Nov 21, 2024

ගරු කථානායක තුමනි, අයි නෝ මයි ඉංග්ලිෂ්

මේ මෑතක් වෙනතෙක්, මට ටැක්නිකල් වීඩීයෝ තේරුම්ගන්න ඒ හැටිම අපහසුවක් වුනේ නෑ. ඒත් දැන් දැන් ඒකත් අමාරු වේගනයි එන්නෙ. හේතුව නව පරපුරේ ස්ලෑංග්ස්. අවුල, Gen Z විතරක් නෙමෙයි Gen Y හාදයොත් දැන් මෝස්තරයකට වගේ ඒව භාවිතා කරන්න අරගෙන. Idk, tbh වගේ එව්ව නං දැන් අවුලක් නෑ, ඒත් යෝලෝ(yolo) කිව්වම නං කැරකියා ගියා කියහංකො.

yolo - You only live once

Reddit වල තියනවා සබ්  කැටගරියක් AMA(Ask me Anything) කියලා. ඒකෙ Gen Z කොලුවෙක්(ද?) එයාලගෙ මේ  නව පරපුරේ ස්ලෑංග්ස් තේරුම් කරලා දෙනවා. 

I am a teenager willing to decipher the slang of my generation in a understandable way for anyone who needs it- AMA





(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

50 comments:

  1. මගේ අම්මේ ජෝර්ජියා , හරිම ලස්සන ගැහැණු ළමයි ඉන්න රටක් . FOMO - fear of missing out

    ReplyDelete
    Replies
    1. fomo - ඕන්න බලහංකො ඉතිම්. අපි කොහොමත් නේටිව් ඉංග්ලිෂ් ස්පීකර්ලා නෙමෙයි නෙව? ඒ නිසා
      දැන් සාමාන්‍ය තිසෝරස් වලින් ගොඩයන්න බැහැ. ඒත් power thesaures ඇඩ්-ඔන් එක තරමක් දුරට කවර් කරනවා.

      Delete
    2. අජිත් කිව්වාමයි ජෝර්ජියාවෙ විස්තර බැලුවෙ. ආසියානු-බටහිර සංස්කෘති දෙකෙන්ම පෝෂණය වෙව්ව, සෝවියට්,ඔටෝමාන් ආක්‍රමණ වලින් තෙම්පරාදු වෙච්ච පට්ට රටක් නෙව? ලිව්ව නං තමයි වටින්නෙ ඒ ගැන පෝස්ට් එකක්.🙏😋😁

      GEORGIA | Cinematic video

      Delete
    3. https://kolambagamaya.blogspot.com/2021/01/blog-post_19.html

      Delete
    4. ඔහෙ පලයං, හත්තිලව්වට ගහපු කලාබරේ! මම කියවල කෙමෙන්ට් දාලත් තියනවා. ආයි යනවා දෙවන වර කියවීමට.කෑම සහිත පිංතූර සැට් එකම දාහක් වටිනවා.

      හෙහ්,හෙහ් තරුණ ගමයත් චොකලට් ග්‍රීක් ගෝඩ් වගේ ඉන්නෙ හිටං. කොහොමද පපුවෙ යටි වගාව? ඒකට අපේ, ඉඩෝරෙට අහුවෙච්ච හේනක් වගේ.😋😁🤣

      Delete
    5. ලොකු සෑර්, LCBO එකේ ජෝජියන් වයින් තියෙනවා. මරු ඈ.
      (ජෝජියන් කාරයො අවුරුදු හය හත් දාහක ඉඳන් වයින් හදපු උන්) - Hat

      Delete
    6. අඩේ ජෝජියන් වයින්?👌😊🙏
      රොම්බ තෑන්ක්ස් හැට්ටරේ ඔත්තුවට. සඳුදා උදේ යනවා ඒ කිට්ටුවට සොපින්. ගිහාම ගේන්නං.💐🙏

      Delete
    7. ඇනෝ ගේ කතාව ඇත්ත . වයින් මරු . ඒ දවස් වල ඒක සහ බල්ගේරියන් රතු වයින් බීවේ . ජෝර්ජියන් බ්‍රැන්ඩි එකක් තියනව . කන්යක් කියල කියන්නේ . හීනි බෝතලේ . තියනවනම් ගන්න ඒකත් පට්ට .

