ඔහු යමින් සිටියේ, ආයෝජකයින්ගේ රැස්වීමකට සහභාගී වීම සඳහා, ඩොලර් බිලියන 450 කට වඩා වැඩි ආදායමක් ගැන පුරෝකථනය කිරීමට. මේ අවස්ථාවේදී,ඔහුට පිටුපසින් කළු ඇඳුමක් පැළඳ සිටි තුවක්කුකරුවෙකු වාහනයක් පිටුපස සිට එළියට ආවා. සයිලන්සරයක් සවිකර ඇති බව පෙනුන මිලිමීටර් 9 අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක්, වෙඩි කීපයකට තැබීමෙන් පසු වෙඩික්කරු සංසුන් ගමනින් එතැනින් ඇවිදගෙන ගියා.
ඉස්පිරිතාලෙදි බ්‍රයන් තොම්සන් (අවු 50) මහතා මලා. පොලෝසිය Delay, Deny, Depose කියා කුරුටු ගා තිබූ ෂෙල් කේසින් තුනක් සොයා ගත්තා.
ඉගෙනගත් දෙය:
1.මරණයට තරාතිරම,වයස අදාල නොවන අතර, එය ඉක්මන් කර ගැනීමට ක්‍රමවේද ඇති බව පෙනේ.
2. ඔරෙන්ජං පප්පාගේ විස්මලන්තයේ සෞඛ්‍යය සේවය(?) යනු, වැඩකරන ජනයාට අසනීප වෙනවාට වඩා මලා නං හොඳයි කියා සිතෙන තැනකි.
3. ඔබ මිය ගිය විට රටෙන් වැඩි කොටසක් සතුටු වෙයි නං, බාගදා එතැන කොතැනක හෝ අවුලක් ඇත.
අපි වගේ ලයිෆ් ඉන්සුවරන්ස් උගුල් වල පැටලෙන්නැතුව ඉන්නවනං ඔවුවො මරන්න හිතෙන එකක් නෑ.
ReplyDeleteලයිෆ් ඉන්සුවරන්ස් නෙමෙයි මේ හෙල්ත් ඉන්ෂුවරන්ස්. ඔරෙන්ජං පප්පාගේ ඩක්ලන්තෙ නිකං බේත් කියල ඒව නෑ. ඒ නිසා මිනිස්සු හෙල්ත් ඉන්ෂුවරන්ස් ගන්නවා. ඉන්ෂුවරන්ස් කාරයො ගාණට ගේම සෙට් කරනවා මලාට ඉන්ෂුවරන්ස් ගන්න බැරි වෙන්න.
Deleteඅඩු ගානෙ අපේ කෙහෙවලියා මැරෙන්න බාල හරි බේත් ගෙනත් දුන්න නෙව?
DGMB කියල ෂෙල් කේසින් එකක් හදාගත්ත දවසක ඒ ගැන අපිත් දැනුවත් වෙයි කියල හිතනව.
ReplyDeleteවිසේසයෙංම අර PJ ලෝයර් තුමා දැනුවත් කරන එක වටිනව. හැක්..
තට්ටකට ඇණ ගහල වැටක එල්ලන කතාවක් නං කිව්වා තමයි.🤔
Deleteඒත් අපේ උගත් මිත්‍රයා කාටවත් වරදක් නැති ගොබිලා. ලංකාවෙත් තියෙන "ස්ථර දෙකේ" සවුක්කිය සේවෙ නං ඉන්නවා මේ වගේම ලේ මාපිල්ලු.
මෙහෙ තියනවා holman insurance කියල තැනක්. අපි ඒකට කියන්නෙ හොල්මන් ඉන්සුවරන්ස් කියලයි.ආන්න එහෙමයි අපි, මලත් ඉන්ෂුවරන් කරවව්වනවා.
හුම්!
ReplyDeleteඔව් මට තේරෙනවා, මතභේදාත්මක සිද්ධියක්. නීතිය අතට ගෙන "ස්ට්‍රීට් ජස්ටිස්" ක්‍රමයට දඩුවම් දීම අනුමත කරන්න අමාරුයි. ඒත් මේ සිද්ධිය හරහා සංවාදයක් ගොඩ නැගිලා තියන එක වටිනවා. මෙච්චර කල් නොදැක්කා වගේ හිටි - ඇමරිකන් සෞඛ්‍ය ක්‍රමයේ අර්බුදය ගැන. Michael Moore වරක් Sicko නැමති වාර්තා චිත්‍රපටයක් කලා මේ ගැන.
