Jul 9, 2023

බස්සා දුටු අරාබි නිසොල්ලාසයේ අඳුරු පැත්ත

ඔහෙලා අරාබි නිසොල්ලාසෙ කතා කියවල තියනවනෙ?ඒ කතාවලින් මැවෙන්නෙ, අමුතුම ,අද්භූත වගේම සුන්දර පරිසරයක් නේද? අරාබියේ මරු කතරට යන්න ඉස්සෙල්ලා මාත් හිතුවෙ එහෙමම තමයි.කව්ද බූතයෙක් "හබීබි, කම් ටු ඩුබායි" කිව්වා, ඉතිම් මාත් ගියා. පහනෙ බූතයා, මැජික් පලස් නම් දැක්කෙ නෑ. ඔටුවො හිටියා, ජාතිවාදී රාජ පුරුසයො හිටියා, මූණු බාගෙට වහගත්ත රාජ කුමාරියොත් හිටියා. ආ, තව පාරෙ වැඩට වහල්ලුත් හිටියා. අලිබාබාත් මාලිගාවක හිටියා.

ලංකාවෙ ප්‍රමිතිය එක්ක බලන කොට, අපට සෑහෙන්න හොඳට ගෙව්වා. ඒ නිසා දෙපාරක් නොහිතා කැමති, කැමති දේ ගන්න, නානාප්‍රකාර කෑම රසබලන්න අවස්ථාව නං ලැබුනා. ඒත් ඒ සඳහා මිලක් ගෙවන්න වුනා - එලිපිටම පෙනෙන සමාජ අසාධාරණය නොදැක්කා සේ සිටීම.  සමාජය පුරා පැතිරුනු ජාතිවාදය, ආගම්වාදය සහ විශමතාවයන්, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවතුනා. 

ඒ කෘතීම පරිසරයේ සොඳුරු බවට යටින් මොකක්දෝ  අද්භූත, මුස්පේන්තු බවක්, නුහුරු බවක් මට හැමදාම දැණුනා. ඔහෙල දන්නව නොවැ, මම කල්-යල් බලා ලිස්සුව බව? ෆුල් බොඩි ආමර් ඇන්ඳත්, අරාබි කෙල්ලො හරි හැඩයි. හිඩසෙන් පේන ඒ ඇස්වල අනුරාගය පුපුරු ගහනවා. ටක් ගාලා අහක බලන්න ඕනෙ, නැත්නම් බඩුම තමා. මේ ඒ අරාබි කුමාරියන් ගේ කතාවයි.

මේ ඉන්නෙ ප්‍රින්සස් ෂැම්සා. ඇයට හැමදේම වගේ තිබුනා. ලස්සන, ධනය,බලය වගේම බුද්ධිය. ඒත් අරාබි කුමාරිකාවො, රජ පවුල්වල ප්‍රොපටි - වෙලඳ භාණ්ඩ නිසා "නිදහස" නම් තිබුනෙ නෑ.නිදහස සොයාගෙන, වසර 2000  දී, ඈ පවුලේ නිවාඩුවකට ලන්ඩන් ගිය වෙලාවකදි පනිනවා. ඔව්, ඔව් ලෝක පතල, බටහිර  මානුෂික නිදහසේ ප්‍රතිමූර්ථිය වෙච්ච ලන්ඩන්ම තමයි. ඈයට ඕන වුනේ,සාමාන්‍ය මනුස්සයෙක් වගේ, යුනිවර්සිටි ඩිග්‍රියක් අරගෙන,  නිදහසේ ජීවත් වෙන්න. (ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් නූනෙ කොහොමද කියල, මට අද දක්වාම තේරුම් ගන්න බෑ. )

"ඒ හුකාරිස් කොහෙද මාත් එක්ක" කියලා, අලිබාබා යවනවා ගැන්සියක් ලන්ඩන්. දනෝ දහක් බලාගෙන ඉදිද්දී, මහ දවාලෙම ඇයව පැහැරගෙන එනවා. UN, ජිනීවා, ලන්ඩන් ජෝනා, බයි-ඩෝං නෙවෙයි "මීක්" කිව්වෙ. දඞුවම - අද ඈ නිවාස අඩස්සියෙ. හපේ විතරයි -වැජිටබල්. 

2018 පෙබරවාරියෙ, ඇගේ සොයුරිය ප්‍රින්සස් "ලතීෆා" ත් පැනගන්නව ඉන්දියාවට, බටහිර රටකට යන බලාපොරොත්තුවෙන්. ශ්‍රේස්ඨ ඉන්දියාව නං, කලේ කෙලින්ම විකුණුව එකයි කුමාරිව අලිබාබාට. ආයිත්, තවත් වැජිටබල් එකක් තමයි.

ඊලඟ බිල්ල ප්‍රින්සස් "හායා". ඈ ජෝර්දාන රජාගෙ නංගි. ජෝර්දානෙ නිසා ඇයට විලාසිතා කරන්න, ඉහලට ඉගෙන ගන්න නිදහස තිබ්බට ලව් කරන්න නම් නිදහසක් තිබ්බෙ නෑ. ඇගේ, රාජකීය නොවෙන හමුදා පෙම්වතා, "හදිසි අනතුරකින්" අභාවප්‍රාප්ත වෙනවා. ඔන්න ඊට පස්සෙ ඇයව, වයසක අලිබාබගෙ 4 වෙනි බිරිඳද කොහෙද විදිහට විකිණෙනවා.

අපේ කතා නායක අලිබාබාට වයස වුනාට කොණ්ඩෙයි, රැව්ලයි කලුයි. කොණ්ඩෙයි, රැව්ලයි විතරමද ඇහැව්වා? ඒක නං හරියටම දන්නෙ නෑ ආයිබෝං. අපේ අලුත් මනමාලි හරි පැෂන්කාරි නිසා, අලිබාබාවත් දක්කගෙන ලන්ඩන් යනවා අස්පයො අල්ලන්න. කොහොමද ඉන්න උජාරුව, ටොප්හැට්, ටේල්කෝට් ඇඳලා. ලබ්බට කෝටු ගැහැව්වා වගේ නේද? ඒ මඟුලෙත් ආවුස කොටයි.


ප්‍රින්සස් හායා, ලමයි දෙන්නත් එක්ක ලන්ඩන් පනිනවා.