      Delete
    8. Sarajishvili , Agmarti ගොඩක් වර්ග තියෙනව

      Delete
    9. ඇනෝ ඇවිත් ඉන්නෙ අපේ හැට්ටර්. බුදාම්මෝ Cognac- කෝනිඤැක්. ඉස්සර නමත් වැරදියට කියෙව්වෙ. ඒව මිල අධික බ්‍රැන්ඩි නේද? මම පලතුරු බස්සා. කන්නෙ චෙරි,බෙරි. මට බොන එක රස විඳින්න බෑ. වයිනුත් බොන්නෙ පැනිරහ නං විතරමයි. ඒකත් ඉඳලා හිටලා. අජිත් දන්නවද, මගේ පියතුමා තමයි කෙත්තා...., නෑ මේ...ෆ්ලඩ් ලිට් වෙලා කන් පාත්වෙලා, කරටි කැඩෙන්නම ගැහැව්වෙ? මට හිතෙන්නෙ මට ඒක මානසිකව බල පානවා. හැබැයි ඒ ගැන කිසිම පසුතැවිල්ලක් නම් නෑ.

      Delete
    10. මමත් දැන් වැඩිය බොන්නේ නැහැ . ඉඳ හිට පොඩි එකක් නවා ගන්නවා වයිෆ් එක්ක . ප්‍රා ජේ එහම් ආවොත් ඔන්න බොනවා . කෝ එන්නේ නැහැනේ

      Delete
    11. හෑ....Pra Jay ලංකාවේදී නං මඳ පමණටනේ සප්පායම් වෙන්නේ...

      Delete
    12. නිදිගෙ කමෙන්ටුව ස්පෑම් එකේ තිබිල මේ දැන් ගොඩගත්තෙ.

      අජිත් කියල තියෙන "ප්‍රා ජේ එහම් ආවොත් ඔන්න බොනවා" කියන එකෙන් හැඟෙන්නේ, Pra Jay ගෙ මඳ පමණට දෂ්ඨකිරීමම කියල හිතුනා. සම මට්ටමේ අදහස් තියෙන මිත්‍ර සමාගම බීමට උත්ප්‍රේරකයක් තමයි.

      මම මේක කලිනුත් කියල තියනවා. හඳවල් ගාණකට ඉස්සර මම පන්නිපිටිය පැත්තෙ මාධය ආයතනයක වැඩ කලා. හවසට වැඩ ඉවරවෙලා අපි යනවා බොන්න නුගේගොඩ. මම බිව්වෙ ස්ටවුට්. බයිට් එකට බාර් එක ඉස්සරහා කඩල කාරයගෙන් ගත්ත කඩල මුල සහ බිත්තර ඔම්ලට්. මම ගියේ බොන එකට වඩා, සාකච්චාව නිසයි. කලාව, සාහිත්‍යය සහ දේශපාලනය( ඔෆීස් පොලිටික්ස් ඇතුලත්ව). කව්ද කේලමෙක් දුන්නා ගෙදරට ඔත්තුව "අන්න අරූ ගහනවා. හවසට කන් පාත්වෙන්න" කියලා.🤣😁

      Delete
  2. Replies
    1. මොන ඇන්නෑවක්ද ඒ ආයිබෝං!😮🤣😋🤔😁
      මතහොක - මම තමයි හොඳටම කලේ, ඒක නං අපේ නයාපාල ලේකමා කියල දුන්නා.😋

      Delete
    2. හයියෝ ඒකවත් දන්නැද්ද??
      ගුඩ්නයිට් බුදු සරණයි...🤣🤣

      නව පරපුරේ සුකුරුත්තංනෙ ආයු බොවං...

