Pages
Home
ජීවිත කතා
අනං-මනං
බකුසු කවි
ටැක්නිකල්
Jun 28, 2012
කුමරි බඹසර
කියන්නට බොහෝදේ ඇතත් කිසිවක් නොකියා, ඔබටම සිතාගන්ට ඉඩදෙමි.
තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබේ කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුනලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල
හුටා!
Jun 24, 2012
සිහින වෙළෙන්දෝ....
ඉන්දියාව කියන්නෙ පුදුම රටක්. ඉස්සර ඒකට කිව්වෙ ජම්-බුහ් ද්වීපය කියලයි. දැං මගෙන් අහන්න එපා ඇයි කියලා. ඕක ඇතුවත් බැරි , නැතුවත් බැරි රටක් නෙව. කොටින්ම "අපේ" බුදුහාමදුරුවොත් ඉන්දියන් නෙව. එතකොට අපේ බාසාව, ඒක ආවෙ සඟිස්කුරුත වලින්. ඔය මොන කතන්දර කිව්වත්, අපේ හැම දේකම පොඩි ඉන්දියන් ආභාෂයක් , අනුකරණයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඔය අපේ ආරිය-හිංගල ඇඳුම තියනවා නේද? බලන්නකො ඒකෙත් පොඩි ඉන්දියන් ගතියක් නැහ්ද කියලා.
Read more »
Jun 18, 2012
රොබෝ නැටුම්
සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියනවනෙ. නැටුම් කියන්නෙත් විශ්ව භාෂාවක් කියලයි මට නං හිතෙන්නෙ. අපි වැඩිහරියක් පුරුදුවෙලා ඉන්නෙ බටහිර ගීත, නැටුම් බලන්න/අහන්නයි. මං මේ ඒකට වැරද්දක් කියනවා නෙමෙයි. මට කියන්න ඕනෙ වුනේ බටහිරට එහායිනුත් ලෝකයක් තියනව කියලයි.
මේ හුරුබුහුටි කොළුව යුක්රේනයෙන්. මට හිතෙනව මේ නැටුමෙන් යම් පණිවිඩයක් දෙනවා කියල. සමහරවිට, ඔබට හැඟෙන්නේ මට එන අදහසම නොවෙන්න පුළුවනි. ඒකට කාරියක් නෑ, එහෙමම වෙන්න ඕනෙත් නෑ නොවැ.
හිතෙන දේ ඔන්න ඔහේ කුරුටු ගාලම ගියා නං :D
Jun 17, 2012
Photoshop Basix
මේ බ්රසීලයේ හාවෙක්. හරිම "කියුට්" නේද?
ඒත් මං මේ කල්පනා කලා, මූ ඇයි මේ ආත-බූත කඩාගෙන හුරේ රන් එකක් දෙන්නෙ කියල?
" ඈ බං හා නයිදෙ, ඇයි මේ හැටට-හැටේ දුවන්නෙ? අහස කඩා ගෙන වැටුනා වත්දෑ?
Read more »
Jun 10, 2012
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ.
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
මං මේ උදේ කෑම වේල හොයාගන්ට කියලා හන්දියෙ බේකරිය පැත්තට යන්ට පාරට බැස්සා. මේං අපෙ බකුසු තඩියා ඉන්නවා සීයට අරගෙන පනහට දීලා වගේ. මොනව උනත් අපේ එකා නෙව . මං හිමීට කිට්ටු කලා.
Read more »
Jun 9, 2012
බ්ලොගර් පොස්ට් සඳහා සංශිප්ත මුල් පිටුවක්..
මෙන්න අර යස අගේට තියෙන බ්ලොග් කන මකබාසව එක්කගෙන ආවා :).
