Jul 30, 2018

බස්සා , ඉඳික‍ටුව සහ ඇනිමේ

නිමිත්ත : කලානිධි( කාලා-බුදි) බස්සා
මාතෘකාව: තනි ඇහැට ඇඬිච්ච සිංදු දෙකක් සහ කා‍ටුන් එකක්




මං ආයෙ සිංහල ටෙලි බලන්න ගත්තා. මිනි ගං දෑළ ගැන ඇතිවෙන්නෙ  අනෙක් අය ලියල තියන නිසා ආයෙ කියන්නෙ මොකැටෑ? ඇරත් මෙව්වා තියෙන්නෙ රස විඳින්න. මේකට කිට්‍ටුවෙන් යන  පරණ නමුත් වැඩි ප්‍රසිද්ධියක් නැති සිංදුවක් මේ:


කාළෙන් කාළෙට මගේ රස වින්දනය වෙනස් වෙනවා. දැන් අලුත්ම සොයා ගැනීම  ඇනිමෙ. 1995 හදපු කතාවක්. ඒත් කැත නැතුව බැලුවෑකි. මං කැමතිම අර සබ්වේ එකේ යන පුසගෙ කොටසට. කණගා‍ටුදායක පසු කතාවක්: ඩිරෙක්ටර් මලා - වැඩකරලා වැඩිවෙලා. ඒ නිසා බස්සො කම්මැලියි කියන ඔහෙලටයි මේ  කියන්නෙ, දැන් දන්නවෙනෙ අපි කම්මැලි ඇයි කියලා?








28 comments:

  1. Whisper of the Heart මම හරිම ආදරේ කරන කාටූන් එකක්. ඒ ජාතියේ තව ඒවා දන්නවානම් කියන්නකො බස්සෝ, මං anime වලින් බලලා තියෙන්නේ ඕක විතරයි. මමනං ඒකෙ ආසම කොල්ලා වයලින් එක ගහද්දි, කෙල්ල country roads සින්දුව කියන තැනට. :)

    ReplyDelete
    Replies
    1. The secret world of arrietty & Your Name

      Delete
    2. ස්තූතියි මහේෂ්.

      Delete
    3. දෙන්නංකො ගමකට , ඇනිමෙ වල පිකාසෝල Studio Ghibli.Whisper of the Heart සහ ඔය මහේෂ් කියපු The secret world of arrietty දෙකම එයාලගෙ. මේ තියෙන්නෙ මම The secret world of arrietty ගැන ලියපු පොඩි හැන්ඳින්වීමක්:

      කුරුමිට්ටන් සමඟ සුභ අලුත් අවුරුද්දක්!


      Delete
    4. මේ එයාලගෙ ඔක්කොම ටික:
      List of Studio Ghibli works
      ඒ අතරින් මම කැමතිම එව්වා:

      Only Yesterday
      Howl's Moving Castle
      From Up on Poppy Hill
      වෙනත් අයගෙ ඇනිමෙ අතරින් ලස්සන එකක් තමයි ඔය මහේෂ් කියල තියන Your Name(Kimi no Na wa). තව TV series අතරින් අතරින් අතරින් steins gate, Classroom of the Elite .ඇනිමෙ කියන්නෙ සාගරයක්. එක සැරයක් ගිලුනොත් ආයෙ ගොඩ එනව බොරු. ඒත් සොයන්නාට හම්බ වෙනව - මුතු බෙල්ලො :)





      Delete
    5. Ookami Kodomo no Ame to Yuki
      Hotarubi no Mori e

      Delete
  2. කාලා-බුදි බශ්ෂාතුමනි මට නම් නිර්මලාගේ සින්දුවට ඒ තරම් හිත ගියේ නැහැ නන්දා මාලනියගේ "කඩ මන්ඩියේ දොළ අයිනේ" එකට තරම්.හැබැයි ඒ සින්දුව තියෙන "මියුරස වින්දන" වෙබ් අඩවිය නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ෂා, කඩ මන්ඩියේ දොළ අයිනේ එව්වා timeless classic. මහේෂ් අහල තියනවයි සුදු මහත්තයගෙයි- අබංක කුසුමගෙයි කතාව. ට් රූ ඉස්ටෝරිය. ඉස්සර මෙහෙ ආව ගිය , පස්සෙ වාෂ්ප වෙච්ච නෝනෙක් තමා කිව්වෙ. මේ සිංදු දෙකම ඒ කතාවට ගැලපෙනවා.

