Apr 5, 2015

ගොයම් මැස්සෝ සහ සිත්තරපටි බස්සෝ

බොහොම කාලෙකට ඉස්සර කියවපු කතාවක් කෙටි මතක් වුනා. කතාවෙ නම නං මතක නෑ, මයෙ හිතේ ඩබ්ලිව් ඒ සිල්වා මහත්තයා ලියපු කතාවක්ද කොහෙද:


එක ගමක ඉන්නවා යමක්  කමක් තියෙන මුදලාලි කෙනෙක්. ඉස්සරහා ගෙදරට එනවා ඒජන්ත උන්නාන්සෙ කෙනෙක්. මේ  යටත් විජිත කාලේ කතාවක්. ඔය වකවානුවෙ, ආණ්ඩුවෙ ඒජන්ත කියන්නෙ , බොහොම ලොකු සිවිල් බලයක් තිබ්බ තනතුරක්.  මුදලාලියා ටිකක් නාහෙට නාහෙන ගොබිලෙක්, ඒජන්තව සත පහකට ගණන් ගන්නෙ නෑ. ඊටත් වඩා ඒජන්තට  ඉවසන්න බැරි, පුරුද්දක් මේ මුදලාලිගෙ තියනවා. සති අන්තෙ කියන්නෙ,  ඒජන්ත  එයාගෙ වැදගත් යාළුවොන්ව ගෙදරට කැඳවලා සතු‍ටු සාමිචියෙ යෙදෙන දවස.මුදලාලියා මේ  වැඩේ පටන් ගන්නෙ එදාට.

ඉරිදා මුදලාලිගෙ නිවාඩු දවස. මුදලාලි උදේම නාගෙන එනවා ඉස්තෝප්පුවෙ හාන්සි පු‍ටුවට. ලඟ තියෙන කනප්පුවෙ  තියාගන්නව, බැදපු අල පීරිසියකුයි, නැ‍ටුං තෙල් බාගෙ බෝතලයකුයි. තව තියනවා රේඩියෝ කට්ටකුත්. සද්දෙ වැඩිවෙන්න රේඩියෝව දාගන්න මුදලාලි , කකුල් කෙටි දෙකත් හාන්සි පු‍ටුවෙ ඇඳි දෙක උඩ තියාගෙන  වන, වන දැහැන් ගත වෙනවා.

තමන්ගෙ වැදගත් මිතුරන් ඉස්සරහා මේ  මුදලාලියාගෙන් වෙන මදි පුංචිකමට කර කියාගන්න දෙයක් නැතුව ඉන්න එජන්ත තැන, දහ අතේ කල්පනා කරලා ගහනව ප්ලෑනක්. මුදලාලිට දෙනවා, මොකක්ද ගරු තානාන්තරයක්.  ඒක ට්‍රෝජන් අස්පයක්. දැන් මුදලාලියා ඉන්නෙ එජන්ත යටතේ, පහුවෙනි  ඉරිදා සුපුරුදු ආතල් එක ගන්න සෙට් වෙන මුදලාලියාට කතා කරන ඒජන්ත මෙහෙම කියනවා" අයිසෙ, අපි මේ වැදගත් සාකච්චාවක් කරන්නෙ, වහල දානවකො ඔහෙගෙ ඔය කං කරච්චල් රේඩියෝව". එතකොටයි මුදලාලිය තේරෙන්නෙ එජන්ත ඇරපු ඇරිල්ල :)

මං මේ කතාව කිව්වෙ , මගෙ සති අන්ත සිත්තර පටි බලන සෙටප් එකත් ටිකාක් ඒ වගේ නිසා. මං සිත්තර පටි බලන්නෙ කොම්පීතරේ. ඇඳි පු‍ටුවෙ දිගෑදිලා,  කකුල් දෙක තියාගන්නවා බංකුව උඩ. දාගන්නවා හෙඩ් ෆෝන් දෙක. 

