ගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේ
බස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේ
සුන්දර මතක හිත සනසයි මගෙ බාලේ
අලුත් පොත් සුවඳ නැහැයට දැණුනාට
අතරින් -පතර හමුවෙනවද මැණික් කැට?
පරණ පොත් කඩේ පුස් සුවඳයි මෙමට
"ඇඩම්ස්-ඔන්ලි" පොතකට පෙම් බඳිනවද
මැගසින් සඟරා සිහින ලෝක ගෙනෙනවද
රට යන හීනෙකුත් හිත යට මවනවද
සෙල්-මුවා වෙලා නැවතුන මගෙ හිත ගාවා
රෙඩ්-හෙඩ්, බ්ලොන්ඩ්, බෲනෙට් කියනා ඒවා
මොනවද අම්මෙ! මං දන්නේ නෑ ඕවා
හැමතැන එකම පාටද? ප්‍රශ්ණය ආවා
පිච්චිය අතේ නැති සතුටින් හිටි බාලේ
පිචෑර් එකට, පොතකට බැඳි මගෙ ආලේ
එහෙම කික් එකක් නැත්තේ ඇයි රාලේ
දුප්පත් බස්සෙකුගෙ බාලේ වර්ණ කොට
කවදාවත්ම "ජජ්" කලෙ නෑ සත්තකට
රෙන්ට් එකට පොත් දුන්නේ බලන්නට
Hallelujah! සැමටම සුභ නත්තලක් සහ අලුත් අවුරුද්දක්!
“Hey, sokoly!” (“Hey Falcons!”) is a Polish-Ukrainian folk song
කණ විදලා කොණ්ඩෙ පාට ගාලා එහෙම නෑනෙ තිබුනේ
බාටා දාලා අපි යනකොට, ජනෙල් වලින් එබුනේ
පිටුව පෙරලුවට සීතාල අපි නෙමෙයිනෙ සැලුනේ
දඞු මොනර ගාණ වැඩියි මචං චැලිය දිහයි බැලුනේ
බාටා දාලා අපි යනකොට, ජනෙල් වලින් එබුනේ
පිටුව පෙරලුවට සීතාල අපි නෙමෙයිනෙ සැලුනේ
දඞු මොනර ගාණ වැඩියි මචං චැලිය දිහයි බැලුනේ
හලලූල. හුම් අලුත් සතෙක් ගැන වෙන්ටැ සිංදුවෙන් අර පැටික්කි කියන්නෙ 🤭
ReplyDeleteසුභ නත්තලක් සහ අලුත් අවුරුද්දක් කොලුවො. ස්තූතියි පාන්දරම ආවට.👌🙏💐
Deleteසුබ නත්තලක් හා අවුරුද්දක් 🎉❄️🙏
Deleteමොකෑ මේ වේලපහ විස් කරන්න තියාගෙන
කලින්ම ඉවරකරලම දාන්න කියලයි කල්පනා කලේ.🤔
Deleteඉස්සෙල්ලාම බකුසාණෙනි, මෙය කියමී
ReplyDeleteකවි පන්තිය අගෙයි - සතුටෙන් කියැවීමි
'මේ පොත් කඩවලට යන්නට පිං ලදිමී'
කියා උදම් අනුමට පිං නොලද්දෙමී!
