Apr 5, 2014

පිස්සු හැදෙන සඳ

මං ඔය පරිසරය වැනිල්ලට එච්චර දස්ස නෑ නෙව , ආයිබෝං. නම් ගම් වසයෙන් වෙන , වෙනම නොකීවාට,ඔය වැනිල්ලටම ඉපදිච්ච දස්ස බ්ලොග් ලියන්නො ඉන්නව නෙව අපිත් එක්ක. පුහ්, හප්පා බලන්න එපැයි එයාල වනන ලස්සන. අනික මං බස්සා, මයෙ ආයෙ මොකක් කියල වනන්නද?

එත්,ඔය සමහර සිංදු, කවි එහෙම තියනව නේද,  අහන කොට අපූරු චිත්‍රයක් මැවෙනව නෙව හිතේ. ආන්න එතකොට මටත් නොදැනිම, වැනෙනව නෙව. දැං බලාන්ට

පුන්සඳ පායපු මහ රෑක
ගඟ ලඟ ඉඳිකල පොඩි ගේක
නැතිකර ගන්නට දුක සෝක...
හැමදාමත් කරනව මේක...

මල් ඔතනෝ.. මුං, මල් ඔතනෝ..


හුටා, සොරි, වැරදි සිංදුව  . දැන් බලමු මේක :

http://imgc.artprintimages.com/images/P-800-
800-50/66/6690/DPDA100Z/stretched-canvas-print/ray-of-light.jpg



පුන් සඳ ඇවිත් වැජඹෙන විට අඹර පිට
හිනැහෙයි , මඳින්, මඳ තරුවැල් කණක කැට
වවුලෝ පියාඹති , දොර අඹ වනයෙ සිට
සඳ‍රැස් වැටේ කවුළුවකින්, නිදන ගෙට






මට මේ කවිය කියවන කොට  එන්නෙ මේ වගේ  පිංතූරයක්:
අඩ සිය වසකට පමණ පෙර, ඈත පිටිසර ගම්මානයක තියෙන, අඹ, දඹ , නාරං, ගස් පිරිච්ච ලොකු වත්තක් මැද්දෙ තියෙන පරණ තාලෙ ගෙයක්. සෞමය සඳ එලිය  කව්ලුව තුලින් වැට්ච්ච කාමරයක්. ජනේලෙ ලඟට වෙලා පරිසරයේ සිරි නරඹන බස්සෙක්. ආ,තව   ලස්සන බස්සියෙකුත් ඇඳේ නිදි. එලියෙ අඹගෙඩි වලට  පොරකන වවුල් සැට් එක. දැං බලාන්ට , මේක සුන්දර නැත්ද?

තවත් ඔහොම සුන්දර චිත්‍රයක් මැවෙන සිංදුවක් තමා මේක. කියන්නෙ, ඩෙස්මන් සිල්වා, මයෙ හිතේ වොලී බැස්ටියන් මහත්තයගෙ සිංදුවක්ද කොහෙද

දැං මේකෙ  කියනව නෙව මහසෝනා ගැන. ඔය  යකෙක්, දෙන්නෙක් බ්ලොග් ලෝකෙ කැරකුනාට , ඔරිජිනල් යකෙක් ගැන අහපු කාළයක් මතක නෑ. මට හිතුනා පොඩ්ඩක් හොයල බලන්ට. දවස් ගාණක් , හොයල හොයල යාන්තං හොයා ගත්ත මහසෝනව.

 මං: කොහෙද යකෝ, මෙච්චර කල් මකබෑවිලා හිටියෙ? බලපං, මේ කාලෙ යකෙක් හොයා ගන්න තියෙන අමාරුව?

මහසෝනා: ඇයි බොල මැටි බස්සො, මං ඉතිං තනිකම ආත්මය කරගත්ත  එකා වෙච්චි.ම කැමති නෑ , ඔය සමාජ ආස්සරේට. කොටින්ම මම මූණු පොතේවත් නෑ.

" ඒකත් ඇත්ත තමා. මචං , මහසෝන් , මොකද මේ  නිකං ඇදිල ගිහිල්ලා වගෙ? බලපං උඹේ හැටි?ඇයි යකෝ,  උඹව දැක්කාම බයත් හිතෙනව, කොයි වෙලේ කූරියා ගහයිද කියලා"

" කියල වැඩක් නෑ, බස්සො. මට දැං ජීවිතේම එපාවෙලා ඉන්නෙ. දොල පිදේනියක් දැකපු කාලයක් මතක නෑ.  උඹට කියන්න, මං දැං කුණු බක්කි අවුස්සල කාලා තමයි ජීවත් වෙන්නෙ.දැං ඉන්න එකාල , අපට ඉස්සර වගේ සලකන්නෙ නෑ නොවැ?"

"අම්මපා? දුක තමා රංජනී. මේ එක නෙමෙයි බං, කෝ  බං උඹේ හිටිය අනිත් යක්කු සැට් එක? රීරී යකා එහෙම?"