බය වෙන්න එපා, මෙව්ව 100% ටැස් කොරාපුව, සැක නං බලන්නකො ඔය උඩතියෙන Home බොත්තම ඔබල. ඔය තියෙන්නෙ දිලිසි, දිලිසි යස අගේට.....( ඔබාගේ " චොප්පෙ අයියාගේ" කතාවෙන් උස්සන ලදී.. )
මම කොහොම වෙතත් ඔයාල , බොහොම මහන්සි වෙලා අපට බලන්ට ලිපි ලියනවා නෙව. ඔන්න අපි නිවාඩු දවසක, චැට් එකකට එහෙම පස්සෙ, දෙයියනේ කියල බ්ලොග් අවකාසෙ හැලප ගිල,ගිල යනකොට හොඳ ලිපියක් හම්බ වුනයි කියමුකො. ඒක බැලුව, ගියා. ඇයි අප්පේ තව කොච්චර නිල් කැට, පුස්පරාග වගේ ලිපි කීයක් ඔය බ්ලොග් වල වැලලිලා ඇත්ද? කාටද ඔය මී බෝල කරකවා, කරකවා, ඔව්වා හොයන්න ඇහැකි? මේකට උත්තරේ තමයි අද පාඩම:
අද බාස් උන්නැහේ කියල දෙන්න යන්නෙ, කොහොමද summary page එකක් හදාගන්නෙ කියල. මේක හැම පොස්ට් එකකින්ම ටික, ටික පෙන්නවා, හරියට ඔය සින්ඩිවල තියෙනව වගේ.හරිම ලේසියි. දැං ඉස්සර වගේ HTML එඩිට් කරගෙන නටන්න ඕනෙ නෑ. මේ පහසුකම Bloggerලම දීල තියනවා. හැබැයි , ඒක setting වල enable කරන්න ඕනෙ. මෙන්න මෙහෙම:
Read more »
Apr 22, 2012
The Machine is Us
තාක්ෂණය නිසා ලෝකයට ලැබිච්ච හොඳදේ නරකට වඩා වැඩියි කියලයි මට නං හිතෙන්නෙ. හොඳම දේ තමා යම් නරකක් තියනවා නම්, ඒක තේරුම් ගත්තාම පසු කාළෙක හරි අපි ඒ දේ නිවැරදි කිරීමට උත්සාහ ගැනීම - ඔය පරිසරය සුරැකීම වගේ.
මේකත් ඒ වගේ අපට ලැබිච්ච හොඳ දෙයක් .අද බස්සො, බකමූණෝ පවා පල් හෑලි ලියන්නේ මේ නිසානෙ :))
ඔය පල්ලෙහා විඩියෝවෙ තියනවා විස්තරේ. ගුහාවල, චිත්ර ඇඳලා, පස්සෙ සෙල් ලිපි පුස්කොල පොත් හරහා ආපු අපේ ලේඛන කලාව අද මෙතනට ඇවිල්ලා තියනවා.
Read more »
Apr 12, 2012
Kiss the Girl
කව්ද කියලා තිබ්බා සැමියෙකුට ලැබෙන්න පුළුවන් හොඳම බිරිඳ නම්. කතාකරන්න බැරි බිරිඳක් කියලා. බලාගෙන ගිහාම ඒකෙත් ඇත්තක් ඇති. හා, බොරු නං අහල බලන්නකො ඔය ඕන හස්බංඩෙක් ගෙන් ." අනේ දෙයියෙනේ, මේ උන්දැගෙ වෑර්ලස් එකේ දවසකටවත් බැස්ටි බහිනව නං, මට කනක් ඇහිල ඉන්න" කියලා නොහිතපු හස්බංඩෙක් ඉන්නවාද කියන එක සැකයි.
Read more »
Mar 30, 2012
නා ගෙන ඉවරයි, හා! දැං සබන් ගා ගමු
කලින් සැරේ, අනුන්ගේ කලිසං තමන්ගේ වගේ ඇඳගෙන යාමට ගොස්, කොමෙන්ට් 200 පොස්ට් එකේ දී ඇදගෙන (අ)නා ගත්ත නිසා, මේ සැරේ ලියන්නේ
100% ටැස් කරපු එව්වා විතරය. ඕකට ටොමියා නං කීවේ " තෝ නාන්ට හොර නිසා, ඔහොමවත් නා ගන්න එක හොඳා" කියලාය.
Read more »
Mar 22, 2012
අඳුනා ගත්තොත් ඔබ මා........
අඳුනා ගත්තොත් ඔබමා නෙමෙයි , ඔබ - මා, ඒ කිව්වෙ ඔයයි- මමයි
ඔය පින්තූරෙ ඉන්නෙ , Diogenes of Sinope. එයා පන්සලක තිබිච්චි නාන බාල්දියක ජීවත් උනත් උනාට එහෙමට අවතක්සේරු කරන්ට එපා - එයා දාර්ශණිකයෙක්. Cynic philosophy කියන්නෙ එයාගෙ දර්ශණය. දැන් අහන්ට එපා බල්ලොන්ට මොන දර්ශනේද - ඌරොන්ට මොන සෞඛ්යද කියලා. ඔය Cynic කියන වචනෙ බිඳිලා එන්නෙ පුරාණ ග්රීක් භාෂාවෙන්, තේරුම " සුනඛයෙක්- මෙන්" කියන එකයි. එයා කිව්වෙ ජීවිතේ තේරුම් ගන්ට නං ,සැප - සම්පත් ප්රතික්ශේප කරලා, සොභාව ධර්මයට අනුකුලව ජීවත් වෙන්න ඕනෙ කියලයි.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)