ගාමිණි හෝල් පසුකර ගිය වාරවල
මරදානට යන්න එතැනින් ගියපු කල
පොත් කඳු පෙනිල- එහි යන්නට ආස කල
නමුත් - පිපුණෙ නෑ මල් ඒ පැතුම්වල
ඒ පොත් බලන්නට පිං නොලද්දට
Deleteසාප්පුවක් ලැබුනා පොත් තනන්නට
පොත් වලින් කිසිම අඩුවක් නැතිවූ කලට
ලබන්නාවු අවුරුද්දත් සුභයි බොට
මයිනස් දහය, එකොලහ වේගන එනවා
හතර වටේ නත්තල් සිරි ලෙල දෙනවා
ලාබ නැතත් කවුරුත් නත්තල් කනවා
හිටින් රාළෙ, හිම කුණාටු ලඟ එනවා
ඔය පොත් තියන තැන අද වාගේ මතකයි
ReplyDeleteපන්තියේ අන්තිම පේලියේ කොල්ලෝ බැලුවා මතකයි
ඇප්ලයිඩ් මැත සර් පවා ඉල්ලා ගත්තා මතකයි
රුසියාවේ ගොහින් සදෙව් ලොවටමා ගියා මතකයි
ඔරුවල බන්දු කියලා කෙනෙකුත් උන්නා
Delete"පස් අවුරුද්ද" රුසියාවේ ගත වෙන්නා
ලස්සන අත්දැකීම් ඒ පොතෙ ලියවෙන්නා
යව්වනය අපේ, පොත් කඩවල දිය වෙන්නා
අන්න නියම ගුරුවරු බුල්ෂිට් නොමැතී
ගෙදර ගිහින් අනුකලනය වෙන්න ඇතී
libido පවක් නොව, තනි වචනක් නැතී
සමාජ සම්මතට අනුව ටැබූ වෙතී
ටැබූ වෙන එක නොවේදෝ මා ලීවේ
Deleteඅපේ පන්තිවල අන්තිම පේලියෙ හිටියෙ පන්තියෙ "අයියලා" ටික. අපිව ගත්තෙ නැහැ ඒ සමාජෙට. පොඩි පන්තිවල අන්තිම පේලියෙ හිටිය ඇම්බැට්ටයො දෙන්නෙක් ගෙදරින් පැනලා ගියා, කෝච්චියෙ ගාලු යන්න. ඇවිත් උන් විස්තර කියනකොට අපි කටවල් ඇරගෙන අහන් හිටියෙ.
Deleteලස්සන මතකයක්. කවිය අපේ පත්තරේ දාන්නද ? අපිත් ඒ කාලෙ අතේ තියෙන සුළු ගාණට ලෝකෙ පොත් ගත්තෙ ඔතැනින් තමයි.
ReplyDeleteදාන්න, දාන්න. අපිත් මේ ඇසු-දුටු දේවල්, අනුන්ගෙ ජීවිත කොපි කරලනෙ ලියන්නෙ. ආයෙ මොන ලබු ගෙඩියෙ කොපි රයිට්ද? නම්-ගම් නොදැම්මත් කිසිම අවුලක් නෑ.🙏👌💐
Deleteබොහොම ස්තුතියි .
ReplyDeleteMy pleasure
Deleteගන්න බැරි වෙලාවට ගිහිල්ලා අතපතගාලා ආපහු තියලා ආවා මතකයි.
ReplyDeleteඅතපතගාලා ආපහු තියලා ආවා?😮 අපිත් අතපත ගෑවනං තමා, ඒත් තියල නෙමෙයි, රෙන්ට් එකට අරගෙනමයි ආවෙ.
Deleteසමහර පිටු සේසයක් ඉතර දියවෙලත් තිබුනා. හප්පේ එහෙමත් සමාජ සේවයක්. සම්මාන දෙනව නං ආන්න දෙන්න ඕනෙ මිනිස්සු.
මාත් ඔය ටිකේ පයින් ඇවිදිනකොට ඔය පොත් කඩ ටික දැකල තියෙනව.
ReplyDeleteඒත් කවදාවත් ඕව එහෙකට ඔළුව දාල බලල නෑ.
ඒ කඩ අදාල වුනේ එක්තරා කාල සීමාවක, එක්තරා වයස් පරාසයක, එක්තරා ......උණක් තිබ්බ, එක්තරා සමාජ මට්ටමක හිටිය අයට තමයි.
Deleteඔළුව නොදාපු එක හොඳා. අර ආදිපාද වගේ එකෙක් ඇතුලෙ හිටියනං, ඔළුව බරපතල හානි වෙන්නත් ඉඩ තිබුනා, පතෑං.🤔
ROC. සමාගම් මැදුරට කාලයක් යන්ට උනා ජොබ කරපු තැන වැඩවලට. සීල් හදන බුවෙකුත් හිටිය ඔය කඩපේලිය ලඟ. ඒත් දෙයිහාමුදුරුවනේ පොතක් නම් අරගෙන නෑ ඔතනින් 😬
ReplyDeleteROC = රිපප්බ්ලික් ඔෆ් චයිනා තමයි ගූගල් කිව්වෙ? සමාගම් මැදුර දන්නෙත් නෑ.
Delete//ඒත් දෙයිහාමුදුරුවනේ පොතක් නම් අරගෙන නෑ ඔතනින් //
හහ්, අපි නොදන්න මොණරතැන්න, උඹ බබා. 😵💫😋🤣
යකූ, "හොඳ පුතා" වෙන්න ගිහින් තමයි අපිව නැති වුනේ. නටපු තොයිලෙකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ. එකාතකට එහෙම වුන එකත් හොදා. නැහ්නම්....
