ස්ථානය: කඩ මණ්ඩියෙ එළවළු ලෑල්ල යට...
එහි සැතපී සිටියේ, ලෝක ඉතිහාසයේ, එක්තරා කාලයක,එක්තරා අන්දමක කිසිම විප්ලවයක් නොකල, නිකම්ම නිකං, පරයා ඩෝග් වර්ගයේ, අයාලේ යන සුනඛයෙකි.. බල්ලා ඉඳහිට කන්පට ගසයි, හීනෙන් බුරයි. සමහරවිට ඌ හීනෙන් පූසෙක් හෝ මීයෙක් පස්සේ පන්නනවා විය හැක.
මේ සනිදා හිමිදිරි උදෑසනයි. කඩ මණ්ඩිය පාලුවට ගොස්ය, තවම පෙරදා නිදාගත් නගරය අවදි වී නැත. මේ පරිසරයේ නිසලබව බිඳුනේ, හංදියේ බේකරියේ පස්සා දොරින් මතුවූ බඩ තඩි පුද්ගලයෙකු, කාටදෝ බැණ වදින හඬකිනි.