£550m divorce settlement

ජෝර්දාන රජුගේ නංගි නිසාද කොහෙද, ඈ නම් බේරෙනවා. ප්‍රින්සස් හායා නඩුවෙදි කියනවා, ඇගේ දරුවන් අලිබබාගෙන් "බේරගන්න" ඕනෙ කියලා. මේ කතාව නියම තේරුමත්, කූඩු කරපු කුමාරිකාවොන්ගෙ සැබෑ තත්ත්වයත්, අදටත් අභිරහසක්. මේ කතා ටික, මේ ඛේදවාචකයෙ අවසානය නෙමෙයි. මෙයිට වැඩි විස්තර පහත වීඩියෝවෙ තියනවා.

මේ වීඩියෝවෙ දින, වකවානු නම් පටලව ගෙන තියනවා. 2018 පෙබරවාරියෙ පැනලා ගියේ  ප්‍රින්සස් ලතීෆා. ප්‍රින්සස් ෂැම්සා පැන්නෙ 2000 දි, පවුලේ නිවාඩුවකට ලන්ඩන් ගිය වෙලාවකදියි. වීඩියෝව සාරාංශයක් ලෙස ගත්තාම ඕකේ. සමහර ආරංචි, මාලිගාවෙ හිටපු සේවකයන්ගෙ ප්‍රකාශ බැලුවාම, ඇත්තම කතාව මීටත් වඩා අඳුරුයි. ඒත් මෙහෙම හරි මේ කතාව කලාට, කතෘට අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

විකි ලින්ක් එක

මම බලාගෙන හිටියෙ මෙහෙම වීඩියෝ එකක් එනතෙක්. ඔව් තටු සැට් එක බේරගන්න තමයි, ඇයි අවුල්ද? මුං චේන් සෝ එකෙන් කුට්ටි කරලා, සූට් කේස් එකේ අරින වාහෙලා ආයිබෝං.  

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

70 comments:

  1. අජිත් ඩී කීර්ති - ලන්ඩනයJuly 9, 2023 at 7:56 AM

    ඉහත ලිපිය මඟින් අරාබියට සහ මුස්ලිම් ජනතාවට අපහාසයක් වෙන බැවින් මෙම ලිපිය ඉවත් කරන මෙන් දන්වා සිටිමු.

    -අජිත් ඩී කීර්ති - ප්‍රධාන විධායක නිලධාරී නෙළුම්යාය සිංහල බ්ලොග් පදනම-

    ReplyDelete
    Replies
    1. කොහොමද බස්සගෙ බෙල්ල කඩුවෙන් කපනකොට තියෙන ආතල් එක ඉඳගෙන.

      Delete
    2. කඩු නෙමෙයි දැන් කපන්නෙ චේන් සෝ එකෙන්ලු.

      Delete
  2. අරාබි නිසොල්ලාසයේ අඳුරු පැත්තට අපි අලකොමාට කියල හොඳ කෑලි පහේ ටෝච් පාරක් අල්ලමු.

    ReplyDelete
    Replies
    1. ටෝච් ගහන්නෙ කොහෙද, එයා දැන් බිසී.

      Delete
  3. මොන අන්තවාදය උනත් සොඳුරැ නෑ. රන් කූඩුවෙ දමල හිටියත්... කිරිල්ලි පව් නෙව.

    ReplyDelete
    Replies
    1. //මොන අන්තවාදය උනත් සොඳුරැ නෑ//

      හරියට හරි.
      ඕව කතාකරන්න ගිහින් ආයෙ හිරේ යන්න බෑ මල්ලි - රන්ජා

      Delete
  4. අගලවත්තේ පී ජයසිංහ
    ලන්ඩනයේ ඩී බලුසිංහ
    අරාබියේ එම් බකුසිංහ
    නයි අරිතේ දැන් බොකසිංහ

    ReplyDelete
    Replies
    1. නයින්ටත් හොඳ මාකට් එකක් තියනවා.🤣

      Meet Dubai's richest teenager, @moneykicks 😲💰BBC

      Delete
  5. මම මගේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොතේ ලීවා අරාබියේ එඉතර රටක කොටුවුණු රුසියන් කෙල්ලෝ දෙන්නෙක් ගේ ඉරණමක්. සමහරු ඇහුවා ඔච්චර අරාබි අය එක්ක තරහද ඔහොම බොරු ලියන්න කියලා. මුන් දන්නේ නැහැ උන්ගේ හැටි. ලංකාවේ මිනිසු ඒ රටවල ජිවත් වන නිශ අකවුරුත් මුකුත් කියන්නේ නැහැ තෙල් සල්ලි වියදම් කරන නිසා මේ රටවල් සද්ද නැතිව ඉන්නව.

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ මිනිසු ඒ රටවල ජිවත් වන නිශ අකවුරුත් මුකුත් කියන්නේ නැහැ තෙල් සල්ලි වියදම් කරන නිසා මේ රටවල් සද්ද නැතිව ඉන්නව//

      මටත් හිතුනෙ එහෙම තමයි. කටුක ඇත්ත දැණගන්න, බොහෝ දෙනෙක් කැමති නෑ. බනිනවා, බොරු කියනවා ඊරිසියාවට කියලා.

      කන්න දෙනව නං
      අපට බොන්න දෙනව නං
      වෙන මොන කෙං ගෙඩියද
      තව ඕන කියන්නේ

      වගේ අදහසක් තමයි, වැඩි දෙනෙක්ගෙ තියෙන්නෙ. එහෙ බින්න බැහැලා, හොඳට බිස්නස් කරගෙන වැජඹෙන ඉන්දියන් කාරයො ඕසෙට ඉන්නවා. ඒ වගේම හිටපු ගමන් සිං ගාලා කැපිලත් යනවා.
      https://www.youtube.com/watch?v=xQzLFmIxHlw

      Delete
    2. මේක BR ෂෙට්ටි ගෙ ස්කැන්ඩල් කතාව ගැන අල් ජසීරා එකෙන් කරපු එකක්. ඔහේට බ්ලොක් කරලා ඇති.
      https://www.youtube.com/watch?v=FtPqk3VImsE
      මුලදී ඇවෝඩ් දීලා පිලිගත්තා. අබුඩාබි රජපවුලෙ පාට්නර්, මෙයාව බිල්ලට දුන්නා කියල තමයි කියවෙන්නෙ. එහෙ විජාතිකයෙකුගෙ බිස්නස් එකක, ලෝකල් පාට්නර් කෙනෙක් ඉන්න ඕනෙ නීතියෙන්ම. අරුන්දෑ පුප ඉරාගෙන බිස්නස් කරලා, ලාබ ලබලා, ලෝකල් පාට්නර් පිං බතාට කොටහ ගෙවන්න ඕනෙ. ඔය වගේ තව හුඟක් "වරප්‍රසාද" දෙනවා රටවැසියන්ට, "කොන්දේසි විරහිත රාජ්‍ය පාක්ෂිකත්වයට" ගාස්තුව වශයෙන්.

