Jul 15, 2020

බනානා රිපබ්ලික්


හෝතම්ඹුවා : ඉඳා,  කාපිය

බස්සා : හුහ්, අපි නං කයි ඔය ජරාව. ඔය බැබලි,බැබලි හිටියට මෙලෝ රහක් නෑ

 උඹට කියන්න වෙන්නප්පුවෝ ( හෝතඹුවාගෙ ගම  වෙන්නප්පුවෙ), අපි පොඩිකාලෙ නෙව කෙසෙල් කෑවෙ. අප්පා එව්වයෙ රහ. කෝලිකුට්ටු, ඇම්බුං, රත් කෙහෙල්, තව නාග සලං

හෝතම්ඹුවා : හෑ. තෝ ඒකත් කෑවද? මං දැණ ගත්තා දේවාලෙ නාග සලං අතුරුදහන් වුනාම? නාග සලං නෙවෙයි උලමො ඒ  ආනම් පලං

බස්සා :  ආන්න හරි. ආනම් පලං. ඒ තියා එච්චර ලකයක් නැති ඇඹුල්, වතුපාලු උනත් මේ උලව්වට වඩා හොඳා. දැක්කා නේද  අර ලංකාවෙන් ගෙන්නුවයි කිව්ව අර නාටු ඇඹුල් ඇවරියෙ ගාණ. අම්මපා මයෙ තටු දෙකත් උගස් කරන්න වෙනවා නෙව එව්වා කන්න.

හෝතම්ඹුවා : ඈ බං. අපි ඒ කාලෙ කෑව අර කොල පාට ආනමාලු වලට මොකදෑ වුනේ?

බස්සා : වඳ වුනා

හෝතම්ඹුවා :  හෑ?

බස්සා : ඔව්, ඔව් වඳ වුනා, චුත වුනා, වාෂ්ප වුනා. දැන් මේ අපේ පරණ බ්ලොග් ලියන අප්පුල වාෂ්ප වුනේ? ආන්න ඒ වගේ තමා.

ඔන්න ඔහොමයි බස්සාගෙ බනානා රිසර්ච් එකට අඩිතාලම වැටුනෙ.

ඕං බනානා..... ඕං බනානා......


ඔය දැන් අපි කන කහ ඉත්තට බැබලි,බැබලි ඉන්නෙ
Cavendish බනානා. අර රස ඉදුනත් කොලපාට ආනමාලු Gros Michel. දිලීර රෝගයක් නිසා Gros Michel වැඩිහරියක් වඳ වෙලා. කෙසෙල් ගෙඩියේ කතාව එච්චරම සරල නෑ. හැබැයි බලන්න කම්මැලි නෑ.මට හිතෙන්නෙ මේ පහල වීඩියෝව ඒ ගැන හොඳට පැහැදිලි කරනව කියලයි.



ඔන්න එහෙනං monoculture, බහුජාතික සමාගම්. වෙළඳ අධිකාරිය. . මාෆියාව. බනානා රිපබ්ලික් දේශපාලනය සමඟ අපේ කෙසෙල් ගෙඩියේ අනාගතය.

ඇත්තම කතාව, එච්චරම රස නැතත් Cavendish නරකමත් නෑ. අකමැති වුනත්,  කෙසෙල් සරිරෙ සීනි පාලනයට අවශය, පොටෑසියම් ආකරයක්. අනික ඔය කිඹුල්ලු යස අගේට කිරිමැටිත් ගිලින්නෙ?

පසු සටහන:
නිවේදක ගෑල්ලමයා ග්‍රීන් හවුස් සුද්ද දිහා දාපු  බැල්ම වගේ අවස්ථාවකට ඔහෙලට මුහුණ දෙන්න වුනොත්, තම තමංගෙ කෙහෙල් ගෙඩි පරිස්ස කරගන්න එක, ඔහෙලගෙ වගකීම ඈ?
( අවුලක් නැ , මං නං ඉතිං කොහොමත් මූකලං(වල්) බස්සෙක් නෙව?)

16 comments:

  1. https://dynimages.crazy-factory.com/actionshots/live/zoom/p113899/292223.jpg

    http://www.artnet.com/artists/frank-miles/owl-and-mongoose-E1Q-9Va8lNQetGoX9UP4fw2

    https://www.shutterstock.com/image-photo/mongoose-eats-bananas-1227518776

    ReplyDelete
    Replies
    1. 1.ඉතිං කොහොමත් මූකලං(වල්) බස්සෙක් නෙව?)
      2. ( හෝතඹුවාගෙ ගම වෙන්නප්පුවෙ),
      3. බැබලි,බැබලි ඉන්නෙ

      Delete
    2. පේන විදිහට 1.3 මාරු වෙලා වෙගේ නේද? නියමයි. අර හෝතඹුවා කෙහෙල් ගිලින එක තමා මං කැමතිම :)

      Delete
  2. ජුසේ වාස් මුනිඳුනි එහෙනං හෝතඹුවගේ ගම වෙන්නප්පුව.
    ඔය ඉඳල හිටලා වෙනසකට චීන කඩේකින් ගන්ඩ මැක්සිකෝවෙන් එන තායි බනානා, අර ලංකාවේ විකුණන්නේ සීනිකෙෂෙල් කියල එව්වම තමා. Manzanoත් හොඳයි, mini කෝලිකුට්ටු.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ජයවේවා!

