Dec 22, 2020

බස්සා සහ සපත්තු ලේස්


නෑ, නෑ සෙරෙප්පු සුප් නෙමෙයි, මේ වෙන එකක්. ඇත්ත, ලෝකයා මට " චීප් ****" කියනවා තමා. ඒත් අපි සැලෙයි ඔව්වට, උන්යෑ මට කන්න දෙන්නෙ?

කම්පියුටර් අප්ග්‍රේඩ් වලට ආවම, මගේ ප්‍රතිපත්තිය තමා shoestring budget. බස්සා කියන්නෙ සේල් කාක්කෙක්. දැක්කද ඩීල් එකක්, කොටන්නෙ උඩ පැනලා. සමහර විට මේ සෙල්ලම වරදින වෙලාවලුත් නැත්තෙම නෑ. දැන් බලාන්ට සේල් නිසා කොටල ගත්ත, Intel i5 9400F හොඳම තේරීම නෙවෙයි, මොකද එව්වට එන motherboard ගණන් නිසා, එහෙම කියල බෑ නෙව? දැම්මා shoestring තියරිය, ගත්තා MSI H310m pro-vdh plus motherboard එක. ඔබට සතුටුයිද දැන්? නෑ නෙව.

දැන් මොකක්ද එතකොට ප්‍රශ්ණෙ? අටෝරාසියක් වෙන ප්‍රශ්ණ තිබ්බත්, එව්වා ඉවසතෑකි, අවුල, මේකෙ තියෙන්නෙ SATA port 4 යි. Windows SSD එකයි  , Catalina SSD එකයි ගියාම තව ඉතුරු SATA port දෙකයි. මම ප්‍රතිපත්තියක් විදිහට 8Tb වලට වැඩි HDD නොගන්න නිසා, ඔව් මේක සෑහෙන්න  බොන්න වෙන ප්‍රශ්ණයක්.

කොහොමත්, SATA port වල ඇති ජන්ම speed-limit නිසා SSD වල උපරිම වේගය ලැබෙන්නෙ නෑ(bottleneck). මේකට විසඳුම SATA interface එක භාවිතා නොකරන, PCI bus එකට කෙලින්ම සම්බන්ධ වෙන M.2 Nvme වලට යන එකයි. එත් අපිට කොයිද පූසො මාළු, කියන්නැහෙ, මගෙ ලාබ motherboard එකේ M.2 නෑ.

විසඳුම: තවත් shoestring ගැජමැටික් එකක්: PCI-e to M.2 Nvme extension card. සුපියල් හත-අටකටද කොහොද චීනෙන් ගෙන්න ගත්තෙ. මේක හොඳින් නිරීක්ෂණය කලොත් පේනවා, PCIx1 කොටසට විතරයි ට්‍රැක්ස් සම්බන්ධ වෙන්නෙ කියලා. ඒ තියා අනික් කොටස් ඕනෙ නැත්නම් කඩා දාන්න පුළුවන් විදිහට හිල් පේලියක් දීලත් තියනවා. මගේ දුප්පත් motherboard එකට හොඳට ගැලපෙන පාටයි.

ඔන්න ඔහොම ඉන්න කොට තමා, මෙන්න මෙයාව  Crucial 2TB P1 NVMe M.2 2280 Internal SSD යැංකි සුපියල් 91$කට සේල් දැම්මෙ. මොනවා අහනවද? කෙටුව ස්වාමීනි කෙටුවා. අපේ සාවියට Free Shipping, ටැක්ස් විතරයි. ඔය මං ඩීල් බලන්න යන සයිට් එකේ, ආප්තෝදේශයක් තියනවා, " Buy now, think later" කියලා. මං ඕක අකුරටම පිළිපදිනවා. මොනවද කියන්නෙ, විනාඩි දහයෙන් බඩු ඉවරයි, වාෂ්ප වුනා.