      පසුගාමී චින්තනයද, විකල්පයක් නැති කමද, නූගත් කමද මන්දා, වැඩිහරියක් රටවැසියො ඒ ක්‍රමේට කැමතියි. කොටින්ම විදේශික අපි පවා, ටික කාළයක් එහෙ ඉන්න කොට මේ "අරාබි ක්‍රමේට" හිතන්න පුරුදු වෙනවා. ඒක සහජයෙන්ම එන සර්වයිවල් මැකනිසම් එකක්. ක්‍රමේට අනුගත වෙච්ච එකා දිගටම එහෙ ඉන්නවා, බැරි එකා ලිස්සල යනවා.

      Delete
    3. haha ඉන්දියන් අයියලා දෙන ගේම්

      Delete
  6. මම දන්නා කෙනෙක් chauffeur vadak කළා ටොප් එන්ඩ් ෆර්ම් එකක. ඒවා ඩ්‍රයිවර් ජොබ් ම නෙමේ දන්නවනේ. ඌ අපට අර කළු පාට කෑල්ල මැදින් උස්සන්න කලින් ලිමොසින් එකේ කැමරාව හරවල ගත්ත ෂොට් දෙකක් තුනක් පෙන්නුවා එක පාරක් ඌ අපට කියන්නේ ඇත්ත කියලා පෙන්වන්න. . ඇරැබ් කුමාරිකාවෝ සෙට් එකක් කාරෙක ඇතුලට ආපු ගමන් අර උඩින් අදින ඇඳුම ගලවනවා. ඇතුලට කොටට ඇඳලා , ක්‍ක්‍රොප් ටොප් ඇඳලා බ්‍රා නැතිව. පට්ට ලස්සන කෙල්ලෝ. නයිට් ක්ලබ් ගෙනිහින් ආපහු ගෙනල්ල දානකොට ආයි අරව ඇඳගෙන බහිනවලු සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ

    ReplyDelete
    Replies
    1. මාත් ඔහොම කතා අහල තියනවා. ඒත් මම හිතන්නෙ, ඩිජිටල් තාක්ෂණයත් එක්ක මේ සමාජ සෙමින්, සෙමින් නමුත් ලෝකයට විවර වෙනවා. ඒ අතරෙම, පටස් ගලා "ෆුල් මොන්ටි" නොගිහින් අනා ගන්නෙ නැතුව, ජාම බේරගෙන ගේම ගෙනියන මෙහෙම කෙල්ලොත් ඉන්නවා:

      THIS IS IN SAUDI ARABIA!

      Delete
    2. කළු කැත කොට පොට්ට තට්ටයා

      Delete
    3. අල්ලාහු අක්බර්

      Delete
    4. @ Ajith
      You just made my day, mate. 🙏👌🤣😂

      Delete
    5. 😀 ඔබට දෙවි පිහිටයි බුදු සරණයි පුතා

      Delete
  7. මහත්තුරු මැදපෙරදිග ප්‍රධාන සංගනායක ධුරන්ධර අක්කරෙයිපත්තුවේ චන්ද්‍රජෝති මහානායක අධිපාද ස්ථිවරයන් වහන්සේ මගේ යාලුවෙක්ගේ තාත්තා.

    උන්නාන්සේට මම මේක යැව්වා. ඔබතුමාව හමුවෙන්න එන්න කිව්වා.

    ReplyDelete
    Replies
    1. යාලුවෙක්ගේ තාත්තා? අහා! සාසනාලයෙන් තනපු පුත් රුවනක් වෙන්ටෑ?😉

      Delete
  8. හැම රටකම / සමාජයකම ඊට ආවේනික ගති සිරිත් තියෙනවා. අපි ඒවා දිහා අපේ රාමුවෙන් බලලා කරන විවේචන හැමවිටම නිවැරදි හා සාධාරණ නෑ. අපේ සංස්කෘතියතුල ඉහලින් අගය කරන ඇතෙම් දේ වෙනත් සංස්කෘතියක ජීවත්වන අයට පිලිකුල් වෙන්න පුලුවන්. කාන්තාවන් ගැන කතාකරනාවනම් අරාබි ලෝකය තුල ඇයට වැඩි ආරක්ෂාවක් හා වැදගත්කමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ආරක්ෂාව, වැදගත්කම කියන්නෙත් සාපේක්ෂ වචන. අපි ලෝකය දිහා බලන්නෙ, පාට කණ්නාඩි තුලින් බව ඇත්ත. එකම වෙනස මගේ කණ්නාඩියත්, ඔබේ කණ්නාඩියත් වෙනස් වීම පමණයි. ස්තූතියි

      Delete
    2. //කාන්තාවන් ගැන කතාකරනාවනම් අරාබි ලෝකය තුල ඇයට වැඩි ආරක්ෂාවක් හා වැදගත්කමක් තියෙනවා.// අවංකවම කියනවනම් මට මේක එකඟ වන්න බැරි කතාවක්. රටේ හැම තැනකම වහල තියෙන නිසා, එලියට එන්නේ නැති දේ ගොඩක් තියනවා. හොඳ මිනිස්සු ඉන්නවා අනිවාර්යයයෙන්ම මම නැහැයි කියන්නේ නැහැ. නමුත් නීති වල ඉඳන්ම පුරුෂ මුලික සමාජයක , මොරොක්කෝවේ, ටියුනිසියාවේ තවම ගැහැණු ළමයි දෙනවා පියාගේ ණය බේරන්න. ආණ්ඩුවෙන් තහනම් කරලා තියෙද්දී. අනික ඔය ගෙවල් වල වැඩ කරන අයට ගහන අරාබි ගෘහිනියන් හුඟක් වෙලාවට එහෙම කරන්නේ තමන්ගේ පීඩනය පිට කරන්න. මම දන්නා "මාලා කියමු " ගැහැණු කෙනෙක් මෙහෙ ඇරබි පවුල එක්ක ආපු වෙලේ අසයිලම් ඉල්ලුව. ලබා දෙන්න අපි පෙන්නුවේ එයාව පුච්චපු ලකුණු. අයන් එකෙන්. පිටේ ගහපු පාරවල්. අයන් එකෙන් පුච්චලා තියෙන්නේ ගෙදර මැඩම් . මට මතක විධිහට වෙන නමක් කීවේ .බාබා කියන්නේ අයිතිකරයටද කොහෙද? ඒ ගෑණි හරි හොඳයිලු . හැබැයි එක දවසක් මාරාවේස වෙලා මෙයාව පුච්චලා. තෝ නිසා මමත් ගුටි කනවා කියල . ගෑණි මොකද්ද වැරැද්දක් කරලා. භාෂාව දන්නේ නැති කමට. පස්සේ දවසක ඒ ගෑනීම අබයා එක , සාය උස්සල පෙන්නලා තියනවා මිනිහ තට්ටමේ, පිටේ පුච්චපුව , ගහපුවා. ලන්ඩන් ආපු වෙලේ ඒ ගෑනි ම පාස්පෝට් එක දීල පනින්න උදව් කරලා තියෙන්නේ. ඔය වගේ කතා අනන්තයි බන්දුල චන්ද්‍රරත්න ගේ ඇන් අයි ෆෝ ඇන් අයි කියවල් තියෙනවද
      https://www.amazon.co.uk/Eye-Bandula-Chandraratna/dp/186159187X/ref=sr_1_14?crid=8CIKVE41I2B5&keywords=chandraratna&qid=1689002790&sprefix=chandraratna%2Caps%2C54&sr=8-14