      බොහොම පිං ඔත්තුවට. ඔය කියන සීනිකෙසෙල් වලට අපේ සාවියෙ කිව්වෙ වතුපාලු කියලා. හැදෙනවා හිටු කියලා. පුදුම ප්‍රතිශක්තියක් තියෙන්නෙ. ඒ ප්‍රතිශක්තිය වගේම රසත් තිබ්බ නං, ලෝකෙ කෙසෙල් ප්‍රශ්ණෙ ඉබේම විසඳිලා.

      Delete
  3. වතුපාලු කියල කියන්න ගැළපෙන්නෙ සීනි කෙසෙලි නෙවෙයි, සුවදැල්... අවුරුද්දක් විතර යනකොට එක පැලේකිං පැල සීයක් විතර හැදිලා පඳුරම යකාට යනව වත්තත් එක්කම...

    ReplyDelete
    Replies
    1. මං හිතන් හිටියෙ සුවඳැල් කියන්නෙ ඇම්බුං වගේ වැදගත් කෙසෙල් ජාතියක් කියලා.
      //අවුරුද්දක් විතර යනකොට එක පැලේකිං පැල සීයක් විතර හැදිලා පඳුරම යකාට යනව වත්තත් එක්කම...//
      ආන්න හරි. එහෙම තමා වෙන්නෙ.

      Delete
    2. සුවඳැල් වැදගත් තමා. රස සහ ගුණ හරියටම කෝලිකුට්ටුයි සීනි කෙහෙලුයි කළවං වුණාම වගේ. පඳුර හරියට පාලනය නොකළොත් පලදාවත් යකාට යනව දෙවෙනි පරම්පරාවෙ ඉඳං.

      Delete
    3. //රස සහ ගුණ හරියටම කෝලිකුට්ටුයි සීනි කෙහෙලුයි කළවං වුණාම වගේ//

      ම්හු.. එහෙනං අපේ වතුපාලු සුවඳැල් වෙන්න බෑ. එව්වට රබර් කෙහෙල් කියලත් කිව්වා. ගෙඩිය ඇඹුල් වලටත් වඩා කුඩායි.

      Delete
    4. මට වැරදිලා වෙන්ඩ පුළුවං. හැබැයි වතුපාලු කියන නම සිරාවටම ගැළපෙන්නෙ සුවදැල්වලට තමා. රබර් කියන්නෙ නං අපේ පැත්තෙ සීනි කෙහෙල් වල ලොකු සයිස් එකට. සුවදැල් දෙවෙනි තුං වෙනි පරම්පරාවෙ කැන් වල ගෙඩි ඇඹුල්වලට වඩා කුඩා වෙනව. පළවෙනි පරම්පරාව තමා කෝලිකුට්ටු තරං ලොකු වෙන්නෙ. රසයි ගුණයි.

      Delete
  4. මේක කියවද්දි මතක් උනේ ම, gods must be crazy එකේ විප්ලවකාරයො හැංගිලා හිටපු banana forest එකයි, හෙලිකොප්ටරේකිං ඒක රේඩ් කරද්දි ආර්පීජී ගහපු හැටියි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... gods must be crazy. මම සංග්‍රාම කතාවලට එච්චර මනාපනැති හින්දා මිස් වෙන්නෙ ඇති.

      Delete
    2. මේක සංග්‍රාම කතාවක් නෙවෙයි බකෝ...!!! සිරා කොමඩියක්. බල!!! බල!!!

      Delete
    3. ආන්න ජ්ංසන්, කොමඩි නං ආයෙ මොනවද? ස්තූතියි, අන්ධ්කාරයේ ආදිපාදතුමනි.

      Delete
    4. මෙන්න ටොරන්ට් එක... බලල ගුණාගුණ කියන්ඩ.

      Delete
    5. https://torhd.mrunblock.pro/movie/10194-The-Gods-Must-Be-Crazy

      හුටා! උඩ කමෙන්ට් එකේ ලිංක් එක දැම්මෙ නෑනෙ. ඒක මෙතන...

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code