Paranoid කියන වචනෙ ගූගල් ට්‍රන්ස්ලේට් කරන්නෙ"ව්‍යාකූල" කියලයි. දැන් අපි ආයෙ "ව්‍යාකූල" ගූගල් ට්‍රන්ස්ලේට් කලොත්, මේං ඒ වංගියෙ උන්දෑ කියනවා ඒක "Confused" ලු!
හරි, හරි ලිතියම් බැස්ටි වලට, වෙබ් සයිට් වලට පවා බයවෙන බස්සෙක් Paranoid කියල ඔහෙල කියාවි. ඔය අපේ හෝතම්බු ගොබිල ඉන්නව නේද? උන්දෑ ලංකාවෙදි, වට්ටක්කා ගෙඩියක් වරුගාණක්, පොල් මුඩ්ඩකින් මැද, මැද හේදුවාලු. මට ඒ කතාව පිලිගන්න හේතු තියනවා. මම ප්‍රතිපත්තියක් ලෙස හාල් උණුවතුරෙන් හෝදන්නෙ නෑ. තද සීතකාලෙ හාල් හෝදන කොට දෙපාර පැන්න ගමන් අත, ගල්ටික් වෙනවා, හීතලට. මං කරන්නෙ, තුන්වෙනිපාර හෝදන්නෙ ප්ලාස්ටි හැන්දෙන්. ඕකට මේකා මට හිනාවෙනවා. දැන් එතකොට Paranoid මමද? හෝතම්බුවද?Nov 6, 2020
Oct 28, 2020
බස්සා, ටොරන්ට් සහ Seedr
මම බොහොම කාළයක ඉඳලා ටොරන්ට් පාවිච්චි කරනවා. දැන් ඉතිං අහනව එහෙම නෙමෙයි. මොකටද පාවිච්චි කරන්නෙ කියල එහෙම?
හරි, හරි, ටොරන්ට් වලට නරක පැටිකිරියක් තියනවා තමා. ඒත් සමහර Free Software, Open Source වගේ එව්වට පවා ටොරන්ට් පාවිච්චි වෙනවනෙ? මේ ලඟකදි ඉඳලා මගේ එක Torrent Client එකක්වත් වැඩ කරන්නෙ නැතුව ගියා. අර නරක පැටිකිරිය නිසා අපේ ISP ඔක්කොම ටොරන්ට් කප්පාදු කරල වෙන්න ඉඩ තියනවා.Oct 11, 2020
පඹගාලේ නරියා, Chaos theory සහ "අවුල්" සහගත ඇනිමේ
පඹගාලේ නරියා
ඔහෙලට මතකද මන්දා අර රජවෙච්ච නරියා? ඔව්,ඔව් සැටලයිට් නෝන නිල් බාල්දියට තල්ලු කරලා රජ කෙරෙව්වෙ, ආ හරි ආන්න එයා තමා. ඕං විස්වාස කොරාන්.....ට, මට එයාව මේ ලඟකදි හම්බවුනා නෙව?ගිම්හාන කාළයත් ඉවර වේගන එනවා. සැරින්, සැරේ තදින් හුලං හමනවා වුනාට කාලගුනේ කිසි ලකයක් නෑ, හිටපු ගමන් රත් වෙනවා, ආයෙ හිටපු ගමන් සීතල වෙනවා. මං ගියා පොඩි වෝක් එකකට කැලේ ඇතුලට.
මෙන්න මට පේනවා තඩි පඹ ගාලක්. පඹ ගාල ඇතුලෙ මොකෙක්දෝ යමර යුද්දයක්. ලංවෙලා බැලින්නන් නරියෙක්.බස්සා: පැටලිලා වගෙයි නේද?
නරියා: හුහ්? අපි එහෙමත් පැටලෙනවද? මං මේ ව්‍යායාම කරනවා, හිටං. ඇයි ඔහෙට මාව නිච්චියක් නැහ්ද?
බස්සා: හුටා! යකඩෝ, මේ අපේ හිටපු කපටිසේන රජතුමා නෙව? ඇයි කොහොම අඳුන ගන්නද, මොකෑ නිල් සායමට වුනේ?