      Delete
    3. අපිට ටෙක්ස් මැසේජ් එව්වොත් ඉතිම් ස්කෑමර්ලා තමයි. ඔහෙට කියන්න සෙන්නෝ, එකෙක්වත් ගුනබුස! කිව්වෙ නෑ කියහංකො.🤣

      Delete
  3. ඉංග්‍රීසි චිත්‍රපටියක් බැලුවත් සබ්ටයිටල් දාගෙන බලන අපට නම් ඕවට කිට්ටුවෙන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි චිත්‍රපටි සබ්ටයිටල් දාගෙන බලන එකේ අවුලක් නෑ. ඇක්සන්ට් වලත් ප්‍රභේද තියනවා. සමහර තික් අයිරිෂ්, ස්කොටිෂ් ඇක්සන්ට් වුනත් තේරුම් ගන්න අමාරුයි.

      Delete
  4. ඇති යාන්තං දැංවත් වයසයි කියල තේරුංගත්ත.

    ReplyDelete
    Replies
    1. හපොයි ඒක තේරුම් අරං හුඟක් කල්. සීනී, තෙල් කෑමත් අඩු කරලයි තියෙන්නෙ. ඉස්සර අයිස්කිරිම් ගෙනාවෙ ගැලුම් ගණන්. දැන් තේ බොන්නෙත් හකුරු කෑල්ලක් කාල නෙව?😋

      දැන් චීස් කේක්, හැම්,බේකන් උනත් අස්ප ගණන්. එතකොට පෙරලිච්ච ඔරුවෙ නැගලා මේ පැත්ත පොකට් එකට, සරීර සවුක්කියට ගුණයි කියන එක තමයි බකුසු ජීවන ප්‍රතිපත්තිය.

      සංසාරේ හැටි ඔහොම තමයි උපාසක!

      Delete
  5. බකුස්ට කියන්ට හැබෑවට අපේ කොල්ලෝ දෙන්න කියන දේවලින් බාගයක්ම වැටහෙන්නේ නැහැ නෙව.....
    ඔන්න වතාවක් මහ තැපැල් කන්තෝරුවට ලියුමක් ආවලු සසුකොබකො කියල. හැබැයි හරි පුද්ගලයට ලැබුන කියලයි ආරංචි

    ReplyDelete
    Replies
    1. ඔය කෙටි යෙදුම් භාවිතය, රාජ්‍ය සේවයේදී ඉස්සර ඉඳන්ම තිබුන නේද? ඩ්‍රැකියා ආව නං කියයි විස්තර තොග ගාණට.
      සසුකොබකො තේරුනේ නැහැ. අන්තිම අකුර- කොමසාරිස් කියල හිතනවා. සෙන්නා දීපු එකෙත් අන්තිම අකුරු දෙක බුදු සරණයි වෙන්න ඇහැකි.🤔

      Delete
    2. සහකාර සුරාබදු කොමසාරිස් බටහිර කොලඹ ලු

      Delete
    3. හෙහ්, හෙහ් නියමයි ඒක.🙏😵‍💫🤣

      Delete
  6. SLAO = Slipped Like An Owl
    LBW = ලිස්සුවා බස්සා වගේ

    ReplyDelete
    Replies
    1. Guilty as charged හාන්දුන්නේ. ලිස්සීමෙන් සැනසීම ලැබේ කියල ආඳෙකුත් කිව්වා.😁

      Delete
  7. ටැක්නිකල් වදන්ම කීයක් බසට එකතු වෙනවද හිටං. බස වෙනස් වෙනස ඕසෙට!

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඉංගිරිසි යූබට විඩියො බැලුවම ඩිංගිත්තක් තේරෙනව. කස්ටර්මස්ල එක්ක හිටං පොඩිවට කතා කරපු හන්දත්. දැන් ඒකත් නැහැ නොවැ. ඒ අස්සෙ මෙහෙම දේවල් සිංගල යක්ක පුතුන්ට දරාගන්න අමාරැයි!