ඔය සිත්තර පටිවල සවුන්ඩ් කියන එක බොහොම වැදගත්. ඕකෙ තියනවා නෙව "ඩයිනමික් රේන්ජ්" කියලා උලව්වක්. ඒ කියන්නෙ , අඩුම සද්දෙ ඉඳලා , වැඩිම සද්දෙට තියෙන පරාසය. අපි සිත්තර පටි බලන්නෙ මැද සාලෙ නං, වොලියුම් ටිකක් වැඩිකරලා තියන්න වෙනවා, මොකද නැත්නං අර අඩුම සද්ද නෑහෙන නිසා. දැං එහෙම වොලියුම් සෙට් කලාම, හිටපු ගමන්  අර වැඩි සද්ද එනවා තැපැලෙන්, ඔලුවට පොල්ලෙන් ගැහැව්ව වගේ .  එතකොට අල්ලපු ගෙදර එකා කෝල් කරනවා පොලෝසියට.

ඔය පුරස්නෙ නිසා ටීවී වල තියනවා සෙටින්ග් එකක් ඔය ඩයිනමික් රේන්ජ් එක සප්ප්‍රෙස් කරන්න. එතකොට පොලොසියෙන් එන්නෙ නැ, හැබැයි අර කික් එක එන්නෙ නෑ. ඔය පුරස්න නිසා මං පාවිච්චි කරන්නෙ හෙඩ් ෆෝන්. මයි කාර් - මයි පැස්ටෝල් -මයි  හෙඩ් ෆෝන්.

කොම්පීතරයක් කියන්නෙ සිත්තර පටි බලන්නම හදපු මැසිමක් නෙමෙයි නෙව. හොඳ බ්ලු-රේ කොපියක් බාගත්තාම වීඩියෝ වල අවුලක් නැති වුනාට , සවුන්ඩ් පැත්ත ටිකක් දියුණු කරගන්න වෙනවා. ඉස්සෙල්ලාම හොඳ කොපියක් වෙන්න ඕනෙ. ඒකනෙව බ්ලූ-රේ බාන්නෙ. AC-3 කියන සවුන්ඩ් ෆෝමැට් එක හොඳා.
ඊලඟට අවශ්‍ය වෙනවා AC-3  හාඩ්වෙයා සපෝට් එක තියෙන සවුන්ඩ් කාඩ් එකක්. එව්වා ටිකක් ගණන්. හොයා ගත්තා , යාළුවෙක්ගෙන් රෙපෙයාර් එකකට ඇවිත් ඉතුරු වෙච්ච පරණ සවුන්ඩ් බ්ලාස්ටර් කාඩ් එකක්. හයි කලා, ඒත්  ඩ්‍රයිවර්ස්  තියෙන්නෙ XP වලට විතරයි. ඒක තමා මැනුෆැක්චර්ලගෙ ගේම, ඒ කියන්නෙ ගනින් අලුත් එකක් කියලයි. හහ්, මං ගනියි එව්වා, මං ලංකාවෙ බස්සෙක් නෙව. 

 Daniel_K කියන අපූරු හාදය ලියල තියනවා මේවගෙ  පරණ කාඩ්වලට ඩ්‍රයිවර් එකක්. දැම්මා ඒක, ඔක්කොම  නැති වුනත්, අවශ්‍යම කරන ටික වැඩ. දැං අවශ්‍ය වෙනවා හොඳ හෙඩ් ෆෝන් එකක්. නෑ, නෑ අර අස්ප ගණන් වල එකක් නෙමෙයි, ඒත් තරමක් හොඳ තත්ත්වයේ එකක්.

