Dec 3, 2024

AliExpress හරහා ආ චීන ප්‍රඥාව

නමියා කිව්වා ගත්ත AliExpress බඩු ගැන පෝස්ට් එකක් දාන්න කියලා. හාඩ්-කෝර් බුරුස් ලී රසිකයෙක් වෙච්ච නමියා, කියන්නෙ බෲස් ලී වීදී සටන්කරුවෙක් වඩා දාර්ශණිකයෙක් කියලයි. මට ඒ දාර්ශණික කෑල්ල ගැන තිබුණ සැකය අද දුරුවුනා.

පරණ එක තිබුනත් සුපියල් 12 කට මම BP monitor එකක් ගත්තෙ, මේක රී-චාර්ජබල් නිසයි. අර අන්තිම දාර්ශනික වාක්කියම දාහක් වටිනවා.  


ජෝ ස්කොට්ගේ Diseases You Don’t Know You Have Until It’s Too Late කියන පරිදි, BP පාලනය කර ගැනීම සරීර සවුක්කියට හොඳය.


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

44 comments:

  1. චීන බඩු ඔය කියන තරම් බාල නෑ..හැබැයි ලාබයි.. චීන්නු නැත්නම් වර්තමාන ලෝක ජනගහනයෙන් හතරෙන් තුනයි දශම හතයි එකයි පහක් තාමත් නොදියුනු, නූගත් ජනතාවක්...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. සමහර වෙලාවට චීන්නුන්ගේ නිර්මාණ හැකියාව ගැන පුදුමත් හිතෙනවා.
      සත දහයේ මයික්‍රෝ-කන්ට්‍රෝලරය
      අප කැමති වුනත් නූනත්, චීන්නුන්ගෙන් තාක්ෂණික දියුණුව වෙනුවෙන් ලැබෙන දායකන්තවය ඉතා විශාලයි. අද අපට අඩු මිලට නවීන තාක්ෂණික මෙවලම් බොහොමයක් භුක්ති විඳිමට ඉඩක් ලැවී තියෙන්නේ චීන්නු නිසයි.

      Delete
    2. ඔය මයික්‍රෝ කොන්ට්‍රෝල් එකෙන් මොකක්ද කරන්නේ ඔයා

      Delete
    3. ඔය ලාබම මයික්‍රෝ කොන්ට්‍රෝල් වල අවුල OTP( one time programming) වීමයි. ප්‍රෝගෑමර් එක ගණන්. මේ ඒ වගේ තව එකක් Padauk. මම නං මුකුත්ම කරන්න අදහසක් නෑ. කලින් ගත්ත ATtiny85 සෙට් එකත් තවම වේලෙනවා.🤣

      Delete
  2. අර BP මොනිටර් එකේ මොනවාද ඒ ලියල තියෙන්නේ . මම හිතුවේ ඒකෙ නම 'come on ' කියල . 😀 චීන බඩු දෙවර්ගයක් තියනවා . ලාභ පවුමේ කඩ වලට එවන ඒවා සහ යුරෝපීය ඕඩර්ස් වලට එවන ඒවා . දෙවෙනි එක හොඳයි .

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ ඒ නම නෙමෙයි. මේවාට කියන්නෙ Ching·lish කියලයි. චීන බාසාවෙන් ලියලා ට්‍රාන්ස්ලේටර් හරහා පරිවර්ථනය කරවලා. එතකොට කියන්න ඕනෙ දේ නෙමෙයි කියවෙන්නෙ, මේ වගේ අප්‍රබ්‍රංස. ඉතිං වැරදි චොයිස් ඔෆ් වර්ඩ්ස් නිසා කොන්ටැක්ස්ට් එක හඳේ.