      Delete
    3. දැඩි මතධාරී සම්ප්‍රදායික සමාජයක, ආගමේ/සංස්කෘතියේ කඩතුරාවෙන් වහලා බොහෝ දේ සිදුවෙනවා. කාළයක් යනකොට ඒවා සමාජ සම්මත බවට පත් වෙනවා. ලෝකයට විවර වුන, නව පරපුරට මේ වැරදි පෙනුනත්, සමාජ සම්මතයට එරෙහි වෙන්න හැකියාවක් නෑ. ඔවුනුත් වැඩිහිටියන් වුනාම මේ ක්‍රමයට අනුගත වෙනවා. මේක විශම චක්‍රයක්.

      මැද පෙරදිග තානාපති කාර්‍යාල, අගතියට පත් අපේ සේවිකාවන්ට උදව් කරන්නෙ නෑ කියල චෝදනාවක් තියනවා. කාළයටක පෙර, ගෘහ සේවිකාවන් මැදපෙරදිග යැවීම නවත්වන්න ඕනෙ කියලා යෝජනාවකුත් ආවා, ඒකත් නිකම්ම ලුහුටලා ගියා. ඇත්තම කතාව, ආර්ථික වාසි තකා අපට මේ අසාධාරණකම් ඉවසන්න වෙනවා කියන එකයි.

      අජිත් කලින් දවසක් කිව්වා වගේ, අඩුම තරමින් අපි මේ ගැන කතා කරන්නවත් ඕනෙ.මේ වීඩියෝවෙ ඉන්න සුන්දර, බුද්ධිමත් අරාබි යුවතිය ගැන බලන්න. යෝගා ව්‍යායාම වල යෙදෙන ඇය මස්-මාංශ අනුභව කරන්නේ නෑ. ඇගේ නිදහස් ජීවන රටාව සහ ජීවන දර්ශනය පවත්වාගන්න හැකිවී තිබෙන්නේ, ඇගේ උගත්, බුද්ධිමත් වගේම ධනවත් දෙමාපියන් නිසයි.

      https://www.youtube.com/watch?v=ciqZ7xKakAY

      මේ ලිපියේ සඳහන් ඩුබායි කුමාරියනුත් ඒ වගේ නිදහස් අදහස් දරන්න ඇති, ඒත් අවාසනාවට .....

      Delete
    4. බස්සා අර සවුදි ප්‍රින්සස් ගේ කතාව මතකද . මාර ලස්සන අවුරුදු 16 විතර කෙල්ලක්. අයියගේ යාලුව දුෂණය කරනවා. අයිය යාළුවගේ පැත්ත ගන්නවා. තාත්ත කෙල්ලට ආදරේ. නමුත් අර කොල්ලගේ පැත්ත බලවත් නිසා ආගමික උසාවිය තීරණය කරනවා කෙල්ලව මරන්න් ඕනේ කියල අනාචාරයේ හැසිරුනාට. ඒක හොයන කොට මේක දැක්ක. https://en.wikipedia.org/wiki/Mishaal_bint_Fahd_Al_Saud

      Delete
    5. පලවෙනි එක මතක නෑ. කොහොමත් ඕවට වැඩි ප්‍රසිද්දියක් දෙන්නෙ නෑනෙ? ඒක අපේ සංස්කෘතිය කියල ලිස්සල අරිනවා. දෙවනි එක දන්නවා, රජ පවුල සල්ලි දීලා ඒක වහන්න හදපු නිසා, වැඩියත් එක්කම ප්‍රසිද්ධ වුනා. ලෝක හියුමන් රයිට්ස් සංවිධානෙ, සභාපති කමත් ගත්තා නේද සවුදිය?😉

      මේ ගැන තියෙන ප්‍රති-තර්කයත් සලකා බලන එක සාධාරණයි කියල හිතෙනවා. "කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක්" කියන එකෙන් අදහස් වෙන්නෙ, කාන්තාවන් සැමවිටම පවුලේ ආරක්ෂාව යටතේ ඉන්නව කියන එකයි. ඒ සඳහා ගෙවන්න වෙන මිල තමයි, ඔවුන්ට ස්වයං තීරණ ගැනීමේ ඉඩක් නැති එක. මේ ක්‍රමයට විරුද්ධ වෙන්න හැකියාව ලැබුනෙ, ඉතා ධනවත් පවුල් වල කාන්තාවන් කීපදෙනෙකුට විතරමයි. බටහිර රට වලදී, එහෙම අය කොතෙක් සාර්ථක වුනාද කියන එක ප්‍රශ්ණයක්. ජීවිත කාළයම, අනුන් මත යැපෙන්න පුරුදු කරවලා, ස්වාධීන ජීවිතයකට අවශ්‍ය ස්කිල්ස් නැති කෙනෙකුට ඒක ලේසි වෙන්නෙ නෑ.

      මේ මෑතක් වෙනතුරු අපේ සමාජයෙ වුනත්, මිනිහා ගෑණිට තඩිබාන එක ලොකු වරදක් ලෙස දැක්කෙ නෑනෙ? මැද පෙරදිග සමාජත් වෙනස් වෙමින් පවතිනවා, ඒත් බොහොම හෙමින්.