DeleteA drunk wanders into the lounge of a hotel where an insurance convention is being held, intent on causing trouble. He yells, "I think all insurance agents are crooks, and if anyone doesn´t like it, come up and do something about it."
ReplyDeleteImmediately, a man runs up to the drunk and says, "You take that back!"
The drunk sneers and replies, "Why, are you an agent?"
"No," the man replies, "I´m a crook."
Question: Do you know what a woman and insurance have in common?
DeleteAnswer: They are both expensive, difficult to understand and what you get is not guaranteed.
මොනාකාර ඉන්සූරන්ස් එකක මයෙත් පැහැදීමක් නෑ. insurance agentල දාගෙන එන මරිසි හන්ද වෙන්ටත් ඇහැකි. කවුද කැමති මුරුංග ඇත්තෙ තමන්ව තියනවට
ReplyDeleteඅපි දන්න ලයිෆ් ඉන්ෂුවරන්ස් වලට වඩා මේක වෙනස්. ඉස්පිරිතාල බිල් ගෙවන්න ගෙවල්-දොරවල් විකුණන්න වෙන එකෙන් බේරෙන්න, මේ හෙල්ත් ඉන්ෂුවරන්ස් ගන්නවා. ඉන්ෂුවරන්ස් කාරයො ලාභය උපරිම කරගන්න, ඒව නොගෙවා මඟහරිනවා. ඉන්ෂුවරන්ස් කොම්පැණියට, හොඳම නීතිග්ඥ සහය, උන්ට ලාබ වෙන විදිහට වරදින AI ටූල්ස් තියනවා. අන්තිමට, ගෙවපු ඉන්ෂුවරන්ස් වාරිකයි, ගෙවල්-දොරවලුයි දෙකම නැති වෙනවා. මේක වෙන්නෙ මැද පන්තියේ "වැඩ කරන" ජනතාවට මිසක් සල්ලිකාර පැලැන්තියට නෙමෙයි.
Deleteරක්ෂණ සමාගම් වැඩ නං නරක තමා
ReplyDeleteඒජන්ට්ලා මවති දෙව්ලොව, නැතිය සමා
දුප්පතාට කන් හැන්දෙන්; වෙවී පමා
ලැබෙයි වන්දි- ලොක්කන්හට 'බඩුම තමා'
අනිත් ඉන්ෂුවරන්ස් කොම්පැනි ලොක්කොත් හැන්ගිලාලු බයට. මෙතන ප්‍රශ්ණෙ ඇත්තම මිනී මරුවා වෙඩි තියපු හාදයට, වක්‍ර විදිහට ලාබෙ වැඩි කරගන්න, ලෙඩ්ඩු මැරෙන්න ඇරිය ඉන්ෂුවරන්ස් කාරයද කියන එකයි.
Deleteමට ඉන්ෂුරන්ස් කරන මිනිස්සු ගැනවත් පැහැදීමක් නැහැ
ReplyDeleteඋනුත් දන්නවා මේ කියන්නේ බාගයක් බොරු කියල
අපිත් ඒක දන්නවා
ඒත් වාහන හෙම ඉන්සුරන්ස් නොකර පුලුවන්ද life කෙසේ වෙතත්
හෙල්ත් නම් බොරුවක්මයි මෙහෙත්
සහතික ඇත්ත. මුල්ම කාලෙ වාහනේට ඉන්සුරන්ස් ගැහුව ගැහිල්ලක්, අවුරුදු දෙකක් ගෙවපු සල්ලි වලින් තව වාහනයක් ගන්නත් තිබුනා. ඒත් වෙන මොනව කරන්නද?රැකියාව සහ දරුණු කාලගුනේ නිසා නෙගෙනම බැරි වුනා.
Deleteසැමන් ෆිලේ නෑ?
ReplyDeleteහෑ? 🤔😮
Deleteනිකං මතක් උනාට ඇහුවෙ
Deleteහෙහ්, හෙහ් සැමන් ෆිලේ විතරක් නෙමෙයි ඇයි ගෝට් චීස්? අම්මපා දැන් මොනවා කනවා ඇද්ද කියලයි හිතුනෙ? 😵💫😁
Delete