Feb 23, 2014

අපේක්ෂාව සහ යතාර්ථය

ආං අරහෙ කස්ටිය ගජරාමෙට සිත්තර අදිනවා. කකා  කාක්කො ක්ලෝන් කරනවා. බින්දිත් හි‍ටු කියලා 'සපා,සපා' කියකිය අඳිනවා.

ඔය අව්වස්සෙ, Pra Jay පොඩි බිස්නස් එකකුත් කරන හදනවා - කකාට ඇඳක් විකුණන්න. ඒකට නං කකා , 'තියෙන ඇඳ  හොඳා' කිව්වා. මේ වැඩේ නං ඉන්තේරුවෙන්ම වැරදියි.  ඒ අහිංසකයා දන්න හිංගලෙන් " ඇඳ ගන්නවද' කියල ඇහුවම, 'ඇඳ එපා' කියනවා.  හොඳ වෙලාවට 'ඇද ගන්නවද' කියල නෑහුවෙ, මුං කියයි ' ඇද ගත්ත නං, දැං නාගනින්' කියලා

ඇයි යකඩෝ, අපිට ඉතරක් මොකෝ සිත්තර අකැප?  මෙව්ව දැකල මාත් ඇන්ඳා  සිත්තරයක්. හොඳ සිත්තරෙක් වෙන්න නං , අනිත් අය ඇඳපු එව්වා වලින් ආදර්ශ්යක් ගන්න එපෑ?  ඉස්සෙල්ලාම  බාගත්තා  එහෙම එව්වා දෙකතුනක්
ඇයි මීට කලින් පාත්තයෙක් දැකල නැත්ද?
http://img.xcitefun.net/users/2009/04/44072,xcitefun-26923746.jpg





සින්ඩරෙල්ලා
http://content.foto.mail.ru/mail/uterm/9702/h-9705.jpg
මෙන්න මං ඇඳපු එක. හොඳද, ඈ?



අපේක්ෂාව සහ යතාර්ථය
http://www.paulcheksblog.com/wp-content/uploads
/2011/06/cat-sees-lion-mirror.jpg
මං ආසම තෙල් සායම් චිත්‍ර වලට. ඒත් ඉතිං කැන්වස්, තෙල් සායම් ඇත්තටම සල්ලි දීලා ගන්න අපට පුළුවනෑ? 

එක එක ඇප්ස් ට්‍රයි කරලා බැලුවට, ඇත්තටම  චිත්‍ර අඳිනව වගේ නෑ. පාට මිශ්‍ර කරන්න බෑ. ඒත් වෙන , වෙන වාසි තියනවා. වියදමක් නැති එක, අන්-ඩූ කරන්න හැකියාව වගේ.

මට හිතෙන්නෙ ටිකක් හරි දන්න ෆොටෝශොප් තමා හොඳම ඇප් එක. එක එක ජාතියෙ බ්‍රෂ් ටිකක් නං ඕනෙ, එව්ව නං ඕනෙ තරම් ඉන්ටනෙට් එකේ තියනවා.  ෆොටෝශොප්වල තියෙන් ඔක්කොම පහසුකම් පාවිච්චි කරනවා නං,  ඇත්ත තෙල් සායම් පින්සලට සෑහෙන්න කිට්‍ටුවට යන්න ඇහැකියි කියල හිතෙනවා.

අපේ බ්ලොග් ලියන්නන් අතර හොඳට අඳින්න හැකියාව තියන අය ඉන්නවා. ඒත්  නොයක් හේතු නිසා ඒ අය දැන් අඳින්නෙ නෑ. දුක තමා රංජනී, ඒත් මොකෑ කරන්නෙ, ඒක එයාලගෙ කැමැත්ත නෙව. මේ බැරි මරගාතෙ මෙහෙම හරි ඇන්ඳෙ අලුතෙන් කාව හරි උනන්දු කලෑකිද කියල බලන්නයි :).


ප .ලි:
මෙන්න මේකත් බලන්න. පටන් ගන්න Autodesk Sketchbook
 හොඳ  ඇප් එකක්



20 comments:

  1. ලස්සණයි බස්සෝ. ඉන්ටකෝ මමත් ට්‍රයි කරලා බලන්ට ඕනි.
    අපේක්ෂාව සහ යතාර්ථය නම් නියමයි. :D:D

    ReplyDelete
    Replies
    1. හා, ට්‍රයි කලාට නං කාරි නෑ, ඒත් අර ක‍ටු ඉඹුල්ගහ නං ආයෙ අඳින්න එපා :)

      Delete
  2. // ඒ අහිංසකයා දන්න හිංගලෙන් " ඇඳ ගන්නවද' කියල ඇහුවම, 'ඇඳ එපා' කියනවා.//

    යතාර්ථය - ඒ අහිංසකයා දන්නව කට්ටිය බාශා, චිත්‍ර, ඈප්, බ්ලොග්, time travel [ :-) ] යනාදී විවිදාකාර දෑනුම ගෑන ඇඳ ගෙන තමයි ඉන්නෙ කියල
    අපේක්ෂාව - අනුන්ට මෙන්ම තමන්ට ද හිනාවීමේ හෑකියාව තබාගෙන ඇඳ නොගෙන සිටීම

    ReplyDelete
    Replies
    1. \ අනුන්ට මෙන්ම තමන්ට ද හිනාවීමේ හෑකියාව තබාගෙන ඇඳ නොගෙන සිටීම\

      මමත් ඒක ලියාගන්න ඕනෙ පොතේ, හැබැයි අර 'අනුන්' කෑල්ල හලලා :)

      Delete
  3. Seriously,
    line drawings කරන්න පුලුවන් ඈප් මොනවද?

