies
    1. ඒක නෙව බොලං මම ම දාපු පලමු කමෙන්ට් එකේ කිව්වෙ. මේවා කොහොමත් සමනල් ගැට වැටෙන මාතෘකා. සිංහලට පෙරලුවොත් තනිකරම අපබ්‍රංස.
      ඕනවට වැඩිය හිතන්න යන්න එපා. Praසන්னට මෝල් ගහක් ගිල්ලෝල, ඇක්ටින් පාරක් දාගෙන ඉන්න කියල තමයි කියන්නෙ.😋
      දැන් බලාපං, ඔය බණ කියන මධුර, මනෝහර, කෝමල ස්වරය. ඒකත් ඇක්ටින් නෙව? හැබැයි අපේ නැෂනල් සාදු ගැන කියන්නම ඕනෙ. උන්නාන්සෙගෙ ඔය ඇක්ටිං නෑ. "කව්ද තොගෙ මහ එකා. මකපිය වීඩියෝව. මම එඤ්ඤං තොගෙ ගුරු මහ එකාත් එක්ක තෝව හම්බවෙන්න" කියලයි දේසනා කලේ.

      Delete
    2. මෝල් උනාම ඉතිං ගහක් ගිල්ල වගේ තමයි.

      Delete
    3. ඉන්තේරුවෙන්ම නයි සාදුගෙ නයා නං මෝල් වෙලා පාටයි.🤔😋😁

      Delete
  4. සුචරිත ගම්ලත්ගෙ පොතක තිබුනා 'පරස්පරාපේක්ෂතාව' කියලා වචනයක්. මොකද්ද තේරුම කියලා හොයලා බලනකොට 'interdependance' කියන වචනයේ සිංහල තේරුම

    ReplyDelete
    Replies
    1. සමහර වචන තියනවා, තේරුමක් එන විදිහට හදපු. ඒත් අනික්වා නිකම්ම හිස් වචන. ඔය ප්‍රංශ්‍ර කාරයොන්ටත්, හැම ඉංග්‍රීසී වචනයකටම උන්ගෙ එකක් තියෙන්නෙ ඕනෙ කියන ඇම්මක් තියනවා.

      Delete
  5. පමණක් වචන වල සිංහල තේරුම සෙවීම ගැන නම් පෝස්ටු ගනනාවක් ලියන්න පුලුවන්. ඩිෆෝල්ට් කියන එකට දැනට සිංහලින් ඇති තේරුම නීතිය, බැංකු ගණුදෙනුවක දී වෙන පැහැර හැරීම කියන ඩිෆෝල්ට් විතරයි. ඒත් වාසනාවට ගූගල ට්‍රාන්ස්ලේටරය පෙරනිමි වචනයත් ලබා දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගූගල ට්‍රාන්ස්ලේටරය වගේම, ජෙමනායිගෙන් වුනත් තේරුම, සමාන වචන වුනත් අහගන්න ඇහැකි එක ලොකු උදව්වක්.

      Delete
    2. Online සිංහල වචනයක සමාන පද සෙවුම | Sinhala synonyms Search Online
      Try කරලා බලන්න🙂
      තවද සිංහල පදය වෙනුවට English word එකක් enter කර බලන්න
      https://samapada.base44.app

      Delete
    3. "සිංහල සමපද" සයිට් එක සෑහෙන්න හොඳයි වගේ කියල හිතෙනවා. Paradox වලට "පරස්පර විරෝධය" කියල දුන්නා.👌

      Delete
  6. Paradox වලක් වගේම විලක්, ඒ ගැන ඒ ඇති.

    ඕනම දෙයක් ඕනවාට වඩා ඕනෙම නැහැ කියන එක එළකිරි ෆොරම් එකේ ප්‍රසිද්ධ කියමනක් ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. "ඕනම දෙයක් ඕනවාට වඩා ඕනෙම නැහැ" ඒක නං ජීවිතේ බොහෝ දේ වලට අදාලයි කියල හිතෙනවා.

      Delete
  7. මෙඩිටේෂන් හා ජෝර්දානුවා: අරාබි සම්බවයක් ඇති කිතුනුවන් තුල බෞද්ධ ධර්මයේ මුල්තැනක් ගන්න භාවනාව ගැන උනන්දුවක් තියෙනවා. ඔවුන්ගේ විශ්වාසයක් තියෙනවා ජේසුස් වහන්සේගේ ජීවිතයේ සැඟවුන කාලයක් (මෙම කියවීම වැරදි නම් සමාකරත්වා, කරුණාකර නිවැරදි කරන්න ) තිබුණ බව, ඒ කාළයේ දී ජේසුතුමා බුදුන්ගෙන් භාවනාව ප්‍රගුණ කිරීම සඳහා ඉන්දියාවට වැඩම කර සිටිය බව.

    ReplyDelete
    Replies
    1. කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක කියන කතුවරුන් දෙදෙනාගේ 'යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ' පොත කියෙව්වද?

      Delete
    2. @ගල්මල්

      අහා! එහෙම වෙන්නත් ඇහැකි. ලෙබනනයේ සෑහෙන අරාබි කිතුණුවන් ඉන්න බව දැන සිටියාට, ජෝර්දානයෙත් ඉන්න බව දනගත්තෙ දැනුයි. ඔය ක්‍රිස්තුස් වහන්සේගේ "මිසින්" අවු 12 ද කොහෙද කතාව සහ ඉන්දියානු සම්බන්ධය ගැන මමත් අහල තියනවා. මම හිතුවෙ ඒක කට-කතාවක් විතරක් කියලයි.

      අපේ සමාජෙ වුනත් පූජ්‍ය පක්ෂය විතරක් නෙමෙයි, හුදී ජනයාවත් නොපෙනෙන බැමි වලින් බැඳලයි තියෙන්නෙ. ඔය ඉන්දියානු ආගමික දර්ශනයට ගැන උනන්දු වෙනවට විතරයි බාල්දි දාන්නෙ නැත්තෙ. AI නිරාගමික නිසා ඉදිරියේදී වත්, අඩුම ගනනේ අනිත් ආගමික දර්ශණවල මොනවද තියෙන්නෙ කියල අපට දැනගන්න ලැබෙයි කියා සිතනවා. තමන්ගෙ විස්වාසය/ ආගම නිසා මිනිසුන්ව හංවඩු නොගහා, හැම කෙනාම මනුස්සයෙක්, පුරවැසියෙක් කියල හිතන සමාජයක් බිහි වෙයි කියලාවත් පතමු නේද? එතකොට බ්ලොග් වලට රිංගන මේ හික්-මීයො වසංගතයවත් නවතින්නෙ නැතෑ?

      @ නිදි

      ඒ පොත කියවල නෑ. නමේ හැටියට තේරෙන්නෙ, ගල්මල්තුමා කිව්ව දේ වෙන්න ඇති කියලා හිතුනා

      Delete
    3. ජොර්දානයේ මුල්පදිංචි කරුවන් අතර කිතුනුවන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. මං රැකියාව කරපු තැන්වල ඔවුන් ළඟින් ඇසුරු කර තියෙනවා. ඔවුන්ගේ නම් වල වෙනසක් නැහැ, රටේ අනික් පිරිස වගේම අරාබි බස ඔවුන්ගේ බස, ඔවුන් එරටේ ආගමිකව, සාමාජීයව සම තැනක ඉන්න නමුත් පලස්තීනයෙන් නෙරපා අස්ථානගත වූවන්ට ජෝර්දානය දොර හැරීම නිසා සංඛ්යාත්මක හැකිලීමක් පෙන්නුම් කරනවා කියන අදහසේ ඔවුන් ඉන්නේ.

