Apr 27, 2014

කාක්කන්ට කූඩු තැනීම

http://funny-pics-fun.
com/wp-content/uploads/Funny-
Cute-Owls-27-320x240.jpg
මේ තියෙන්නෙ , අවුල් පාර්ලිමේන්තුවක්. මං නෙමෙයි , සුද්දො තමා එහෙම කියන්නෙ. ඇයි කියල නං , මං දන්නෙ නෑ. බාගදා, බස්සො කීප දෙනෙක් එකකු වුනොත් එතන අවුල් හවුලක් නිසාද, නැත්නම් සාමාන්‍යයෙන්  පාර්ලිමේන්තුවෙ ඉන්න අය ගැන හිතලම එහෙම කිව්වද මන්දා?



ඔහොම කිව්වාට, පාර්ලිමේන්තුවෙ බස්සො නෑ.  නෑ, නෑ, අර  හැමදේටම " හූම්, හූම්" කිය, කියා  ඉන්න . සතපහකට වැඩක් නැති "පොලිටිකල් බකුස්" සැට් එක නෙමෙයි. මේ අපි වගේ  ත‍ටු තියෙන බස්සො.

බස්සො දේශපාලනේ කරන්නෙ නැති බව හැබෑව, ඒත් ඒක එහෙමයි කියලා, අපට කතා කරන්න තහනමක් නෑ නෙව?අද මට හිතුනා කාක්කො ගැන කතා කරන්න. 
http://ak8.picdn.net/shutterstock/videos/3101545/preview/stock-
footage-a-murder-of-crows-pecking-at-and-rending
-the-mangled-flesh-of-a-hapless-road-killed-bunny.jpg

A Murder Of Crows


ඔහෙලට කියන්න, සෑහෙන කාලෙකින් පහුගිය දොහක මං කපුටො දෙන්නෙක්ව දැක්කා. මං හිතුවෙ මෙහෙ කපුටො නෑ  කියලයි. අම්මපා  මයෙ බාප්පුච්චා දැක්ක වගේ සන්තෝසයි. මං බයේ හිටියෙ රට කපුටො හින්දා , කඩුව වනයිද කියලා. මොන?බොහොම නිහතමානි විදිහට පුරුදු බාසවෙන්ම " කාක්, කාක්" කියල කිව්වා.

බොහොම කාලෙකට ඉස්සර , බෝනියෝ දූපත් වලට අයත්, පොඩි දූපතක, බස්සා රස්සාච කලා. එහේ කාක්කො නෑ, බස්සගෙ යාළුවෙක් දවසක් මෙහෙම කිව්වා" මුන්ට සල්ලි තිබ්බට,  මේක මහ සාපලත් රටක් බං,බලපං,  මෙහේ කාක්කෙත්වත් ඉන්නවාද කියලා". ඒත්, සුද්දො නං  හිතන්නෙ, කාක්කා මහ අසුබ, අද්භූත පක්සියෙක් කියලයි. ඔය සිත්තර පටිවල් තියෙන්නෙ, මන්තර කාරියො ගාව ඉන්න කාක්කො ගැන. ඒත් සුද්දො දන්න  ඉටිගෙඩිය, කාක්ක කියන්න, බොහොම ප්‍රයෝජනවත් සතා.

කාක්කොන්ට වැඩියම පුරසිද්දද කොළඹ. එහෙ ඉන්නව නානප්‍රකාර කාක්කො.පාස්පෝට් කාක්කා, ඉස්පිරිතාල කාක්කා, , ඒ තියා අවමංගල අන්සෙ  වැඩ කරන. මිනී/ එම්බාම් කාක්කොත් ඉන්නවා. . හැම ආණ්ඩුවෙ කන්තෝරුවක් ගාවම කාක්කො ඉන්නව. හුදී ජනයාට කාර්යක්ෂමව, "එසැනින්" යම් සේවයක් ලබාගන්න ඕනෙ නං, මේ කාක්කෙක්ව අල්ල ගන්න ඕනෙ.  වැඩිය කරදර වෙන්න ඕනෙ නෑ.  වැඩිය පුරුදු නැති බව පේන්න , පොඩ්ඩක් නන්නත්තාර වෙලා බව පෙන්නන්න විතරයි තියෙන්නෙ.  කාක්කො එනව  අපිව හොයාගෙන. මේ කාක්කොන්ට, ඔහෙල අපිට වගේ නෙමෙයි, ඕන ආණ්ඩුවෙ දේවාලෙකට ඩිරෙක්ට් ඇක්සස් තියනවා.  ලියන මහතැන්ට, කාක්කොන්ට ආප්ප අරං දෙන්න පොඩි ගාණක් දෙන්න විතරයි තියෙන්නෙ. වැඩේ ගොඩ, කිසිම රස්තියාදුවක් නෑ.