      Delete
    2. හා, හා එහෙම හිතන්න එපා. අතරින්න එපා, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපා ගෙනම ඉඳිං.

      වීඩීයෝ වල සාරාංශය තේරුම් ගන්න බාධාවක් නෑ. සම්පූර්ණයෙන් රසවිඳින්න තමයි අර අප්‍රබංස කෑලී උපකාර වෙන්නෙ.

      Delete
  8. බස්සා මහත්තයෝ, මට හැමදාමත් ඊමේල් එනවා ප්රින්ටරස්ට් එකෙන්, ඒකෙන් තමයි මං ගොඩක් foto හොයා ගන්නේ. ළඟදී දවසක ආව SMS English යෙදුම් සීයක් විතර. මේ එයින් දෙක තුනක්.
    AFAIK = as far as I know
    RUOK = are you OK
    ICYMI = in case you missed it
    TTYS = talk to you soon

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම නිදියත් එසේ මෙසේ ගේම් නෙමෙයි නෙව දෙන්නෙ? මම හිතුවෙ මොබයිල් පාවිච්චි කරන්නෙ නෑ කිව්වම, නව තාක්ෂණයට අකමැතියි කියලයි.😵‍💫🤔😋

      Delete
    2. මක්කටදැයි අවුල් වෙන්නෙ
      එකේක අයගේ රිස්සනෙ
      මං ජංගමයක් නොගන්නෙ
      නිදහස අඩු වෙන හින්දනෙ

      Delete
    3. ජංගමයා ට පැත්තක බුකවා ඉන්න
      සොපින් ලිස්ටුවත් තියනව ඔන්න
      ස්කෑමර්ලා හිටු කියලා වද දුන්න
      කෝල් කලත් මං ඒවා නොම ගන්න

      ඇත්ත, ඒක එක එක එක්කෙනාගෙ කැමැත්ත.
      වංගියක් Gen Z පරපුරේ ගැටිස්සියක් ඇහැව්වා " මේ ඇත්තටම ඔහෙලා ගූගල්, මොබයිල් ඉන්ටනෙට් නැතුව හිටියෙ කොහොමද?" කියලා. ඇත්ත, අපිටත් ඒ කාලෙ ඉර පෑව්වා, මල් පිපුන, කුරුල්ලො සින්දු කිව්ව තමයි. පාරෙ ගිය මිනිස්සු අනිත් අය එක්ක හිනා වුනා, බාල්දියක් අරගෙන තුවාය කරේ දාගෙන ගියත් "ආ නාන්න යනවද?" කියල ඇහැව්වා තමයි.

      ඒත් සමහර අවුල් තිබුණත් මම නවීන තාක්ෂණයෙන් දීපු පහසුකම් උපරිමයට භාවිතා කරනවා. නොවැ 11 ඕඩර් කරපු චීන ගැජමැටික් ටිකක් ආවා, මේ අනිත්වා එනකං කුරුමානන් අල්ලගෙන ඉන්නෙ. අපේ තැපැල් ස්ට්‍රයික් ඒත් ප්‍රයිවෙට් කස්ටිය බඩු ගේනවා. මට මතකයි 2006 දී මම ගත්තා මැප් පොතක්. ඒකෙ ඇඩ්‍රස් එකක් කියවන එක වෙනම කෝස් එකක් . ප්‍රධාන සිතියම බලල, අතුරු පාරවල් වලට සබ් කැටගරි තියනවා. අද GPS, street view, Google Maps නිසා ජීවිතේ ඉතා පහසුයි.