ඊළඟ නැවතුම චීනෙ. Aliexpress වලින් ඕඩර් කලා ලාබෙට heat spreaders. SDD and RAM දෙකටම ගියේ සුපියල් දහයක් විතර තමා. බඩු එන්නෙ එන මාසෙ, අවුලක් නෑ. ඔන්න ඔහොම තමා පිංවතුනි, මේ දවස්වල මයෙ පොකැට් එක හිඳෙන්නෙ.

ඔන්න මාසෙට පෝස්ට් තුනේ කෝට එක ඉවර කලා. සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා! x 2








32 comments:

  1. අඩේ ඒ මොකද්ද ඒ එස්එස්ඩී කියන්නෙ? හාඩ් ඩිස්ක්වලට විකල්පයද්ද?

    ReplyDelete
    Replies
    1. උඹ ඔය ඇත්තටමද අහන්නෙ, නැත්නම් විහිලුවටද? ගර්ර්.....

      Delete
    2. ඔන්න ඔහේ ඕන පාං බාගයක් දෙකයි පනහයි කියලා ලියලම දාන්නම්. SSD - Solid State Drive කියන්නෙ මැකෑනිකල්, මූවින් පාට්ස් නැති, හාඩ් ඩිස්ක් එකක්. හොඳ සහ නරක දෙකම තියෙනවා. ඒ අතරින් අධික මිල. අඩු ධාරිතාව සහ ඉහල ස්පීඩ් එක, කියන දේවල් සලකා බලල, මේවා දැනට, Operating System එක තියෙන පාටිෂන් එකට විතරක් භාවිතා වෙනවා. ඒ නිසා කෙලින්ම සම්ප්‍රාධානුකූල HDD වලට විකල්පයක් කියල කියන්නත් බෑ. ඩෙස්ක්ටොප් කම්පියුටර් වල, SSD OS වලටත්, HDD දත්ත ගබඩා කිරීමටත් පාවිච්චි වෙනවා.
      හැබැයි ලැප්ටොප් ගත්තාම, තියෙන එකම ඩ්‍රයිව් එක SDD කිරීමෙන් වාසි රැසක් ලැබෙන නිසා විකල්පයක් නෙමෙයි කියන්නමත් බෑ.

      කිව්වා හරිද මන්දා? මං කොහොමත් ටිකා..ක් ඉතර ව්‍යාකූල පක්සියා, ආයිබෝවංඩ.

      Delete
    3. මං දැනං උන්නෙ නෑ ඔය අටමගල්... අන්තිම වරට කොම්පියුටරේ අප්ඩේට් කළේ දැනට අවුරුදු පහ - හයකට කලිං. ඒ කාලෙ ඔව්ව තිබුණෙ නෑ අපෙ හාමුදුරුවනේ.

      Delete
    4. අන්තිම වරට කිව්වෙ, අර කස්ටිය ගල් මෝල කරකවල, පැණිය හින්දෝපු කාළෙද? ගෙන්නන්න එපා කාලි, පෝඩා...

      අපේ හෝතම්බු කොම්පීටරෙත් ඔය වගේම තමා, ඔය ඌ පාවිච්චි කරන්නෙ යස අගේට. මේ ලඟකදි, ටිකක් ස්ලෝ කියලා, ලඟ කොම්පියුටර් කඩේකින් සුපියල් 25කට සුද්ද කරන්න පොරොන්දු කරවගෙන ගෙනිච්චා. ගෙනියන්න කලින් නිකමට ඇරල බැලුව, මගෙ අම්මෝ ඒකෙ තුබුණ දූවිලි කන්දරාව!. මට ඇත්තටම කඩේ එකා ගැන දුක හිතුනා.

      ඇත්තටම එහෙම අප්ඩේට් කරන්නම අවශ්‍යම නෑ. ඕකට කියන්නෙ "If it ain't broken, don't fix it " කියලයි. අවුලක් නෑ, ඒකත් එක ක්‍රමයක්. මම කැමති "අටුව කඩා, පුටුව සෑදීමේ" ක්‍රමේ ටිකාක් ව්‍යාකූලයි, හැබැයි ඒක වෙනමම ආතල් එකක්, එච්චරයි.

      Delete
    5. හනේ ඉතිං...