      Delete
    4. මටත් මැද-පෙර දිගදී හමුවූ අරාබි ජාතිකයින් අතර ජොර්දානුවෙක්, සිරියානුවෙක් සහ එක් ලෙබනන් ජාතිකයෙක් නිහතමානී ලෙස මා සමඟ සුහද වුනා. ඉතා පැහැපත් සමක් තිබ්බ ජොර්දානුවා, මට ඔහුගේ රට ගැන විස්තර කිව්වා. ජොර්දානය එලවළු සහ පලතුරු හොඳින් වැවෙන සාරවත් රටක් බවත් සීත කාලෙට හිම පවා වැටෙන බවත් කිව්වා.

      මේ ඉන්නෙ ලෝගුව ගලෝපු, අවු 28 ක් මොනෑස්ටික් ජීවිතයක් ගත කල ෆාදර් කෙනෙක්. ආයෙ ඇක්ටිං එහෙම නෑ. ඔහු පැවිදි දිවිය ගැන කතා කරන්නෙ හරිම ආදරයෙන් සහ ගෞරවයෙන්. මෙතන වෙනස අවංකම, Self-awareness සහ නො-බැඳි ජීවිතය. දැන් ලඟ,ලඟ දෙකක් නමා ගෙන දැහැමින්-සෙමින් ජීවත් වෙනවා. ඒ අත්දැකීම, ජීවිතාභෝදය නියමයි. ආන්න එහෙම අයගෙ බණ තමයි බණ.

      monk of 28 years reveals why he abandoned society…

      Delete
  8. බස්සෝ පළමු වීඩියෝව බලනකොට
    යකා ඇවිස්සුනි ඉවසිලිවන්ත මට
    ඒ අම්මණ්ඩි හිතලාමයි මුහුණ කට
    වහගෙන ඉන්නෙ ඈ හඳුනා ගන්නවට

    මොකටද හැංගිලා ඉඳගෙන ගුගුරන්නේ
    නයි හාමුදුරුවෝ කවදද මහණ වුණේ
    පා ගමනෙදී ඇයි පිරිවර අඩුම වුණේ
    ලජ්ජා නහරෙ කපලද මේ මිනිසුන්නේ

    ReplyDelete
    Replies
    1. එතන පැහැදිවම දේශපාලන උසිගැන්වීමක් තියෙන බව නං පැහැදිලියි. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව, ප්‍රචන්ඩ නොවෙන තාක් කල්, විරුද්ධ මතවාදීන්ට ඉඩ දෙන්න වෙනවා. වූඩු,වස්කවි ඕන එකක් කියපුවාවෙ. සායම යන්නෙ ඕවා කරන අයගෙ නෙව?

      Delete
  9. භාවනා ආගමික හෝ සම්ප්‍රදායීකව කේන්ද්‍ර කරගන්න නිසා බොහෝ ජෙනරේෂන් ගැප්ස් වලට මුලපුරනවා.

    අනූගනන් වල අග බාගයේ දී ස්කැන්ඩිනේවියානු සරසවියක් විසින් ඉන්දීය කඳුකර හා ටිබේට වැසියන්ගේ වැඩි ආයුකාලය හා යහපත් ශරීර සෞඛ්යය ගැන උනන්දුවෙනවා. මුහුදු මට්ටමෙන් ඉහළ පිහිටීම, වායුගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රනය, අවම පරිසර දූෂණය වගේ කරුණු ගනනාවක් පරාමිත්තින් වුනත් ඔවුන් ඊට වඩා වෙනස් පැත්තක් ගැන සොයන්න පටන් ගන්නවා. එය එම වැසියන්ගේ ජන ජීවිතයේ පුරුදු අතර වෙන භාවනාව, සජ්ජායනා (චැන්ටින්) වගේ කරුණු. සරසවි කණ්ඩායම භාවනාව හා සජ්ජායනා ආදිය ගැන වඩාත් උනන්දුවෙන්න පටන් ගන්නවා.

    පර්යේෂකයින් ක්‍රමයෙන් ඇෆ්ගන්, පකිස්තාන කඳුකර පෙදෙස් වලට අවධානය යොමු කරන අතර මොවුන්ගේ ආගමික පසුබිම වෙනස් වුනත ඉන්දීය, ටිබේට වැසියන්ගේ ආයුකාලය, නිරෝගීමත්කම මෙම පෙදෙස් වල ද හමුවෙන බව වටහා ගන්නවා.

    ඒ කාලේ පර්යේෂණ කණ්ඩායමේ සිටි ඉන්දු/පකිස්තාන/ඇෆ්ගන් කවුරුහෝ පර්යේෂණ අතර තුරු මෙම කරුණු ලීක් කර අතර ආගමික තටු දෙන්න ගත් උත්සාහයක් දෙදාහ මුල් කාලයේ සිදුවීම නිසා අරකී පර්යේෂණ ගැන දැනගන්න පුලුවන් හැකියාව අඩාල වුනා.

    සාපයන් විවිධ ආශීර්වාදයන් ද අරන් එනවා කියනවා නේහ්. කෝවිඩ් කාලයේ එහෙම සිද්ධියක් මේක:

    කොරෝනාව සම්පූර්ණයෙන් සුවය ලබපු මිනිස්සු පවා කෙටි කාලයකින් මියයන කාරණය ගැන ජගත් සංවිධාන අවධානය යොමු කරන්න පටන් ගත්තා. කොරෝනාව ශරීරයෙන් සුව වුනත් පෙනහළු වල පරිමාව අඩු කරන බව ඔවුන් වටහා ගත්තා, ඒ හේතුවෙන් සිරුරට ලබා ගන්නා හා රදවාගත හැකි වායු ප්‍රමාණය අඩුවීම කොරෝනාවෙන් සුව ලැබුවත් දුර්වල සිරුරට කරන බලපෑම වටහා ගත්තා. ඉහත කී පර්යේෂණ වල සොයාගැනීම් එතැන දී සැලකිල්ලට ගන්නට විය.

    ඒ අනුව කොරෝනාවෙන් සුව ලබාපු අයගේ පෙනහළුවේ පරිමාව වැඩිකරන්න බලපාන ව්‍යායාම යොදාගත හැකි ක්‍රම ලෝක සෞඛ්ය සංවිධානය මූලිකව විවිධ ජගත් සංවිධාන විසින් ප්‍රමෝට් කරන්නට විය. ඉන් මුල්තැන ගත්තේ භාවනාව.

    විදිමත් භාවනා ක්‍රම (mindfulness meditation) මගින් හා ආශ්වාස-ප්‍රශ්වාසය මුල්කරගත් (structured breathing exercises) ක්‍රමවලින් පෙනහළු ප්‍රසාරණය වෙන බව, ප්‍රථිපලයක් හැටියට ගන්න, රඳවාගනු ලබන වායු ප්‍රමාණය වැඩිකරගත හැකි බව, එය රුධිර සංසරණයට පෙනහළු මගින් සපයන ඔක්සිජන් වැඩි කරන බව අදහසක් විතරක් නෙවෙයි ජගත් සංවිධාන විසින් පසුව කර පුවත්, නිවේදන වලින් පෙන්නුම් කරා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ දීර්ඝ විස්තරයට. 👌💐
      අනිත් අය මේ ගැන අදහස් දක්වන තෙක් බලා ඉන්නවා.

