Pages
Home
ජීවිත කතා
අනං-මනං
බකුසු කවි
ටැක්නිකල්
Mar 15, 2015
හිටවන කවි
සතියේ දිනවල බස්සා
සරල අනුවර්තී චලිතයක
ජීවිතේට කිසිම අලුත්
ගැම්මක් නෑ බං
යංතං ඇති,අද ඉරිදා
වැඩට යන්නෙ හෙට සඳුදා
කඩල කකා දෙකක් නැමුවෙ
ඒක නිසයි බං
Read more »
Feb 27, 2015
වඳුරු කතාවක් සහ සිංදුවක්
ඔහෙලා දන්නවද බස්සො පැවත එන්නෙ වඳුරන්ගෙන් බව? කව්ද කිව්වෙ ඇහැව්වා? නෑ ,නෑ චාර්ලිස් ගොයියා නෙමෙයි. එයා කිව්වෙ ඒ මිනිස්සු ගැන නෙව? අපි පියාඹන වඳුරො ජාතියක්ලු, ඔව්වා ගැන හොඳට දන්න හාදයෙක් තමා කිව්වෙ.
මං ඒත් කල්පනා කලා ,මට ඔය නොදන්න යමක් හම්බ වුනාම , මන්කි බිසිනොස් කරලා එව්වා චකබ්ලාස් කරන්නම හිතෙන්නෙ ඇයි කියලා? දැන් තේරෙනව නෙව? ඕක මයෙ නෙමෙයි, ජම්මෙ වැරැද්ද බව?
Read more »
Feb 9, 2015
කවුළු පියන්පත් වැසෙන වෙලාවට...
ටැක්නිකල් පෝස්ට් වලට අර නැට්ට නැති කස්ටිය කැමති නැති නිසා, හිතුන හයිබ්රිඩ් පෝස්ට් එකක් ලියන්න.එහෙමයි කියලා කතාවට හේතු වෙච්ච කාරණාව අමතක කරන එක හොඳ නෑ නෙව.
මම සිංදු අහන්නෙ වැඩට යන එන කොට තමයි. ඒත් අපේ පරණ බරබාග වල තියෙන රේඩියෝ වල USB ඉන්පුට් එකක් නෑ.තියෙන එකම ඔෆ්ෂන් එක FM ට්රාන්ස්මීටර් එකක් තියෙන ගැජමැටික් එකක් අරගෙන රේඩියෝ එකේ පාවිච්චි නොවන ස්ටේෂන් එකකට ටියුන් කරගන්න එකයි.
මේ වගේ ගැජමැටික් සෑහෙන ගණනක් ටැස්ට් කරලා (හයියෝ ෂල්ලි), අන්තිමට හිතට හරියන එකක් ලැබුණා. හොඳ භාණ්ඩෙ. බ්ලූටූත් එහෙමත් තියනවා.වැඩේ කෙලවුනේ දවසක් ෆෝන් එක කනෙක්ට් කරගෙන GPS දාගෙන නොදන්න තැනක් හොයාගෙන යන්න ගිය වෙලාවෙයි. මේ කියන ගැජමැටික් එක ඔන් කලාම , ගෑණු කටහඬකින් " පවර් ඔන්, කනෙක්ට් යුවර් ෆෝන්" වගේ මොකක්ද උලව්වක් කියනවා. ඒක කමක් නෑ කියමුකෝ.
Read more »
Feb 2, 2015
කොළඹ යුගයේ කවි සහ අපේ ගමේ විත්ති
කොළඹ යුගයේ
කවි
න්ට , මම බොහොම කැමතියි. මට හිතෙන්නෙ අපේ කවියේ ස්වර්ණමය යුගය කොළඹ යුගය කියලයි.
ඒ කාළෙ කවි මඩු , තරග වගේ එව්වත් තිබිල තියනවා.ඒ ඇරුනම
මාසික කවි සඟරා පවා තිබිල තියනවා.
අපේ මේ කවියො හිටිවන කවි කියන්න රුසියො. කවියෙක්ගෙ මඟුල් ගෙදරකට ගිය
මාකඳුරේ කවියා සභාව මැද
මෙහෙම කිව්වලු:
Read more »
Jan 29, 2015
කටකහනවට කියවෙන කවි
http://www.jonkleinphoto.com/_
Media/213_sleeping_barred_owl.jpg
මිදුලේ බසු මාලිගාවෙ සක්විති පදවිය ලබන්න
අත්තක් උඩ වාඩිවෙලා , තටු පොරවන් නිදාගන්න
නයිට් ඩියුටි අහවරවී හණික එමී
උදේ හීල ගිල්ලට පසු හැලප කමී
Read more »
Dec 27, 2014
සුභ අලුත් අවුරුද්දක්
කතිර යුද්දෙත් ලඟ, ලඟම එනවා නෙව? ඔන්න එහෙනං හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියල කිව්වා
Dec 20, 2014
සිංදුවක්, බස්සෙක් හා පාපොච්චාරණයක්
Will you stay with me, will you be my love
Among the fields of barley
We'll forget the sun in his jealous sky
As we lie in fields of gol
d
මේක කියන්නෙ මං කැමතිම ගායකයෙක් "ඇනපිය" .
ඇනපිය කිව්වට එයාගෙ ඇත්ත නම
Gordon Matthew Thomas Sumner,
ඒත් එයා වැඩිය ප්රසිද්ධ Sting
කියලයි.
Read more »
Nov 30, 2014
ලුණු දෙහි
බොහොම කාළෙකට ඉස්සර, ගමක හිටියා බස්සෙක්. බස්සෙක් කිව්වාට මේකා බසු පැටියෙක්. දවසක ගෙදර ගෙදර පරණ පෙට්ටගමක් අවුස්සපු බස්සට හම්බවුනා
මැජික් ලාම්පුවක්
පරණ පොතක්. පොතක් කිව්වට , මේක පොත් රාජයෙක්. විසාල පොතක්. හොඳට බයින්ඩ් කරලා , හදලා තිව්නෙ කලු කඩදාසි වලින්. මේ කලු කඩදාසි ඇතුල් පිටු පුරවලා තිබ්බෙ, පත්තර වලින් කපා ගත්ත එක එක ලිපි.
Read more »
Nov 23, 2014
වැස්ස,කෝපි සහ කම්මැලිකම
https://smallbutvaluable.files.wordpress.com/2014/08/tumblr_mlnyz3lb1m1s44vdlo1_500.jpg
Read more »
Sep 22, 2014
බස්සා සහ මකරා
අ
යිස්
ප්රාකාරෙ පදිංචියට ගියාට පස්සෙන් පහු , බ්ලොගෙ මකුලු දැලුත් බැඳිලා. කොහෙ පෝස්ට් ලියන්නද අප්පා, බිසී,
බිසී?
ප්රාකාරෙ උඩත් තියනවා "පෝස්ට්". ඒත් එව්වා මේ ලියන කියවන එව්වා නං නෙමෙයි, හිටගෙන මුර කරන එව්වා. හිටපු ගමන් අපේ අණදෙන නිලධාරිතුමා කියනව " අද මං උඹව 'පෝස්ට්' කරඤ්ඤං, ඊස්ට් ටවර් එකට" කියලා. මුලදි මට හිතුනෙ , උන්දෑ මයෙ තටු අකුලලා හතරැස් පාර්සලයක් හදලා තැපැල් කරන්නවත් හදනවාද කියලයි.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)