      මං කිව්වෙ බං, මම දැං කම්පියුටරේකිං කරන්නෙ ඉන්ටනෙට් යන එකයි, ලියන එකයි විතරයි. ඉතිං ඒකට මට මේ තියෙන අයි සෙවන් හත්වෙනි පරම්පරාවෙ මෝල ඉහටත් උඩිං... හරියට මැස්සෙකුට වෙඩි තියනව වගේ. මේකෙ රැම් එක 4GB. පස්සෙ ඉතිං කොල්ලට ඔ්නෙ උනොත් ඌ මේක අප්ඩේට් කරගනියි. ඔව්ව මහ වියදං වැඩ ආයිබොවං. මෙහෙ අපි යන්තං කාල ඇඳල ඉන්න එකත් මේ රටේ හැටියට ලක්ෂරි...

      Delete
    6. සැඉපිකේට් ට්රූ. යන්නෙ ඉන්ටනෙට් විතර නං හත්වෙනි පරම්පරාවෙ i7 කියන්නෙ ලක්ෂරි තමා.

      හැබැයි මට දුක කොලුව ගැන. උන් තමා අලුත්ම ගේම් වලට වහ වැටිල එව්ව රන් කරන්න අලුත්ම ස්පෙක්ස් හොයන්නෙ.

      Delete
    7. කොලුවට තාම අවුරුදු පහයි. ඌට තේරෙණ කාලෙ එනකොට මටත් ඔන්නොහෙ ගේම් එකක් ගහන්ඩ කාලෙ ලැබෙයි... හැක් හැක්. එතකොට බැරුවැයි ඒ කාලෙට තියෙන යමක් කොරගන්ඩ.

      මට මතක් වෙන්නෙ බකුස්, අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් උන්නා. හෙණ උනන්දුයි කොම්පියුටර් ගැන. ඉස්සර අපට බේරෙන්ඩ බෑ ඌ අහන ප්‍රශ්නවලින්. එහෙම අහල අහලම තමා ඌ ඉගෙන ගත්තෙ. පස්සෙ පොඩි මෑන් පවර් ජොබ් එකක් කලා කම්පියුටරයක් ගන්ඩ සල්ලි ඉතුරු කරගන්ඩ. පරිගණක සඟරාව එහෙමත් අකුරක් නෑර කියෙව්වා. පස්සෙ පස්සෙ ඌ අපෙන් අහන්නෙ බහුවරණ ප්‍රශ්න. දැං අහන්නෙ, "ඔයා මේක ගැන දන්නෑ නේද?" මාදිළියෙ ප්‍රශ්න. ඌ දන්න තරම දැං මං දන්නෑ.

      කොලුවත් ඒ වගේ වෙයි, තව අවුරුදු පහක් තරම යනකොට. එතකොට මං උගෙං අහගෙන කම්පියුටරේ අප්ඩේට් කරගන්නව...

      Delete
    8. හූම්..හූම්..දැන් වැටහෙනවා කතන්දරේ. එහෙම හොඳා, ප්ලෑන එලෙසම ඉටුවේවා!

      මට යෝජනා කරන්න තියෙන්නෙ, මෙච්චරයි.අපි පොඩි කාලෙ, චිත්‍රකතා පත්තර වලට, බයිල වලට ( එම්.එස් ප්‍රනාන්දුගෙ පවා) ගෙදරිනුත්, පාසැලෙනුත් බකට් ඇද්දා. යම්කිසි පාලනයක් ඇතුව, ලමයින්ට වීඩියෝ ගේම් වලට ඉඩ දුන්නාට කමක්නෑ කියන එකයි, මගේ අදහස.

