Jun 2, 2013

පක්ෂියා රජ කරවීම


කාලෙකට ඉස්සර ඉස්සර තිබ්බ SAF Games වලට අපේ කස්ටිය ලෝගො එකක් නිර්මාණය කරලා තිබ්බා. මේකෙ ඉන්නෙ වලි කුකුලෙක් -අපේ ජාතික පක්සියා. කුකුලා නං කාරියක් නෑ කියමුකො - ඔය මොකක්ද අහවල් එකක් ගුගල් කරලා කප් එක ඉස්සුවෙත් අපි නොවැ. ඇයි  වලි කුකුලා? අපි එහෙම වලි වලට යනවයැ, බොහොම සාමකාමී  ජාතියක් නොවැ? මං  නං  කියන්නෙ අපිට ගැලපෙන්නෙ බස්සෙක් - කියන, කියදේට "හූම්, හූම්" කිය, කිය, ගහන ගහන පදේට ඔලුව වන, වන ඉන්න කස්ටියට,  බස්සෙකුට වඩා ගැලපෙන ආදේශකයක් තවත් කොයින්ද?

Mar 2, 2013

When Life Gives You Lemons....

When life gives you lemons....make lemonade. කියල කිව්වට, උන්දල නං කියයි, හහ් අපි නෙව දන්නෙ අමාරුව. 


මේ දවස්වල ජීවිතේ හරිම ඒකාකාරියි, ගහකට නැග්ගොත් දෙබලක්. ඒ මදිවට පට්ට හීතල , වැඩට ගියොත් එදාට අයිස් කුණා‍ටු. කිසිම වගතුවක් නෑ.

මෙහෙම උනාම ඔහෙල මොකද කරන්නෙ, පිංවතුනි?

Oct 28, 2012

සෙල් ලිපි

හඳවල් ගානකුත් ගෙවිලා ගියා, හරි හමන් ලියුං කෑල්ලක් කොටා ගන්ට බෑරිවුනා නෙව? ඔහෙලට කියන්ට  ආයිබෝං ලියන්ට කියලා මෙලෝ සංසාරයක් හිතට ආවෙ නෑ නොවෑ? ඕං ඔහොම ඉන්න කොට තමා මට මතක් වුනේ අපි හිංගල කොටන්න විඳින දුක.

ඒත් ඉතිං අපේ පුරාණ ගල් වඩුවො  හිංගල කොටන්න විඳපු දුකත් එක්ක බලපුවාම මේකත් දුකක්ද? උදේට බත් ගෙඩියක් බැඳගෙන ඇවිත්, බුලත් විටක් එහෙම සප්පායං වෙලා, උන්දලා දවසම හිංගල කොටන්න ඇති.


Sep 8, 2012

බකුසු සිත්තරා

බොහෝ කාලෙකට පෙර බස්සාට කියවීමේ පිස්සුවක් තිබුනා. අතට අහුවෙච්ච පොත් පත්තර , නවකතා, කෙටිකතා, පරිවර්තන, අනුවර්තන , ඔය කොයිවත් ඇරියෙ නෑ. ආං ඒ කාලෙ කියවපු කෙටි කතාවක් මේක. කතාවෙ නම, ලිව්වෙ කව්ද කියලා මතක නැති වුනාට, කතාව නං අද කියෙව්වා වාගේ මතකයි.

කතාව පටන් ගන්නෙ"අමුපතනය අමුම අමු පිටිසරකි" කියලයි. ඔය අමුපතන ගමේ අළුතින් විවෘත කරපු තැපල් කන්තෝරුවට එනවා සිදාදියෙන් තරුණ තැපැල් මහත්තයෙක්. දන්නවනෙ ඉස්සර ගමේ තැපැල් කන්තෝරුව කියන්නෙ තැපැල් මහත්තයාගෙ නවාතැනේම කොටසක් කියලා. ගොවිතැන් බතක් කරගෙන බොහොම සරල දිවියක් ගතකල ගම්මු තැපැල් කන්තෝරුවෙන් වැඩක් ගන්න අය නූනත් ගමේ අළුතින් පටන් ගත් කොහු මෝල නිසයි ගමට තැපල් කන්තෝරුව ලැබුනෙ. ඒ නිසාම තැපල් කන්තෝරුවට කෙනෙක් ආවෙ බොහොම කලාතුරකින්. සිදාදියේ ජීවිතයට හුරුවෙච්ච තැපැල් මහත්තයට මේක බොහොම නරකට බලපානව. කම්මැලිකමේ ඈණුම් අරිමින්, තැපැල් මහත්තයා , වතුරට දාපු බස්සෙක් වගේ ජීවත් වෙනවා.