බස්ස නිදයි කූඩුවේ
පූෂො ඉඳින් පාඩුවේ....
සිරිලංකාවේ Department of the Registrar of Companies එක. ඔය කඩපෙලියට අනික් පැත්තෙන් තියෙන්නේ ඒක.
Deleteඅන්තිමට දාපු, රීමේක් කයිය මරු
Deleteඅහා! අර සමාගම් මැදුර කිව්වෙ ඒකයි එහෙනං. මට එහෙමට මතකයක් නෑ නමියො, කෝච්චි යටින් යන පාලමක් තිබ්බා ඒක නං මතකයි.🤔
Deleteමගේ මුල්ම බයික් එක චැලියක්. පස්සෙ "ටවුන් මේට්" වගේ නමක් තියන එකකට අප්ග්‍රේඩ් කලා. ඒකෙ චේන් එක වෙනුවට තිබ්බෙ ඇක්සල් එකක්.😁
හැමතැන එකම පාටද කියද්දී මතක් උනේ මේක
ReplyDeleteබුදු සන්තෝ එහෙමත් පාට ඉලිල්ලක්. උලනවා ආයෙ ලොවෙත් නැති වෙන්නම.😁
Deleteඒ අපි පොත් වලට පන දෙන්න වුනත් ලැහැස්ති වුන කාලේ. සල්ලි දීල පොත් ගන්න හැකියාවක් නොතිබුන කාලේ. මම ඔතනින් ගියේ කවද හරි රස්සාවක් කරන කාලෙක ඇවිත් පරණ පොත් ගන්නවය කියල හිතාගෙන. ඒක ඉටුවුණේ නැහැ කවදාවත්. මොකෝ පරස්තාවත් ආව නෙව රස්සාවත් එක්ක. ඒ මතකය නම් ඔතනින් යද්දී තවමත් දැනෙනවා.
ReplyDelete// පරස්තාවත් ආව නෙව රස්සාවත් එක්ක??
Deleteඅහා! ඒකත් ලස්සන කතා කතාවක් වගේ. අකමැති නැහ්නං මේ අපි වගේ දඩමං මකලා කියලම දාන්න, අප්පා.😋😁
මේ වැඩි ඈත අතීතයක නෙමෙයි, ආපු ගමන් උතුර-දකුණ මාරුවෙලා හරිගමන් රස්සාවක් නැතුව ඉන්නකොට, කරපු දෙයක් තමයි "වින්ඩෝ සොපින්" . ඒ කාලෙ සොපින් මෝල් නැගලම ගිය කාලෙ. මමත් කොච්චෝරවත් වීදුරු ෂෝකේස් ලඟට ගිහින් " ඔහොම හිටහංකො, අතට පණං හතරක් එන කරුමාන්තයක් එනකං" කියන්නැති. එච්චරම තමා ඉනිම්, මේං දැන් ඒ ෂොපින් මෝල් වල තත්ත්වෙ:
Downtown DEAD Mall
ඔය පරස්තාවත් එක්ක මනුස්සයෙක් ඇර අපිට අපිටම කියල ඔලුවටම කඩන් වැටෙන දේවල් තියෙනවනේ
Delete1. නැන්දම්මෙක්
2. භයානක ඥාති පිරිසක්
3. ළමයි බමයි (මගේ විතරයි)
4. කුස්සියක්
ආදී වශයෙන්.........ඉතීම් මගේ විනෝදාංශ නැත්තටම නැතුව ගිහිං තිබිල යන්තම් ටික ටික ගොඩ ගත්ත.
ඇර මාටින්! ඒ හොඳටම ඇති. සම්පූර්ණ කතාවම මගේ හිතේ ඇඳුනා. ජීවිතේ අපි දකින හීන එහෙමම හැබෑ වෙන්නෙ නෑ, ඒත් හීන දකින එකේ කිසිම වැරැද්දකුත් නෑ. වැස්ස කාලෙට ගන්න පොඩි කටු සටහනක් ගහගෙන, ජීවිතේ සරල දේවල් වලින් උපරිම ආතල් එකක් ගන්න එක තමයි තියෙන්නෙ.
