Mar 15, 2015

හිටවන කවි

සතියේ දිනවල බස්සා 
සරල අනුවර්තී චලිතයක
ජීවිතේට කිසිම අලුත්
ගැම්මක් නෑ බං

යංතං ඇති,අද ඉරිදා
වැඩට යන්නෙ හෙට සඳුදා
කඩල කකා දෙකක් නැමුවෙ
ඒක නිසයි බං

බොරු කියන්නෙ මොකටෑ බං
හි‍ටු කියලා මරාගත්ත
සුනාමි කාලෙත් ඉඳහිට
මතක් වෙනව දැං

වලියක් නැති ජීවිතයත්
පරිප්පු නැති හෝටලයක්
කියල කව්ද ගල් ඉබ්බෙක්
කිව්ව නේද බං

පල්ලම ඉවරයි දැන්නම්
නිශ්චිත නෑ ඉදිරියෙ මග
ඇන්ජිම නැවතිලා වගෙයි
ගෑසුත් නෑ බං

හොඳ වෑයින් පයින් එකක්
දෙන්න ඕනෙ මයෙ පස්සට
ඇංජිම කික් ස්ටාර්ට් වෙන්නෙ
එතකොට නෙව බං

කිව්වා වගේ නෙවෙයි බොලේ
වැඩේ අමාරුයි කරන්න
බස්සට පොඩි හැලුප් එකක්
දෙන්න බැයිද බං


21 comments:

  1. නෝ ප්‍රොබ්ලම් එකට දෙකක්
    දෙඤ්ඤං දුම් විසි වෙන්ටම
    පොඩියක් දැන් අනිත් පැත්ත
    හැරියන්කෝ බං

    කොහොමද ඕනැයි කිවුවේ
    ජිම් පප්පා ස්ටැයිල් ද
    නැත්තං අපෙ ගජමෑන්ට
    මගෝඩිසා දුන්න වගෙද

    ReplyDelete
    Replies
    1. අනේ, අම්මෝ හොඳටම ඇති
      මට දැන්නම් හොඳටම හති
      ඇණේ ඇවිත් පොරි හැලෙන්න
      දුන්නා දෙකක් දැං :)

      Delete
    2. මං මේ ඇණේ නැද්ද කියල අහන්න පහලට ස්ක්‍රෝල්කරා විතරයි.

      A glutton for punishment?
      Death wish?
      Masochism?
      Bored to death?

      Delete
    3. වැඩිය කිට්‍ටුවෙන් යන්නෙ "bored to death" කියන එක :)

      Delete
    4. OK. face a 12 bore and see.
      Nice knowing u. So long buddy.

      Delete
    5. 12 bore ? බුදු අම්මෝ :)
      So long ??? එහෙම කියන්නෙ දීර්ඝ විරාමයකට නේද?

      Delete
    6. විරාමය කොච්චර දීර්ඝද කියල ඇණේගෙන්ම අහගන්නකො.
      අපි මොකටද අනුන්ගෙ S&Mවලට හොට දාන්නෙ

      Delete
    7. දීර්ඝ විරාමයක්? අපිට කොයින්ද එහෙම සැපක්?
      නිවාඩු අතින් නම් , අපි හරිම දුප්පත්. අවුරුද්දටම දවස් 15.

      පියාඹන වඳුරෙක්ගෙන්, හොට තියන primate ට සුභ පැතුම්

      Delete
    8. Summer holidays. Winter holidays. Take them my avian friend !

      Delete
  2. සෙල්ෆ් ස්ටාට් ඇති කලේ
    කීක් ස්ටාට් කුමට මලේ
    නැතුවට බස්සන්ට මොළේ
    පයින් ගහන්ට හොඳ නැහැනේ රාළේ

    ReplyDelete
    Replies
    1. බස්සන්ගෙ මොලේ
      හොඳා දාන්නට ඇලේ
      සීතල වැදුනු කලේ
      හෙම්බා ගහයි බොලේ

      Delete
    2. බස්ස්ගේ මොළේ
      දැම්මොත් ඇලේ
      පල් වෙයි ජලේ
      මාළුවෝ මැරේ

      Delete
    3. මොකද්ද අවුලක් ඔය බකුසු මොලේ තියනවා
      හිටපු ගමන් , පටස් ගාලා හොට කසන්න ගන්නවා
      කෑලි, බෑලි ටිකක් වෙන්න ඕඩර් කර තියනවා
      යසට තියෙන , දේවල් වල නැති ලෙඩ-දුක් හොයනවා

      Delete
  3. බස්සෝ දැන් දිග කතාවක් ලියන්න කාලය හරි

    ReplyDelete
    Replies
    1. ඔව් තිලකෙ, ලබන සතියෙ දිහාටවත් මොනවා හරි කොටන්න බලන්න ඕනෙ

      Delete
  4. කොච්චර කෙරුවත් අන් අය
    ඇන්ජිම යලි නවතිනවා
    අමාරුවෙන් උඹම එකක්
    ගහ ගනිංකො බං

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙහෙම කෝපි එකක්
      මේ පැත්තේ තියනවා
      සති අන්තේ ,ඒක බීලා
      හැකිදැයි ට්‍රයි කරනවා

      Delete
  5. සීතලට ගල් වෙලා වාගේ
    බස්සගේ මොළේ
    දමල ගත්තොත් හරි යයි
    ගහ මුල "මී " ගුලේ

    ReplyDelete
    Replies
    1. Pied piper වගෙයි හිටියෙ මීයන් අතරේ
      ඒ ආතල් මී සැට් එක දැන් නැහැ මිතුරේ

      Delete
  6. Time for a lady ser bastion.
    U will have all the fights u can handle . Guaranteed :P

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් වගෙ කියන්නෙ :)

      මේ අහන්න කියලයි උන්නෙ. අපේ පිංඇති විරුද්ද පක්සය, වලි වලදි ආවුද වසයෙන් පාවිච්චි කරන්නෙ, කොසු, ඉදල්, හැඳි, වලං, පිඟන් නෙව. අර අගවල් රටේ කස්ටිය මොනවයි පාවිච්චි කරන්නෙ?

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code