      Delete
    4. 11.11 සේල්, මිලදී ගැනීම් පෝස්ටුවක් වත් ඉදිරියට දානවනං

      Delete
    5. ඇයි බොලේ මිලදී ගෙන නැති වෙලා ඉන්නෙ මේ.😮😵‍💫😋😁🤣
      ඔක්කොම වගේ ආවා.😁

      බකුස්ගේ සොපින් ලිස්ට් 1

      බකුස්ගේ ලිතියම් බැස්ටි වෑල්ඩින් මැසිම

      Delete
    6. තව තියනවා. සමහර ඒව අදාලත් නැතුව ඇති. මොනවගේ ඒවද හොයන්නෙ/වටින්නෙ කිව්වොත් විස්තර දැම්මෑකි.🤔

      බකුස්ගෙන් චීන පොලේ උපදෙස්

      තවත් ලිස්ට් එකක්



      Delete
    7. හුම්.
      අනියමාර්තෙන් කීවෙ ඉදිරියටත් මක්ක හරි ලියන්ට කියලැයි!

      Delete
    8. මස්කට්ටක් වෙන්ටෑ තැපැලෙන් ගෙන්නල තියෙන්නෙ හිටං 🤣

      Delete
    9. හෙහ්, හෙහ් මස්කට්ටක් වගේ තමයි අර පෝටබල් වෑල්ඩින් මැසිම. ඊයෙ ආවා. ආපු ගමන් චාර්ජ් කරලා චටස්,පටස් ගාලා පරණ බැටරි පැක් එකක් වෑල්ඩින් කලා. ප්‍රතිඵල අනර්ගයි

      අපිල වගේ ඉඳ හිට විනෝදෙට සිල්ලර වැඩ කරන අයට ඉහටත් උඩින්. වෑල්ඩින් ටිප් දෙක නියමිත දුරින් ස්ථීරව හයි කරලා තියන නිසා, කොන්ටැක්ට් ප්‍රෙෂර් එක පාලනය කරන්න ඉතා පහසුයි.

      Delete
  9. අපේ අක්කගේ දූලා දෙන්න එවන මැසේජ් කියවන්න වෙනම උපාදියක් කරන්න ඕනේ.උන් මොන,සෙද්දක්ද ලියල තියෙන්නෙ කියල මං ආයෙ කෝල් එකක් දීල අහනව 😆

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ් ඔය ටෙක්ස්ට් මැසේජ් උප සංස්කෘතිය නිසා තමයි ඉමෝජි සහ කෙටි යෙදුම් ආවෙ. ඉමෝජි අවුලක් නෑ, අනිත් එක තමයි අපිව කන්නෙ.🤣

      Delete
  10. බසු මහත්තයා කියල තියෙන දේ ඔෆිස් එකේ චැට් එකේදීත් වෙනවා. ගූගල් හින්ද ටක් ගාල තේරුම් ගන්නවා. නැත්නම් දහ අතේ කල්පනා කරන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ගූගල් තමයි පිහිට. බොහෝ විට මේවා සාම්ප්‍රධායික ශබ්දකෝෂ වල නැති වචන. Urban Dictionary වගේ ඒවා වල තියනවා.

      Delete
  11. මේ කෙටි යෙදුම් අලලා digital ශබ්ධකෝෂයක්වත් ගහන්න වෙයි අපි වගේ අයට

    ReplyDelete
    Replies
    1. ඔව් කවුරුහරි පිංවතෙක් එහෙම කරනවා නං ලොකු දෙයක්. සිංහල කෙටි යෙදුම් දාන්නෙම අපිත් එක්ක ඔරොප්පුවට වගෙයි. කිසිම චෑන්ස් එකක්, අනුමාන කරන්න උදව්වක් දෙන්නෙම නෑ. ඇහුවාම, "අයියෝ ඕකවත් දන්නෙ නැත්ද?" කියලත් අහනවා කියහංකො.😋

      Delete
  12. https://sandaiduwari.blogspot.com/2024/11/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. ගිහින් කමෙන්ට් එකක් දැම්මා. ආං හැලපෙ දිගම දිග පෝස්ට් එකක් ලියලා. 😁

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code