      Delete
    6. මම කාලයක් හිතන් හිටිය සුද්දෝ හෙන ජැන්ටල් මෑන් ල කියල. සමහර ඔය කවුන්සිල් එස්ටේට් වගේ එවල ඉන්නවා උන්නැහේල ගෑනිට පලු යන්න තඩි බාන

      Delete
    7. මට හිතෙනවා ඒක නූගත්කම, බීමත්කම සහ "ට්‍රේලර් පාක්/ රෙඩ් නෙක්" සංස්කෘතියත් එක්ක එන දෙයක් කියල.🤔

      Delete
  9. +++++++++

    කාන්තාවන්ට අසාධාරණ ලෙස සලකනවට විරුද්ධව කථා කරන පිරිමි සමහරක් හිත යටින් අපිත් අරාබියේ පිරිමි වෙලා ඉපදුනානම් කියල හිතනව ඇති කියලයි මට හිතෙන්නේ. පොදුවේ අසාධාරණයට ලක්වෙන හැමෝම ගැන හිතන්න ඕන. සමහර ආසියාතික සහ අප්‍රිකානු රටවල අඩු කුල හෝ අඩු ගෝත්‍ර වල අයත් මේවගේ අසාධාරණ වලට ලක් වෙනවා. බටහිර රටවලත් sex trafficking හරහා කාන්තාවන් පැහැරගෙන ගිහින් ඩුබායි වගේ රටවල විකිණෙනවා. මෙච්චර තාක්ෂණයෙන් සහ මිනිස් අයිතිවාසිකම් වලින් 'දියුණු' කියන අවධියක මේවා තාම වෙන එක ගැන ලෝකයේ හැම කෙනෙක්ම ලැජ්ජා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. //කාන්තාවන්ට අසාධාරණ ලෙස සලකනවට විරුද්ධව කථා කරන පිරිමි සමහරක් හිත යටින් අපිත් අරාබියේ පිරිමි වෙලා ඉපදුනානම් කියල හිතනව ඇති කියලයි මට හිතෙන්නේ.// එතකොට ඉයන් හිතන්නේ අපි වගේ අය යටි හිතින් අරාබි වෙන්න පතනවා කියලද? ස්ට්‍රොන්ග් ස්ටේට්මන්ට් 😀, ගැහැණුන්ට ඒ වගේ සලකන්නැ ඕනේ කියල කියන යාලුවෝ දෙතුන් දෙනෙක් මටත් ඉන්නව. හැබැයි ඒ දෙතුන් දෙනාගේම පොදු ලක්ෂනයක් තියනවා. ඒ ගොල්ල කසාද වයිෆ් ගෙන් වෙන්වෙලා ඉන්න , particularly very acrimonious divorces 😀. mමටනම් දුවල ඉන්න නිසා ඒ වගේ දේ අනුමැත අක්රන්න් බහ. හැබැයි ඔයා කීව වගේ අරාබියේ විතරක් නෙමේ ලෝකේ හැම තහනම් වෙනවා. නමුත් ලංකාවේ පවා නිතිය ඉදිරියට ගෙනියන්න් පුළුවන් අවකාශයක් තියනව. ඒවා නැති රටවල ඉතින් අබ සරණ තමා.

      Delete
    2. ඉයන්ගෙ ලිපි කියවල තියෙන නිසා, මම නං ඒ "ලෝඩඩ් ස්ටේට්මන්" එක අත්හැරියා. ඒත් ඒක ලේසියෙන්ම වැරදියට තේරුම්ගන්න හැකි කියමනක්. 😉

      ඉයන් කිව්ව වගේ ලෝකෙ නොයෙකුත් අසාධාරණකම් වෙනවා. ඒත් මේ කතා කරන්නෙ, මමත් අත්දැකපු, ඒ අසාධාරණය, නීතිගත කරපු අවස්ථාවක් ගැන. මේක සාකච්චාවක්, පක්ෂව/විපක්ෂව ඕන කෙනෙකුට, සංයමයකින් යුතුව අදහස් දක්වන්න අවස්ථාව තියනවා. 🙏

      Delete
    3. නෑ අජිත්, මම ඔයාට නෙවෙයි කිව්වෙ. මේක සාමාන්‍ය දෙයක්. උදාහරණෙකට දූෂණ අක්‍රමිකතා කරන දේශපාලකයින්ට විරුද්ධ අය ඒ ගොල්ලො ඒවගේ තැන් වලට පත් වුනාම ඒකම කරනවා. ඒවගේ මම හිතනවා මේ වගේ සමාජ වලට විරුද්ධ වෙන සමහර අය ඒක කරන්නේ ඉරිසියාවට හෝ ඔවුන්ට නොලැබෙන නිසා කියල. මේක ඔබටවත් බසු මහතාටවත් කියපු එකක් නෙවේ.

      Delete
    4. මේ වගේ සමාජ වලට විරුද්ධ වෙන්නේ ඉරිසියාවට හෝ ඔවුන්ට නොලැබෙන් නිසා කියන්නේ - ඔවුන් එවැනි සමාජයක ට කැමති කියන එකනේ. යටි හිතින්

      Delete
  10. https://owlcation.com/humanities/Womens-Rights-in-Pre-Islamic-Arabia

    https://screencraft.org/blog/6-terrifying-greek-myths-inspire-screenplay/

    https://browngirlmagazine.com/dark-goddesses-and-me-religious-colorism-in-hindu-india/

    https://theconversation.com/why-old-norse-myths-endure-in-popular-culture-200891

    ReplyDelete
    Replies
    1. වටිනා ලිපි ටිකක්. මේ මතභේදාත්මක සාකච්චාවට සහභාගි වුනාට ස්තූතියි.👌

      Delete
    2. ඔය ග්‍රීක් මිථ්‍යා කතා ගැන උන් දැන් අලුතින් ලියනවා. රාවනා කතා වගේ. මිනොටවුර් හිටිය මාලිගාව සැහෙන්න ලොකුයි. මිනොඅන් වරුන් හදපු. ඇත්තටම වංක ගිරියක් වගේ. සාමාන්‍ය ග්රිකයන්ට තිබ්බේ තනි වහලේ එක කාමරේ ගෙවල්. ඉතින් උන් පුදුමයට පත්වෙලා කවුද මේවා හැදුවේ කියල. ඒ හැදු උන් ග්‍රීක දෙවි වරු කරලා, ඔය මිත්‍යා ප්‍රවාද ගෙනල්ල . එහෙම තමා දැන් කියන්නේ.

      Delete
    3. හුටා! .......එහෙමත් එකක්ද?🤔

      Delete
  11. කාගේ වුණත් හුණු ඇත කිල්ලෝටවල
    පිටතට දෙන්නෙ 'සුං මදනා' වගේ වෙල
    මිනිහත් තිරිසනෙකි තවමත් ගති නොහළ
    ඛේදය එයයි, වැඩි බලයෙන් මුවා කළ

    කාලෙකට ඉස්සර අරාබි කතුන්ගේ ඛේදනීය සත්‍ය කතා යයි කියවුණු පොත් කිහිපයක්ම සිංහලයටත් පරිවර්තනය වුණා. මගේ මතකය හරි නම් ඒ රැල්ල පටන් ගත්තේ 'දයාබර ඩාලියා' පොතෙන්. අරාබියේ දියණියෝ, කූඩු කිරිල්ලී ඒ වගේ තවත් පොත් දෙකක්.