      මම එහෙම කියන්නෙ ඉස්සර ඉංග්‍රිසි වලින් ගමේ අපිට ඇරපු ඇරිල්ල, දැන් කෙරෙන්නෙ තාක්ෂණික/ කොම්පියුටර් දැණුමෙන් කියල මතයක් තියෙන නිසයි, ඒකට නමකුත් තියනවා: Digital Divide

      Delete
    9. ඇත්ත කතාව. අපේ තාත්තලට දැනුමක් තිබුන්නෑ වීඩියෝ ගේම් ගැන. "ඔය යකෙක් එහාට මෙහාට පනින එක දිහා බලං ඉඳල වැඩක් වෙන්නෑ" කියල විතරයි තාත්ත කිව්වෙ. ගෙදර ටීවී එකක් තියෙනවනං ළමයි ඉගෙන ගන් නෑ කියල තමයි ඒ කාලෙ මතය. දැන්නං යූටියුබ්වල තියෙන ඉගෙන ගන්න දේවල් බාගෙන පෙන් එකට දාල ටීවී එකට ගහල දෙන කාලයක්... දැනටම පොඩ්ඩා ෆෝන් එකට එක එක පොඩි ගේම් දාගෙන ගහනව. කම්පියුටරේ චෙසුත් අදිනව. ලොකු වෙද්දි හැම දේකටම ඉඩ දෙන්ඩයි මට හිතෙන්නෙ. මොකෝ, අපි නොකරපුවයැ? අපි එව්ව කළා කියල අපි පිස්සො වුණේ නෑනෙ.

      Delete
    10. වීඩියෝ ගේම් ගහපු උන් එක්කෝ ආමි එකේ නැත්නම් හොඳ ග්‍රැපික් ගේම් හදන කොම්පැනියක . වැඩි අවුලක් නැහැ

      Delete
    11. ඇත්ත. ඕනම දෙයක් හොඳ/නරක දෙපැත්තම තියනවා වගේම ඒවා තමන්ගෙ වාසියට හරවගන්න ක්‍රමය තමා දක්ෂකම.

      Delete
    12. මට වැඩියෙම්ම හිතට අල්ලපු ගේම් එක තමයි ඩියුක් නියුකම්. ඒකෙ 3 යි 4 යි පට්ට. එව්ව ගහල ආමි නං යන් නෑ. අනික් ගේම් තමයි ඒජ් ඔෆ් එම්පයර්ස් සෙට් එක. අන්න එව්ව තමයි ස්ට්‍රැටජිකල් සහ අධ්‍යාපනික ගේම්...

      Delete
    13. මගේ ගේම් රසය කාලයත් එක්ක වෙනස් වුනා. කාලයක් "යකෙක් එහාට පනිනවා, මෙහාට පනිනවා" ජාතියෙ ගේම් ගැහැව්වා. පස්සෙ එව්වා අතෑරදාන්න වුනා, මොකද යක්කු හීනෙන්, ඇඳෙන් වැටෙන්නම ගහන්න පටන් ගත්තා නෙව?

      Delete
  2. වෙනද වගේ නෙමෙයි මේක මට පොඩ්ඩක් විතර තේරුම් යනව වගේ.
    ලෝර්ඩ් බැස්ටින් ගෙන් උපදෙසක් ලබා ගන්න අදහසක් ආව.

    ReplyDelete
    Replies
    1. //වෙනද වගේ නෙමෙයි මේක මට පොඩ්ඩක් විතර තේරුම් යනව වගේ//
      Hallelujah!

      Delete
    2. //ලෝර්ඩ් බැස්ටින් ගෙන් උපදෙසක් ලබා ගන්න අදහසක් ආව//

      Your funeral, suit yourself. My condolences M'Lord!. මම මගේ කොම්පියුටරේ කඩේ හාදයට කියලා හදව ගත්තෙ ඇයි කියල හිතෙන්නෙම නැත්ද?

      -හෝතම්බුවා-

      -

      Delete
  3. ඒකට මම... සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් ගන්න එක ගැනත් හිත හිත තාම...

