Apr 2, 2026

පදාර්ථය යනු මායාවකි

මටම හිතා ගන්න බෑ, මම මේ පැයකට වැඩි වීඩීයෝවක් එක හුස්මට බැලුව නේද කියල?

බිග් බැංග් වලට කලින් විශ්වය. Singularity සහ "Nothing = Something (may be). අපි නොදන්න multiverse සහ Quantum many worlds theorysimulation theory සහ holographic theory of realityobservable universe. බ්ලැක් හෝල් වලට වඩා අභිරහස්, පේන්නම තියන නියුට්‍රෝන් තාරකා හැදෑරීම වඩා හොඳ ඇයි? යන්තම් බේරුන, මායන් කැලැන්ඩර් අවසානය, ක්වොන්ටම් පැටලිල්ල තේරෙන, සරල බසින්, අලුත් විදිහකට දැනගන්න ඕනෙ නං ........

Mar 9, 2026

CIA පැටිකිරිය: ඇමරිකාවට කොකේන්, සතුරු ඉරානෙට අවි සහ තවත් කතා

1970 ගණන්වල අගභාගයේදී කුඩා මධ්‍යම ඇමරිකානු රටක් වන නිකරගුවාවේ ඒකාධිපතියා බලයෙන් පහ කර, ඔහු වෙනුවට සැන්ඩිනිස්ටාස් නම් කණ්ඩායමක් පත් වෙනවා.  සැන්ඩිනිස්ටා කැරලිකරුවන් ලෙස හැඳින් වෙන  ඔවුන් මෙහෙයවනු ලැබුවේ ඩැනියෙල් ඔර්ටෙගා විසින්. ඔර්ටෙගා සෝවියට් සහ කියුබානු හිතවාදියෙකු වූ අතර එම රටවල් දෙකෙන්ම විශාල ලෙස ආධාර ලැබෙනවා. ඒ කාලයේ එක්සත් ජනපදය ජනාධිපති වූ රොනල්ඩ් රේගන්( ට්‍රම්පුච්චගෙ ගුරු දෙයියා), කොමියුනිස්ට්වාදයට තදින්ම වෛර කල අතර ඔහු ඩොමිනෝ න්‍යාය ලෙස හැඳින්වෙන දෙයක් ප්‍රචලිත කරනවා. ඩොමිනෝ න්‍යායේ සඳහන් වෙන්නෙ, එක් මධ්‍යම ඇමරිකානු රටක් කොමියුනිස්ට්වාදීන්ට යටත් වුවහොත් මධ්‍යම ඇමරිකාවේ අනෙක් රටවල් එක්සත් ජනපද දේශසීමාව දක්වා දිවෙන ඩොමිනෝ මෙන් වැටෙනු ඇති බවයි. 

Feb 20, 2026

වික්ටෝරියාගේ රහස: Demons and Vampires

Epstein is that you?
London mail is royally screwed
 
ඔය පහල වීඩියෝවෙ ඉන්නෙ කොංග්‍රෙස් එක ඉදිරියෙ සාක්කි දෙන, එප්ස්ටීන් ගෙ "ගෝඩ් ෆාදර්"-Les Wexner.  මරණ තර්ජන කරන්නෙ, එයාගෙම ලෝයර් හැන්ඩ්ලර්. මම නං දැක්කෙ, අපේ බ්ලොග් නීතීග්ඤ තුමා වගේ "අහිම්සක" මූණක් නං නෙමෙයි. 

එප්ස්ටීන් ගැන සම්පූර්ණ ඇත්ත කවදාවත් එලිවෙන එකක් නෑ. අහම්බෙන් මේ අවලං කටවල් වලින් හැලෙන කෑලි එකතු කරලා, අපට "එඩියුකේටඩ් ගෙස්" හදාගන්න වෙන්නෙ ඒකයි.

Attorney: I will fu*king kill you if you answer another question with more than 5 words

Les Wexner: හී, හී ඇබ්සලුට්ලි නොට් x 20