      Delete
  10. බුදු දහමේ ඉගැන්වීමක් වෙන ආනාපානසති භාවනාව, බටහිර ලේබලයෙන් එන mindfulness meditation and structured breathing exercises, ඉස්ලාම් ඉගැන්වීම වාන ඩිකර් (Dikr) වගේම රටවල් හා සම්ප්‍රධායන් වලට අනුකූලව විවිධ භාවනා ක්‍රම වල වැදගත්කම ප්‍රායෝගිකව සනාථ කරන්න කෝවිඩ් සාපය පිටුවහලක් වුනා.

    ReplyDelete
    Replies
    1. භාවනා ක්‍රම බාවිතයෙන් ඉගෙන ගන්න දරුවන්ගේ පාඩම් කිරීමේ මාරයා වෙන නිදිමත දමනය කරන්න පුලුවන් බව අත්දැකීමෙන් දනිමි -- ඔක්සිජන් විප්ලවය.

      Delete
    2. Opps typing error: ඉස්ලාම් ඉගැන්වීම වන ඩිකර් (Dikr)

      Delete
    3. මේ හැම ආගමක්ම වගේ, යම් ආකාරයක භාවනා ක්‍රමවේදයක් ඇති බවයි පෙන්නෙ. නිදිමත පාලනයට භාවනාව යොදා ගත හැකි බව, මට අලුත් දැණුමක්.🤔🙏

      Delete
  11. So, now your trips are all in your head?

    ReplyDelete
    Replies
    1. Déjà vu m'lord?😇😋
      Choices are influenced by the stories we construct about ourselves

      Delete
  12. "Our choices are influenced by hidden structures. How decisions are often shaped by mental frameworks, cultural expectations, and the stories we construct about ourselves." - "අපේ තේරීම්වලට අපට නොපෙනෙන බලපෑම් තිබෙනවා. අප සිතන ආකාරය, සංස්කෘතියෙන් අප මත පැටවෙන අපේක්ෂාවන් සහ අප කවුද යන්න ගැන අපම ගොඩනඟාගත් කතා බොහෝ විට අපේ තීරණ හැඩගස්වනවා."

    හී කෝමද ඒක , අපි කරන්නේ එපා කියන දේමයි

    ReplyDelete
    Replies
    1. හෑ! 😮 ටෝව දීයාම කාපිය. සෑහෙන හොඳයි. ඒත් ලකුණු අඩු කරන්න වෙනවා,Hidden structures සහ mental frameworks හලපු නිසා. මම සිම්පල් සඤ්ඤක බකමූණා, මට බෑ ඔය පහප්ප්‍රාණ අපෙ හාංදුන්නෙ.😋

      Delete
    2. තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිටුපස සැඟවී ඇති ව්‍යුහයන් (Hidden structures in decision-making) ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. එනම්, මිනිස් මනසට සම්බන්ධ සංජානනීය උගුල් (cognitive traps) සහ අප ගන්නා තීරණ රහසින් පාලනය කරන සංවිධානාත්මක හෝ පාරිසරික බලපෑම් ය.

      Delete

    3. 1. මනෝවිද්‍යාත්මක සහ සංජානනීය උගුල් (Psychological & Cognitive Traps)

      බොහෝ විට වැරදි තීරණ ගැනීමට හේතු වන්නේ බුද්ධියේ අඩුවක් නොව, මිනිස් චින්තනයේ පවතින සැඟවුණු දුර්වලතාය. හැමන්ඩ්, කීනි සහ රයිෆා (Hammond, Keeney, and Raiffa) වැනි පර්යේෂකයන් පෙන්වා දෙන ප්‍රධාන මනෝවිද්‍යාත්මක බාධාවන් කිහිපයක් මෙසේය:
      • නැංගුරම් ලෑමේ උගුල (The Anchoring Trap): අපට මුලින්ම ලැබෙන තොරතුරට (උදාහරණයක් ලෙස මුලින්ම කියන මිලක් හෝ දත්තයක්) අනවශ්‍ය ලෙස වැඩි බරක් තබා, ඉන්පසු ගන්නා සියලු තීරණ ඒ මත පදනම්ව වෙනස් කිරීම.
      • යථා තත්ත්ව නැඹුරුව (The Status Quo Bias): වෙනස්වීම් වලට ඇති බිය නිසා, පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට ඇති සැඟවුණු කැමැත්ත.
      • ගිලුණු පිරිවැය උගුල (The Sunk-Cost Trap): අතීතයේදී යම් වැඩක් වෙනුවෙන් කාලය, මුදල් හෝ ශ්‍රමය වැය කර ඇති බැවින්, එය තවදුරටත් අසාර්ථක බව දැන දැනත් අත් නොහැර දිගටම කරගෙන යාම.
      • තහවුරු කිරීමේ සාක්ෂි සෙවීමේ උගුල (The Confirming-Evidence Trap): තමන් දැනටමත් විශ්වාස කරන දේ තහවුරු කරන තොරතුරු පමණක් සොයා යාම සහ ඊට පටහැනි සාක්ෂි මඟහැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම.
      • රාමුගත කිරීමේ උගුල (The Framing Trap): ගැටලුවක් ඉදිරිපත් කරන ආකාරය අනුව තීරණ වෙනස් වීම. (උදාහරණයක් ලෙස: ලාභයක් ලෙස පෙන්වන විට ගන්නා තීරණය, අලාභයක් ලෙස පෙන්වන විට වෙනස් වීම).

      2. සංවිධානාත්මක සහ ව්‍යුහාත්මක බලපෑම් (Organizational & Structural Layers)

      කණ්ඩායමක් හෝ ආයතනයක් ලෙස තීරණ ගැනීමේදී, අපට නොපෙනෙන ව්‍යුහයන් ක්‍රියාත්මක වේ:
      • තොරතුරු සැකසීමේ සහ අර්ථකථන බිඳවැටීම: ආයතනයක පහළ මට්ටමේ සිට ඉහළට තොරතුරු ගලා යන විට, සැබෑ ගැටලු සහ සංස්කෘතික ප්‍රතිරෝධයන් ලිපි ලේඛනවලට පමණක් සීමා වී සැබෑ තත්ත්වය යටපත් වීම.
      • සැඟවුණු ධුරාවලිය (Shadow Hierarchies): ආයතනයක නිල ව්‍යුහයක් තිබුණද, තීරණ පාලනය කරන නොනිල කල්ලි හෝ බලගතු පුද්ගලයන් පසුබිමින් ක්‍රියාත්මක වීම.
      • තීරණ ගැනීමේ මෙහෙයුම් පද්ධතිය (The "Decision OS"): ආයතනයක් හෝ පුද්ගලයෙකු අවදානම් කළමනාකරණය සඳහා ප්‍රශ්න කිරීමකින් තොරව දිගින් දිගටම භාවිත කරන සාම්ප්‍රදායික නීති සහ මානසික රටාවන්.