    ReplyDelete
    Replies
    1. මමත් ඔය අන්ත දෙකම අත්විඳලා තියනවා. මේ පාරිභෝජික සමාජ රටාවෙ වැඩි තෘප්තියක් තියනව කියලද හිතෙන්නෙ? මං හිතන්නෙ නෑ, තිබුනත් ඒක බොහොම තාවකාලිකයි. ඒක නෙව, පැත්ත ගියත්, තාම අටෝගන්නම හිතෙන්නෙ.ජිවිත කාලයක් ReUse කරන්න වෙච්ච පුරුදු, දැන් අපේ ඇට-මිඳුලු වලට කාවැදිලා. මේ සමාජෙ Reduce, Recycle, Reuse (3R) කියලා ලොකුවට කතා කලාට ඔව්වා අටෝගෙන කරන ඉලෙක්ට්‍රොනික්ස් රෙපයාර් කියන්නෙ මිය යමින් පවතින කලාවක් විතරයි.ඉතිං අපි වගේ ඝර්මකලාපීය බස්සො, දියෙන් ගොඩගත් මාළුන්සේ, මේ ක්‍රමේට නොගැලපී ජීවත් වෙනවා.

      හොඳට හොයල බලන්න. YouTube ගන්න අදහස් කරන මොඩල් එක ගහල, ටෙස් කරන හැටි බලන්න. එතකොට , සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් වුනත් වරදින්න විදිහක් නෑ. මම චාන්ස් එකක් අරගෙන ebay එකෙන් කුණු කොල්ලෙට ගත්ත සෙකන්ඩ් හෑන්ඩ් ගැජමැටික්, ඔය තියෙන්නෙ යස අගේට.

      Delete
  4. බබල් මෙමරි, වින්චෙස්ටර් ඩ්‍රයිව් ආදීයේ වැඩකළ හැට්ටර් වැනි අයට නං ඔය කියන SSD හරියට F35 ෆයිටර් ප්ලේන් වගේ ලොකු සර්. අධිවේග!

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. වින්චෙස්ටර් ඩ්‍රයිව්? IBM රජවෙලා උන්න සංදියෙ තිබ්බ පත ටේප් ඩ්‍රයිව් ජාතියක් නේද? දැකල තියෙන්නෙ ෆිල්ම් වලින් විතරයි. බබල් මෙමරි කතාවකුත් යන්තමට මතකයි වගේ. අම්මපා ඔහෙත් එසේ මෙසේ ටැට්ටරයක් නෙමෙයි වගේ? :)

      ජයවේවා!

      Delete
    2. වින්චෙස්ටර් කියන්නෙත් දඩ සයිස් හාඩ් ඩ්‍රයිව් ජාතියක්.
      IBM PC (8086/8088) කාලෙ වෙනකොට 10,20MB IDE තිබුනා
      ජයවේවා!

      Delete
  5. නොදන්න දේවල් වලට හොට දාල වරිගෙ නහගන්න ඕන නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. මේක තමා දවසේ කියමන :) නොදන්නවම කියල මම හිතන්නෙ නැති වුනත්, මේ හොඳටෝම ඇති.ස්තූතියි.

      Delete
  6. බසු තවම කොම්පියුටර හදා ගනන්ව් අකියන් එකත් හොඳයි. මමත් මුල්කාලේ මදර්බෝඩ් , NVidia GEFORCE හෙම දාගෙන නැටුවා. ගෙදර ඩෙස්ක්ටොප් එකේ තවම 2TB හාඩ් එකයි external 2TB හාඩ් තුනකුයි තියාගෙන වැඩ. ලැප් එකත් තියනවා. ඒ මදිවට office ලැප් එකයි , ඩෙස්ක්ටොප් එකයි නුත් ගෙදර. ඒක SSD එකක්. දැන් ඕව හදන්න දඟලන්න වෙලාවක් නැහැ. කැමති එකක් eBay එකඟ ගෙන්න ගන්නවා. දැන් තියෙන ලැප් එකයි ඩෙස්ක්ටොප් එකයි eBay එකෙන් ගත්තේ . Office එකේ ලැප් එකයි කොම්පියුටර් එකයි ෆාස්ට් නිසා අවුලක් නැහැ. අවශ්‍යම නම් ඒවා පාවිච්චි කරනව. ඉන්ටෙර්නෙට් යන්නේ මේකෙන් x-64, i7 CORE 4, 8GB ,

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හැමදේකටම වගේම අපේ "මකබාස්" උණත් , කලයත් එක්ක දියවෙලා යන්න එපෑ? අනෙක, දැන් තියෙන ලැප්ටොප්, ඩෙස්ක්ටොප් වගේම වේගවත්.