    ReplyDelete
    Replies
    1. එහෙම පොත් පරිවර්තනය වුන බව දැණගෙන හිටියෙ නෑ. මට හිතුනෙ ලංකාවෙ ඇත්තො, මේවා ගැන කතා කරනවටවත් අකමැතියි කියලයි.

      Delete
    2. ඒ විතරක් නෙවෙයි බකුසුතුමෝ. කාන්තාවන්ගේ ක්ලිටරීසය කප්පාදු කිරීම ගැන කියවෙන පොතුත්- ලිංගික වහලියන් ගැන කියවෙන පොතුත් ගණනාවක්ම පරිවර්තනය වුණා. හොඳින් අලෙවියකුත් තිබ්බා. හැබැයි වැඩිය විචාර නම් නොකෙරුණු ගණනයි.

      Delete
    3. ඉන්දියාවෙ, ලංකාවෙ පාතාල නායකයොන්ගෙ ක්ෂේම භූමියත් ඔය ඉසව්ව නොවැ? තව ඉතිම් කලු සල්ලි සුදු කරලා දෙනවා, කුඩු ජාලයෙ සංධිස්ථානය විදිහට ක්‍රියා කරනවා කියලත් හැමෝම දන්නවා වුනත්, හැමෝම ඒ ගැන කතා කරන්න අකමැති ගතියක් තියනවා කියලයි මට හිතුනෙ.

      Delete
  12. නිදි දෙවනියට කියලා තියෙන්නේ වාරිස් ඩයිරිගේ කතා මාලාව. මම හිතන්නේ කාන්තාරයේ කුසුම කියලා සිංහලට හැරවුනා.
    බස්සා කියලා තියෙන මේ කාන්තාවෝ කුමාරිකාවෝ නිසා මෙහෙම හරි මෙතැනින් මිදෙන්න උත්සාහ කරනවා. සාමාන්‍ය අයට හිතන්නවත් බැහැ ඉතින්. බටහිර රටවල පදිංචි වෙලා ඉන්න අරාබි රටවලින්, අප්‍රිකාවේ ඉස්ලාම් රටවලින් ආව ජාතීන් අතරත් මේ හැසිරීම නැත්තේම නැහැ.අවාසනාවකට දැරියන්ට සිදුකරන FGM එහෙමත් නොවෙනස්ව තියෙනවා .

    ReplyDelete
    Replies
    1. මෙහෙ එහෙම කෙල්ලො දෙන්නෙක්ව මැරුවා, තාත්තයි පුතයි එකතු වෙලා .මේ ඒ වගේ තවත් එකක්:
      Two convicted 'honour' killers to be deported

      හැබැයි මම දැකලා තියනවා, ඔලුවෙ ඉඳන් පොරෝ ගත්ත සමහර කෙල්ලො, කනපිට ට්‍රැක් එකේ යනවත්.

      Delete
    2. මාලි ආන්ටි කොහොමද ඉතිං.ඔයාව මතක් වෙනවා මට.

      Delete
    3. බ්‍රිතාන්‍යයේ අවුරුද දෙක තුනකට කලින් නීති ගෙනාව . දැන් තියෙනවා FGM ෆෝම්ස් සෙට් එකක. ළමය අනතුරේ නම් ටීච කෙනෙකුට වුවත් ඇලට් කරන්න පුළුවන්. වැඩියෙන්ම සෝමාලි එවුන් නිසා. උන් තමා කරන්නේ. පකිස්තාන් අයත් කරනවා දැන් සෑහෙන්න අඩුයි.

      Delete
    4. බස්සා මෙහෙත් වුනා දෙක තුනක්ම. පකිස්ථාන, ඉන්දියන් සහ කුර්දිස්ථාන්

      Delete
  13. ලොකු බොස්, බලා නැත්නම් බලන්ඩ Jean Sasson ගේ The Princess.
    TPL එකෙන් කොපියක් හොයගන්නත් ඇහැකි.

    ජයවේවා!
    H

    ReplyDelete
    Replies
    1. අඩේ, හැට්ටරේව දැක්ක කල්? දැන් ලියන්නෙ නැතෑ? ස්තූතියි ඔත්තුවට.🙏👌😊

      ඒ ඔත්තුව පස්සෙ ගියාම මේක දැක්කා:

      princesses 'held captive' for over a decade

      Delete
  14. DG බක අප්පු,
    මල්ලි මැදපෙරදිග කම්කරු මහත්තයෙක්ද?

    ReplyDelete
    Replies
    1. මැදපෙරදිග කම්කරු මහත්තුරුන්ටත් "රට විරුවො" කියල, එවන සල්ලි ටිකට විදින්නෙත් අපේ වැදගත් මහත්-හොරු නේද ඇනෝ?

      Delete
    2. DG බක අප්පු,

      ඔය කියන්නේ ජේවීපී නායකයෝ රට සවාරි ගිහිං සල්ලි එකතු කරගෙන ඇවිත් සුර සැප විදින එක ගැන නේද?

      Delete
    3. පක්ෂයේ අනුමැතිය ඇතුවයි, අන්‍රයියා බිසිනොස් ක්ලාස් ගියේ. ඕට්ටෙලියාවෙ සාර්ථකව, හරක් රට පටවන රටක් නෙව ඇනෝ? ඒක ස්ටඩි කරන්නයි එයා එහෙ ගිහින් තියෙන්නෙ.

      Delete
  15. අජිත් මහත්මයාණනි, මම එහෙම කිවුවේ සාපේක්ෂව. මම වාසය කරන සවුදි අරාබියත් එක්ක සසදලා. මා දන්නා පරිදි ගල්ෆ් කලාපයේ අනෙක් රටවලුත් මීට කිට්ටුයි.සමස්ත අරාබි ලෝකය මීට වෙනස් වෙන්න පුලුවන්.

