Jun 5, 2025

AI බණ සහ ටයර් එකෙන් නිවන් යෑම

මේ, දැන් ගූගල් ජෙමනායි, චැට් GPT දෙනමම සිංහලෙන් බණත් කියනවා. ෂෝක් බණ ටික. දෙනම, දෙවිදියකට කියන්නෙ. චැට් GPT උන්නාන්සෙ නං:

"දුක්ඛය ඇති වීම (1), හේතුව (2), නසීම (3), නසන්නා වූ මාර්ගය (4) – යන සත්‍යය හතරය තමයි චතුරාර්ය සත්‍යය කියන්නේ. ඔබට අවශ්‍ය නම් මෙය සිංහල භාෂාවේ කෙටි ලිපියක්, පාඩමක්, හෝ ප්‍රායෝගික අවබෝධයක් ලෙසද ගොඩනඟා දිය හැක" කියලත් කිව්වා.

ගූගල් ජෙමනායි, චැට් GPT වල "චතුරාර්ය සත්‍යය" කියල ගහල බලාපල්ලකො ඕන්නං. දෙනවා දෙවිල්ලක් රම්පෙට පොරි හැලෙන්න.

මට AI බණ අහන්න වුනේ චතුරාර්ය සත්‍යය අමතක වූන නිසයි. මම සතර පෙර නිමිති දැක්කේ, ටයර් එකක් නිසයි. මගේ පෞරාණික වන්ඩියේ, එක ටයර් එකක හුලං බහිනවා හෙමින්. වයස අවු 16 මාසයයි. වෙන ඉහෙන් බහින ලෙඩක් නෑ. ඕල්ටනේටරේ දැම්මා, බැස්ටියක් දැම්මා, ස්ටියරින් ෆ්ලුයිඩ් බටයක් දැම්මා එච්චරමයි.

දුක : ඇටකටු ගල්වෙන හීතලේ හිම වැසි, අයිස් කුණාටු මැදත්, ඝර්ම කලාපීය බස්සෙකුට දින දෙකකට වරක් හුලං ගැසීමට සිදුවීම

දුක ඇතිවීමට හේතුව: හුලං හෙමින් බැසීම, සහජ කම්මැලිකම සහ වැඩ කල්දැමීමේ කලාව

දුක නැසීම : ගරාජ් බාස් හමු වීම

දුක නැසීමේ මාර්ගය: බාසා වැරි බිසී. සිල්ලර වැඩක් නිසා ප්‍රයෝරිටි නොලැබීම. යූටියුබ් සරණං ගච්චාමී



සබන් ස්ප්‍රේ කරල හොයා ගත්තා, හුලං බහින්නේ වෑල් ස්ටෙම් එකේ කරෙන් කියලා. මෙහෙ පාරවල් වලට ලුණු දානවනෙ ( ඔව්, වොව් මෙහෙ ලුණු හිඟ නෑ) වින්ටරේ. ඒවා මිදිලා ඇති වෑල් කරේ බාගදා? යූටියුබ් උපදෙස් වීඩියෝවක් හොයා ගත්තා. අමතර වෑල් ස්ටෙම්ස්, වෑල් , වෑල් ටූල් ඔක්කොම චීනෙන් ගෙන්න ගත්තා. දැන් වැඩේට බහින්නයි කල්පනාව. සම්පූර්ණයෙන්ම ලීක් එක නැති නූනත්, අඩු කර ගත්තොත් හොඳටම ඇති.

WD 40 සහ බ්‍රේක් ක්ලීනර් දෙකම තියනවා. ඒත් වෑල් එකේ රබර් දිරයිද මන්දා කෙමිකල් වලට? රබර් වලට හානිදායක නොවන, ඒත් ලුණු සහ මලකඩ දියවෙන දෙයක් තියෙනවද? AI කිව්ව වයිට් විනෙගර් සහ උණුවතුර මිශ්‍රණය පාවිච්චි කරන්න තමයි දැනට අදහස.


විෂ් මී ගුඩ් ලක්! මේ, ඔහෙල දන්න ගුරු මුට්ටි එහෙම තියනව නං කියන්න, ඈ? ඔහෙලගෙ හුලං බහින්නෙම නැත්ද?