      ලාබම එක වුනත් හොඳයි අපි වගේ "අටවන බාස්ලට". ඒ ගෙනාපු ගමන් ගලවල බලන නිසා. ගෙවන ගාණට තමයි, කොලිටිය. ඒක සාධාරණයි. ගලවන්න කම්මැලි හෝ ටිකක් වැඩිපුර සේෆ්ටි අවශ්‍ය තැන් වලට, ටිකක් හොඳ කොලිටියේ ඒව ගන්නවා.

      Delete
  3. Replies
    1. නිවාඩු පාඩු වෙලාවක ඇවිත් යන්න.👌

      Delete
    2. නිවසේම portable හොප්පිටැලයක් අටවගන්නද හදන්නෙ 😂😂

      Delete
    3. /Don't be so careful in time of death/ හුම්!

      Delete
    4. ලාබෙට ලැබිච්ච හන්දා කෙටුවෙ බ්ලඩ් ප්‍රෙෂර්/ෂුගර් ගැජමැටික් දෙකට විතරමයි, බොලේ. පරණ BP එකට AAA 1.5v බැටරි දාන්න ඕනෙ, ඒත් දාන්නෙ 1.2v NiMh රී-චාර්ජබල් බැටරි නිසා රීඩින් එක අවුල්ද සැකය තිබ්බා. අලුත් එකේ -චාර්ජබල් බැටරියක් ඇතුලෙ තියන නිසා ඒ කරදරේ නෑ.

      ඒත් ලෙකුම වරද හොයා ගත්තෙ මැනුවල් එක කියවලා. මේක අටවන්නෙ අතේ මැනික්කටුව ගාව නිසා මනින කොට අත හාර්ට් එක මට්ටමේ තියා ගන්න එක. ක්ලිනික් එකේදි අතේ උඩ කොටසේ බඳින කොට ඒ මට්ටම නිකම්ම එනවා.

      Delete
    5. අනික මීටරේ තියෙන්න ඕනේ ඇතුළු පැත්තට

      Delete
    6. අහා! ආන්න ජංසං.
      අතේ ධන පැත්තෙ බැඳින්න කියල තිබුනා නං තමයි. ඒක ගැන හරියටම තේරුනේ දැන්.👌🙏

      Delete
  4. මං නං ආයේ එන්නේ
    වෙනිං එකක් දැම්මාමයි
    මට ඇලජික්
    මෙහෙව් ඒව

    ReplyDelete
    Replies
    1. හා,හා එහෙම කියල කොහොමද උපාසක? 😋
      නිදිට මේවා දිරවන්නෙ නැති බව නොතේරෙනවම නෙමෙයි. මෙහෙම ඇවිත් ගියාම හොඳටම ඇති. මේ පෝස්ට් වල ගත යුත්තක්, කතාවක් , ආදර්ශයක් මුකුත් නෑ. මෙතන තියෙන්නෙ, අපේ හිතවතුන් සමඟ සාකච්චාවක් විතරමයි.😁

      මේ ඒක නෙමෙයි, අන්න ඔබතුමාගෙ බිලොගෙ මීයො යකා නටනවා. එහෙමත් මීයො තොගයක්, හැම්ලින් වලටත් එහා. 😮😵‍💫

      Delete
    2. ඔව්නේ බස්සා මහත්තයෝ. මී බලකායක්ම ඇවිල්ලා නේන්නං. එයාලාට උත්තර දිදී ඉන්න ගියොත් එක post එකක්වත් අලුතෙන් ලියාගන්න හම්බ නොවෙන නිසා උත්තර නොදී අරින්නයි කල්පනා කළේ.