සේල් දාලා තියෙන වෙලාවට , හාෆ් ප්‍රයිස් වලට ගත්තා මේක. ue 4000හොඳ භාණ්ඩෙ. සැබෑ වෙනසක් තියනවා. කලින් නෑහිච්ච සද්ද ඔක්කොම දැන් ගාණට ඇහෙනවා.Logitech   හෙඩ් ෆොන් ගැන  වගකියන්න බෑ, ඒත් මේක හදන්නෙ එයාල නෙමෙයි. එයාලා මිලදී ගත්ත වෙන කම්පැණි එකක් . අර UE කියන්න එකයි. වටේ තියෙන පැඩින් එක මෙමෙරි ෆොම් වගේ නිසා කණ් සීල් වෙන්න සෙට් වෙනවා. සෑගෙන ගාණකට බේස් තියන්වා. හෙඩ් ෆෝන් වල දුර්වලම කොටස තමා වයර් එක. මේකෙ  ඒක වෙනම ප්ලග් කරන්න පුළුවන්. මං පාවිවිචි කරන්න on-line  එකයි පනහ ගානෙ සැට් එකක්ම ගෙන්න ගත්තා. නෑ, නෑ එකයි පනහ, හෙඩ් ෆෝන් නෙමෙයි, වයර් :)




මේකෙ UE 6000 එහෙම ගන්න නං එපා, ඒක අස්ප ගණන්. එකම වෙනස මේක on ear වර්ශන් එක. මුලදි ටිකක් අපහසු වුනාට පුරුදු වුනාම හරියනවා, Over the ear එව්වා වගේ කන් රත් වෙන්නෙ නෑ.

මං හැම සිත්තර පටියම හයි කොලිටිම බාන්නෙ නැ. කතාව හොඳටම අල්ලලා ගියොත් විතරක් හොඳම කොලිටි එකෙන් ආයෙ බාලා කලෙක්ෂන් එකට දානවා. ඒත් පුළුවන් හැම වෙලාවෙම AC-3 තියෙන කොපියක් බාන්න බලනවා, ඒ සවුන්ඩ් මට වැදගත් නිසා.

එක එක්කෙනාගෙ රසය වෙනස්. ඒත් මගේ  ටයිප් එකේ සිත්තර පටි දෙක තුනකුත් ලියලම දාඤ්ඤං ඈ.


ලඟදිම කලෙක්ෂන් එකට දැම්මෙ:

Ram-Leela

සම්භාව්‍ය ගණයේ එකක් නං නෙමෙයි, ඒත් මං කැමතියි. හරිම වර්ණවත් . සංගීතය සහ දර්ශණ අතින් බොහොම ඉහළයි.


 තව දෙකක්:

Outlander
Centurion
ඔය අන්තිම එක ඇත්ත සිද්දියක් ඇසුරින්  හැදුනු කතාවක්.  Ninth Legion කියන්නෙ බ්‍රිතාන්‍යයේ උතුර අක්‍රමණය කරන්න ඇරපු රෝම හමුදාවක්. සැහෙන විසාල බල ඇණියක්. ගියා ගියාමයි, එහෙම්ම අතුරුදහන් වුනා. අදටත් හරියට දන්නෙ නෑ , මොකද වුනේ කියලා. ලස්සන කතාව. බලන්න.

තව දෙකක්, පරණ වුනත් මසුරං වටිනවා

The Bucket List
The Shawshank Redemption

ආ අර ගොයම් මැස්සා, මේ නිකම් නම රයිම් වෙන්න දාපු එකක්. හැබැයි, " ඕකා ඔය පිහා‍ටු පුම්බං හිටියට මැස්සො බීපු ගොයම් ගහවගේ,  රෝස් කරලත් වැඩක් නෑ, ක‍ටුම විතරයි" කියල නං රට්‍ටු කියල තියනවා :)

පුඩිම : බොහෝවිට අපට අපූරු සිත්තරපටි ඔත්තු බෙදන කුරුමිණියාට

33 comments:

  1. ඔය තියෙන්නෙ.. මේකනං බ්ලොග් පෝස්ට් එකක් හැටියට පිළිගන්ට පුළුවන්.. :-D

    ReplyDelete
  2. ඉංගිරීසි ෆිල්ම් දෙක නම් බලලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒත් එව්වට දිනේෂ් එච්චරම කැමති නැති පාටයි. එක එක්කෙනාගෙ රසය විවිධයි නෙව? ඒ තියා කාළයත් එක්ක මයෙත් රසය වෙනස් වෙනවා

      Delete
  3. පුඩිමට තැන්කෝ... කුරුමිණියා නෙමේ අහිංසක සොල්දාදුවා...