" රීරී පැන්න රට, ඌට දැන් ජයයි. දැං ඌ රට පටෝන ඒජන්සියක් කරනවා. කොහොමත් ඌ ඉස්සර ඉඳන්ම කොලේ  එක එකාගෙ රීරී මාංසෙ බීපු එක නෙව"

" එතකොට කළු කුමාරයා?"

" ආ කළුවට තමා, අපේ සැට් එකෙන් ජයම. කළුව කොහොමත් දැකුම්කලු හාදය වෙච්චි, ඉස්සෙල්ලාම පැන්න රඟ පෑමට. ඔය ටෙලි නාටය වලත් හිටියෙ?දැන් එයා  ගරු කළු මැතිතුමා - පලාත් සභා මන්තිරි කෙනෙක්"

" හැබෑටම.  අහල තියෙන විදිහට කළු කුමාරයා මල් මාමා -බවලත් උදවියට බැල්ම දාන්න දෙයියා කියල තමයි කියන්නෙ. දැන් එව්ව අත් හැරල පිලිවෙලකට ඉන්නව ඇති  නේද?"

" පිස්සුද බස්සො. ඇයි බං උඹ පත්තර කියවන්නෙ නැහ්ද? මේ ලඟදිත්, කව්ද සල්ලිකාර මුදලාලි කෙනෙක්ගෙ පවුලව පන්න ගෙන ගිහින්, මුදලාලිගෙ  අඬු කැඩෙන්න ගහල තිබ්බෙ"

" නෑ. ඇයි බං, ඉතිං මිනිස්සු චන්දෙත් දුන්නද?  උසාවියෙන් අච්චු කලේ නැත්ද?"

" බොට පයිත්තියන්ද බස්සො? මේක  ලංකාව නෙව? ඔය උසාවියෙන් දඩ ගහල තිබ්බෙ එක කකුලට  500 ගානෙ ගෙඩි සුපියල දාහක්ම"

" එතකොට මෝහිනී?"
" අපොයි, බස්සෝ. මෝහිනී නගාට නං එච්චර සාර සුබාවක් නෑ. ඒ කෙලී  ගියා මැද පෙරදිග, ඔය හවුස් මේඩ්ද මොකක්ද එකකට"

" නියමයි. දැං එහෙනං ඔ‍ටුවන්ව බය කරනව ඇති  ඕසෙට. හොඳ වැඩේ, මට පෙන්නන්න බෑ ඕකුන්ව"

" මඟුලක් කියනව. මේ ලඟදි ඒකි නිවාඩුවට ආපු වෙලාවක මාත් එක්ක අඬ, අඬා  විස්තරේ කිව්වා. බය කිරිල්ල කෙසේ වෙතත්, ඇඳන් ඉන්න රෙද්ද පරිස්සම් කරගන්නත් අමාරුලු, ඔය වල් ඔ‍ටුවන්ගෙන්"

12 comments:

  1. පිස්සු හැදෙන සඳ ම තමා බස්සො...!

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට උඹ රට යකෙක් වුනේ. නැත්නක් උඹටත් අබ සරණයි :)

      Delete
  2. පිස්සු හැදෙනවා නේන්නම්..

    ReplyDelete
  3. "ලස්සන බස්සියෙකුත් ඇඳේ නිදි. "
    නිදි??

    ReplyDelete
    Replies
    1. නිදි තමා, ඕන්නම් බුදි කියල දාගන්ට :)

      Delete
  4. ලස්සණ බස්සියෙක් ඇඳේ ඉන්දෙද්දි , බස්සා ජනේලේ ගාවට වෙලා අවට සිරි නරඹනවද? :D

    ReplyDelete
    Replies
    1. එලියෙ පොඩි වවුල් කචල් එකක්, ඒකයි බැලුවෙ :)

      Delete
  5. ඔය යක්කු, ප්‍රේත, කුම්භාණ්ඩයන්ගේ ලස්සන බස්සිව පරෙස්සම් කරගන්න ....

    ReplyDelete
    Replies
    1. දැං ඔය යකෙක් බේතකටවත් හොයාගන්ට නෑ, උන් ඔක්කොම රට පැනල :)

      Delete
  6. ඉස්සර අපේ මල්ලිව බය කරන්නේ දත් දිග ගොය්ය එනවා කියල . අපි පොඩි කාලේ ඔය යක්කු හිටියා නේ . අපේ පැත්තේ තොවිල් හෙමත් කළා මතකයි. ඈතින් තොවිල් බෙර ඇහෙද්දී ආයේ එලියට යනවා නම් බොරු

    ReplyDelete
    Replies
    1. මට හැමදාම හිතෙන ප්‍රශ්ණයක් තමා, ඇයි යක්කු ලංකාවටම ආවෙ කියන එක. හරි, පිටරට වැම්පයර්ල, හොල්මන් ගැන කතා තියනව තමා. දැන් ඉස්සර වගේ පාළු තැන් නෑ. මං හිතන්නෙ, මිනිස්සු සොහොන් පිට්ටනි ගාවට වෙනකල් ගෙවල් හදාගෙන.

      දැන් කාලෙ ලමයින්ව බය කරන්න එහෙම යක්කු, හොල්මන් ගැන කතා කියන්නෙ නෑ, මයෙ හිතේ :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code