    1. ඉපදෙන්නටත් කලින් ගැහුනු දරුවන් ගබ්සා කරන රටවලට වඩා අරාබි රටවල් හොදයි
    2. වැඩිවියට පැමිණුනා කියලා මගුලක් හදාගෙන දැරියන් විකුනන්කන රටවල්වලට වඩා හොදයි
    3. දුක්මහන්සියෙන් ඇතිදැඩි කල දුව දෑවැද්දක් නැතුව දීගදෙන්න බැරි රටවලට වඩා අරාබිය හොදයි (අරාබියේ දෑවැද්ද දෙන්නේ මන්මාලයා)
    4. තමන්ගේ බිරිද තමරටේ හෝ පිටරට වැඩට යවා ඇගේ ආදායමෙන් ජීවත්වන පිරිමි ඉන්න රටවලට වඩා අරාබිය හොදයි
    5. ස්ත්‍රී දූෂණයට සැබෑ ලෙසම මරන දඩුවම දෙන නිසා ඊට පෙළඹීම අඩුයි
    6. අරාබියේ සැමියා කැමති උනත් අකැමති උනත් බිරිදට හැම පහසුකමක්ම දෙන්න ඕන. අවුරුදු 13ක සවුදි ජීවිතේ සැමියා නැතිව රෝහලකට එන ගැබිනියක් හෝ පොදු ප්‍රවාහනය භාවිතා කරන ගැබිනියක් දැකලා නෑ.
    7. අප්පලාට ඕන විදිහට දරු පවුල් දාල යන්නවත්, එහෙම ගිහින් සොච්චම් නඩත්තු මුදලක් ගෙවලා බේරෙන්නවත් බෑ
    8. හැම ආයතනයකම කාන්තාවන සේවා සපයන වෙනම අංශයක් තියෙනවා. එහෙම නැත්නම් කාන්තාවන්ට පිරිමිත් එක්ක පෝලිමේ නොඉන්න පියවර අරන් තියෙනවා.
    9. බස් එකේ කෝච්චියේ යන්නවත් ජැක්සන්ලාගේ අසහනයට ගොදුරුවෙන්නවත් ඕන නෑ
    10. රස්සාවක් ගන්න, රස්සාව රැකගන්න හෝ ඉහලට යන්න බොස් එක්ක බුදියන්න වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා, රනිල් හාමුගේ පිහිටෙන් සෝවියට් ගියා නේද? බොදුබල සේනා ඩිලන්ත අජිත්ගේ යාලුවෙක් එවකට.

      එක පැත්තකින් ජාතිවාදය අවුස්සනවා. අනික් පැත්තෙන් ඒවාට එරෙහිව කතා කරනවා. එක කාසියේ දෙපැත්ත.

      Delete
    2. //අජිත් මහත්මයාණනි, මම එහෙම කිවුවේ සාපේක්ෂව. මම වාසය කරන සවුදි අරාබියත් එක්ක සසදලා// ඔබතුමා මොකක්ද කිව්වේ.

      Delete
    3. AnonymousJuly 12, 2023 at 10:35 AM - එකම බොරුව ගොඩක් පාරක් කියන කොට ඇත්ත වෙනවා කියල හිතන් ඉන්න එකෙක් නේ උඹ. ඔය දිලන්ත මට හම්බ වුනේ සෝවියට් දේශයේ. පොර ඉගෙන ගත්තේ ට්බිලිසි කියන නගරයේ. කාඩ් එක තිබ්බ විධිහට පොර තරුණ සේවා සභාව හරි ඔය මොහොක හරි ඉඳල තියනව රනිල්ගේ. සෝවියට් ආවේ එහෙමද කියන්න මම එන්නේ නැහැ. යකෝ මම රනිල්ව දන්නවා නම් සෝවියට් යන්නේ නැහැ, ඇමෙරිකාවේ හරි කොහේ හරි යන්න ශිෂ්‍යත්වක් හදා ගන්නවා මිසක්. බාල කතානේ බං උඹල කියන්නේ. දිලන්ත කියන්නේ නරක එකෙක් නෙමේ. ජාතිවාදියෙකුත් නෙමේ ඒ දවස් වල. නමුත් ඔය බොදු බල සේනා පටන් ගත්තට පස්සේ අපි ඔක්කොම තරහා වුනා පොර එක්ක. මගේ ෆේස්බුක් එකේවත් නැහැ. හැබැයි පස්සේ දැන ගත්තේ ලංකා නිව්ස් වෙබ් චන්දිම හරහා ඩිලන්ත රුවන් ෆෙර්දිනන්ඩ්ස් අඳුරනවා කියල ඒ ගොල්ල යාලුවෝ. මංගලත් ඔතන හිටිය. ඒ වගේම ඩිලන්ත ගොඩක් NGO සමග සම්බන්ධයකුත් තියනව විශේෂයෙන් නෝවේ වගේ. එතකොට බොදු බලේ ට සල්ලි ආවේ නොර්වේ වලින්ද? ඒ වගේම පොර ගෙවිඳු ල වත් දන්නවා ඉතින් ඔය සෙට් එක ජාතිවාදය අවුස්සන කොට පරිස්සම් වෙන්න ඕනේ. හිතාගන්න බැහැ.
      මේවගේ සංවාද ගෙන එඑන්න ඕනේ ජාතිවාදය ට නෙමේ ගොබ්බසේන , මේව කතා කලයුතු දේවල්. ජාතිවාදය පෙන්වා තමා රාජපක්ෂලා, ගෝතල බලය ගත්තේ, ගන්න . බලපං ගොඩක් ප්‍රගතිශීලින් දැන් සෑහෙන ට්‍රයි එකක් දුන්න ලංකාවේ අවුරුදු 12-16 ගැහැණු ළමයි විවාහ වෙන එක වලක්වන්න. ජාතිවාදෙන් බලයට ආපු ගෝඨා ආපු ගමන් ඒක නැවැත්වුවා. උන් එහෙමයි. යටින් ගේම්.