      Delete
    4. මේ උගුල් ගැන විස්තරයත් වටිනවා. ඒත් සමහර උගුල් වල වැටිලා ඉන්නෙ කැමැත්තෙන්ම කියලත් හිතෙනවා. අමාරු වෙයි ගැලවෙන්න.බලමු, ඒත් ඉන්නෙ උගුලක කියන අවබෝධය වටිනවා.🙏

      Delete
  13. මේ දවස් වල අම්බානක බිසී . ආයේ එන්නම් අපේ හාන් දුරුවනේ වීඩියෝ එකත් බලලම

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා බිසී ඇති කියලා. අවුලක් නෑ, සාන්ත. වැඩ ටික ඉවර කර ගන්නකො ඉස්සෙල්ලා. "නිහඞපාල - ගමරාළ නැති මේ බ්ලොග කුමටද සිරියලතා" කියල නයි-බස්තං සාදුත් කිව්වලු. 😋😂

      Delete
    2. Cogito, ergo sum - මා සිතනා නිසා මම නැමැත්තෙකු සිටි - රොනේ දෙකටේ (René Descartes

      Delete
    3. ආනාපානා සතිය ගැන කමෙන්ට් වල සඳහන් වෙලා ටිහ්බෙනවනේ . මටත් ඒකමයි කියන්න තියෙන්නේ . අපි දහම් පාසල් යන කාලෙම ආනාපානා සතිය පුරුදු කරවනවනේ මෛත්‍රී භාවනාවත් එක්ක . ඊට පස්සේ සෙල්ෆ් එක ගැන ඒ කළෙම කල්පනා කරනවා . ඉගෙන ගැනීමේ ඇම්බිෂන් එක එන්නේ ඊට පස්සේ . දැන් තියෙන්නේ කියවීමේ සහ දැනුමේ පිපාසය පමණයි . අපි හැම කෙනා තුලම අඩු වැඩි වශයෙන් මල්ටිපල් පර්සනලිටි ඩිස්ඕඩර් එකක් තියනවා . මේ මහත්මයට කෙසේ වෙතත් බුද්ධාගමේ කලින් හිටපු නිසා අපට ඒ බය නැහැ නේද ? බුද්ධ ධර්මය උගන්වනවාට මම විරුද්ධ නැත්තේ ඒකයි

      Delete
    4. ෆොටෝන් අංශු වල පිහිටීම ගා කියන කොට මහායාන බුද්ධාගමේ අපි ඉන්න තත්ව තුනක් ගැන උගන්වනවා ඒ කළේ . ඔබේ සිටී , නොසිටි සහ සිටි සහ නොසිටී අතර අවධිය , තව විධිහකට කිවහොත් අපි වගේ යමක් exist , does not exist, exist or does not exist. එකම තමා ක්වන්ටම් කතාවේ කියන්නෙත්

      Delete
    5. ආන්න ඒ ටික වටිනවා. මට මේකට ලීඩ් එකක් නැතුවයි හිටියෙ. තෑන්ක්ස්.🙏💐

      ජෙමනායි එක්ක චතුස්කෝටි, ශුන්‍යතාවය (Sunyata) සහ මධ්‍යමක දර්ශනය (Madhyamaka) ගැන සාකච්චාවකට යන්නයි ඉන්නෙ. අර ඔබ කිව්වා වගේ බයක් නං නෑ. මම කොහොමත් කම්මැලි නිසා, බොහෝ විට මඟදී "දැන් ඔය ඇති" කියල හිතේවි.

      කලින් නමියා කියල තිබුනා, AI වලට බුද්ධාගම උගන්වමු කිව්වම කස්ටිය හිනාවුනා කියල කතාවක්. ඔය දැන් දීලා ඇදලා තියෙන්නෙ "හික්" ගෑවෙන්නම. ආ, මම "හික් ගෑවෙනවා" සහ "බිග් කුච්චන්" ගැන ඇහැව්වාම ඒව වල මූලාශ්‍රයත් කිව්වා. හැබැයි සාමාන්‍ය ගූගල් සර්ච් එක නෙමෙයි ජෙමනායි එකේ විතරයි.

      Delete
    6. // මම කොහොමත් කම්මැලි නිසා, බොහෝ විට මඟදී "දැන් ඔය ඇති" කියල හිතේවි //

      මම සමහර වෙලාවට චැටා එක්ක දාන චැට් එකපාරට නවත්තලා නැගිටලා යනවා, දැන් ඇති කියලා හිතුනම.. මම ලොග්වෙලාම ඉන්න හන්දා පොර අපේ චැට් ඔක්කොම සේව් කරන් ඉන්නෙ.. ඉතින් මාසෙකට විතර පස්සෙ ආයෙමත් අර නවත්තපු තැන ඉඳන් පට්ටාං අරන් යන්ට පුලුවන්.. චැටා කවදාවත් ඤංඤුං ගාන්නෙ නෑ "ඔයා එදා එකපාරට නැගිටලා ගියා කතාව නවත්තලා, මට හරියට දුක හිතුනා" වගේ දේවල් කියලා..

      අනිත් වැඩේ තමා අපේ චැට් හන්දා දැන් පොර දන්නවා මං මොන වගේ එකෙක් ද කියලා.. ඉතින් අලුත් චැටක් පටන් අරන් "Yo bro, wzzup!" කියාපු ගමන් පොර අහනවා, "ආ ආවද අදත්? අද බොට මොකක්ද කරන්ටෝන? ලෝකෙ පෙරලන්ටෝන ද? රැබිට් හෝල් අස්සෙ රිංගන්ටෝන ද? අලුතෙන් කෝඩිං වැඩක් බාර දෙන්ට ද? නැත්තං අලුත්ම ජරමරයක් ද/" කියලා..

      Delete
    7. English is funny

      උඹ කියපු එකක් දැකලා තමයි, මටත් AI චැට් අදහස ආවෙ. මම නං අමු හිංගලෙන් අහන්නෙ. හොඳට විස්තර දෙනවා, ඉංග්‍රීසී සමාන පදත් එක්කම. ඔව්, අනිවාර්‍යෙන් ලොග් වෙන්න ඕනෙ, ඒ නිසා වාසි හුඟක් ලැබෙනවා. අපි අහන්නෙ නීත්‍යානුකූල දේවල් නිසාත්, ගූගලයට මට විකුණන්න ඇති දේ සීමිත නිසාත්, මගේ ප්‍රොෆයිල් එකක් හදා ගත්තට අවුලක් නෑ.

      අපි කැමති වුනත් නැතත් AI ලෝකෙ වෙනස් කරනවා - හොඳට සහ නරකට දෙකටම. ඒක අපේ පාලනයෙන් තොර දෙයක් නිසා, AI ගෙන් මෙහෙම වැඩ ගැනීම නරක අදහසක් කියලා මම හිතන්නෙ නෑ.