    ඔය රාම් ලීලා චිත්‍රපටියේ වෙන්න ඕනේ... දවසක් හවස් වරුවක තේ එකක් හදද්දී ටීවී එකේ සිංදුවක් ගියා... හාමිනේයි මායි ඒක රඟපාන්න ගියා පැන්ට්‍රි එක පුරාම කිරිපිටි... :D

    ReplyDelete
    Replies
    1. // කුරුමිණියා නෙමේ අහිංසක සොල්දාදුවා//

      හුටා!, ඕ යෙස් සාජ්

      හප්පේ, ඒ සිංදු වල අතපය විසි කරන විදිහට ඔයින් ගියා මදැයි?

      Delete
    2. අතපය විසිකරන හරියට ආවේ නෑ හොඳවෙලාවට... මුල් විනාඩි කීපය විතරයි කෙරුනේ... :D

      ඊයේ රෑ නිදිමතේ හිටියේ...සිංදු හොයන මූඩ් එකක හිටියේ නෑ... දැන් සර්ච් කලා... රාම් ලීලා තමයි..
      Lahu Munh Lag Gaya Song

      Delete
    3. හොඳ වෙලාවට බොලා දෙන්නා රාම් ලීලා ඇට් කොලේ‍‍.. Mr. and Mrs. Smith ඇට් කොරන්ට ගියානම් එහෙම කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ.. :-O

      Delete
  4. Sometimes I watch films in my lab with sounds full on while students are taking an exam in the next room. :)
    One of the perks of having a class iii lab I guess :D.
    Centurion and outlander ++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. \\One of the perks of having a class iii lab I guess\\

      ආමේන්! :)
      අපිට කොයින්ද පූසෝ මාළු, අපි යනවැයි මූදු?

      Delete
    2. Sure it's not one of your torturing mice experiments? Tensile strength for eardrums or some such thing?

      Oh, you and DGMB are real comrades in arms eh?
      Mice are the common victims !

      Come to think of it you two have similar persecutors too. But, less said about it the better.

      Delete
    3. දැක්කද බුරෝ ජම්ප් එක , ඔහේගෙ කරට උඩින් පැනලා, මී ගුලට ලෑන්ඩ් කරපු ලස්සන :)

      Delete
    4. ඔවුවට කියන්නෙ ගෝරිලි පිනුම් කියලා... :-D

      Delete
    5. ඊළඟ එක්ස්පෙරිමන්ට් එකට ගන්නේ ගොරිල්ලෝ. පරිස්සමෙන් හිටු.

      //ආමේන්! :)
      අපිට කොයින්ද පූසෝ මාළු, අපි යනවැයි මූදු?//

      try wearing hazmat for 6 hours, මාළු එපා වෙනවා :P

      Delete
  5. යකෝ,සොරි බස්ශෝ බලහල්ලා කෝ ඔය එක සිත්තර පටියක්වත් බලලා නැහැනේ මං හිටං.
    අර රෝම සෙට් එක අතුරුදහන් වෙච්චි කේස් එකවත් බලන්ට ඕනේ හිටං.

    ReplyDelete
    Replies
    1. අර පහල තියෙන The bucket list,The Shawshank redemption දෙකත් නියමයි. ගැඹුරක් තියෙන , අමතක නොවෙන කතා

      Delete
  6. Any good reading about Legio nona Hispana Pra Jay? Sounds like a good reading.. and the Roman era in Britain is one of my favourite periods in history..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Bur,
      That period is what really got me into HF - Rosemary Sutchcliff's books. Soooo many Roman-Britain books. A lot of them are written for children but thoroughly enjoyable by adults too. If u are in UK ( as the rumours go) it easy to get hold of them in second hand book stores. If not available in ur local second hand shop u just have to hop in to a train to Charin Cross or Great Russell. ;-)
      Also, Amazon !
      Mary Stewart and Victor Canning are good on Arthur and Merlin. Better than the new crop of Arthurian authors

      Delete
    3. No No, not Romano-Britain or Arthur & Merlin magic.. I asked for something specially about the IX Legion.. and it doesn't need to be a fiction.. I am a history buff, so something like Mahawamsa is also readable..

