මේක අලි කතාවක්. අද ලංකාවෙ අලින්ගෙ තත්ත්වය සෝචනීයයි. ඇත්ත, ඇපෙත් නැතුව ගෙදර ගිය අලින්ගෙ තත්ත්වයත් සෝචනීයයි තමා. එව්ව ඉතිං අර නිල් බාල්දියට වැටිච්ච නරියගෙ දක්සකම නෙව, හිටං? ඒත්, මේ කියන්නෙ කකුල් හතරෙ අලි ගැන.
May 14, 2021
May 11, 2021
ටොලාගෙ ලැපා, නේවාසික හැකර් සහ මකන කෑලි තාක්ෂණය
ඒ ටොලා ගූගල් "සොයා" ගත්ත අලුත. අපට පරණ නිවුස් වුනත්, ටොලා ගූගල් ගැන කොච්චර පැහැදුනාද කියනව නං, මෙන්න මෙහෙමත් කිව්වා: " දැන් මං කියනවට, නිකමට 'පස්සා පැත්තේ අමාරුව' කියල ගහල බලන්න, ගූගල් පටස් ගාලා, විස්තරත් කියල අත් බේතුත් දෙන්නෙ නැත්ද කියල." ටොලාගෙ ගූගල් පිස්සුවට උදව්කලේ ලැප්ටොප් එකක්. එච්චරම පරණ එකක් නූනත්, ඔය ලැපේ කී-බෝඩ් එකේ අවුලක් ආව.
May 9, 2021
මංමුලාවූ කූඹියා සහ වෙල් ෆැන්ටා තාක්ෂණය
"මූට දෙයක් අහුවුනොත් ඉවරයි, ගලවල කාබාසීනියා කරන තුරු නින්ද යන්නෙ නෑ" කියලයි එයාල කිව්වෙ. ඉතිං මං කල්පනා කලා, නිදහසට කාරනා කියන්න.
May 6, 2021
දුකට කියන ටෙක්නිකල් විරිදු
May 3, 2021
විකල්ප තාක්ෂණය - NiMH බැටරි
ඔය කන්ට්‍රෝලරේ වැඩ කරන්නෙ AA බැටරි දෙකකින්. බැටරි බැහැගෙන එනකොට, ඉස්සෙල්ලාම අනතුරු හඟවනවා. ඒත් ඇහුවෙ නැත්නම්, කෙලින්ම ඔෆ් කරලම දානවා. මේක නරක දෙයක් නෙමෙයි, එහෙම කරන්නෙ කන්ට්‍රෝලරේ ආරක්ෂාවට. නමුත් ප්‍රශ්ණෙ වෙන්නෙ 1.5V බැටරි වෙනුවට 1.2V NiMH පාවිච්චි කරන්න ගියාමයි. කන්ට්‍රෝලරේ මොනිටර් කරන්නෙ බැහැගෙන යන වෝල්ටීයතාවය. දැන් හිතාගත්තෑකි නේද කන්ට්‍රෝලරේ 1.2V NiMH බැටරි කන්නෙ ඇයි කියලා?
බකුසු දේශපාලනය
අඩුම ගානෙ එහෙමයි, මම මං ගැන හිතාගෙන ඉන්නෙ. Joe Scott නම් කියන්නෙ, සංශ්‍යවාදී-agnostic කියන එකේ " I don't give a s**t" වයිබ් එකක් තියනවා කියලයි. එයා, එයාව හඳුන්වා ගත්තෙ "Seeker" කියලයි. හ්ම්....ඒකත් නරකම නෑ. මම අද ඉඳලා Seeker බස්සා. හා, දැන් ඔය මට කතා හදන්න බලාගෙන ඉන්න උන්දලටයි මේ කියන්නෙ. බුදු හාමදුරුවොත් Seeker, ඒ නිසා ඇයි මට බැරි එහෙම වෙන්න? නෑ වාහෙ බුදු වෙන්නෙ නෙමෙයි, Seeker වෙන්න? වෙනස් වීම කියන්නෙ කියන්නෙ නරක දෙයක් නෙමෙයි, අත්‍යාවශය දෙයක්.
May 1, 2021
බස්සා දුටු හීනයක්
මම කැමතියි දවල්ට බුදියන්න. හරි, හරි නිසාචර කතාව හින්දම නෙමෙයි, වෙන හේතුවක් නිසා. දවල් එක්තරා වෙලාවක බුදිය ගත්තාම, අමුතුම හීන බලන්න පුළුවන් නිසා. මේ එහෙම දැක්ක හීනයක්,
Apr 28, 2021
විකල්ප තාක්ෂණය සහ තැපෑලෙන් ආ පූසා
ඔය EEVblog Forum එක, Electronics පිස්සොන්ට යන්න කියාපු තැන. එතන වයිවාරණ කස්ටිය ඉන්නවා. උගත් පිස්සෝ, ස්මාට් පිස්සෝ, දක්ස පිස්සෝ වගේ අය. කොටිම්ම ඒකෙම උයන්න කැමති අයට, වෙනම කොටසක කෑම රෙසිපි පවා තියනවා.
Apr 27, 2021
අනා-ගතේ තොපේ අතේ
"ඇසිමෝ" අපේ ආතා වගේ බොහොම පරිස්සමින් අඩි තියලා, දෙකට නැවිලා ඇවිද්දා, ඉඳලා හිටලා ෆුට් බෝලෙකට පයින් ගැහුවා. ඉතිං, වෙනද වගේම ඉර පෑව්වා, මල් පිපුනා, කුරුල්ලො සිංදු කිව්වා, ඔහොම කිසිම අවුලක්, කනස්සලක් නැතුව කාළය ගලාගෙන ගියා.
Apr 20, 2021
අමුතු සත්තු
රට්ටු නං කියන්නෙ බස්සා අමුතු සතෙක් කියලයි. උලමා නැත්නම් යක් කුරුල්ලා කියන්නෙත් බස්සෙක් කියලයි සමහරු නං කියන්නෙ. ඒ කතාවෙ ඇත්ත නැත්ත මම නොදන්නව වුනාට, මට සමහරු "උලමා" කියලත් අමතලා තියන නිසා, බාගදා එහෙම වෙන්නත් පුළුවනි. ලෝකයාට මාව කොහොම පෙනුනත්, මට නං, මම තාම "මූකලං බස්සා."
ඔහොම කිව්වට, ඔය අමුතු සත්තු ගැන මගේ පොඩි මනාපයක් නැත්තෙමත් නෑ. මේ ඉන්නෙ එහෙම හාදයෙක්:







