Jun 11, 2022
සුසිනිඳු සුදු යටිබඩ
මේ ඉන්නෙ මාර්ක් ලෙයිටා - වෘතීය චායාරූප ශිල්පියෙක්. , එයාට හිතුනලු, මෙච්චර කල් එයා කරල තියෙන්නෙ, ඇති හැකි බලවත් කොම්පැණි තවත් පෝසත් කරන්න උදව් කරන එක කියලා. ඒ නිසා, මාර්ක් පටන් ගන්නවා යූ-ටියුබ් චැනල් එකක් "Soft White Underbelly". මේකෙ කතාකරන්නෙ "ටැබූ සබ්ජෙක්ට්" ගැන. අර අපි දැක්කා, නොදැක්කා ගානට ඉන්නෙ, ආන්න ඒවා ගැන. ආ, මාක් ඉන්නෙ ඔරුමත්තු නාඩුවෙ. මාර්ක්ගෙ කතාව, කැමති නං මෙතනින් බලන්න. Soft White Underbelly Intro Video
Jun 7, 2022
කැකිල්ලේ තීන්දු
මල්වානේ, අරුම පුදුම ඉබේ හැදුන නිවස. විත්තිකරුවන් නිදොස් කර නිදහස් -පුවතක්
කපුටා: හී, හී. කොමිස් තියෙන ගහට ටමා ගල් වදින්නෙ.
විත්තියේ අබ්බගාත්: අපේ Praසන්ன ඇමටිතුමා, චූට්ටං මිලියන 65ක කොමිස් කෑල්ලක් ගන්න තර්ජනය කලා තමයි. ඒත් එතුමාගේ දුවට විසාදිය. අනික රට බංකොලොත් කරන්න දායක වෙච්ච, මේ වගේ ඇමටියෙක් හිරේ යැව්වොත්, අපේ රටේ නම තමයි කැත වෙන්නෙ. ඈ?
May 13, 2022
Apr 27, 2022
කපුටු සැමරුම් දිනය
![]() |
| කොමිස්, කොමිස් |
Mar 29, 2022
ටුරෙට් සින්ඩ්රෝමය සහ අවංක කතාව
මේ සුරූපී කාන්තාවගෙ නම ඇනිටා. ලස්සනයි වගේම උගත් ඇයට, දෙයියො දෙන්න ඕනෙ ඔක්කොම දීලා තියනවා. බාගදා, ටිකක් වැඩියත් එක්කම. ලස්සනට කතා කරගෙන යන අතරෙ, හිටපු ගමන් අමුතුම සද්ද දානවා, විසිල් ගහනවා. සද්ද විතරක් නං මොකෑ, එක වංගියක් අහවල් කරුමාන්තෙ කොර, කොර ඉන්න කොට පාට්නර්ගෙ රංඩිංගටත් පාරක් කෙලල ඇරියා කියලත් කිව්වා.ඇගේ මේ අවංක ජීවන කතාවට සවන් දුන්නොත්, ඔබට තේරේවි "ටුරෙට් සින්ඩ්රෝමය" කියන්නෙ මොකක්ද කියලා.
Mar 11, 2022
කතිපයාධිකාරීන් - Oligarchs
" මේකත් ලෝකයක්ද මරතේලිස්" කියලා, ලොකු හාමදුරුවො ඇහුවා කියල කතාවක් තියනවා. අද ලෝකෙ එකම අවුල් ජාලයක්. හෙට පුටියා, බර අවි වලින් කෙලල අරින්නත් බැරි නෑ. අපි මේ පඹගාලෙ පැටලුනේ කොහොමද? පුටින්, ෂී-ජින්-පින්, බින්-ලාඩින් හැදුවෙ කව්ද? දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙ දුන්න ගත්තෙ කව්ද? මේ ප්රශ්ණ වලට උත්තර, විදුහල්පතිත් දන්නෙ නෑ කියලයි පොතේ ලියල තිව්නෙ.
Mar 5, 2022
නිෂ්පාදිත ඇත්ත, බාග ඇත්ත, ඔබේ ඇත්ත සහ මගේ ඇත්ත
Beauty is in the eye of the beholder කියන එක අනුව ලස්සන, බලන්නාට සාපේක්ෂය කියන්න ඇහැකි. ලස්සන විතරක් නෙමෙයි ආචාර ධර්ම, යුක්තිය වගේ දේවල් පවා බලන්නාට සාපේක්ෂයි.
Feb 17, 2022
වින්ඩෝස් 11 නරි වාදං
වින්ඩෝස් 11, Dev version Bulild 22557 අද ආවා.ප්රධාන වෙනස්කම්:
1.ස්ටාර්ට් මෙනු එකේ ගෘප්ස් ආයෙ දීලා
2. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක
3. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ, ක්වික් ඇක්සෙස් එකට, අපි කැමති ඕනෑම ෆයිල් එකක්, ෆෝල්ඩරයක් පින් කිරීමට ඇති හැකියාව
Feb 12, 2022
අලුත් බිත්තර සහ කුණු බිත්තර
Newegg කියන්නෙ, මේ සාවියෙ ඉන්න කම්පියුටර් කොම්පැණියක්. වොල්මාට් වගේම යැංකි එකක් වුනත්, ඇමසන් එකෙන් එන තර්ජනය හමුවේ, තාමත් ඉහ ගහගෙන ඉන්න කොම්පැණි අතලොස්ස අතරින් එකක්. ඉස්සර, හොඳ නමක් තිබ්බත්, දැන්, දැන් වාර්තාවෙන සිද්ධි නිසා, මිලදී ගන්න පෙර, දෙපාරක් හිතන්න වෙනවා.
Feb 9, 2022
ටිං කටරය , විලි ලැජ්ජාව සමඟ ටිංටිං
ටිං කටර් ගැන කව්ද නොදන්නෙ? හා, නැද්ද? ඔහෙලට කියන්න, මාත් හිතන් හිටියෙ ඔහොමම තමයි. මෙහෙම හිටියට, මමත් ඔය සම්ප්රධානුකූල ටිං-කටර් සෑහෙන ගාණක් කම්මුතු කරපු බස්සෙක්. එක සැරේ ගන්නවා දෙකක්. එකක් මොට වෙනකොට, ඒක පැත්තකට දාලා, අනික ගන්නවා. ආයෙ ෂොපින් ගිය වෙලාවක, සේල් එකක් බලල, නිවිහැනහිල්ලෙ ආයෙ ගේනවා තව එකක්.
Subscribe to:
Posts (Atom)