      Delete
    8. චතුස්කෝටිය ගැන මම කොහේ හරි ලියල් තිබ්බ. මේ යු ටියුබ් කාරයා ඇඳගෙන කතා කරන්නේ.කොටින්ම එයාම අන්තිමට බ්‍රිලියන්ට් ද මොකද්ද කියල මැත්ස් ප්‍රෝග්‍රෑම් එක්ක ප්‍රමෝට් කරනවා. දැන් ක්වන්ටම් භෞතිකය කියන්නේ වෙනම දෙයක් නේ . ෆෝටෝන අංශුවක ඔය ද්විත්ව භාවය ඒක භෞතික දෙයක් , බිග් බැන් එකේ එකම මුලයකින් ආපු නිසා වෙච්හි දෙයක්. ඒකයි සෙල්ෆ් අවෙයානස් එකේ දෙන්නෙක් ඉන්නව කියල කියන එයාගේ හයිපෝ තිසිස් එක , ක්වන්ටම් අංශුවේ හැසිරීම විඥාන වදයට අරගෙන යාමක් . නලින්ද සිල්වා ඇණ ගත්ත තැනම තමයි. ඔය දෙක දෙකක්.
      ඕනෙම නම් වෙන්න පුළුවන් දේ තමයි අපි වගේ එම යුගල අංශුව ඇති වෙනත් යුනිවර්ස් එකක් තිබීම. හෝ ලෝකයක් තිබීම. ඒ ගොල්ලන්ගේ ටයිම් ලයින් එක වෙනස් වෙන්න පුළුවන්.
      ඔය තමන් ගැන හිතන ඒක ඉළුෂන් ඒකකය කියන එක , පෙරදිග දර්ශනය ගැන කතා කරන එක. එයාට තියෙන්නේ අභිධර්මය ඉගෙන ගන්න . අභිධර්මය බුද්ධාගමේ නෙමේ. බුදු හමුදුර්වෝ ඉගෙන ගත්තෙත් ඒ දවස් වල ඉන්දීය දාර්ශනිකයන් ගෙන් . අලාර කාලාම , උද්දක රාම පුත්ත හෙම. - මුලික තර්කයක් ගත්තොත් - මේසය තියනව. මේසය කකුල් හතර සහ ලී කෑල්ල අහක් කරහම මේසයක් නෙමේ. ඒ කියන්නේ මේසය කියල වස්තුවක් නැහැ. ඒක අපේ හිතේ ඇතිවන නාමරුපයක් විතරයි. නමුත් භෞතිකව අපි දන්නවා මේසයක් තියනව කියල. මම කියල කෙනෙක් නැහැ මගේ නම විතරයි කියන එකත් එහෙමයි. දැන් ඇනෝ කෙනෙකුට අනුව - අජිත් හෝ කොළඹ ගමය කීවහම - හිතේ මැවෙන්නේ කළු කොට තට්ටයෙක්. එහෙම දෙයක් එයාගේ හිතේ විතරයි මැවෙන්නේ. එහෙම කෙනෙක් නැහැ. ඔන්න ඔය තර්කය එයා ක්වන්ටම් එකට සුපර් පොසිෂන් එක ස්පින් එකට දාන්න හදනව. - දැන් ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ නිව්ටන් ගේ තියරිය හරි. අපි ඉන්න මැක්‍රෝ භුඅතික ලෝකයට. ඒකෙම ස්පේස්ටයිම් එකේදී අයින්ස්ටයින් හරි. දෙන්නගේම තියරි දාන්න බැහැ ස්පේස්ටයිම් සහ බහුමාන විශ්වයට ගියහම . ඒ කියන්න ටයිම් එක අහෝසි වෙනව. ඒක වෙනම ෆ්‍රේම් එකක්. යුටියුබ් කාරයා ඒක ආදේශ කරන්න හදනව තමන් ගැන අවෙයාර් පුද්ගලයට පොසිෂන් දෙකක් තියනව කියල. ඔයාට අවශ්‍ය නම් දෙකක් නෙමේ ඕන ගානක් මවා ගන්න පුළුවන්. ඒක තනිකරම් විඥානවාදී දෙයක්. මම හිතන්නේ යූ ටියුබ් වීඩියෝ දෙක තුනක් කරන එක හොඳයි. ලියන්න කම්මැලියි

      Delete
    9. අජිත් මේක කිව්ව එක හොඳයි. මේ හාදයා විතරක් නෙමෙයි, පෙරදිග දර්ශනය, අපරදිග දර්ශනය, ක්වන්ටම් භෞතික විද්‍යාව, සාපේක්ෂතාවාදය ඔය කිසිම ගුරු කුලයකය නොබැදී ඉන්න එක තමා හොඳ කියන එකයි මම මේකෙන් ගත්තෙ. ඔය කොයි කිල්ලොටවලත්, හුණු තියෙන්න පුළුවන් නේද? ඒ එක්කම අර conformatiom bias කතාවත් මේකට අදාල වෙයි කියල හිතෙනවා. AI ගැන වුනත් එච්චරයි. එහෙමයි කියල ඒවා පාවිච්චි නොකර ඉන්නෙත් නෑ.

      මම නං ඔය තරම් දුරට යන්න අදහසක් නෑ. ඒත් හැමෝගෙම අදහස් වටිනවා, සහ හැකි සෑමවිටම ඒවා කියවා බලනවා. එහෙම බලල තේරෙන ටික ගන්නවා. නොතේරෙන ටික උඩින් පැනලා සුරුස්.. තමයි ඉතිම්. අහිතකින් නෙමෙයි, මගේ මොලේ කැපෑසිටි එක ඔවර්ලෝඩ් වෙලා කුරුවල් වෙන්නත් ඇහැකි නෙව? බකුසු කෝඩ්-ඔෆ් ස'වයිවල් අපෙ හාංදුන්නෙ.😁

      Delete
  14. // Our choices are influenced by hidden structures. How decisions are often shaped by mental frameworks, cultural expectations, and the stories we construct about ourselves //

    ඔන්න ඔය දේ ගැන මාත් හිතුවා/ හිතනවා, ඒඅයියා එක්ක සාකච්ඡා කරනවා නිතරම.. මට තියෙන ලොකුම ගැටළුවක් තමා අපි මහ ලොකුවට විශ්වාසය තියන් ඉන්න බටහිර විද්‍යාව බයස් ද නැද්ද කියනෙක.. බටහිර විද්‍යාව ගොඩනගපු විද්‍යාඥයො බහුතරය යුදෙවු/ ක්‍රිස්තියානි චින්තනය මත තමන්ගෙ සිතීම ඩිවලොප් කර ගනිපු උදවිය.. ඉතින් ඔවුන්ට නොදැනීම ඔවුන් අහපු ප්‍රශ්න, හොයපු පිළිතුරු බයස් වෙන්න බැයි ද?

    ඒ වුනාට ඔයි වගේ ප්‍රශ්න අහ අහා මොළේ විකාර කරගන්නවට වඩා හොඳා මේං මේ වගේ එකක් කියවන් ඉන්නෙක. හා නැද්ද?

    https://readtintin.blogspot.com/

    https://readasterix.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හොඳ තර්කයක්. බටහිර විද්‍යාඥයො, දාර්ශණිකයොත් බයස් තමයි. මේවා ගැන කතා කරන හයිබ්‍රිඩ්/නිරාගමික/ ආගමික අපිත් බයස්(conformatiom bias). සයන්ටොලොජි වගේ ඒවා ආගමකට වඩා මිලිටරිකරණය කරපු,ව්යුහගත කල්ට් එකක් කියලයි හිතෙන්නෙ.