Deleteඔය පරණ පොත් කඩෙන් මම නං බුදු ආතල් එකක් ගත්තා. ඒකෙ සිංහල,ඉංග්‍රීසී ටැක්නිකල් පොත් පවා තිබ්බා. කවුරු හරි උගත්, ධනවත් පිංවතුන් ගාව තිබිලා, එයාල ස්වර්ගස්ථ වුනාම, කඩේ මුදලාලි අයියා ලාබෙට කෙලගෙන එන්න ඇති.
දැන් පරණ අය විශ්‍රාම ගිහිල්ලා, අලුත් අය ඉන්නවා.
ReplyDeleteමිස්ටර් බැස්ටියං කවද හරි මෙහෙ ආවොත් අපි යං බලන්න. (බයවෙන්න එපා, නම, ඇඩ්‍රස් අපිට කියන්න ඕනෙ නෑ. මූණටත් මාස්ක් එකක් දාගෙන ඇනොනිමස් බස් මොටෙක්වගේ යං)
හෙහ්, හෙහ් ස්තූතියි ඔෆර් එකට. මමත් ප්‍රාර්ථනා කරනව අපට හමුවෙන්න ඉඩක් ලැබෙන්න කියලා. ඒත් ඒක ඔහෙට වඩා මෙහෙදි වෙන්න තියෙන ඉඩ වැඩියි.
Deleteසොලිටරි නිසාචර පක්සීයෙක් වශයෙන් ඔහෙට කියන්න සෑර්, දැන් රට රාජ්ජ වල ඇවිදින්න කිසිම ආසාවක් එන්නෙ නෑ කියහන්කො. එහෙම නෑ කියල කිසිම කණගාටුවකුත් නෑ. මට වෙලාවකට හිතෙනවා නිකං මාර්ගඵලයක් වගේ එකක ලැබීගෙන එනවද කියලත්.😵💫😋
සොලිසිටර් නිශාන්චර් වුනාට ලංකාවට එයිනෙ කවදහරි.
Deleteඔව් ඉතින් මාර්ගගත සකුන්තලාගාමී වගේ එලයක් ඇති.
පොඩි ඉඩං කෑල්ලක් තිබුනා ඔහේ. ඒකෙ තිබුන ගස් ටිකට බැස්ටිය දුන්නා නෑයො. මං අහන්නෙ බෙනයක්වත් හාරගන්න නැති ඉඩමක් මොකටද බස්සෙකුට? ඒකත් අතැරියා තැපෑලෙන්ම.
Deleteමහ ගෙදර දැන් නෑ, කඩලා. ඒ ඉඩමෙ දැන් වැඩිහරියක් තියෙන්නෙ පිට අයගෙ ගෙවල්. අන්තිමට ආවෙ 2006 දි. ආන්න එහෙමයි , අපේ කස්ටිය මගේ සසරෙ බැඳීම් අත් අරින්න පුරුදු පුහුණු කෙරෙවෙව්වෙ.
සකුන්තලාගාමි නෙමෙයි අනා-ගමි වෙනවා දෙකක් ලඟ,ලඟ නැමුවාම.
@ D.G.M බස්සාDecember 16, 2024 at 2:06 AM
Deleteතා කිත් තරිකිට තෙයි
(වයසට යනකොට)
කාටත් ඔය ටික වෙයි!
ඔහෙට කිව්වම මොකද නිදියෝ, මේ මම අහල තියෙන ඉඩං කතාවක්. මූද ලඟ ඉඩමකට දෙගොල්ලක් නඩු කිව්වලු. ඉඩම මූද කෑවලු, නීතිය අයිතිකාරයොන්ව කෑවලු. 🤣
Deleteඒත් ඒක මට වෙච්ච වාසියක් විදිහටයි මම දකින්නෙ. මමලාබ චීන බඩු වලට ලොබ බැඳි සිම්පල් බස්සා. කන්නෙ චෙරි-බෙරි. බොන්නෙ වයින්.😋
මම මැදපෙරදිග වැඩ කරන කාලෙ නිවාඩුවකට ආව. මෙහෙ වගේ නෙමෙයි පැය 4 ගමන, හැම කොම්පැණියම මාසයක පඩි + ටිකට් සල්ලි දෙනවා. ඕං ඉතිං මම පාරක් අයිනෙ ඉන්නවා බස්සෙක එනකං පිටෝටු යන්න. ටින්නෙකක් ගහලද කොහෙද හිටියෙත්. මේං එනවා ගොබිලෙක් කට කනේ තියාගෙන ලඟට:
ReplyDeleteගොබිලා: හප්පේ දැක්කකල්. කවද්ද ආවෙ?