    ReplyDelete
  4. Really nice ..My kids use Sketches app in I pad. But for me I prefer old way..Oil paints are very cheap here. They do any copy of world famous paintings...

    ReplyDelete
    Replies
    1. ඕනෙම සම්භාවනීය චිත්‍රයක් ඒ වගේම ආයෙ අඳින්න හැකි අය ඔහේ ඉන්න කතාව නං මාත් අහල තිබුනා, ඒත් එව්වා එච්චර ලාබෙට කරන බව දැණගෙන හිටියෙ නෑ.

      පටන් ගන්න ටිකක් අමාරු තමා, ඉස්සර තිබ්බ ඇප්ස් වල ප්‍රශ්ණ හුඟක් තිබුනා තමා. ඒත් දැන්, දැන් එන Sketchbook වගේ එව්වා සෑහෙන්න දියුණුයි. පරණ ක්‍රමේ තියන එකම වරද, ටික දවසකින් එපාවෙන එක, සහ වියදම.

      බින්දිටත් කොලේ අත් අරින්න කාලෙ හරි :)

      Delete
    2. අපේ ලොක්කි නම් කොලේ අතැරලා .මට නම් තව පාටයි පින්සලුයි ගොඩාක් ඕනේ. හැම එකටම සල්ලි ඉල්ලනවනේ .ඕකනේ කරන්න බැරි. සමහර චිත්‍ර දැක්කම පුදුම හැකියාවක්නෙ මිනිස්සුන්ට තියෙන්නේ කියල හිතෙනවා .
      ගිය සුමානේ ගියා ඕල්ඩ් ක්වාටර් එක පැත්තේ .යාලුවෙක්ට චිත්‍රයක් තෑගී දෙන්න ඕන වෙලා. ඔය ගැලරි වල රස්තියාදු වෙන එක මම ආස වැඩක්. ප්‍රංශ ආභාෂයත් මෙයාල කොහොමත් කලාවට දක්ෂ නිසාත් හැනෝයි කියන්නේ චිත්‍ර වලට ආස කෙනෙක්ට අපුරු තැනක්.

      Delete
  5. සෑහෙන කාලෙකට මම හරි හමන් චිත්‍රයක් ඇඳලම නෑ. චිත්‍ර කතා වල චිත්‍ර බලාගෙන ඇඳීමේ හැකියාව තරමක් තිබ්බා.

    පොඩි කාලේ මම ඇන්දලු චිත්‍රයක්.. තියෙන්නේ කොලය මැද හරහට ගිය තනි ඉරක් ලු... ඇහුවහම කිව්වලු ඒ අපි ගමේ ගිහින් කියලා.

    ReplyDelete
    Replies
    1. හී හී..ඇඳීමේ හැකියාව තිබුණුබව පේනවා මේකෙන්ම. ඒ ගමට ගිය පාර වෙන්ට ඇතිනේද?

      Delete
    2. @තිසර

      /පොඩි කාලේ මම ඇන්දලු චිත්‍රයක්.. තියෙන්නේ කොලය මැද හරහට ගිය තනි ඉරක් ලු... ඇහුවහම කිව්වලු ඒ අපි ගමේ ගිහින් කියලා/

      හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ :)

      Delete
  6. මොකද බොලං බ්ලොග් එක රීඩර් එකේ අප්ඩේට් වෙන්නෙ නැත්තෙ.!? බ්ලොග් එකට එකේක විච්චූර්ණ කොරලා කෙලවගත්තද.??

    ReplyDelete
    Replies
    1. මගේ නම් රීඩරේට බස්සා ඇවිත්.

      Delete
    2. උඹට කියන්න ලොක්කා, විච්චූර්ණ කොරපු කාලයක්වත් මතක නෑ. බොරුවක් මුසාවක් කියනවා නං හෙන ගහන්න ඕනෙ අල්ලපු කිතුල් ගහට රා බොන්න එන උගුඩුවට :)

      Delete
  7. අපොයි චිත්‍ර!
    එහෙම කියලා හරියනවැයි හිටි ගමන් චිත්‍ර වගේ ඒවා ෆොටෝ ගහන්න නම් මම හරි කැමතියි. කියන්නත් ලැජ්ජයි මට හොඳට බැනර්, පෝස්ටර් හෙම අඳින්න පුළුවන්. ඒත් ඔය මිනිස්සු වගේ ඒව තියෙනව නේද මට ඒවා අරහං.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනානේ. අර අන්තිම පින්තූරෙ තමයි මම නම් කැමතිම. මමත් ඉතින් සිංහයා වගේ පෙන්නුවාට පූස් බබෙක් වගේ තමා හැබෑවට. ;)

      Delete
    2. Autodesk Sketchbook ට්‍රයි කරලා බලන්න , ඔබ තුල නිදා සිටින 'පිකාසෝ' අවදි කරවන්න :)

      Delete
    3. 'පිකාසෝ' නෙමේ මගේ නම් 'යක්ෂයා' අවදි උණා. ඇයි අනේ ඉරක් ඕනි විදියට ගහන්ට බෑ. ඒක උඩ යනවා. :D

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code