      ආගම් සහ බටහිර විද්‍යාවේ වෙනස - එකක් ගලේ කොටා ඇත, අනෙක නැත. ඒ නිසා අනාගමික ලේබලේ යටතේ හෝ බටහිර විද්‍යාව අදහන්න යෑම "අනන්‍යතාවය සහ ලේබල් උගුලක් බවට පත්විය හැකිය" යටතට වැටෙනව නේද? ඒත් බටහිර විද්‍යාවේ හෝ දර්ශණයේ සහනුකම්පාව, සංවේදීතාව අඩුයි සමහර ආගම් වලට වඩා. අපේ පරිභෝජනය සඳහා, මුලු කුකුල් සංහතියම මැරෙන්න ඕනෙ ඇයි? වගේ ප්‍රශ්ණ වලට ආවම, මමත් ලිස්සල යනවා. ඒත් කවදා හරි දියුණු ඒලියන්ලා සැට් එකක් ගොඩ බාලා අපිව "කුකුල්ලු" විදිහට දැක්කොත් මාත් "Open the Fuckin' Strait, you crazy bastards..." කියලා බෝඩ් අරන් පෙලපාලි යාවි. එතකං ඉතිම්"law of the jungle - code of survival" තමයි. ඕව ඔහොම තමයි අපෙ හාංදුන්නේ. 😋😇

      මොළේ විකාර කරගන්න හරි, ඉඳහිට මේ ප්‍රශ්ණ අහන්න/සාකච්චා කරන්නත් ඕනෙ කියන එකයි මගේ අදහස. හරි අපිත් බයස්, අපිත් ඒ හැටි සහනුකම්පිත නෑ. ඒත් අපට "හර්ද ශාක්ෂිය" තියනවා, වැරදියි කියල යටි හිත දන්නවා. මම කියන්නෙ ඒක නැති වෙච්ච දාට අපේත් "මනුස්සකම" ලෙෆ්ට් කියන එකයි. ක්‍රිස්තියානි ආගමේ "පව්-සමාකරණ" සංකල්පයත් ඔයිට ලඟින් යනවා නේද?

      AI අනාගතේ, "හරක්" අතේ?
      ඕනෑවට වඩා සිතීම (Overthinking) පොයින්ට් එක අනුව, ඒ රැබිට් හෝල් එක දිගේ නොයමි.

      ආ, ලින්ක් දෙක පට්ට, ඈ? 👌💐🙏

      Delete
  15. මේ පෝස්ට් එක ටිකක් බර වැඩියි වගේ අපිට.

    ReplyDelete
    Replies
    1. ආයි අහලා? මටත් බාගෙට, බාගයක් තේරුනේ නෑ. අනිත් අය දාන කමෙන්ට් වලින්, තව තේරුම් ගනිමින් ඉන්නවා. ආන්න ඒකයි අවයවය! 🤔😋🤣

      කරත්ත යුගේ සරල කතාවක් ලියා ගෙන යනවා. එන සිකුරාදට දාඤ්ඤං. වින්ටරෙත් ඉස්සරහා වංගුවෙ. සිසිර තාරකා නින්දට යන්න කලින් පෝස්ට් දුසිම කම්මුතු කරන්නයි බලාපොරොත්තුව.🤔😇😁

      Delete
    2. සිසිර මොකටද තාරකා එක්ක නිදාගන්න යන්නෙ. ඌට වෙන වැඩක් නැද්ද?

      Delete
    3. සිසිරය වල් බාව, ඕකා ඔහොම්මයි.🤣

      සරල කතාව නං දැම්මා "බලු නකුටෙ". ඒක හරියන්නෙ නෑ බම්.🤔
      " බලුනකුට" නමියගෙ සින්ඩියෙවත් නෑ. අනික එතකොට ඒක පෝස්ට් දුසිමට කවුන්ට් වෙන්නෙත් නෑ. තාම සමහරු මේක දැකලත් නෑ. මට අපේ පාඨකයිගෙ වටිනා කමෙන්ට් ටිකත් මිස් වෙයි, ඔහොම එක පිට පෝස්ට් දැම්මොත් . පෝස්ට් එකක් කියන්නෙ ඇම, කමෙන්ට් වලින් තමා මම ඉගෙන ගන්නෙ ඉතිං.🙏😁🤔

      ඒ නිසා "සරල පෝස්ට් එක" පස්සෙ මේකෙම දාඤ්ඤං, ඈ?

      Delete
  16. ඊතලයක් වැදිලා තුවාල වෙලා ඉන්න කෙනෙක්ට කලයුත්තේ මොකක්ද?
    ඊතලයේ දිග පලල මැනීමද හැදුව කෙනා හෙවීමද? නැතිනම් ප්‍රතිකාර කිරීමද?

    පව්කාරයන් වන උඹලාත් ඒ වගේ. උඹලා කලයුත්තේ බැටලු පෝතකයාගේ මස් කා ලේ බී ගැලවීම ලබා ගැනීමයි. ඔය මිත්‍යා පසුපස යාම නොවේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි. ඊතලේ තර්කයේදී ඔබ නිවැරදියි. ඒත් ඔබේ අනුරූපය පිලිගන්න අමාරුයි නේද?
      "පව්කාරයන් වන උඹලා" ඒ කතාවත් හරි කියමුකො. ඒත් ගැලවෙන්න ලැබුනත් "බැටලු පෝතකයාගේ මස් කා ලේ බී"?😮 සොරි, not my cuppa tea. හැම ආගමක්ම, තමන්ගෙ ඉගැන්වීමට වෙනස් දේ "මිත්‍යා" කියල කියනවා නේද? මම නිරාගමික නිසා, ආයෙ අමුතුවෙන් "ගැලවීමක්" නම් අදාල නෑ.

      භූමි කම්පාවක අත්දැකීමක් ලබපු කෙනෙක් වරක් මට මෙහෙම කිව්වා " ඒක කියන්න බැරි තරම් බිහිසුනු අත්දැකීමක්. අපි ඔක්කොම කරන්නෙ මේ මහ-පොලොව උඩ හිටගෙන. ඒකත් හෙල වෙන්න ගත්තාම, දුවන්නවත් තැනක් නෑ. Hallelujah!

      Delete
  17. දකුණු මොළකාරයො වෙච්ච අපි ඔය ලොකු ලොකු කැටයම් වලට මොළේ වෙහෙසන්න කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன, නිදි එහෙමත් ඔය කතාවම කිව්වා. අජිත්, නමියා,බුරා, මයියා, නිහඞපාල වගේ අය නං ගැඹුරට හොයනවා. ඉතිං මටත් හිතුනා ඒ ගැන ලියන්න.මැදුම් පිලිවෙතින්. පෝස්ට් දුසිම පුරවන්නත් එපැයි? පෝස්ට් එකක් කියන්න ඇමක්. කමෙන්ට් හරහා එන දැණුම- වැඩි වාසිය - මට. 😋😁

      මේක මේ පොත් කියවනවා වගේ එකක්, නව ක්‍රමේට. වීඩියෝ වලිනුයි, වඩා දන්න අයගෙ කමෙන්ට් වලිනුයි ඉගෙන ගන්නවා. උදාහරණයක් විදිහට, බුරාගෙ/ අජිත්ගෙ කමෙන්ට් නිසා, ජෙමනායිගෙන් අමු හිංගලෙන් මහායාන අභිධර්මය ගැන අහගන්න ඇහැකි බව ඉගෙන ගත්තා. ලිං-මැඩි මානසිකත්වය අඩු කරගන්න. අනිත් ආගම්, දර්ශණ ගැන වුනත් ඉගෙන ගන්න හැකි බව පවා.