      Delete
    3. ආන්න ජංසන්! හැම්ලින් වල නලාකාරය වගේ අයින හපාගෙන ඉන්න එකයි තියෙන්නෙ. 👌

      Delete
  5. ඇයි අරකෙ තියෙන්නෙ මැරෙන වෙලාවට පරිස්සං වෙන්න එපා කියල.
    කොහොමත් ඉතිං ඒ වෙලාවෙ පරිස්සං උනා කියලත් වැඩක් වෙන එකක් නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. මේ මම අනුමාන කරන ටික:

      හෙඩිම " කරුණාකර, අනේ නිකං පලයන් යකෝ යන්න"

      1. භාවිතා කිරීමට පෙර උපදෙස් සහ මැනුවල් එක කියවන්න
      2. භාවිතා කිරීමට පෙර මේ ස්ටිකර් එක ගලවන්න
      3. නොතේරේ
      4. මැණික්කටුව වටා ඔතන කොටස පීඩනයක් යටතේ හොඳින් වෙලන්න.
      5. මලොත් පාංශකූලෙ දෙන්න

      Delete
  6. එත අතකට BP එක 220 ට වැඩි වෙලත් මට වැඩිය බය උනේ දොස්තරලනෙ.

    ReplyDelete
    Replies
    1. BP එක 220? 😮😵‍💫 හොඳටම වැඩියි නේද? එක අතකට BP 220 වෙලත් බේරුන එක හොඳ දෙයක්. BP වැඩි වූ විට නහරවල තුනී තැනකින්, බැලුම සේ පිම්බී පිපිරීම Aneurysm ලෙස හැඳින්වෙනවා. කිසිම පෙර රෝග ලක්ෂණ නැති නිහඞ මාරයෙක්. පිපිරෙන්නේ මොලේ වගෙ තැනක නම් බඩුම තමයි. BP 220 වෙලත් බේරුන එක හොඳයි කිව්වෙ ඒකයි.

      කෝකටත් තෙල් කෑම අඩු කරපං. ඒක කොහොමත් හොඳයි. කන්නම ඕනෙ නං පොල්තෙල් දාල කාහං.

      Delete
    2. කියවලා දැනගත්ත විදිහට BP කියන්නෙ අඩු-වැඩි වෙන දෙයක්. මානසික ආතතිය, තේ,කෝපි, දුම්, මත්පැන් හැම දෙයක් මතම වෙනස් වෙනවා. ඒත් ප්‍රධානම හේතුව නහර ඇතුලත් ඇහිරීම කොලොස්ට්‍රෝල් නිසා. ඒ වගේ තැනකට ලේවල ගමන් කරමින් ඉන්න කැටියකුත් සෙට් වුනාම BP සීලිමේ. හැබැයි එහෙම වෙලා පණ බේරිච්ච අයත් ඉන්නවා,එහෙම BP වැඩි වෙච්ච නිසා චෙක් කරන කොට මාට්ටු වීම නිසා.

      නොම්බරේ කතා කලාම අපි කාටත් යන්න වෙනවා. හුචස් ගාලා යනවටයි මම නං කැමති. ඔය අන්තිමට දාලා තියෙන ලින්ක් එකේ වීඩියෝවෙ තියෙන්නෙ, අපි නොදැනුවත්වම තියෙන්න ඇහැකි මාරාන්තික රෝග. ඕව ගැන හිත, හිතා ජීවත් වෙන්නත් බෑ. ඒත් සීනි සහ BP ගැන ටිකක් පාලනයෙන් සිටීම සමස්ථයක් වශයෙන් හොඳයි කියන එකයි මට තේරෙන්නෙ.

      Delete
    3. බඩේ අමාරුවක් හැදිල ඩොකා ගාවට ගිය වෙලාවෙ තමයි ඔය සීන් එක උනේ. ඊට කලිනුත් ප්‍රෙෂර් වලට බෙහෙත් ගත්ත. වෙන අවුලක් තිබ්බෙ නෑ. අනික් රිපෝට් වලත් අවුලක් නෑ,
      මානසික ආතතියනං ඉතිං කොහොමත් තියෙනවනෙ.
      දැං 135 ට විතර අඩු කරගෙන තියෙන්නෙ.