කපුටා ගොවියාගේ මිතුරාය කියල තමා , අපට පුංචි කාලෙ ඉගැන්නුවෙ. මං ඉස්සර හිතාගෙන හිටියෙ , ගොයියා  වැඩ ඉවරවෙලා  නාගෙන  එහෙම ඇඟේ පතේ අමාරුවට හොර පොලෙන් දෙකක් දාගන්න,  වෙලාවට කාක්කො ඒක්ක සෙට් වෙනවා ඇති කියලයි. පස්සෙ තමා ඇත්ත කතාව දැණ ගත්තෙ, පත්තරේ තිබිල.

කොළඹට කාක්කො සප්ලයි කරන්නෙ දකුණෙන්. දකුණෙ පාරම්පරික රස්සාව ගොවිතැන එහෙදි, කාක්කො , ගොවියට උදව් කරනවා. අර මත්තල අලි එලවන්න, බිත්තර ගහන්න ආවෙත් එහෙම  කාක්කො සැට් එකක්.

 ඔය ආණ්ඩුවෙ කන්තෝරු ගාව ඉන්න කොමිස් කාක්කත්, පදික වේදිකාවෙ  බඩු  විකුණන කාක්කත්,  ඔය කොයි කාක්කත් වැටෙන්නෙ,වැඩ කරන ජනතාවට- අපේ සමාජ  රෙද්දෙම  (social fabric) කොටසක්. කාක්කො හොඳට කන, බොන ජාතියක්. කොච්චර හම්බ කලත් අතේ පිච්චිය නෑ. කොටින්ම ඉන්න හරිහැටි  කූඩුවක්වත් නෑ. එච්චර දුප්පත් කාක්කොන්ව
ඔය වාමාංසිකයො පක්සෙට ගන්නෙ නෑ නෙව. උන්ට නමක් දාලා "ලුම්පන් පන්තිය" කියලා, කොන් කරනවා.

දැන් මෙතන්දි, කාක්කොන්ගෙ  උදව්වට එන්නෙ කව්ද? දකුණෙන් ආපු ගොවි රජෙක්. එතුමාට පේනව , හරිහැටි කූඩුවක්වත් නැතුව මේ කාක්කො දුක් විඳ, විඳ කරන සමාජ සේවෙ. එතුමා, හදනව අලුත්ම කූඩු සංකීර්ණයක්. දැං බලනවකො,මේ මෝඩ කාක්කො කැමති නෑ නෙව එව්වට යන්න. ඒ මදිවට, තව කට කැඩිච්ච කතාත් කියනවා, ඔය හදන්නෙ, ඉඩං ටිකට බැස්ටිය දෙන්නෙයි කියලා.උන් දන්න රෙද්ද වස්තරේ.

දැං ඔහෙලම කියන්න බලන්න, මේ සමාජ සත්කාරයක් නෙමෙයිද?

Slums & shanties must be removed from Colombo

හැන්දෑවේ කලුවරට‍
බෑං ගා අඬ‍ාගෙන
හෝන්දු මාන්දුව
බිත්තියට වාරු වෙන කල
දොරපලුව,
කලු සුරුට්ටු ගඳ පළමුව
පිපිරුනු කලු නියපොතු ඇති
නාකි නහර පය දෙවනුව
ගෙට අරගෙන.........
කොරවක්කෙක් මෙන් වකුටුව
එළිපත පැන එයි ඇතුළට.....
නාට්ටාමි සැම්සනයා
හෙවත් අපේ තාත්තා.

නාස් දෙපුට්ටෙන් හොටු රැල්
කබල් කමීසෙට උර උර
හෙලුවැල්ලක් වැහෙන්ට‍ නොව
පුරුද්දකට ඔහේ අඳින
බොත්තම් නැති කොට කලිසම
අතින් අල්ලගෙන හැලි හැලි
සිලි බෑගේ මක්කාදැයි
උනන්දුවෙන් එබී බලයි
වේස දයාගේ කොලුවා
හෙවත් අක්කගේ දරුවා.

කෝටු කකුල් දෙක පෙනි පෙනි
රතු කොට කලිසම ඇඳගෙන
ඉර අව්වේ දවල් දවසෙ
අත් වැඩ දී හෙම්බත් වී
කොල්ලන් රැල වට කරගෙන
හොක් හොක් ගා හිනාවෙවී
බෝක්කුවේ වාඩි වෙලා තාම හිඳියි...
මදාවි ආනන්දපාල
හෙවත් අපේ පැටි අයියා.

ඉස්කෝලේ ගිහින් එද්දි
බුලත් බංකුවේ ඇසිඩගෙ
හෙවත් අපේ අම්මාගේ
සොහොන ළඟදි
කණස්සල්ලට පිපිරිලා
ඇස්බෝල තාම ඇඬුවත්...
කුප්පි ලාම්පුවෙ දැල්ලෙන්
විද්දියාව පොත කියවයි
පස්ස පේලියේ රමණී......
හෙවත් මම හෙවත් හිච්චී....