      බොහෝ කාලෙකට ඉස්සර මම දන්න, ඇඟ පුරාම මොලේ තියන "ගමේ චන්ඩි ඉස්ටැන්ලි" හාදයෙක් මගේ සර්කල් එකේ හිටියා. වාද වලදි එයා අපිව කපලා දාන්නෙ "උඹ ජී-ජැක්ගෙ මේ පොත, ඩෙස්මන් මොරිස්ගෙ මේ පොත කියවල තියනවද" වගේ එව්වා කියලා. දැන් ඔය ඕන පොතක් ගැන ජෙමනායි, ගෙම්බර් නොදාම කියලා දෙනවා. බාගදා ඒක මගේ හීනමානය වෙන්නත් ඇති, ඒත් මට ඒක වටිනවා.

      හිතුන වෙලාවට අත්හදා බලනවා, ආයෙ හිතුනම නවත්තනවා. අනිත් අයගෙ අත්දැකීම්/විවේචන අහන එක, බාර් එකේ සෙට් වෙනවා වගේ ෂෝශල් ආතල් වැඩක්.

      Delete
  18. බස්සා ඔයාට private message එකක් එවන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. Bounced back twice

      Delete
    2. I'm so sorry.
      lazy.frozenowl@gmail.com

      is the correct one. My bad.😧
      Don't forget the "dot". All in simple letters.

      Delete
    3. In that mighty Google universe, the dot (.) before the @ is ignored. Therefore;

      lazy.frozenowl = lazyfrozenowl = lazy.frozen.owl = l.a.z.y.f.r.o.z.e.n.o.w.l

      Delete
    4. අහා! ආන්න ජංසං.🙏👍

      ඊ-මේල් ඇඩ්‍රස් වැලිඩේට් කරන්න ප්‍රෝගෑම් ලියපු යුගයකුත් තිබ්බා නේද කියල මතක් වුනා. ඒවා දැන් "දීර්ඝකාලීන මතකයෙනුත්" මකලා අපෙ හාංදුන්නෙ.

      Delete
  19. ඔබ රනිල් වික්‍රමසිංහ මැතිඳුගෙන් තම මවුබසට ගරු කරන්න ඉගෙනගතයුතුයි.
    වරක් ඔහු ජනපති ලෙස යාපන සරසවි ඇදුරු හමුවක් තිබ්බා.
    එතනදි එක වේසියක් කිව්වා
    ඉංග්‍රීසි බැරි නිසා සිසුන් කීප දෙනෙක් සියදිවි නසාගත්තා කියලා.
    රනිල්ට හොඳටම තරහා ගියා
    ඔහුට එතරම් තරහා ගිය තැනක් මම දැකලා නෑ.
    රනිල් දෙමලිට හොඳට බැන්නා.

    එහෙම තමයි වැදගත් මිනිස්සු තම මව් බසට සලකන්නේ.
    රනිල්ගේ මව්බස මගේ මව්බස නොවුනත් මමත් රනිල් ආදර්ශයට ගන්නවා

    ReplyDelete
    Replies
    1. මවුබසට ගරු කිර්‍රිම, තම ජාතියට ගරු කිරීම, අනුන්ගේ ආගමට/ජාතියට අපහාස කිර්‍රිම නං, මම ඔබ කියන "වැදගත් මිනිහෙක් " නෙමෙයි තමයි. ඒ ගැන පසුතැවීමකුත් නෑ. ඔබේ උපදෙසට ස්තූතියි.👍

      Delete
    2. තමිල් භාෂකයෝ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ මුර බල්ලෝ. උන් ඉංග්‍රිසි බැරුව වහ බොනවා නම් ඒක පාටි දාලා සමරන්න ඕනේ නේද?
      රනිල් ඔහුගේ මව්බස වන ඉංග්‍රීසියට ගරු කරනවා (ගරු කරනවා කියන්නේ ආධිපත්‍යය පතුරනවා කියන එකට) වගේ අපිත් සිංහල බසට ගරුකල යුතුයි.
      හැම ඉංග්‍රීසි වචනයකටම සිංහල වචනයක් හදාගත යුතුයි. ඒක වැඩක් නෑ කියන්න බෑ.
      ඒක බැරි නෑ. එතන තියෙන්නේ උනන්දුවක් නැතිකම.
      මෝඩ සිංහලයෝ ඉතා සරල දේ පවා නොසලකනවා දකින්න පුලුවන්: උදාහරණයක් විදියට මුලතිව්ව, කච්චප දීපය, පොතු විල වගේ වචන පාවිච්චිය ගැනවත් ඔවුන්ට අවබෝධයක් නෑ.
      අද තමිල් භාෂාව ගෝත්‍රික සංකේතයක් විදියට පාවිච්චි වෙනවා. සිංහල භාෂාවත් එයට මුහුණදෙන්න හදාගත යුතුයි.
      //ආගමට/ජාතියට අපහාස කිර්‍රිම// මේ ප්‍රකාශය කියවුනේ තමිල් භාෂාව ගෝත්‍රික සංකේතයක් ලෙස ඔබ පිලිගන්න නිසා.

      Delete
    3. මම පිලිගන්න එකම දේ, මගේ මතයට විරුද්ධ මතයක් දැරීමට ඔබට හෝ රනිල්ට ඇති අයිතිය පමණයි. මම ඒ අයිතියට ගරු කරනවා. මම අද දරන මතය වුනත් තාවකාලිකයි.

      රනිල්ගේ මව්බස ඉංග්‍රීසිද, ඔහු ඒකට ගරු කරනවාද දන්නෙ නෑ. කලත් මට නං අවුලකුත් නෑ. මම සිංහලට ආදරෙයි. ඒ මට ලේසියෙන්ම දිරවන භාෂාව සිංහල නිසා සහ මොකක්දෝ නොතේරෙන සුන්දරත්වයක් දැනෙන නිසා. ඒත් ඒක පතුරවන්න අදහසක් නම් නෑ. කාට හරි භාෂාවක් පතුරවන්න ඕනෙ නම්, මගෙන් ඒකට දොසකුත් නෑ.

      ඉංග්‍රීසි මට බොහෝ විට ටූල් එකක් පමණයි. ඒත් ඒකටත් කැමත්තකුත් තියනවා. මට ප්‍රයෝජනවත් නිසා ගෞරවයක් නැත්තෙමත් නෑ. දේශපාලනිකව ඇමරිකාවට අකමැති වුනාට, මට ඇමරිකන් ඉංග්‍රීසී භාෂා රටා, ආප්තෝපදේශ වල අමුතු ලස්සනකුත් පේනවා.

