Aug 13, 2012

කතන්දර

තන්දර කියන එක සියුම් කලාවක්. හොඳ කතන්දර කාරයෙක් කියන්නෙ, අසන්නාව කතාවට ඈඳාගෙන තබාගන්න හැකි කෙනෙක්. මේ සඳහා කතන්දර කාරයාගේ ශෛලිය, කතාවේ ගලාගෙන යෑම, වගේම කතන්දරය අයිසිං කිරිමට යොදාගන්නා "වැනිල්ලත්" වැදගත් කියලා මට හිතෙනවා.

Aug 3, 2012

‍රැජිනගෙ ඇඳ


දැං තේරෙනව නේද, ඇයි සමහරුන්ට "තුන්දෙනෙකුට" විතර නිදාගන්ට ඉඩතියෙන ඇඳවල් ඕනෙ වෙන්නෙ ඇයි කියලා. කෝකටත් බැකප් එකක් විදිහට, පැදුරකුයි, තව අමතර කොට්ට, ෂීට් එකක් එහෙම ඇඳයට තියාගන්ට .


මොකද අර "where I actually sleep" zone එකේ බුදියන්ට වාසනාව ලැබෙන්නෙ එළිවෙනකං ඇඳ උඩ ඉන්න ලැබුනොත් නොවැ :)

පැදුරෙ ඉඳන් අපි කොහොමද බිමට වැටෙන්නේ ? :))

Aug 2, 2012

බස්සාගේ කලා ඇස..

මෙව්වා ඔක්කෝම ඇඳපු චිත්‍ර. මතක ඇතුව "කලා ඇසින්" බලාපල්ලා :)




Jul 29, 2012

පාරුවේ පුවක්

එදා වගේම අදත් භාණ්ඩ ප්‍රවාහනයට ලාබම ක්‍රමය තමයි වාරිමාර්ග භාවිතය. මුහුදු මාර්ග භාවිතයේ නං ඉතිං අවුලක් නෑනෙ, රුවල් නැව් සිට අද භාවිතාවන සද්ධන්ත කන්ටේනර් නැව් දක්වා තවමත් මුහුදු ප්‍රවාහණය පාවිච්චි වෙනවා නෙව.

කාර්මික විප්ලවය ,යුරෝපයේ ඇති වීමට එක හේතුවක් බ්‍රිතාන්‍ය අවට තිබුණු වැඩිදියුණු කරන ලද වාරිමාර්ග භාවිතය කියල, කව්දෝ කිව්වා මතකයි. ඒ කොහොම වෙතත්, මේ කතාවත් එහෙම වාරිමාර්ගයක් වැඩිදියුණු කිරීමක් ගැනයි:

Jul 28, 2012

සාපේක්ෂ

පෝකර් ෆේස් කියන්නෙ සූදු ක්‍රීඩාවෙදි හදා ගන්නා කිසිම හැඟීමක් පිළිබිඹු නොවෙන මූණ. ඔබ සූදු ක්‍රීඩා කරනව නං, මේක අනිවාර්යයි, මොකද මූණ බලලා කොලේ කියන්න දන්න අය ඉන්න නිසා. ඒ කියන්නෙ , අඩුම ගානෙ සූදූ කාරයෙකුට එකකට වඩා මූණු තියනවා. ජීවිතේ කියන්නෙත් එක්තරා සූදුවක් කියල කව්ද කිව්ව නේද?

Jul 24, 2012

Anonymous බස්සා

ඉස්සර අපි කිව්වෙ :

“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙල රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

කියලයි. දැං මේ ටික දොහකට කලියෙන් පටන්ගෙන තාමත් ඇදෙමින් පවතින , අපේ කස්ටියෙගෙ "අපේ කම" දැක්කාම, යලි උපදින්න කෙසේ වෙතත්, නැවත කවදහරි ලංකාවෙ පදිංචියට එන එකත් ආයෙත් සළකා බලන්ට වෙනවා. අර කව්ද කාගෙන්ද ඇහුවලු "ඇයි හැමෝටම 'අයියෙ, අක්කෙ, නංගියෙ ,මල්ලියෙ' කියන්නෙ?" කියලා. " ඒහෙම කියන්නෙ 'අපේ කමට'නෙ?" කියලා උත්තරෙත් ලැබුණයි කියමුකො. අර ඩුප්ලිකේට් ඇනෝනිමසාගෙ දාලා තිබ්බ අපේ "'අයියලගෙ, අක්කලගෙ, නංගිලාගෙ ,මල්ලිලාලගෙ" සංගිස්කුරුත දැක්කාම "අපේ කම" යස අගේට තේරුනා :D

Jul 17, 2012

පාරාදීසය


හැමෝටම තමන්ගෙ ගතවුනු කාලය ගැන සොඳුරු මතකයක් තියනවා නේ.
මටත් එහෙමම තමා.

 


මේක දැක්කාම මට මතක් වෙන්නෙ එව්වා තමයි.
මෙන්න මගේ මතක ලැයිස්තුව:

ඉස්සො වඩේ
ටෙස්ට් දැමූ කඩල
පොල් වෙරළු අච්චාරු
හැලප
ලැවරියා
වණ්ඩු ආප්ප, පැනි ආප්ප
ඉඹුල් කිරිබත්
මාළු පාන්
දිවුල් සහ කිරල
හැන්දෑවට වාඩිවෙලා බකංනිලාගෙන හිටපු පහල වෙලේ බෝක්කුවක්
කුඹුකෙ ලිඳේ වතුර
කොණ්ඩෙ කපල, බෙල්ල කඩන හන්දියෙ බාබර්ගෙ හෙඩ් මසාජ් එක



මං මේ බලන් ඉන්නෙ ගුගල් කාරයා ලංකාවට ස්ට්‍රීට් වීව් දෙනකං. අම්මපා , ඇවිදිනව ගමේ පාරවල් වල කකුල් ගෙවෙනකංම :)

බලන්න මහත්වරුනි,දුරින් ඉඳන් අගේ කරන්නත්, මාස තුනකට අඩු සංචාරයකටත් කදිම , ඉන්දියන් ( හුටා, ඒකත් උන්ගෙ) සාගරයෙ කඳුළු බිංදුව!

Jul 11, 2012

dSLR

කැමරාවල auto-focus එන්ට කලින් තිබ්බ දෙයක් තමා split image focusing screen කියන්නෙ. මේ තියෙන්නෙ ඒකෙ පිංතූරයක්. වැඩේ හරිම ලේසියි. උඩ බාහෙයි, යට බාගෙයි align කලා. තිබ්බා, ගැහුවා.