Jul 25, 2011

බස්සෙක්..ආදරය සහ ‍ෆිල්ම්ස් දෙකක්..

දවසක් අපේ ලෙංචිනා මට කෝචෝක් පාරක් දාලා තිබුනා, "හුහ්, බස්සෝ බලන ‍ෆිල්ම්ස්" කියලා.  මං හිතාගත්තා "හිටපංකො, දෙන්නම් ජම්බු" කියලා , ඒත් මේ වැඩ රාජකාරි අස්සෙ ඒක මඟ ඇරිලා ගියා. පොඩ්ඩිගෙ "ඇත්තම ඇත්ත ආදරේ" පොස්ට් එකට අර සොඳුරු සිතක් තියෙන ලමයා ලියපු කොමෙන්ට් එක දැක්කාම , ඕන්න ආයෙත් ඒක මතක් වුනා.

සමහරු කියනවා, ආදරේ හරිම පිවිතුරුයි, ඒකට දුප්පත්,පෝසත් බේදයක් නෑ කියලා. උන්දලා දන්න කෙංගෙඩිය. අපි අහලා තියෙන ඔක්කොම ආදර කතාවල් , දෙන්නා එකතු වෙන තැනින් ඉවර වෙනවා. කවුරුවත් ඊට පස්සෙ වෙන දේවල් ගැන කියන්නෙ නෑනෙ. මං නං කියන්නෙ, ආදරයක පැවැත්මක් තියෙන්න, ඒකට අවශ්‍යය පරිසරයත් ගැලපෙන්න ඕනෙ කියලයි. අර " ඊට පස්සෙ, සියල්ලෝම සතුටින් ජීවත් විය" කියලා තියෙන්නෙ සුරංගනා කථාවල විතරයි. ඒ ජාතියෙ, "සම්බෝල-බත්" ආදරය ගැන මට කියන්න තියෙන දේ නන්දා මාලනී මෙහෙම කියලා තියනවා.
 


                     


හරි, දැං චිත්තර පටි ගැන කියමුකෝ. මේක ටිකක් පරණ එකක්, ඒත් මේකෙන් දෙන පණිවිඩය හැමදාටම ගැලපෙනවා. අපි හැමෝම සැබෑ ආදරේ හොයනවනෙ. ඕං ඉතිං හොයාගෙන , හොයාගෙන යනකොට හම්බ වෙනවා. "හහ්,හොයන්නාට සම්බ වේ" කියලා පටස් ගාලා අල්ල ගන්නවා. හුටා, ටිකක් දුර යනකොට තමා තේරෙන්නෙ මේක ඩුප්ලිකේට් ආදරේ නෙ කියලා. කෙලිය නේද, පාත්තරේට, ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? අපේ ගතානුගතික සමාජෙ නං, ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න එපැයි, සදා දුක තමා.




එහෙම එක පාරක් වැරදිච්ච අවාසනාවන්තයොන්ට "සෙකන්ඩ් චෑන්ස්" එකක් නැද්ද? මේ කතාවෙ කියන්නෙ එහෙම ආදරයක්. බලාන්ට..හරිම ලස්සනයි. කෙල්ල පෝසත්..කොල්ලා දුප්පත්..කෙල්ලගෙ පප්පා තමා දුෂ්ටයා, හැබැයි අත්තම්මා සීයා බුදු සපෝට් එකක් දෙනවා. පන යනකං හිනා වෙන්න පුළුවනි, ඒත් හිතන්න එපා මේකත් අර සරුවපිත්තල හින්දි පිච්ච්ර් වගේ කියලා..


              


මට බුදි මතා....යි, ඉතුරු එක ගැන පස්සෙ දාන්නං..

5 comments:

  1. හෙහ් හෙහ්.. මං හත් අට වතාවක් බලලා තියෙනවා මේක.. බලාන්ට බලාන්ට ආසයි නෙවැ..

    ReplyDelete
  2. ඔච්චර සම්භාව්‍ය චිත්‍රපටි බලන එකේ මේ හින්දි චිත්‍රපටි 2 ක බලන්නකෝ.එතකොට තේරේවි හින්දි චිත්‍රපටි ඔක්කොම සරුවපිත්තල නෙවෙයි කියල.

    The Japanese Wife
    No one killed Jessica



    බලන්න මේ The Japanese Wife
    ෆිල්ම් එකේ කොච්චර හොඳ ආදරයක්ද ගැනද කියලා තියෙන්නේ කියලා.

    ReplyDelete
  3. මෙන්න 'A walk in the Clouds' ෆිල්ම් එක ගැන තිබුනු movie review එකකින් ගත්තු කොටසක්.

    ‘how much you enjoy this film will greatly depend on how much of a hopeless romantic you are…’

    ඉතින් මටත් අහන්ට තියෙන්නේ,"r u a hopeless romantic Basso"??? කියලා තමයි.......:)

    ReplyDelete
  4. @බුරා
    මමත් එහෙම තමා. මගේ කලෙක්ෂන් එකේ එකක් නෙව.

    @ නීතා
    ජපනීස් වයිෆ් මා ගාව තියනවා. එකපාරයි, බැලුවෙ, ආයි නං බලන්නෙ නෑ. බොලං ලෙංචිනෝ, උඹැහෙ හිතන්නෙ මං ඉපදුනේ ඒරොප්පෙ කියලද? මාත් හොඳට හින්දි ‍ෆිල්ම්ස් බලනවා, සබ් ටයිටල් හොයාගෙන.

    @පොකු

    මයෙ කිරි අප්පුච්චේ මේං hopeless romantic වෙන්න ඕනෙ සුදුසු කං. හූම්..හූම්..ටිකක් කිට්‍ටුවෙන් යනවා නං තමා, ඒත් මගේ ෆුල් ට්‍රයි එක පොලොවෙ පය ගහල ඉන්නයි.

    Hopeless Romantic:

    1: A person who daydreams about romantic occasions and dreams of chances where he/she will be able to perform a romantic act to their love, yet never gets the chance to.

    2: This person is in love with love. They believe in fairy tales and love. They're not to be confused as stalkers or creepy because that's not what a hopeless romantic is. All hopeless romantics are idealists, the sentimental dreamers, the imaginative, and the fanciful when you get to know them. They often live with rose colored glasses on. They make love look like an art form with all the romantic things they do for their special someone.

    3. A hopeless romantic is not the same as a hopeless flirter. A hopeless romantic dreams of who they will spend the rest of their life with and what the two of them will do together. They want to be romanced with sweet simple things and the thoughtful amazing surprises. They dream of being loved but also loving somebody. They don't just want somebody to hold them, they also want to hold someone. They realize that love isn't just about one person but both people, they are hopelessly in love with being loved AND loving back.

    4. Someone that thinks of love passionately.

    5. A hopeless romantic is one who looks for the a singular person on this world that makes their world come together. They are indeed looking for the man or woman of their dreams. As a result, they prefer not to live in reality. The hopeless romantic knows the reality of love is that reality has no business being in love. This is why they will often perform grandiose gestures that may be seen as unsettling or borderline crazy to non-romantics. But to the fellow few romantics, these same gestures will be adored as beautifully and obscenely quixotic. And such is the "hope" of the hopeless romantic- to not only find the one who loves receiving such love, but loves giving such love. And the true hopeless romantic would always rather give than receive. Because they know then and only then, will there be true love.

    ReplyDelete
  5. හුහ් එහෙනම් ඉපදෙන්ට ඇත්තෙ ඉන්දියාවෙ වෙන්ටැති මාහිතේ :D

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code