      Delete

    4. AnonymousJuly 12, 2023 at 9:32 AM 1. ඉපදෙන්නටත් කලින් ගැහුනු දරුවන් ගබ්සා කරන රටවලට වඩා අරාබි රටවල් හොදයි - අරාබි රටවල් ගබ්සා වෙන්නේ නැහැ කියලද කියන්නේ. පොඩි ළමයෙක් නේ ඔයා. - ගැහැණු අරුවන් ගබ්සා කරන්නේ ඉන්දියාවේ. ඉන්දියන් උන් ඒක මෙහෙත් කරන නිසා මේ රටේ දැන් ඉපදෙන ළමය ඉන්දියන් දෙමාපියන්ට කියන්නේ නැහැ. උන් ඒකට කරන්නේ පෞද්ගලිකව ස්කෑන් කරල ගැන්ස කරන එක. මමත ඒකට දැඩි ලෙස විරුද්ධයි.
      2. වැඩිවියට පැමිණුනා කියලා මගුලක් හදාගෙන දැරියන් විකුනන්කන රටවල්වලට වඩා හොදයි - අපි වැඩිවිය පත් වෙච්ඡ ළමයින්ට පාටි දන්නේ නැහැ. දාන යට කියන්න තියෙනෙන් එඅක් ඒ ගොල්ලන්ගේ වැඩක්.
      3. දුක්මහන්සියෙන් ඇතිදැඩි කල දුව දෑවැද්දක් නැතුව දීගදෙන්න බැරි රටවලට වඩා අරාබිය හොදයි (අරාබියේ දෑවැද්ද දෙන්නේ මන්මාලයා)- එක එහම් වුනාට කසාද බන්දන්න හුඟක් අමාරුයි. විශේෂයෙන් දුප්පත් පවුල්, වලට. මට මතකයි හුඟක් සිරියන්, පලස්තිනියන් අය රුසියන් කාන්තාවෝ බැඳලා අරන් යනවා.
      4. තමන්ගේ බිරිද තමරටේ හෝ පිටරට වැඩට යවා ඇගේ ආදායමෙන් ජීවත්වන පිරිමි ඉන්න රටවලට වඩා අරාබිය හොදයි- එකඟයි , නමුත් ඉතින් අරාබියේ තෙල් සල්ලි නැත්නම් බලා ගන්න තිබ්බ මොකද වෙනෙන් කියල.
      5. ස්ත්‍රී දූෂණයට සැබෑ ලෙසම මරන දඩුවම දෙන නිසා ඊට පෙළඹීම අඩුයි. - දොරවල් වහගෙන කරන නිසා අහු වෙන්නේ නැහැ. අනික සැමියා දුෂණය කරන එක වරදක් ලෙස අරාබි රටවල පිලි ගන්නේ නැහැ. There is no prohibition of marital rape in the country. If a rape victim first entered a rapist's company in violation of purdah, she can punished for violating it after coming forward. As of 2002, Saudi Arabia reported 0.3 rapes per 100,000 people per year.
      6. අරාබියේ සැමියා කැමති උනත් අකැමති උනත් බිරිදට හැම පහසුකමක්ම දෙන්න ඕන. අවුරුදු 13ක සවුදි ජීවිතේ සැමියා නැතිව රෝහලකට එන ගැබිනියක් හෝ පොදු ප්‍රවාහනය භාවිතා කරන ගැබිනියක් දැකලා නෑ. - එක නීතියෙන් තහනම්. ගැහැනියෙකුට පිරිමියෙක් එක්ක නැතිව එලියට බහින්න බැහැ කියල දන්නේ නැත්ද? සිරියාවේ ඒ නිදහස තියනව ඌ ඒකාධිපතියෙක් කිවට
      7. අප්පලාට ඕන විදිහට දරු පවුල් දාල යන්නවත්, එහෙම ගිහින් සොච්චම් නඩත්තු මුදලක් ගෙවලා බේරෙන්නවත් බෑ - ඕකනම් බොරුවක් අනේ. තුන් පාරක් ඩිවෝස් කියල කිවහම් පිරිමියාට ඩිවෝස් එක දෙනවා. Saudi Arabia’s first codified law on personal status, issued on International Women’s Day in 2022, formally enshrines male guardianship over women, Human Rights Watch said today. The law contains discriminatory provisions against women concerning marriage, divorce, and decisions about their children.

      The Personal Status Law, issued on March 8, 2022, came into effect on June 18, with Crown Prince Mohammed bin Salman and other Saudi government officials touting the law as “comprehensive” and “progressive.” However, the law codifies discriminatory practices and includes provisions that facilitate domestic violence and sexual abuse in marriage. The law also uses vague language that gives judges wide discretion when adjudicating cases, increasing the likelihood of inconsistent interpretations.
      8. හැම ආයතනයකම කාන්තාවන සේවා සපයන වෙනම අංශයක් තියෙනවා. එහෙම නැත්නම් කාන්තාවන්ට පිරිමිත් එක්ක පෝලිමේ නොඉන්න පියවර අරන් තියෙනවා. - ඒකට හේතුව පිරිමි එක්ක ගැවසෙන්න තහනම් නිසා.
      9. බස් එකේ කෝච්චි යන්නවත් ජැක්සන්ලාගේ අසහනයට ගොදුරුවෙන්නවත් ඕන නෑ - කලින් හේතුවම තමයි . පිරිමියෙක් නැතිව යන්න තහනම් නිසා. එහෙම යවල් බලන්න අරාබි එවුන් හැසිරෙන හැටි පෙනෙයි. ජර්මනියේ හෙම සමහරු හැසිරෙන්නේ ගැහැණියෙක් දැක්කම අර විධිහටම තමයි. .
      10. රස්සාවක් ගන්න, රස්සාව රැකගන්න හෝ ඉහලට යන්න බොස් එක්ක බුදියන්න වෙන්නේ නෑ - විවාදිතයි

      Delete
    5. Dutch tourist in Qatar jailed for 3 months, fined $845 after reporting she was raped - මේක තමයි මරුම. රේප් එකක් කියල කිවොත් හිරේ දානවා අනාචාරයේ හැසිරුනා කියල. ඒක ට්ජම රේප් කෙස් වාර්තා වෙන්නේ නැත්තේ.

      Delete
    6. රස්සාවල් නැතිවෙලා, කඩා වැටිච්ච විදේශිකයින්ගෙ පවුල්වල කතා අපමණයි. ණය ගෙවාගන්න බැරි වුනොත් කෙලින්ම හිරේ දානවා. සමහරු හිරේදි ආගම මාරුකරනවා, වැඩි වරප්‍රසාද ලබාගන්න.

      Delete
  16. කුමාරියන්ගේ ඉරණම මෙහෙමනං අනිත් සාමාන්‍ය කාන්තාවන්ගේ ඉරණම ගැන හිතනකොට අම්මෝ සංම්සාරේ...

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ, සාමාන්‍ය කාන්තාවන්ගේ ප්‍රවෘත්ති වාර්තා වෙන්නෙවත් නැතුව ඇති කියලයි.

      Delete
  17. Ajith malli oya gay da

    ReplyDelete
  18. සෙමින් නමුත් අරාබිය ලෝකයට විවෘත වෙමින් පවතිනවා දැකීම සතුටක්:
    https://www.youtube.com/watch?v=tLw4FZX_SmM

    සමහරවිට අපට සුහද, අර්ථවත් දෙබසක් කිර්‍රිමට ඉදිරියේදී අවස්ථාව ලැබෙන්නත් පුළුවනි. එදාට ලෝකය මෙයිට වඩා සාධාරණ තැනක් වේවි.🙏

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code