නරියා: ඒක නෙව බස්සෝ, බලාපංකො, මේ වල් අලි සැට් එක මයෙ සායම ඇරියා නෙව? ඒක නෙමෙයි, මං මේ පඹගාලෙ ඉන්න ගමන් කල්පනා කරැව්වෙ, " මයෙ නරිබාප්පුච්චේ මේ ලෝකෙක තියෙන අවුල්" කියලයි.
Oct 4, 2020
ස්වයංක්‍රීය ගෙවල් ගිණිතියන්නා (And also available in pink)
හෝතම්බුවා: හෑ , ආයෙත් බය වුනා. මොකද බොල තොට වෙලා තියෙන්නෙ? ඒ වංගියෙ මොකාද, මහසෝණද?
බස්සා: නෑ මේ වෙන එකක්. බය වුනේ බැස්ටියකට.
හෝතම්බුවා: බැස්ටියකට? ඇයි හත්වලාමෙ, තෝ මෙහෙම බය වෙන්න ගියොත් ගෙදර කුස්සියෙ තියෙන කොස්සටත් බයවෙලා නූල් බඳින්න වෙනවනෙ?
බස්සා: නෑ බං නිකම්ම බැස්ටි නෙමෙයි, මේ ලිතියම්-අයන් බැස්ටි. අර ෆෝන් එකෙයි, අරකෙයි-මේකෙයි දැන් හැම පෝටබල් උලව්වෙම එන්නෙ. ආන්න එයා. උඹත් මේක බලලම කියපංකො, ඇඟේ මයිල්, ඉස්මයිල් වෙන්නෙ නැහ්ද කියලා.
Sep 28, 2020
හෝතම්බුවා, උලමා පිස්සා සහ මාර්ග ඵල
මම......බොහොම බය වුනා. මගේ පණ එපා වුනා. රෑ දොලහට බ්ලොග් එකකට මාව අහුවුනා...
හෝතම්බුවා: මොකෑ බොල. තෝ හොල්මනක්වත් දැක්කද?
බස්සා: හොල්මනක්මත්ම නෙවෙයි. ඒත් ඒ වගේ බ්ලොග් එකක්.
හෝතම්බුවා: මං හූනා කියැන්නැහෙ කිව්වෙ නැහ්ද, තෝ මේ යක්කු ගස් යන ජාමෙ නටන තොයිලෙන් ඕක වෙනව කියලා?
"ඈ බං ඇයි යක්කු රෑ ජාමෙ ගස් යන්නෙ? හොර කුරුම්බා බාන්න වත්ද?" මං අහිංසක විදිහට ඇහුවාම , පැන්නෙ නැතෑ හෝතම්බුවාට මල.
අම්මපා තෝ මොන ජාතියක උලමෙක්ද මන්දා?
ඒක මේ පොදු වැරදි වැටහීමක්. උලම වෙනයි, බස්සා වෙනයි. උලමට බෝදිලිමා කියලත් කියනවා. අපි බස්සො, වංසෙ ඇවිල්ලා " මූකලං". ඔය අතන මෙතන බාන් වල ලගින බස්සොත් එක්ක පටලව ගන්න එපා. එතකොට උලමා වෙනම කේස් එකක්.ආ තව, සමහර පැතිවල උලමට , යක් කුරුල්ලා කියලත් කියනවා.
අනේ මේ බස්සො තියාගනිං උඹේ වංසෙ කබල් ගෑවිල්ල. ඔච්චර වංසවත් නං මෙහාට ආවෙ ඇයි?
ආ, එහෙ කස්ටිය දුන්න නෙව ගස් වලට බැස්ටිය. සංරක්ෂිතේ කපල ගම්මාන හැදුව, රට බල්ලට ගියා, බස්සො රට ගියා.
දැන් මොකක් දැකලද උඹ බයවුනේ?