      වාසනාවටද, අවාසනාවද මන්දා තාමත් මට මේ අටවගන්න සෙල්ලම එපාවෙලා නෑ. ආර්ථික වශයෙනුත්, ඒ හැටි පාඩුවක් නෑති නිසාත්, ලැබෙන තෘප්තිය නිසාත්, ඔන්න ඔහේ ඇදගෙන යනවා.

      Delete
  7. ඈ බොල බකුස්, මේක බ්ලොග් පෝස්ට් එකක්ද පරිගණක කේතාවලියක්ද? බාගෙට බාගෙයක් තේරුනේ නෑ බොල..

    ReplyDelete
    Replies
    1. හෑ, එහෙනං සමාවෙන්ඩ ඕනෙ, ආයිබෝවන්ඩ. මං හිතුවෙ එච්චරම අසීරු දෙයක් ලිව්වෙ නෑ කියලයි

      Delete
  8. අඩේ මම මේ පළාතේ ඇවිල්ලම නැද්ද මන්ද... මගේ බ්ලොග් කියවිල්ලේ තරම තමා... හෙහ් හෙහ්...

    මමත් ඩෙස්ක්ටොප් බාවිතය අතෑරලා දැන් අවුරුදු 10-12කට වැඩියි ... හැබැයි තාම ආසයි එකක් එසේම්බල් කර ගන්න. නමුත් ඉතින් හැමදේම ලැප්ටොප් වලින් හින්ද ඩෙස්ක්ටොප් එකකින් වැඩක් ගන්න වෙලාවක් නැහැ...

    මගේ නම් කම්පුටර් සහ ඕනෑම ඉලෙක්ට්‍රොනික් සහ වෙනත් බොහෝ දේ ගැන මතය නම් බාල හෝ ලාබ බඩු නොගන්න එක. සල්ලි නැත්නම් නොගෙන ඉන්නවා. මොකද බාල එකක් ගත්තොත් ෂුවර් එකට ටික කාලෙකින් ලෙඩ නැත්නම් මට එපා වෙන තරමට ස්ලෝ හරි මොකක් හරි ප්‍රශ්නයක් එනවා මයි... ලාබෙට හොඳ බඩු සෙට් වුනොත් ගන්නවා නමුත් ලාබ හින්ද බාල බඩු ගන්නේ නැහැ. මොකද විඳවන්නේ තැපෑලෙන් ... සල්ලි කියන ජාතිය තියෙනවා... නැති වෙනවා... ගොඩක් වෙලාවට ලාබ බඩුවක් අරන් ඉතිරි කර ගන්න සල්ලි වලින් කරන මහලොකු වෙන වැදගත් වැඩක් නැහැ .. හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ආවට. ඔව් මට ඔබ කියන දේ වැටහෙනවා. ඒත් ඩෙස්ක්ටොප් අප්ග්‍රේඩ් වලට ආවම, ඒක ටිකක් වෙනස්. හොඳම ප්‍රොසෙසර්, ග්‍රැෆ්ක් කාඩ් හත්-අට සීය වුනාට, ඊලඟ අවුරුද්දෙ අලුත් වර්ෂන් එක එනවා. මම මතන "ලාභ" කියල අදහස් කලේ "මුදලට උපරිම වටිනාකම". ඒ කියන්නෙ, කලින් අවුරුද්දෙ බඩු, සේල් දැම්මාම ගන්න එක. පොඩි පරහක් නැතුවාම නෙමෙයි, ඕන්වට වඩා ලාබ බඩු අපතේ යෑම පිලිබඳ ප්‍රශ්ණයකුත් තියෙන නිසා,"මැදුම් පිලිවෙත" වැඩිය හොඳ වෙන්න ඉඩ තියනවා.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code