The Cars - Drive

චොකලට් නෝනා සමඟ සිදු වූ AI සංවාදයෙන් පසු සටහන:

 මම සමහර AI පින්තූර වලට එතරම් කැමැත්තක් නෑ. ඒත් ගැලපෙන පිංතූරෙ හොයන්න නෙට් එක පුරා සැරිසරන එක මල වදයක්. ඊටත් හපන්, එක එකාගෙ කොපි රයිට්ස්. අනික දැන් AI පින්තූර බොහොම දියුණුයි. මේ පිංතූර හදා ගන්නෙ කොහෙන්ද, පාවිච්චි කල "ප්‍රොම්ට්" එක මොකක්ද දැන ගන්න මෙතනට යන්න.

43 comments:

  1. පෝස්ට් දෙකක්, එක ලඟ වැඩිද මන්දා? මම ඔය කකුල් හතරෙ බස්සෙක් දැක්කමයි.🤔🤣

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ. ලියන ඈයො අඩු කාලෙ දෙක තුන ළඟ නැමුවම මොකෑ හිටං 😊

      Delete
    2. "ලියන ඈයො අඩු කාලෙ" හෙහ්,හෙහ් ඒක උඹ,ඩ්‍රැකියා, පැතුම් වගේ ඔක්කොටම අදාලයි.😋
      ස්තූතියි දුන්න තල්ලුවට.🙏

      Delete
    3. කවුද ඩෝ අපි ලියන්නෑ කියන්නේ .. ? අපි ලියනවා කිව්වොත් ලියනවා

      Delete
    4. දැක්ක, දැක්කා. නියමයි. අර මේ අවුරුද්දෙ ලියනවා ලිවිල්ලක් කිව්ව එක වෙන්ටෑ?😮🤣😋😁

      Delete
  2. ‍මෙහෙට එව්වනම් හදලා ආපහු ප්‍රති අපනයනය කරන්න තිබ්බා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යෝජනාවට.

      මට අවශ්‍ය වෙන්නෙ, ලීක් එක අඩු කරගන්න. මේ වෑල් කරෙන් හුලං බැසීම, මෙහෙ සාමාන්‍ය ඒත් කරදරකාරී දෙයක්. ස්පෙයාර් වීල් එකට කවදාවත් හුලං ගහලම නෑ, බහින්නෙත් නෑ. අනිත් වීල් වලත් හුලං බහිනවා, ඒත් අඩුවෙන්. ලුණු නිසා වෙන දෙයක් කියල තමා කියන්නෙ.

      අවුල ගැරේජ් බාස්ලා ඇණ වලට කැමතියි, ඒත් මේවට කැමති නෑ. මඟාරිනවා. ඉතිං අපි වගේ අසරණයො දුක් විඳිනවා. තද සීත දවසක හුලං ගහද්දී, අත රිම් එකේ වැදුනොත් "ෆාආආආ....ෆ් මී සයිඩ් වේස්" කියලත් කියවෙනවා.

      Delete
  3. දුකක් වුණත් මක් කරමුද අනිවා නං
    කෑලි කර බලමු දුක- එතකොට සොච්චම්
    ලෙසටයි දැනෙන්නේ බස්සෝ - මේ බොරු නං
    AI වලින් තහවුරු වෙනු ඇත නිසැකෙන්

    ReplyDelete
    Replies
    1. වාහන, මොබයිල් හෙම ඕනෑම නැතේ
      සරල, සුගම හිතූමතේ නිදියාගේ ජීවිතේ
      එහෙම පිනක්, මිතුරු කැලක් බස්සන් හට නැතේ
      වාහන කට්ටක් නැත්තම්, හුටා තමයි මයෙ පුතේ

      Delete
    2. වාහන තියෙනවා මගෙ යහළුවන්හට
      ජංගමයනුත් ඇත ඒ ඔක්කොමල්ලට
      එව්වා සපයනව සේවා අවැසි විට
      ඉතිං රජෝ මොකටද ඒවා නිදිට

      ගෙදරින් පිටත යද්දී මා රකින්නට
      ගෙදර හිටිද්දිත් සැප දුක් අහන්නට
      'නොමැරී හිටිං' අල්ලාගෙන තව දිගට
      මිතුරන් කියන්නේ තග දාගෙනයි මට

      එහෙව් ගොඩට තව කට්ටිය එකතු වුණේ
      බ්ලොගය පටන් ගත්තාමයි- දිනෙන් දිනේ
      හමු වුණු- නොවුණු ඒ කාගෙත් තියෙන සෙනේ
      නිබඳව සපයනව නිදිහට අනුප්‍රාණේ!