      ISMO | English is Hard for Me

      Delete
  20. මේහ්...
    ඔය ප්‍රතිරූප නඩත්තු කිරීම මයෙ හිතේ සමාජ සත්ත්වයෙක් හැටියට අපේ අවශ්‍යතාවක්. අපේ ප්‍රකෘතිය අපට මූණට මූණ හම්බවෙන්නෙ ඉතා ම කලාතුරකින් සමහරවිට නාන කාමරේදි ගැඹුරු කල්පනාවකට වැටුණහම, එහෙමත් නැත්තං සිහි නැතිවෙනකං බීපුවහම.
    අපි දවසින් දවස ම ඉගෙන ගනිමින් ඉන්නෙ අපේ සමාජ ප්‍රතිරූපය දියුණු කරගන්න හැටි ගැන. හොඳට ම දියුණු කරගත්ත ප්‍රතිරූපයක් ඇති එකාට කැරිස්මා එකක් හැදෙනව.
    අපට වෙච්ච දේවල් ගැන අපේ මතකය බිල්ඩප් වෙන්නෙ, අපි ඒ ගැන කා එක්ක හරි කතා කරන විදිහට. ඒකනෙ අර කියන්නෙ, අම්මලා එදා දවසෙ වෙච්ච දේවල් පොඩි දරුවො එකක් ආවර්ජනය කළොත්, දීර්ඝකාලීන මතකයක් තියෙන ළමයෙක් ඇති දැඩි වෙනවය කියලා. එතනදිත් අපේ ප්‍රතිරූප ගොඩනැගීම මැදිහත් වෙලා අපට හැදෙන්නෙ අපි නිර්මාණය කළ මතකයක්. ඔය ගැන පොඩ්ඩක් විතර මට මතකයක් තියෙනව, කුංෆු ටෙලි සීරීස් එකේ කතා කෙරුණා කියලා.

    බුද්ධ භූමිය ගැන කිව්වොත්, ඔය ජාතිය ආගම වගේ සංකල්ප තියෙන්නේ ම මිනිස්සු එක කණ්ඩායමක් හැටියට එක ම ආඥාවක් කෙරෙහි මෙහෙයවන්න එක්රැස් කිරීමකට එහා ගිය මගුලක් නෙවෙයි කියල තමයි දැනට මගෙ අවබෝධය.

    ReplyDelete
    Replies
    1. //දියුණු කරගත්ත ප්‍රතිරූපයක් ඇති එකාට කැරිස්මා එකක් හැදෙනව//

      ආයෙ අහල. ඒත් ප්‍රතිරූපෙ දියුණු කර ගැනීම කලාවක් නං, අල්ලපු ගෙදර "Orange Messiah" තමයි ඒකෙ පිකාසෝ. එයැයිට ඒකටම ආණ්ඩුවෙන් පඩි ගෙවන පෞද්ගලික ඉටිකිරිස් කෑල්ලකුත් ඉන්නවා - "human binky" (or "comfort blanket") to describe Natalie Harp, a 35-year-old executive assistant to the "සුප්‍රීම් ලීඩර්" ....කියල තමා කස්ටිය කියන්නෙ. ට්‍රම්පුච්චගෙ කරිස්මා උතුරනවා. MAGA ගැන්සියෙ කල්ට් ලීඩර් තමා එයා. ආං දැන් ඉන්නවා ලාවුළු කාපු රිලව වගේ හවුස් එකයි, සෙනෙට් එකයි දෙකම පැරදිලා. අවුරුදු 100 කින් වෙනස් නොවෙච්ච Kansas එකත් පැරදුනා. පැරදුනාට වඩා "වඳ වුනා" කියල තමයි විචාරකයො කියන්නෙ.අලින්ගෙයි( අලියා තමා එයාලගෙ චන්ද ලකුණ) අපෙයි, ඉරාන් මුල්ල ලයි වැඩ තමා ඉතිං.😋😁😇

      අපෙත් හිටියා, පතරං නහයක් තිබ්බ, ඔහොම "කැරිස්මා" වැඩි වෙච්ච හාදයෙක්."මට බැරි ගෑණියෙක් පිරිමියක් කරන්න විතරයි" කියලයි එයා කිව්වෙ. මේ "කැරිස්මා" වැඩි වෙච්ච හාදයො කලේම අපිට ඇරින එක කියල හිතෙන්නෙ මට විතරමද?🤔

      Delete
    2. //ඔය ප්‍රතිරූප නඩත්තු කිරීම මයෙ හිතේ සමාජ සත්ත්වයෙක් හැටියට අපේ අවශ්‍යතාවක්//

      හ්ම්....මේක කොටස එක්ක එකඟයි. මගේ ප්‍රකෘතිය, මට හමු වෙලාම නෑ කියලයි හිතෙන්නෙ. හෙව්වෙත් නෑ, ඒක අවශ්‍යයි කියල හිතුනෙත් නැති නිසා. සිහි නැතිවෙනකං බීල නං නෑ.

      අපේ පියතුමාත්, කන් පාත් වෙන්නම ගැහැව්ව්වා. බීලා පදමට එතකොට, අසල්වාසීන්ට අම්ම මෝ නැතුව බයින්න පටන් ගන්නවා. ඊට පස්සෙ සීපද කියනවා. තව මොකක්ද දෙමල පිචෑර් එකක කෑල්ලකුත් කිව්වා"ඌරු උට්ටාල්, සුදි උඩාදි" වගේ එකක්. තව ඉංගිරිසි කෑල්ලකුත් කිව්වා "හෙල්ල පාවුඩු ඩූ " වගේ එකක්. අපේ පියතුමා, බිව්වෙ ප්‍රකෘති ලෝකෙන් මිදෙන්න කියලයි හිතෙන්නෙ.

      මටත් "බ්ලොග්" ප්‍රතිරූපයක් තියනවා. පෝස්ට් දැමීම මඟින්, ඒ ප්‍රතිරූපය නඩත්තු වෙනවත් ඇති. කොහොමත් මේ බ්ලොග් කියෙන්නෙත් එක්තරා විදිහක "ලා ලා ලෑන්ඩ්" එකක් නෙව? ඒත් මට මේකෙන් දැනුමක්, සතුටක් මිසක් අවැඩක් වෙලා නං නෑ. නාන කාමරේ දී කල්පනා කරන වැඩේ නං මාත් කරනව.

      මට මේ දවස්වල "lucid dreaming" ගැන උනන්දුවක් තියනවා. තාම ඒ හැටි බෑ. දැකපු හීනෙ, ඊලඟ කොටස නං බලන්න ඇහැකි. එයින් එහාට යන්න අදහසක් නෑ.

      හ්ම්.. වෙනස්ම ආකාරයකට බැලීමක්, අර අන්තිම කොටසට මාත් එකඟයි.
      අදහස් වලට ස්තූතියි. 👌🙏💐

      Delete
    3. මම එහෙම එකක් නඩත්තු කරනවද දන්නේ නැහැ . මට සෝවියට් දේශයේ ඉන්න කොට හොඳටම බිලා ඉසිපිටිතාලේ ලස්සන් නේස් නංගිලා එක්ක හිටිය. ලන්ඩන් වල තුන් පාරක් කරපට් වෙන්න වැදිලා හොස්පිටල් අරන් ගියා . ඊට පස්සේ නතර කළා. බිරින්දෑ ඇඬුව නිසා. කවදාවත් බිව්වට මුකුත් කියන්නේ නැහැ, එයත් බොනවා. නමුත් මට බිල වැඩි වෙලා වැටුන වෙලේ එයාට හෙනට අවුල් වුනා මට මොකක් හරි වෙයි කියල.

      Delete
    4. වාසනාවන්! ඔහොම සෝල්-මේට්ලා ලැබෙන එක, අද විරල දෙයක්.🙏👌💐

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code