මම : පෙරෙයිද. මාව දන්නවද?
ගොබිලා: දන්නවදත් අහනවා? අර කන්ද පල්ලෙහා දෙවැට ගාව ගෙදර සිරිපාල. ඒ අපේ මාමණ්ඩියා නෙව?
ඇයි යකෝ කොයි ගමේද කන්දක්, දෙවැටක්, සිරිපාලයෙක් නැත්තෙ? මට ටපලුනා. මූ මාව ඇන්දුවා මහත්හොරුනි, ලෙසටම ඇන්දුවා. මහිතේ මගේ ඇඳුම තමයි මාව නැති කලේ. මට තේරෙනකොට පරක්කුයි. පොඩි ගාණක් නිසා, මම දීලා දැම්මා. අනික පොලොවෙ හැපිලා පොරොන්දු වුනා, ගෙදරටම ගෙනැල්ල දෙනව කියලත්.🤣
ආන්න ඒ වගේ සුන්දර මතකත් තියනවා. ඒ වගේ දස්ස කට්ටියට කියන්නෙ ශෝෂල් ඉන්ජිනේරු මහත්තුරු කියලලු. අනේ ඉතිම්, කොච්චර දස්ස ඉන්ජො ඉන්න රටක්ද මේක?මං කියන්නෙ මුංව අල්ලලා පුපට මැහුං දාලා අරලු පෙති දෙක ගානෙ දෙන්න ඕනෙ කියලයි.🤔
කැස්සට තිප්පිලි තම්බල බොන්න සුදා
අරලු පෙති දෙකක් බිව්වම බඩට හොඳා
මට ඔය මරදානේ වැල්ලවත්තේ පරණ පොත් කඩ වලට ටින්ගපු නිසාද මන්ද මෙහෙත් පරණ පොත් කඩයක් දැක්කොත් පෙන්නන්න බැහැ
ReplyDeleteවැල්ලවත්තෙ පොත් කඩ ගැන ඒ හැටි විශේෂ මතකයක් නෑ.🤔 හෑ, ඔහේ පරණ පොත් කඩත් තියනවද?😮. ඔන් ලයින්, යූ ටියුබ් වීඩියෝ වගේ පහසු ක්‍රම නිසා පොත් කියවීම සම්පූර්ණයෙන්ම පාහේ නැවතුනා.
Deleteතාම මිදෙන්න බැරිවුන එකතුකරන ඇබ්බැහිය, චීන ඉලෙක්ට්‍රිනික්ස් කෑලි විතරයි. ඒක ගැන මම එච්චරම වද වෙන්නෙ නැත්තෙ, ඒකෙන් ගන්න ආතල් එක, වියදම සහ ගන්න ඉඩ ප්‍රමාණය එක්ක බැලුවාම සාධාරණ නිසයි.
යකඩෝ මේ අපූරු කවි පංතියක් නොවැ.මාත් පොඩිකාලේ ගිහින් තියෙනව ඔය පොත්කඩ අස්සෙ තාත්තා එක්ක
ReplyDeleteස්තූතියි. ඒත් මේවා මොනවද නෝනෙ ඔහේ ලියන ඒවත් එක්ක බලනකොට.🫡💐
Deleteමතක මල්ලත් අරන් අදත් ඉඳ හිටක..
.
.
.
අතරමඟ බැස්ස තැන් ජීවිතේ එමට
මේහ්...,
ReplyDeleteකයියක් ලියන්ඩ සෑහෙන්ඩ කල්පනා කොළා. ඒත් බැරි උනා.
මරදානෙ තියෙන ඇන්ටික් අහුමුළුවල තවත් අංශයක් තමා පොත් කඩ පේළිය. මායි අපේ දේවාරූඪයෙන් ටීවී හදන අශෝකයි දවසක් ඔතන පොත් කඩ අතරෙ ඇවිද ඇවිද සෑහෙන්න පරණ පොත් සෙට් එකක් ගත්තා. ඒ කාලෙ අපට සල්ලී තිබුණෙ නෑ පොත් ගන්ඩ. ඉතිං සිතින් හූල්ලමින් ඔතන පහු කරගෙන යාම තමයි කළේ. නමුත් දැන්...