      නෑදෑයනුත් හිතවතුනුත් දිගාසිරි
      පතති නිතර පා සෙනෙහස හදේ පිරි
      මටත් අනුනටත් වදයක් නොවී මැරී
      යන්නයි හිත මගේ - ඉඳිතෑකියැ නොමැරී

      Delete
    3. වීදිය දිගේ එනවා කෙට්ටුම නමියා
      පොල්කට්ටත් අරං එන්නෙ අපෙ ගමයා
      වැටාධිපති, වවුලා ටොමියා ලඟම නයා
      ඒ කාලේ බුරම්පියත් ඇවිත් ගියා

      කුමුදු මල් පිපෙයි හඳ ඇති රෑක සොඳින්
      නරියෙක් හූ කියයි වදුලක ටිකක් දුරින්
      පූෂෙක් වල් ටුවර් ගියෙ රෑ පානෙ තොසින්
      ටයර් එකක් බස්සෙකුගේ ඇරිය හුලං

      Delete
    4. හුළං යන එකෙත් තියෙනව නෙවෙද හොඳක්
      ලැබෙයි වැඩ දහක් මැද නිස්කාන්සුවක්
      හුළං වදින්නත් ලැබෙනව chance එකක්
      බැලුවොත් පෙනෙයි කළු වලාවෙ රිදී ඉරක්

      Delete
    5. පොඩි අටවන වැඩ තමන්ම කර ගැනුම
      හිතටත් සුවයි, වැඩි කරගත හැක දැනුම
      කළු වලාවෙ රිදී ඉරක්, හිතට ගනිමි මම
      මගේ ප්‍රණාමය, උපදෙස් ටික දුන් සැමටම

      Delete
    6. අටවන එකෙත් පොඩි සොමියක් තියේ
      කාලය දුවන් යයි සමහර විට අපතේ
      තේරෙන්නෙ දවස් ගිය විට සංසාරේ
      අලුත් ගැජට් ට්‍රයිකරමු අතරින් පතරේ

      Delete
    7. හුලං බහින, ඇණත් ඇනෙන හතර අතේ
      අලුත් ටයර් ගන්න ගියොත්, මමත් නැතේ
      අටවා ගෙන දුවන මගේ බකුසු ජීවිතේ
      දන්නව නං දන්න දෙයක් කියාපං පුතේ

      නමියා කවි ලියන එකට සතුටුයි. අජිත් එහෙමත් ට්‍රයි එකක් දෙනවා ලියන්න. මාත් බැරි මරගාතෙ ලියන්න ගත්තෙ නිදි ලොක්කගෙ ගැම්මට තමයි. තාම කවි රීතී-නීති දන්නෙ නෑ, කවි නැහ්නං හයිකු කියල ඇදලා අරිනවා. 😋

      Delete
    8. හෙහ්..හෙ. කයිමඩු වගේ දිගට යනඒවා මරු! මයෙනං කවි හැකියාව බිංදුවයි😁

      තමන්ම දෙයක් හදාගත්තාම ආතල් එහෙකුත් ඇතුවා තමා. ඒත්... 'සාමාර විට අටවන වැඩේ කාලේ කා දානවා දන්නෙම නැතුව' කීවෙ මට වෙච්ච වැඩ දෙකතුනක් ගැන නිවීහැනහිල්ලෙ හිතුනම. පොඩි දේවල් හදන්න පැය 6, 7 යන එක අපරාදයක්.

      මේ ටයර් වැඩේනං තමන්ම කරගන්න එක ලාබයි වගෙ... කඩවල් වලට අස්ප ගණන් නොගෙව 😊!