      Delete
    4. නියමයි. ආන්න එහෙම ඒ ගානෙම පාලනය කරගන්න බලන්න. 👌

      Delete
  7. බොලං බස්සෝ මේක අහවල් එකක්ද කියල තේරුං ගන්ටම comments කියවන්ටම සිද්ද වුනානේ. මං හිතුවෙම අර electric chairs වගේ executing උපකරණයක් කියලයි

    ReplyDelete
    Replies
    1. වන් තවුසන්ඩ් ඇපොලජීස් මැඩම්! අරහෙ නිදියටත් මල පැන්නා. 😋🤣
      අපි දැන් ලියන්නෙ බ්ලොග් කොට -කලසං(ෂෝර්ට්ස්) නෙව? බුරානිස් තමයි කිව්වෙ දැන් මිනිසුන්ට මාගල් වගේ පෝස්ට් කියවන්න වෙලාවක් නෑ කියල.🤔
      කමෙන්ට් වලින් යම් පැහැදිලි කිරීමක් වෙනවා කිව් එක ගැන සතුටුයි. 😁🫡😊

      Delete
    2. කමක් නැහැ, ශෝර්ට්ස් හරි ලියන එක ලොකු දෙයක්. post එකක් දැක්කම හරි ආසයි. අපි ඉතින් කියවලා (read) පුරුදු කට්ටියනේ. ඉඳල හිටලා ලෝන්ග්සුත් ලියමු ඉතිම්.

      Delete
    3. ආං අරහෙ හැලපෙ දිගම දිග එකක් ලියල, පස්සට බිබිලි දාලා.
      https://helapakade.blogspot.com/2024/08/20.html

      Delete
  8. අපේ කාලයේ අවුල් ප්‍රාඥයා

    ReplyDelete
    Replies
    1. ප්‍රාඥයා = ප්‍රා ජයා 🤔😁😋🤣

      Delete
    2. නරි මොටාඥයා?

      Delete
    3. නීතියට අධිපති උත්තමයන් සමඟ වාදයට නොයන්න - චීන ආප්තෝදේශයකි.😋

      Delete
  9. මේවගේ ඉඳලා-හිටලා පොඩි ෆන් එකක් ගත්තට, චීන්නු ගැන මගේ සෑහෙන ගෞරවයක් තියනවා. චීන්නු නැත්නම් අද අපි කොහේද? ඕවර්-ප්‍රයිස්, ඕවර් හයිප්ඩ් ඇමරිකන් භාණ්ඩ ඒකාධිකාරිය දන ගැස්සූ ඩර්ට්-චීප් චීන බඩු, ලෝක ජනගනය පාලනය කිරීමට උපකාරී වු පැන්ඩමික්, චීනා බුදු වේවා!

    විහිලු සහගත ස්වාභයක් තිබුනත්, මෙතරම් මහන්සියක් දැරීම නිසාම, සාමාන්‍යයෙන් මේවා නොකියවන මම "හව් ටු" උපදෙස් කියෙව්වා. "අතේ ධන පැත්ත" වගේ වචන තිබ්බත්, සමස්ථයක් වශයෙන් වටිනා, මා නොදැන සිටි විස්තර බොහොමයක් තිබ්බා.

    මාතෘකාවට අදාල නැතිමුත්, මා දුටු කාලීනව වැදගත් ලිපි දෙකක්:

    වී වගාව

    අක්කරයට උපරිම අස්වැන්නක්

    ReplyDelete
    Replies
    1. //චීන්නු ගැන මගේ සෑහෙන ගෞරවයක් තියනවා// මයෙත්. නැහ්නං කොහොමැයි අපි වාගෙ අය තාක්සනය අතපතගාන්නෙ. හැමෝටම ඇපල් කන්න පුලුවනෑ 😄

      Delete
    2. ඉන්දියාව, චීනෙ වෙනුවට විකල්පයක් කියන මතය කලක් තිබුනා. ඒත් එක සාර්ථක වුනේ නෑ. ඉන්දියාව කියන්නෙ චීනෙ නෙමෙයි. අද චීනය කියන්නෙ ලෝකෙට අත්‍යවශ්‍ය සාමාජිකයෙක්.
      ඒත් මම චීන්නුට කැමති වුනාට චීන CPP පක්ෂෙට නං කැමතිම නෑ.

