Jun 8, 2021

කම්මැලි සැන්දෑවක් සහ කෙටි චිත්‍රපට දෙකක්


සහජයෙන්ම කම්මැලි සතෙක් නිසාද මන්දා,  මගේ උනන්දුව "පුටුව කොනේ" තියාගන්න බැරි නං, මට දැන් චිත්‍රපටි බලන්නත් කම්මැලියි. බාගෙට බලපු එව්වා බර ගාණක් තියනවා. මේකට මගේ අලුත්ම විසඳුම තමා කෙටි චිත්‍රපට - කොටයි, රහයි.


මේන්න මට රෙකමන්ඩ් කරන්න පුළුවන් දෙකක්. ඔව්, මේක දාන්නෙ යටි අරමුණක් ඇතුව තමා. බලල, තම-තමන් දන්න එව්වා වල ලින්ක් දාන එකයි ඇත්තෙ. ආ, HTML නොදන්න වහන්සේලා, ගෙඩි පිටින්ම ලින්ක් එක දැම්මත් කාරි නෑ.😂 

- සාධාරණ බකමූනා -

පොත් කියවීමට ඇබ්බැහි වීමේ විපාක






22 comments:

  1. https://fstoppers.com/originals/why-are-many-short-films-bad-267984

    ReplyDelete
    Replies
    1. I'm a simple bird, so when I see a link, I peck. Point taken, nevertheless.

      Delete
    2. For some reason I prefer novels to short stories.
      Also, I like long TV series, if good.
      I'm as lazy as one can get without being comatose.
      But, if I do enjoy something, then longer the better !

      Btw, I tried to put a live link here becoz of Count Dracula and Colombo Gum.
      Alas, it was stillborn.

      Delete
    3. Well, I do like novels, but just don't like to read the whole darn thing.

      When his lordship Count Dracula says something, he means business. Colombo Gum? must be another vampire, I reckon? Appreciate your effort, though it is not necessary.

      Delete
    4. https://draft.blogger.com/profile/12433349045517351663

      Delete
    5. අපෝයි දෙයියනේ අපේ අහින්සක ගමයා. ඔය හේනක් වවා ගෙන, ගම හාමිනේ එක්ක පොල් අරක්කු බෝතලයක් බෙදාගෙන බිව්වාට, කාටවත් හානියක් නැති ගොබිලා.Gum, GOMA චැනල් කස්ටිය එක්ක පැටලුනා.

      bester Rum der Welt

      Delete
  2. මේක නං කෙටි චිත්‍රපටයක් නෙවෙයි. ඒත් මගේ හිත තදින්ම පෑරූ එකක්!
    https://www.baiscopelk.com/miracle-in-cell-no-7-2019-sinhala-subtitles/

    ReplyDelete
    Replies
    1. ට්‍රේලර් එක බැලුවා. ඔරිජිනල් කොරියන් එකටත් වඩා මේක හොඳයි වගේ. ස්තූතියි.

      මෙන්න මගෙන් ගාස්තුවට එකක්

      Delete
    2. ගොඩාරියක් ස්තුතියි!
      හවසටයි බාගන්නේ....

      Delete
  3. කෙටි චිත්‍රපටි මම වැඩිය බලල නැහැ. මේ දාල තියෙන දෙක වගේ සරල ස්වීට් එව්වා නම් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. නිකං ඉන්න මට අහල ගියත් මඳෑ කියන්නැහෙ, කෙටි නැත්නම් දිග හරි රෙකමන්ඩ්ෂන් ලින්ක් එකක් දැම්ම නං, ආයිබෝං.

      Delete
  4. මේක කොහොමද? කෙටි නං නෑ... ඒ් උනාට මරු.

    ReplyDelete
    Replies
    1. හොඳයි. ස්තූතියි

      Delete
    2. මං බලලා තියෙන එකක්. හිතටත් වැදුණු එකක්!

      Delete
    3. ඔව්, අමුතුයි ඒ වගේම අපූරුයි

      Delete
    4. Il Mare බැලුවා. මට නං අපූරුයි.
      වෙලාව තියේ නම් මේවාත් හොඳයිද බලන්න.
      https://www.baiscopelk.com/april-snow-aka-oechul-2005-sinhala-subtitles/

      https://www.baiscopelk.com/tomorrow-i-will-date-with-yesterdays-you-2016-aka-boku-wa-asu-kinou-no-kimi-to-deto-suru-with-sinhala-subtitles/

      Delete
  5. https://drackey.blogspot.com/2016/05/blog-post.html

    (ප්‍රා ජේ ගේ ආභාෂය සහ මගෙ බ්ලොග් එක ඇඩ්වටයිස් කිරීම)

    ReplyDelete
    Replies
    1. අම්මපා ඩ්‍රැකියෝ මෙව්වා නෙව කතා. වරක් ටැට්ට්ර් එලවන හැට්ටර් මලයා කිව්වා, එයා ආතතිය අඩුකරගන්න යන්නෙ ඩ්‍රැකීගෙ අඩවියට කියලා. දැන් තමා තේරෙන්නෙ, ඒ ඇයි කියලා. මමත් ආයෙ මුල ඉඳන් කියවන්න පට්ටාං ගන්න ඕනෙ.

      පෝස්ට් එක එක හුස්මට කියෙව්වා. කමෙන්ට් කියවන්න යන්න, ඌබර් ටැක්සියක එන්න කිව්වා🤣

      Delete
    2. ඒ කාලෙ තමයි කාලෙ...

      Delete
    3. සහතික ඇත්ත. ඒ කාලෙ කොච්චර බ්ලොග් තිබුනද කියවන්න. ඒකටත් එක්ක අද, ලාහෙට ගෙම්බො අහුලනවා වගෙයි, එකෙක් අල්ලන කොට දෙන්නෙක් පනිනවා බුකියට😒.

      කොච්චර අකමැති වුනත්, මටත් හිතෙනවා "ආඳා" මැතඩ් එකට බුකි ගච්චන්න. පුළුවන් නං කියවන්න හොඳ ලින්ක් ටිකක් ලැබුනොත් ලොකු උදව්වක්.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code