      Delete
    9. //පොඩි දේවල් හදන්න පැය 6, 7 යන එක අපරාදයක්//

      හරියට හරි. මට ඕනෙ වුනේ, සෙකන්ඩ් ඔපීනියන් එකක් ගන්න. ඉයන්, අජිත් කිව්ව දේ වලට පස්සෙ තීරණය කලා, ගැරේජ් බාස්ට වැඩේ බාර දෙන්න. ආයි කෝල් කරලා, තව ඔයිල් චේන්ජ වගේ එකකුත් අමුනලාම දෙනවා බාස්ටත් ගතමනාවක් එන්න.ස්තූතියි උපදෙසට.🙏

      Delete
  4. ටයර් ගැන දන්නේ නෑ, AI ගැන දන්නවා. ඔය බූතයා එක්ක තරහා වෙලා ඉන්නේ මම

    මම ඉතින් AI වලින් වැඩිපුර කරන්නේ මගේ පෝස්ට් වලට පින්තූර හදාගන්න එකනේ. ළඟදී මම කිව්වා අඳුරු කාමරේක පරණ මේසයක් උඩ නිල් පාට පීරිසි කෝප්ප දෙකක පින්තූරයක් දෙන්න කියලා.
    ලස්සන පින්තූරයක් දුන්නා, ඉටිපන්දමක්, පීරිසි කුට්ටම, මේසේ, අඳුර ඔක්කොම හරි, පොඩි ප්‍රස්නෙකට තිබ්බේ කොප්පෙට පීරිසි දෙක ගානේ තියෙනවා එක උඩ එක. only one saucer per cup වගේ දේවල් කිය කියා මං කීප සැරයක් රණ්ඩු වුණා. මේකා ඒ හැම සැරේම එක්ස්ට්‍රා පීරිසිය ඇර ඉටිපන්දම, එක පීරිසි කුට්ටමක් වගේ එක ඒක දේවල් අයින් කළා මම කියන දේ නොකර. අන්තිමේදී මම පරාජය පිළි අරන් අර මුල් පින්තුරෙ අරගෙන මම දන්නා ශිල්ප දාලා වැඩිපුර පීරිසිය මකා ගත්තා. ඒ එක්කම "AI will soon take over the world" කියන්නේ බොරු බයක් කියලාත් මට ඒත්තු ගියා :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මට ඇඳලා දුන්න කකුල් හතරෙ බස්සා වගේ තමයි. නියම අත්දැකීම. ස්තූතියි දීර්ඝ පිලිතුරට.

      AGI - human-like intelligence කියන්නෙ වෙනම බෝල් ගේම් එකක්. තාම පිස්සු කෙලිනව වුනාට, AI දියුණුව අති සීග්‍රයි. ඔක්කොම නූනත්, සමහර රැකියා වලට තර්ජනයක් වෙන පාටයි. AI නිසා අපි ඇති වෙයිද, නැති වෙයිද කියන එක සංකීර්ණ ප්‍රශ්ණයක්. ස්කෑමර්ලා ලෙසටම AI යූස් කරනවා. අපි අකමැති වුනත්, අපට අනුගත වෙන්න වෙයි කියල හිතෙනවා.

      ඒ-අයියගෙන් වැඩ ගැනීම, යකා බැඳ ගත්තා වගේ සෑස්තරයක්. නැචුරල් ලැන්වේජ් එකට AI ඒ හැටි මනාපයක් නෑ. "ප්‍රොම්ට්" කියන, අවශ්‍ය "කී-වර්ඩ්ස්" ඔක්කොම අඩංගු ක්‍රමවේදයක් ගැන සමහරු කියනවා.

      AI Art Won a Prize. Artists Aren't Happy

      Delete
    2. මානවයා ගින්දර හොයාගත්තමත් බයඋනාය කියල තමයි කියැවෙන්නෙ. කොච්චි ආ කාලේ ඒකට බය උනා, TVආ කාලේ එකට බය උනා. දැන් කාලෙක ඉඳල AI 😁

      Delete
    3. සහතික ඇත්ත. ඇයි මහන මැෂින්. අතේ මහපු ටේලර්ලා සැට් එකක් ගිහින් මැසින් ඔක්කොම තලල ගිණි තියලත් තියනවා. ඔය බයත් ගෙවිලා යාවි. මිනිස්සු අනුගත වේවි.