Aug 13, 2012

කතන්දර

තන්දර කියන එක සියුම් කලාවක්. හොඳ කතන්දර කාරයෙක් කියන්නෙ, අසන්නාව කතාවට ඈඳාගෙන තබාගන්න හැකි කෙනෙක්. මේ සඳහා කතන්දර කාරයාගේ ශෛලිය, කතාවේ ගලාගෙන යෑම, වගේම කතන්දරය අයිසිං කිරිමට යොදාගන්නා "වැනිල්ලත්" වැදගත් කියලා මට හිතෙනවා.

Aug 3, 2012

‍රැජිනගෙ ඇඳ


දැං තේරෙනව නේද, ඇයි සමහරුන්ට "තුන්දෙනෙකුට" විතර නිදාගන්ට ඉඩතියෙන ඇඳවල් ඕනෙ වෙන්නෙ ඇයි කියලා. කෝකටත් බැකප් එකක් විදිහට, පැදුරකුයි, තව අමතර කොට්ට, ෂීට් එකක් එහෙම ඇඳයට තියාගන්ට .


මොකද අර "where I actually sleep" zone එකේ බුදියන්ට වාසනාව ලැබෙන්නෙ එළිවෙනකං ඇඳ උඩ ඉන්න ලැබුනොත් නොවැ :)

පැදුරෙ ඉඳන් අපි කොහොමද බිමට වැටෙන්නේ ? :))

Aug 2, 2012

බස්සාගේ කලා ඇස..

මෙව්වා ඔක්කෝම ඇඳපු චිත්‍ර. මතක ඇතුව "කලා ඇසින්" බලාපල්ලා :)




Jul 29, 2012

පාරුවේ පුවක්

එදා වගේම අදත් භාණ්ඩ ප්‍රවාහනයට ලාබම ක්‍රමය තමයි වාරිමාර්ග භාවිතය. මුහුදු මාර්ග භාවිතයේ නං ඉතිං අවුලක් නෑනෙ, රුවල් නැව් සිට අද භාවිතාවන සද්ධන්ත කන්ටේනර් නැව් දක්වා තවමත් මුහුදු ප්‍රවාහණය පාවිච්චි වෙනවා නෙව.

කාර්මික විප්ලවය ,යුරෝපයේ ඇති වීමට එක හේතුවක් බ්‍රිතාන්‍ය අවට තිබුණු වැඩිදියුණු කරන ලද වාරිමාර්ග භාවිතය කියල, කව්දෝ කිව්වා මතකයි. ඒ කොහොම වෙතත්, මේ කතාවත් එහෙම වාරිමාර්ගයක් වැඩිදියුණු කිරීමක් ගැනයි:

Jul 28, 2012

සාපේක්ෂ

පෝකර් ෆේස් කියන්නෙ සූදු ක්‍රීඩාවෙදි හදා ගන්නා කිසිම හැඟීමක් පිළිබිඹු නොවෙන මූණ. ඔබ සූදු ක්‍රීඩා කරනව නං, මේක අනිවාර්යයි, මොකද මූණ බලලා කොලේ කියන්න දන්න අය ඉන්න නිසා. ඒ කියන්නෙ , අඩුම ගානෙ සූදූ කාරයෙකුට එකකට වඩා මූණු තියනවා. ජීවිතේ කියන්නෙත් එක්තරා සූදුවක් කියල කව්ද කිව්ව නේද?