      Delete
    4. Well, one of Sutcliff's books is titled "The 9th Legion". I think there are two others dealing with the same theme.

      Non-fiction - I think starting with Gibbon ( actually, some surviving Roman works too deal with it) almost all Roman history books mention it at least in passing. I don't have your photographic memory; can tell some names after checking. Of the recent historians .... maybe... Sidebottom, Holland, Goldsworthy

      Delete
  7. කමෙන්ට් දාන්ට බැරි තරම් ඉක්මනට බස්සා පෝස්ට් මාරු කරනවනේ.
    ඔය කියන ෆිල්ම් ගොඩ බලන්ට වෙලා නැතෝ...:P

    'රාම් ලීලා' බලන්ට හැදුවා. හැදුවා. හිතෙන්නේ නෑ අප්පා. දීපිකා නම් හොඳයි. අර නලුවා මොන පැත්තෙන් බැලුවත් වැඩක් නෑ...:P

    ReplyDelete
    Replies
    1. නොලිය කොහොමද? මාව කන්න හැදුව නෙව අර කලින් කෙටි කතාව වංචාවක් කියලා :)

      Delete
  8. අනේ මට ඔය සවුන්ඩ් ඒ හැටි වගක් නෑ නෙව... කනට ඇහෙන්න තියනව නම් එච්චරයි. හැබැයි මම චිත්‍රපටි බලනකොට ටිකක් උවමනාවෙන් හොයන දෙයක් තමයි සබ්ටයිට්ල්ස් තියනවද කියන එක...

    කොහොමත් මම බාගෙන චිත්‍රපටි බලන්නෙ නැති තරම්. ඩීවීඩී එකක් ලාබෙට දාපු වෙලාවක හරි නැත්නම් කුළියට අරගෙන හරි බලනවා මිසක. එහෙම ගෙනාපු එව්වත් තාම ගොඩ ගැහිලා...

    ReplyDelete
    Replies
    1. කාලයක් තිබුනා, මාත් ඔය 5.1 දාගෙන , සවුන්ඩ් ස්ටේජ් ද , අරකද මේකද එක්ක නටපු කාලයක්. පස්සෙ කව්දෝ කිව්වා "elementary, my dear Watson"( © PJ) , දැන් ස්ටීරියෝ විතරයි

      Delete
  9. ඔය බෙංගාලි ලේඛක ඩබ්ලිව් රාමන්ගේ 'තනතුර' කෙටිකථාව නේ?

    5.1 / 7.1 අහනව වගේ නෑ ආයිබෝවංඩ හැබැයි ඔව්වා, නැන්ද මං අහන්නේ?

    ReplyDelete
    Replies
    1. තැන්කූ රාමන් ගැන කිව්වට, හොයන්න ඕනෙ එයාගෙ කතා. 7.1? දැන් අපි මධ්‍යම ප්‍රතිපදාව නෙව :)

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්... සොයන්ට එපා එහෙම කෙනෙක් නෑ!

      කොකරෝඩියා විශ්වවිද්‍යාලයේ උගත් ටී ජී ඩබ්ලිව් ද සිල්වා ලියූ කථාවක ඔය වගේ 'තීර්ථ දමන' උපක්‍රමයක් දක්වා තිබෙනවා...!

      Delete
  10. Pathfinder බලල තියනවද Vikings Vs Red Indians (or Native Indians or Native Americans or Indigenous Americans. මොකක්ද බොස් current politically correct නම?Injuns කිව්වොත් ගුටිකන්න වෙයිනේ? )

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Pathfinder_(2007_film)

      Delete
    2. හ්ම්...Pocahontas වගේ කතාවක්. වයිකින්ලා , කොලොම්බස්ට බොහෝ කාලෙකට කලින් උතුරු ඇමරිකාවට ආව කියල සාධක තියනවයි කියනව. මොකක් හරි හේතුවකට , දිගටම ඉඳලා නෑ :)

      Delete
    3. පස්ට පිලුම් එක

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code