      Delete
    4. AI ලට සම්පුර්ණයෙන් පිරුණු වයින් විදුරු එහෙමත් අඳින්න බැහැ ලු . මොකද ට්‍රේනින් ඩේට වල ඒ වගේ පින්තුර නැතිනිසා .. ඔය විදියට එයාල කලින් දැකල නැති දේවල් අඳින්න බැරි සීන් එකක් තියෙනවා .. නමුත් ඉතින් ටික දවසකින් හරි යයි

      Delete
    5. බාග වයින් විදුරු වැඩේ මමත් දැක්කා. ඒත් AI වල අඳුරු පැත්ත ගැන, ඉලාන් මස්ක් DOGE හරහා එකතුකල ඩේටා සහ Palantir ගැන හා-හෝවක් යනවත් දැක්කා.🤔

      Delete
    6. ටොම් කෘස් ඉන්නකම් අපිට බය වෙන්ඩ දෙයක් නෑ .. නරක AI එක්ක හැප්පෙන්න Sarah Connor ල ඉඳියි .. හෙහ් හෙහ්

      Delete
    7. ඔව් අවසාන විසඳුම හැමවිටම හොඳ වෙලා තියනවා. කෝල්ඩ්-වෝර් එකෙදිත්, සමාජවාදය කඩා වැටී ලෝක දේශපානය සමතුලිත තාවය නැති වුනාමත්, බලාපොරොත්තු වුන විනාසයන් වුනේ නෑ. අද ලෝකෙ මේ සිදුවෙන වියවුල් ඔක්කොම ඒ පොදු අනාගත යහපත සඳහායි කියලවත් හිත හදාගමු නේද?🤔

      ඒත් බඩුමිල බලා ඉඳිද්දි ඉහල යන එක තමයි ඉවසන්න අමාරු, අපෙ හාංදුන්නේ.😋😁

      Delete
  5. වෑල් කරෙං හුලං බහිනකොට තමයි ගොඩක් දෙනෙක්ට චතුරාර්ය සත්තෙ මතක් වෙන්නෙ ඉතිං. හැක්..

    ReplyDelete
    Replies
    1. ආන්න බොට තේරුනා. කටේ බිත්තරයක් ඔබන්න වටිනවා.😋

      Delete
    2. ගැඹුරු තෙලේ බැදපු එකක්නං හා.

      Delete
    3. අල කොමා කිව්වෙ, තැලුම් තෙලෙන් බදින්න කියලයි.😋

      Delete
  6. ටයර් පත්තු කරන් යන්නත් පුලුවන්, නිවන් යන්නත් පුලුවන්

    https://en.wikipedia.org/wiki/Necklacing

    ReplyDelete
    Replies
    1. අහා! ලංකාවත් ඉන්නවා විකී ලිස්ට් එකේ. එහෙමත් කාලයක් තිබුන නේද? ටයර් එකේ ගියාම ආදාහනය, ගඟේ ගියොත් භූමදානය.😞

      Delete
  7. ටයර් එක අළුතින්ම දාන එක පහසු නැද්ද?

    ReplyDelete
    Replies
    1. අළුතින් දාන්න තරම් ටයර් ගෙවිලා නෑ. මේ වැඩේ ඒ හැටි අමාරු බවක් පේන්න නෑ. හෙට කරලා බලලා සාර්ථකද කියන්නම්.

      Delete
    2. DIY වැඩේ අල්ල දාලා ටයර් අලුතෙන් දැම්මා.තෑන්ක්ස්.
      අහපු නිසාම හොඳයි. හප්පේ බේරුනු බේරිල්ලක්.😮🤣😁🙏

      Delete
  8. ඉයන් ගේ අදහසම තමා මටත් තියෙන්නේ . ඔච්චර වවද වෙලා චීනෙන් බඩු ගෙන්නාගෙන කරනවට වඩා අලුත් ටයර් එකක් දාන එක . නැත්නම් හොඳ සෙකන්ඩ් හෑන්ඩ් ටයර්ස් ඔහේ විකුනන්නේ නැත්ද ? ඒ අයියා ගැන කියනවනම් මම භාවිතා කරන්න වැඩ වලට . පොඩි කෝඩ් ස්නිපට් ලියා ගන්න . ප්‍රසන්ටේෂන් හදන්න . ඉන්දියන් ස්ටාර්ට්අප් කම්පනියක් AI කියල ඉන්දියන් කාරයෝ 700 විතර දාල කෝඩ් ලියලා දීල AI වගේ . අහු වෙලා දැක්කද ? දැන් AI කියන්නේ Actually Indian

    ReplyDelete
    Replies
    1. ඔව් මට දැන් තේරෙනවා. මහන්සියෙ හැටියට ඵල ප්‍රයෝජනයක් නැහැයි කියල දැන් හිතෙනවා. මට අවශ්‍ය සෙකන්ඩ් ඔපීනියන් එක ලැබුනා. ගරාජ් එකට ගිහින් ස්ථීර විසඳුමක් කරගන්න එක තමයි ක්‍රමේ. ස්තූතියි.