දැනුත් සල්ලි නෑ නෙ ඉතිං...
අහා! අර දේවාරූඪයෙන් ටීවී හැදිල්ල නං උනන්දුව ඇති කරන සබ්ජෙක්ට් එකක් වගේ. දේවාරූඪයෙන් කිව්වෙ පිරිත්පැන් වඩියකින් සලු වෙනවවත්ද?🤔😁
Deletehttps://drackey.blogspot.com/2015/05/blog-post.html
Deleteනියමයි. සතුටක් වගේම හීනී දුකකුත් දැණුනා.👌💐😊☹️
Deleteබස්සා - පරණ පොත් කඩවලට මාත් පණ ඇරලා. පොත් ඉතින් මගේ වෘත්තියත් වෙච්චි, අලුත් පොත් වලට වඩා පොඩි කැරැක්ටර් එකක් තියෙනවා කියලා මට දැනෙනවා පරණ පොත් වල.
ReplyDeleteමගේ කෙටිකතාවකත් ඉන්නවා ඔය පරණ පොත් කඩවල ෆෑන් කෙනෙක් වෙච්ච හාදයෙක්. ඒකත මතක් වුණා මේ අස්සේ. :)
ඇත්තටම පූර්ව ඉන්ටනෙට් යුගය සෑහෙන්න ප්‍රාථමික උනාට ඒ තිබුණු සම්පත් වලින් අපි අසීමිත තෘප්තියක් ලැබුවා නේද? දැන් පොත් ගන්න සල්ලිත් තියෙනවා , පුස්තකාලවල, ඔන්ලයින් ආදිය ඕන තරම් පොත් තියෙනවා , ඒත් පරණ පොතක් හොයාගෙන කියවපු තරම් ජොලියක් දැනෙන්නේ නැහැනේ අප්පා
සමාවෙන්නහැමදාම වගේ මම පාටියට පරක්කුයි. මෙදා පාර නම් ගම රට හිටියේ නැහැ පහුගිය ටිකේ, ඒකයි.
Deleteඔන්න බලන්න ඉතින් ඒකෙත් හැටි? මේ කමෙන්ට් කියවලා "චොකලට් මතක" බ්ලොගෙ "පරණ පොත්" කියලා සර්ච් කලා. දුන්නෙ නැතෑ, බස්සට පොලෙන් ගැහැව්වා වගේ මිස් වෙච්ච පෝස්ට් ලිස්ට් එකක්ම.😊😁
Deleteදැන් ගිහින් කෝපි එකක් බීලා, කියවන්න ගන්නවා සැට් එකම.🙏
සොරි බස්සා, ඒ කතාව බ්ලොග් එකේ නැහැ. මේක දකිද්දී 'පරණ පොත්' කියලා සර්ච් කරලා ආව පෝස්ට් ටික පීරලා ඉවර ඇති නේද? :D
Deleteඒකෙ නම 'මත්වීම්'. මගේ පළවෙනි පොතේ තියෙන කතාවක්. අවුරුදු පහක් පරණ පොතක් නිසා පොත ලංකාවෙ හොයාගන්න ලේසි නොවෙන්නත් පුළුවන්.
බසු ඊමේල් එකක් තියෙනවා නම් මම කතාව එවන්නම් .
ආන්න ජංසං. 👌🙏💐 තව දාහක් වටිනවා.
Deleteමෙන්න මේල්:
dgmbassa@gmail.com
පොත් පුස්තකාල සහ මම, ඇගතා ක්‍රිස්ටි,තක්සලාවක් වූ සඟරාව කම්මුතු කලා. අත්භූත පට්ටගම, විල්ලුද හාවා, බීපින් චෞද්‍රී, දුර ඈත දේශ කියවන්න බුක් මාක් දා ගත්තා.😁
කතාව ආවා. කියෙව්වා. ඒකෙ ඉන්න "නිකනුත් ඩෝප්" ගොබිලා , අහිම්සක හබියා වෙන්න ඇති කියලා හිතෙන්නෙ මට විතරමද? බාගදා එහෙම වෙන්නත් ඉඩ තියනවා, ඇයි මේල ආවෙ මට නොවැ?🤣
Deleteස්තූතියි. 🙏💐
ෆික්ෂන් කියවා නන්-ෆික්ෂන් ඇසියුම් නොකරන්න කියලා මහගම සේකර ද කොහෙද කියලා තියෙනවා අහලා නැද්ද බස්සා ? :D :D
DeleteNah, not just simple assumptions. Elementary my dear Watson, elementary!