      සාමාන්‍යයෙන් චීන්නු ආත්මාර්ථකාමියි කියල මතයක් තියනවා. මගේ චීන මිත්‍රයෙක් කිව්වේ, අපි එහෙම වෙලා තියෙන්නේ තරඟකාරිත්වය නිසා කියලයි. ඔහු කියනවා, ඔහුගේ සුපර් මාකට් වල සේල් දැම්මාම, දොරවල් තල්ලු කරගෙනලු මිනිස් ගංගාව එන්නෙ. එකෙක් දෙන්නෙක් වැටුනත් උන්වත් පාගගෙනම අනික් එවුන් යනවලු. එහෙ ජීවිතේ කියන්නෙ උඹලට නොතේරෙන සටනක්ලු. මගේ මිත්‍ර පැට්රික් සහ Bin Xu දෙන්නා මට බඩ බැඳගත්තා වගේ උදව් කරලා තියනවා.

      Delete
    3. හුම්. මට මතකයි 2000 මුල් ගණන්වල සාක්ෂාත් වගෙ නමකින් අඩුවටම ටැබ්ලට් නිස්පාදනය කරන්ට පටන්ගත්ත ඉන්දියාව.

      චීන ඩිලිවරි පැක්ටරියක උත්සව සමයෙ විඩියොවක් දැක්ක. වැඩකරන උන්දල රොබෝල වගෙ. කදු ගණන් පාර්සල්!

      Delete
    4. ඉන්දියාවත් තාක්ෂණික වශයෙන් නරකම නෑ. අර හොලිවුඩ් මූවි එකක වියදමටත් අඩුවෙන් හඳට යවපු යානය එහෙම පට්ට ගේමක්. ඒත් චීනෙ, ඉන්දියාව කියන්නෙ වෙනස්ම ලෝක දෙකක්. සමාජ දෙකක්, සංස්කෘති දෙකක්. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රධාන වෙළඳ අපනයන වෙනස් වෙනවා. මම මේ දෙකටම කැමති, ඒවා පොදු මිනිසුන්ගේ විකල්ප තාක්ෂණ නිසයි.

      Delete
    5. මට හමුවෙච්චි චීන්නු උදව් කරල හෝ හොඳට කතා කරලා හරි තියනවා

      Delete
    6. ඔව් මෙහෙත් ඉන්න චීන්නු, සමාජයට අනුගත වෙලා කාටවත් බරක් නොවී ජීවත් වෙන ජන කොටසක්.

      ඒත් ඉන්දියන් කාරයො ඇණයක් වේගන එනවා

      Delete
  10. https://en.wikipedia.org/wiki/Bruce_Lee
    Bruce Lee[b] (born Lee Jun-fan;[c] November 27, 1940 – July 20, 1973) was a Hong Kong-American martial artist, actor, filmmaker, and philosopher.

    මං නෙමේ මහත්තයො මේ විකියත් කියනො.
    කො අපේ නීති ප්‍රාඥයවත් මයෙ පැත්තට කතා කරනවනං

    ReplyDelete
    Replies
    1. නීති ප්‍රාඥය පිරිත්පැන් වඩියක් සප්පායම් වෙලා සෝවාන් වෙලා ඇති, මහිතේ.😋😁

      Delete
  11. මට චින භාෂාව බෑ.
    මට හරි ලැජ්ජයි ඒ ගැන.
    මම ගොඩක් කම්පාවෙනවා ඒ ගැන.

    මම හැකි ඉක්මනින් චීන ඉගෙනගතයුතුයි.

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් බොහොම හොඳයි. 👌

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code