      කුසුමා අවංක ලිව්වෙ "අබංක" කියලයි(සැපදුක අසනු බෑ, අකුරක් බැරි පවට). ඔහෙට කියන්න , සිංදුයි කතාවයි කිතුල් රා වලට,මඤ්ඤොක්කයි ලුණුමිරිසුයි වගේ රහයි.

      Delete
  3. Commented in econ's post. Referred to ur comment too. Good discussion.

    ( Sorry, Lord Eat-Sleep Owl, I seem to have a peoblem commenting here using laptop. So, used phone which doesn't have Sinhala font. Thousand and one apologies. )

    ReplyDelete
    Replies
    1. Correction- problem.
      This here phone commenting ain't easy,friend.

      Delete
    2. //This here phone commenting ain't easy,friend//

      I feel your pain, mate :). Aha, I can see,that "auto- correction" has made your day:).

      I saw your comment on Econ's. Thanks for all the hard work. I knew you would come.

      Delete
  4. සු(z)ටෝපියා එකත් හැට්ටර් කාලෙකින් බලපු හොඳ පිචෑර් එකක්.
    මගේ මිසර ජාතික මිත්‍රය 'ත්‍රයි එවිරිසින්ග්' සින්දුව කියනකොටත් ppn.

    ජයින් ජයිම වේවා!
    myself Hattor

    ReplyDelete
    Replies
    1. Zootopia මගෙත් කැමතිම කාටූන් එකක්. ආණ්ඩුවෙ කන්තෝරුවල හෙමින් වැඩ කරන කස්ටිය , උණහපුලුවොන්ට අන්දෝපු එක බලල හිනා කාල මලා.

      Delete
    2. විට්ටර් මල්ලි.. කොහොමෙයි . ගොඩ කාලෙකින් දැක්කේ ?

      Delete
  5. කාටුන් කියද්දී මෑත කාලයේ අසාවෙන් බලපු Shaun the Sheep මතක් උනා .
    බැදලා ළමයි හිටියට කාටුන් බලන්න තහනමක් නෑ නොවැ .

    ReplyDelete
    Replies
    1. මම කාලයක් කාටූන්වලට ඇබ්බැහිවෙලා හිටියා. මගේ නික් නේම් එක "කාටූන්". පස්සෙ ඒක ලොප් වෙලා කා‍ටුවා වුනා.

      Delete
  6. බෝම කාලෙකින්...

    ආලවන්ත බහකට ආවෙ නෑ කියල අමනාප උනා නම් කෝළ කැකුළියො කීයක් නං එක්ක අමනාප වෙන්නද අප්පා...

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ මගෙ මිත්‍රයෙක්ගෙ පරණ කතාවක් :
      "ඔහොම හරි යන්නෙ නෑ බොලං, නෑ , බෑ කිව්වට කමක් නෑ , ඒත් අහන්න ඕනෙ"
      "හෑ, උඹ අහපු ඒවට බෑ කියලත් තියනවද?"
      "ඉසේ කෙස් ගාණට"

      Delete
  7. සින්දුවේ සංගීතය නම් හිතට ඇදිල ගියා

    ReplyDelete
    Replies
    1. ඔව්.මට ඒකෙ මොකක්ද දුක්මුසු රසයක් දැනෙනවා

      Delete
  8. ජපන් ඇනිමේ වලට හෙන කැමතියි. ෆිල්ම් හුඟක් තියනවා. කිකී ගේ ඩිලිවරි සර්විස් එක බැලුවද? අපේ පුසගේ නමත් කිකී ළමයි නම දැම්මේ ෆිල්ම් එක බලල . මේ ෆිල්ම් එක ලස්සනම එකක්.

    ReplyDelete
    Replies
    1. බැලුවා, බැලුවා. පූසාගෙ නම කිකී? කුස්සියෙ කොස්ස හිටපු ගමන් අතුරුදහන්වෙන ගතියක් තියනවාද? :)

      Delete
    2. ඔව් නේ මම එත් බැලුව මොකද කියල. ලපුටා බැලුවද

      Delete
  9. ආ බෂ්ෂො.. කෝමෙයි? කාලෙකින්..

    ReplyDelete
    Replies
    1. කිරි අප්පුච්චේ බුරා! බාප්ප දැක්කා වගේ සං‍තෝසයි. මෙව්වට පෝස්ට් කියන්න බෑ, ඒත් පරණ පුරුදු අත්හරින්න බැරි නිසා ඉඳලා හිටලා කොටල දානවා :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code