Delete1. පුස්තකාලෙ ලව් එක
2. After a couple of decades together, he is the main character in all my stories- just that you don't see them because they are not public.
Dear Sherlock- Bassa, while your memory is commendable, your deductions are not as good! :D
Delete1. පුස්තකාල රස්සාව = පුස්තකාල ලව් කියලා ඇසියුම් කිරීම
2. Not public would mean not in the book either right? All my stories but the private ones.
ඒ නිසා ෆික්ෂන් කියවා නන්-ෆික්ෂන් ඇසියුම් නොකරන්න කියලා තමයි ආයෙත් වගකීමෙන් කියන්න වෙන්නේ. :D :D
ඒක නෙමෙයි ඒ රිප්ලයි එකට අදාළ ඇනෝ කමෙන්ට් එක අතුරුදහන් නේ ? මම නිකම් තනියම කතාකරන සීන් එකක් පේන්න තියෙන්නේ!
ඔබ වහන්සේ කියන නිසා මගේ ඇසම්ප්ෂන් එක හැන්සාඩ් වාර්තාවෙන් ඉවත්කර ගනිමි.
Deleteමලා, එහෙම ඇනෝ කමෙන්ට් එකකුත් තිබ්බද? මගේ අතින් මැකුනාවත්ද? මට ඉස්සෙල්ලම තේරුනේ නෑ කොයි කමෙන්ට් එක ගැනද අහන්නෙ කියලා. ඒකයි මේ කමෙන්ට් එක ආයෙ දැම්මෙ. 🤔
//හැන්සාඩ් වාර්තාවෙන් ඉවතට // :D :D
Deleteඔව්නේ, ඒක ඇනෝ කෙකෙන් එක්ක ගිය කන්වර්සේෂන් එකක්. මුලදී මාතෘකාවට අදාළ ව කතා කරලා පස්සේ අනවශ්‍ය ප්‍රශ්නයක් අහපු වෙලාවේ තමයි මම තදවෙලා අර උඩ බස්සා ලින්ක් කරපු කමෙන්ට් එක දාලා තියෙන්නේ. දැන් ඇනෝ කමෙන්ට්ස් දෙකම නැහැ. බස්සා අතින් මැකුනා වෙන්න බැහැ. මං මැකුවෙත් නැහැ . එයා මැකුවා නම් comment has been deleted by author කියලා වැටෙනවා නේද? සෑහෙන්න බොන්ඩෝන ප්‍රශ්නයක්.
සෑහෙන්න බොන්ඩෝනද කියලත් අහනවා?😋🤣
Deleteඅහා! දැන් නෙව සම්පූර්ණ කතාවම තේරුනේ. මම ඒත් අප්සෙට් එකේ හිටියා, මම අනවශ්‍ය දෙයක් කිව්වාවත්ද කියලත්.🤔පැහැදිලි කලාට ස්තූතියි.
බ්ලොග් එකේ අයිති කාරයට මිසක් මටවත්, ඇනෝ ආපු නිසා ඇනෝටත් කමෙන්ට් මකන්න බැහැ මම දන්න විදිහට. බලන්න ස්පෑම් ගිහිල්ලද කියලා?
ස්පෑම් නැත. මට තද වුණා කිව්වට මකන්න තරම් නම් තදවුනෙත් නැහැ හැබැයි :D
DeleteIt's a mystery!
God works in mysterious ways කියලා කව්දෝ කිව්වම “God doesn’t play dice” කියල ඇල්බට් අයියා කිව්වලු. හැබැයි ඒකෙ තේරුම පිටින් පේන දේ නෙමෙයි කියන්නෙ. මට ඕව තේරෙන්නෙ නෑ අපේ හාංදුන්නේ, මම යනවා වයින් බොන්න.🤣😁
DeleteApparently, the name of the girl playing the guitar in the 'Hallelujah' video is Allie Sherlock. God works in mysterious ways, indeed.🤔
මෙන්න තවත් පරන පොත් කඩයක් ගැන පට්ට ලිපියක්. ඒත් ඒක නං පොත් කඩයකට වඩා පරණ පොත් සාප්පුවක්.
ReplyDeleteදූපතේ නිධානය