Mar 29, 2022

ටුරෙට් සින්ඩ්‍රෝමය සහ අවංක කතාව

මේ සුරූපී කාන්තාවගෙ නම ඇනිටා. ලස්සනයි වගේම උගත් ඇයට, දෙයියො දෙන්න ඕනෙ ඔක්කොම දීලා තියනවා. බාගදා, ටිකක් වැඩියත් එක්කම. ලස්සනට කතා කරගෙන යන අතරෙ, හිටපු ගමන් අමුතුම සද්ද දානවා, විසිල් ගහනවා. සද්ද විතරක් නං මොකෑ, එක වංගියක් අහවල් කරුමාන්තෙ කොර, කොර ඉන්න කොට පාට්නර්ගෙ රංඩිංගටත් පාරක් කෙලල ඇරියා කියලත් කිව්වා.ඇගේ මේ අවංක ජීවන කතාවට සවන් දුන්නොත්, ඔබට තේරේවි "ටුරෙට් සින්ඩ්‍රෝමය" කියන්නෙ මොකක්ද කියලා. 

Mar 11, 2022

කතිපයාධිකාරීන් - Oligarchs

 " මේකත් ලෝකයක්ද මරතේලිස්" කියලා, ලොකු හාමදුරුවො ඇහුවා කියල කතාවක් තියනවා. අද ලෝකෙ එකම අවුල් ජාලයක්. හෙට පුටියා, බර අවි වලින් කෙලල අරින්නත් බැරි නෑ. අපි මේ පඹගාලෙ පැටලුනේ කොහොමද?  පුටින්,  ෂී-ජින්-පින්, බින්-ලාඩින් හැදුවෙ කව්ද? දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙ දුන්න ගත්තෙ කව්ද? මේ ප්‍රශ්ණ වලට උත්තර, විදුහල්පතිත් දන්නෙ නෑ කියලයි පොතේ ලියල තිව්නෙ.

Mar 5, 2022

නිෂ්පාදිත ඇත්ත, බාග ඇත්ත, ඔබේ ඇත්ත සහ මගේ ඇත්ත

Beauty is in the eye of the beholder කියන එක අනුව ලස්සන, බලන්නාට සාපේක්ෂය කියන්න ඇහැකි. ලස්සන විතරක් නෙමෙයි ආචාර ධර්ම, යුක්තිය වගේ දේවල් පවා බලන්නාට සාපේක්ෂයි. 

Feb 17, 2022

වින්ඩෝස් 11 නරි වාදං

වින්ඩෝස් 11, Dev version Bulild 22557 අද ආවා.ප්‍රධාන වෙනස්කම්:

1.ස්ටාර්ට් මෙනු එකේ ගෘප්ස් ආයෙ දීලා

2. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක

3. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ, ක්වික් ඇක්සෙස් එකට, අපි කැමති ඕනෑම ෆයිල් එකක්, ෆෝල්ඩරයක් පින් කිරීමට ඇති හැකියාව

Feb 12, 2022

අලුත් බිත්තර සහ කුණු බිත්තර

Newegg කියන්නෙ, මේ සාවියෙ ඉන්න කම්පියුටර් කොම්පැණියක්. වොල්මාට් වගේම යැංකි එකක් වුනත්, ඇමසන් එකෙන් එන තර්ජනය හමුවේ, තාමත් ඉහ ගහගෙන ඉන්න කොම්පැණි අතලොස්ස අතරින් එකක්. ඉස්සර, හොඳ නමක් තිබ්බත්, දැන්, දැන් වාර්තාවෙන සිද්ධි නිසා, මිලදී ගන්න පෙර, දෙපාරක් හිතන්න වෙනවා.

Feb 9, 2022

ටිං කටරය , විලි ලැජ්ජාව සමඟ ටිංටිං

ටිං කටර් ගැන කව්ද නොදන්නෙ? හා, නැද්ද? ඔහෙලට කියන්න, මාත් හිතන් හිටියෙ ඔහොමම තමයි. මෙහෙම හිටියට, මමත් ඔය සම්ප්‍රධානුකූල ටිං-කටර් සෑහෙන ගාණක් කම්මුතු කරපු බස්සෙක්. එක සැරේ ගන්නවා දෙකක්. එකක් මොට වෙනකොට, ඒක පැත්තකට දාලා, අනික ගන්නවා. ආයෙ ෂොපින් ගිය වෙලාවක, සේල් එකක් බලල, නිවිහැනහිල්ලෙ ආයෙ ගේනවා තව එකක්.