මේං මේක දැකලා:
Aug 19, 2020
බස්සා සහ මීපුර වැසියෝ
![]() |
| බකුසු මී හමුදාව |
හෝතඹුවා නං කිව්වෙ " කොයි මවුසත් එකයි බස්සෝ කලුවරට" කියලයි. ඒ එයැයිට ටැපලිලා. මවුසො විවිධයි, විචිත්‍රයි, ගෝලාකාරයි.
Jul 15, 2020
බනානා රිපබ්ලික්
හෝතම්ඹුවා : ඉඳා, කාපිය
බස්සා : හුහ්, අපි නං කයි ඔය ජරාව. ඔය බැබලි,බැබලි හිටියට මෙලෝ රහක් නෑ
උඹට කියන්න වෙන්නප්පුවෝ ( හෝතඹුවාගෙ ගම වෙන්නප්පුවෙ), අපි පොඩිකාලෙ නෙව කෙසෙල් කෑවෙ. අප්පා එව්වයෙ රහ. කෝලිකුට්ටු, ඇම්බුං, රත් කෙහෙල්, තව නාග සලං
හෝතම්ඹුවා : හෑ. තෝ ඒකත් කෑවද? මං දැණ ගත්තා දේවාලෙ නාග සලං අතුරුදහන් වුනාම? නාග සලං නෙවෙයි උලමො ඒ ආනම් පලං
බස්සා : ආන්න හරි. ආනම් පලං. ඒ තියා එච්චර ලකයක් නැති ඇඹුල්, වතුපාලු උනත් මේ උලව්වට වඩා හොඳා. දැක්කා නේද අර ලංකාවෙන් ගෙන්නුවයි කිව්ව අර නාටු ඇඹුල් ඇවරියෙ ගාණ. අම්මපා මයෙ තටු දෙකත් උගස් කරන්න වෙනවා නෙව එව්වා කන්න.
Jun 8, 2020
ස්වයංපෝෂිත සිහිනය
මට හිතෙන්නෙ මේ ස්වයංපෝෂිත කියන සංකල්පය තුලම අවුලක් තියනවා කියලයි. හා දැන් බලාන්ට, ස්වයංපෝෂිත කිව්වාම, හැමදේම තමන්ම හදාගන්න ඕනෙ කියන අන්තයට තල්ලු වෙන්නෙ නැහ්ද? අපි එහෙම වැටක් ගහ ගන්නෙ ඇයි? මට නං එන්නෙ නිකං eco terrorism වගෙ හැඟීමක්. අපි එහෙම සීමා වැටවල් ගහ ගන්න ඕනෙමද?
May 10, 2020
May 3, 2020
බස්සා සහ අවුල් ජීවිතේ
ඔහෙල දන්නව නෙව, ට්‍රම්පුච්චගෙ සුප්‍රකට It may get bigger, ......we are totally prepared කතාව? තව එතකොට එන්ගලාන්තෙ ජොන්සන්ගෙ " පට්ටි ප්‍රතිශක්තිකරණ " සංකල්පය සහ ඉස්පිරිතාලෙ කොරෝනා ලෙඩ්ඩුන්ට අතට අත දීගෙන, දීගෙන ගිහිල්ලා , කොරෝනා හැදුනට පස්සෙ , ලාවුලු කාපු රිලවා වගේ හිටිය කතාව.
සමහරු නං අහනවා " අරහෙ චීනෙ වහගෙන වහගෙන් යනකොට US,UK නිදාගෙනද හිටියෙ කියලා?" එහෙම බලාගෙන යනකොට, එයාල විතරක් නෙමෙයි, තව කොච්චර බටහිර රටවල් ඔය ටිකම කලාද?
ට්‍රම්පුච්චගෙ වැඩ වලට හිනා වුනාට , එයැයිගෙ සමහර කෙලින් වැඩ වලට මං කැමතියි. WHO එකේ දොස්තර කැතහිතගෙයි, CCP එකෙයි වැඩ වලට කෙලින්ම විරුද්ධව කතා කලේ ට්‍රම්පුච්ච විතරයි.
කොච්චර උනත් ජොන්සන් බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන් කතා කරන විදිහ නං අහං ඉන්න ආසයි.