- ගයාත්‍රි කුමාරි ගරුසිංහ -

ගත්තෙ :http://reargate.blogspot.ca/2010/07/blog-post_31.html



17 comments:

  1. කාක්කන්ට වඩා බස්සෝ හොඳයිනේද බස්සෝ?

    මට නම් වැඩිය තේරුනේ නෑලු ඉතින්...:)

    ReplyDelete
    Replies
    1. මටත් තේරුනා, කාක්කන්ට වැඩිය බස්සෝ හොඳයි නේද කියල අහපු විදිහෙන්ම :)

      Delete
    2. හෑ,ඔය ඇත්තමද පොඩ්ඩියෙ.

      Delete
  2. මම නං ඉහළින්ම රස වින්දා බස්සෝ

    ReplyDelete
    Replies
    1. කොළඹ කාක්කො ගැන හැලපෙ දන්න හොඳ රස කතා එහෙමත් ඇති නේද? පෝස්ට් එකක්, දෙකක් ලිව්ව නම් තමා හොඳ.

      Delete
  3. බස්සන් ගෘප් එකකට පාර්ලිමෙන්තුව අමතරව තව වචනයක් තියනව- ඒ ඔයගොල්ල (DGMB නම් කෙල්ලො දිහා ) බලන විදිහ නිසා. http://www.thealmightyguru.com/Pointless/AnimalGroups.html

    කාක්කන්සදහා නම් සෙල්ලන් නෑති පිස්තෝල වලින් මෑරුම්කන ජාතියෙ නමක් ( //කොළඹට කාක්කො සප්ලයි කරන්නෙ දකුණෙන්/, ) - , පෑකේජ් ජාතියෙ නමක් සහ තව නම් තියනව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Pra Jay. ඒ ලිස්ට් එකේ තියෙන සමහර නම් දැක්කාම හිනහත් යනවා

      Delete
  4. කාක්කෝ කොහෙද එතන ශ්‍රී ලංකන් .....

    බස්සා පහුගිය කාලේ පේන්නේ නොහිටියේ ඔහෙටත් අවුරුදු නිවාඩු තිබුනැයි?

    ReplyDelete
    Replies
    1. අවුරුදු නිවාඩු? ම්හු, නත්තලට නං දවස් දෙක තුනක් තියනවා. කාක්කො වගේම , නිවාඩු වලටත් ලංකාව ප්‍රසිද්ධයි. හැම මාසෙම පෝයට නිවාඩු, කැෂුවල්, ඇනුවල්, මෙඩිකල්, ෂෝට් ලීව්, ෆ්‍රෙන්ච් ලීව්, හප්පේ එහෙමත් සනීපයක් :)

      Delete
  5. කාක් කාක්...ඔන්න බස්සා අපි ගැනත් එළටම ලියලා. .
    ඒ මදිවාට ටිප් ටොප් කවි ටිකකුත් හොයාගෙන .

    ReplyDelete
    Replies
    1. කලු වුනාට කපුටත් පක්සියෙක් නෙව තිලකෙ. ඔන්න ඔහේ ලියල දැම්මා :)

      Delete
  6. අන්තිම ටික කියවනකොට නම් හරිදුකයි. කොහෙන්ද ඒ කවිපද ටික හොයා ගත්තෙ. බලාගෙන යනකොට බස්සත් යමක් කමක් දන්නවනේ. විශේෂයෙන්ම කාක්කන් ගැන.

    ReplyDelete
    Replies
    1. කවි ගත්තෙ චාමිගෙ RearGate බ්ලොග් එකේ තිබිල, ලියල තියෙන්නෙ නන්නාඳුනන කිවිඳියක්. ඕනම කෙනෙක්ගෙ හිත සසල කරන කවි පෙලක්, ඒත් තිත්ත ඇත්ත

      පහල තියෙන ලින්ක් එකට ගිහින් බලන්න

      Delete
  7. කිවිඳියගේ නම කොහේ හෝ අහල දැකල පුරුදුයි.

    අද නම් දිගට ලියල වෙනදට වඩා ..

    ReplyDelete
    Replies
    1. මම නං කලින් එයාගෙ කවි කියවල නෑ. ඒත් තව කියවන්න කැමතියි.

      මං හිතන්නෙ, කවි ටික හින්දා දිගට ලියල වගේ පේනව :)

      Delete
  8. නියමයි බස්සෝ ලෙසටම තියේ.

    ReplyDelete
    Replies
    1. ඌත් පක්සියා, මාත් පක්සියා. ඔන්න ඔහේ ලියලම දැම්මා, ආයිබෝං :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code