Jan 31, 2022

මාරු මාදිලිය බල සැපයුම

පරිගණකයක, මම අතපත ගාන්න අකමැතිම කොටස තමයි, මාරු මාදිලිය බල සැපයුම (PSU) එක. හේතුව බොහොම සරලයි. ඕකෙ තියනවා හුණ්ඩුවක් විතර තඩි කැප් එකක්. ඕක 300v වලට විතර චාජ් වුනාම, චාජ් එක සෑහෙන වෙලාවක් තියනවා. විදුලිය විසන්ධි කලත්, කැප් එක ඩිස්චාජ් කරන්නම ඕන අලුත්වැඩියාවකට.

Jan 19, 2022

හාන්සි පුටු උපදේශකවරුන් ගේ පැතලිම පෘෂ්ඨය

මම "Buyer's remorse - පක්සියකුගේ පසුතැවිල්ල" පෝස්ට් එකේ කියාපු, සුපියල් 32 කට,  ඊ-බේ එකෙන් ගත්ත, Vetroo V5 CPU cooler එක ආවා. ඒත් තාම පරණ එක හොඳට වැඩ කරන නිසා මාරුකලේ නෑ. කොන් දෙකක්, පොඩ්ඩක් තැලිලා තිබුණා. ලාබෙට දුන්නෙ ඒ නිසාද මන්දා? ඒත් ටැක්ස්වත් ගෙව්වෙ නැති නිසාත්, හානිය, කාර්‍යක්ෂමතාවට එතරම් බලපෑමක් නැති නිසාත්, මට නං අවුලක් නෑ. Direct touch heat pipes නිසා cold plate එකේ mirror finish එකක් නං නෑ. ඒ නිසා, මම මේ ලඟදී CPU cooler  එකක cold plate එක පැතලි කරන විදිහ( lapping) ගැන වීඩියෝ එකක් බලමින් හිටියා. 

Jan 10, 2022

තර්ජන ,ගර්ජන සහ ආරක්සාව

"මැරුං නොකා ලියපිය" කියලා චිට් එකක්, බෙල්ල හපන ආදිපාද එවල තිබුණා. මේ, ඒකෙන් ගැලවෙන්න ලියන, වංචා පෝස්ට් එකක්. 

දැන් අපි බොහෝ දෙනෙක්, ආරක්සාවට කරන්නෙ බ්‍රව්සර්වල Incognito, Inprivate වගේ මෝඩ් පාවිච්චි කරන එකනෙ. මම නං කියන්නෙ, ඒවා වලින් සපයන ආරක්සාව "ප්‍රශ්ණාත්මකයි" කියලයි. ඉන්ටනෙට් හිස්ට්‍රි එක සහ ඇඩ්-ඔන් කප්පාදු කරනවට වඩා වැඩක්, එව්වා වලින් වෙනවයි කියන්න සාධක නෑ. එහෙම බලන් ගියාම, අපි ඔක්කොම පුම්ක එලියේ පැස්බරු තමයි.

Dec 16, 2021

නත්තල් තෑග්ගක්

හැමදාම ලියන, ගත්ත අලුත්ම නරිවාදං ගැන නොලියා, මට හිතුනා ඇත්තටම ඔහෙල වැඩිදෙනෙක් කැමති වෙයි කියල හිතෙන දෙයක් ගැන ලියන්න. ඒ තමයි "ඕප-දූප". හෑ, කැමති නෑ කිව්වා? මේ බොරු නං කියන්න එපා! සඟිස්කුරුතියෙන් අපේ ඇටමිදුලු වලටම කව්වලා තියෙනෙ දේට, කොහොමද අකමැති වෙන්නෙ? රාළේ මෙව්වා, ජාතියන්තර ඕපදූප.