      AI වල හයිප් සහ හොර වැඩ කතා බොහොමයි. මතකද ඇමසන් හයි-ටෙක් කඩ සෙල්ලම. ඒකත් ඒ වගේ ඉන්දියන් කාරයෝ දාලා කරපු සෙල්ලමක් නේද?

      Delete
    2. https://tech.co/news/ai-startup-chatbot-revealed-as-human-engineers

      Delete
    3. මම කොම්පියුටර් හදන්නේ නැත්තෙත් ඒකයි , මම කාරෙක හෝදන එකත් නැවත වල තියෙන්නේ . පවුම් දහයක් විස්සක් දුන්නම් රුමේනියන් කාරයන්ගේ ෂොප් එක හෝදලා දෙනවා . උන්ටත් සර්වයිව් වෙන්න කියක් හරි ලැබෙනවා . මගේ වෙලාව ඉතිරියි . අනික් කාරෙකක් සර්විස් කරන්නත් පුළුවන් . ඉස්සර මම තනියම කලේ ෆෝර්ඩ් එකේ ඔපල් එකේ හෙම . දැන් එවෙලාව ඊට වැඩිය වටිනවා. බ්ලොග් වල ෆේස් බුක් එකේ නාස්ති කරන්න කාලය හොයා ගන්නේ කොහොමද ? 😀

      Delete
    4. කම්පියුටර් සහ ලිතියම් බැටරි සහ ඉලෙක්ට්‍රොනික්ස් රෙපයාර් තාමත් කරනවා. ඒත් මේ ලඟදී IR ටෙම්පරේචර් ගන් එක ගැලෙව්වා. පස්සෙ චීනෙන් අලුත්ම වර්ෂන් එක රු 7 කට ගෙන්න ගත්තා. සමහර
      DIY දේවල් දැන් ඇත්තටම වටින්නෙ නැහැ.

      ඔබෙ සහ ඉයංඑ උපදෙස් මත, අද ටයර් ඔක්කොම අලුතෙන් දැම්මා. ඒකත් යන්තං ඒවං මේසුතං! 👌🙏😁

      Delete
  9. කවියෙන් මාවත් මතක් කලාට බකුස්ට මගේ හද පිරි මෙව්වා එක.......!!!
    මම වාහන ගැන දන්න තරම නම්.................ඔය රෝදෙ කරකවාගෙන පාර දිගේ යන එක විතරමයි.....දවසක් service එකේදි ඇහුවා මේ සද්දෙ එන්නේ කොයි කාලෙ ඉඳන්ද කියල...ඒත් මට කිසිම සද්දයක් ඇහිලා තිබුනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ් මමත් ටිකා....ක් ඔහොම තමයි. පාරවල් කොහොමවත් මතක නෑ. GPS නැත්නම් සදා සොත්ති භවන්තුතේ.

      Delete
  10. මාත් කාර් වැඩ වලට නම් පට්ට කම්මැලියි .. හෝදන්නෙත් මැෂින් එකෙන් .. ගේ දොර වැඩ ටික කරගන්නත් Optimus රෝබෝට්ටෙක් වත් ගන්න හිතෙනවා ලෝන් එකක් දාල .. රොබෝ ලෝන් එහෙමත් දෙයිනෙ තව ටික කාලයක් යද්දී .. හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. අද කාලෙ කාර් වැඩ විතරක් නෙමෙයි, DIY කොයි වැඩෙත්, කරන එක වටිනවද කියල හිතන්න වෙනවා. මේක මම කැමතිම මගේ "අටවන මාටින්" පුරුද්දට දැන් දරුණුවටම බලපාලයි තියෙන්නෙ. ඕව ඔහොම තමයි පොඩි නම, අනේ කාලේ වනේ වාසේ! 🤣😋😁

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code