![]() |
| ආ නංගේ...රවුමක් යංතේ? |
රට වටිනා ලිය දෙල් නෙලනා...
මේ බොලාට, මේකෙ පොඩි අවුලක් තියනවා කියල හිතෙන් නැහ්ද? නිකං "රෙඩ් ෆ්ලෑග්" වගේ? උඹහෙලට කියන්න, අම්මපා මට නං එහෙම හිතිල තියනවා. නෑ, නෑ දෙල් ගහක් ලඟදී නෙමෙයි, නාන පොකුණක් ගාවදී.
මම පට්ටම ආස සිංදුවක් ඕක.
ලියන්න කියල මෙලෝ දෙයක් නෑ. එහෙන් අල්ලපු ගෙදර තට්ට උකුස්සාගෙ කෙනහිලි. අපේ ලොක්කා නං අවුලක් නෑ, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන තමයි ඉන්නෙ. සහයට ඩැනී - යුරෝ යූනියන් එක ඉන්නවලු. අනේ මන්දා, බඩු මිල නං වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. මගේ සරල ජීවිතේට ඒ හැටි බලපෑමක් නං නෑ ඉතිම්.....
ඔය ගීතය, ඌවේ ජනකවි ආශ්රයෙන් ලියවුන එකක් විදිහටයි කියවෙන්නෙ. බදුල්ල දිස්ත්‍රික්කය හා මොණරාගල දිස්ත්‍රික්කය අයිති වෙන්නෙත් ඌවට. එතකොට බිංතැන්න ඒකත් ඌවටම තමයි. බලාගෙන ගියාම අපේ නිදියත් ඌවෙ හූරෙක්. ඌව ගැන සම්පූර්ණ බ්ලොග් එකක් මෙතන:
ඌව පළාත -Blog by: Pulasthi Wanniarachchiඌවේ ජනවහර,ජනකවි, ඌවේ කැරැල්ල, කිවුලේගෙදර මොහොට්ටාල, තව ආදිවාසීන්ගෙ විස්තර ඔක්කොම ඒකෙ තියනවා.
පිදුම: නමියාගේ "වර්ගපූර්ණිකා" පෝස්ට් කෑල්ලට


ලස්සන කවි පන්තියක්:
ReplyDeletehttps://malsithroo.blogspot.com/2026/09/blog-post_30.html
පොඩ්ඩක් ගිහින් වැටක්වත් ගහල ආවොත් තමා හොඳ. දැන් අපේ බ්ලොග් ලියවෙන්නෙ, අවාරෙට වැටෙන කජු ගානටයි. අපි ලියන ටික දෙනාවවත් උනන්දු නොකෙරෙව්වොත්.......
ඔය දෙල් නෙලන එකෙයි මහ මුහුදෙ බහින එකෙයි සම්බන්ධෙ මට තාමත් හිතාගන්න බැරි උනා.
ReplyDeleteඔය පත්තුවේ වැසියො ලොකු වැව් වලට සමුද්‍රය කියනව නේද? එහෙම අදහසකින් කිව්වද, නැත්නම් නිකම්ම රයිම් වෙන්න කිව්වද මන්දා?🤔 සොරබොර වැව ගැනත් කියවෙන නිසා, ඔය සාවියෙ දෙලුයි, මූදයි එකට යන දේවල් නං නෙමෙයි කියලයි හිතෙන්නෙ. ඒත් රත්ගම, බලපිටිය පැත්තෙ නම් බලමාලුයි, දෙලුයි , පොලුයි ඔක්කොම තියනවා. ඒත් වැව් නම් නෑ.
Deleteමේකෙ යූ-ටියිබ් වීඩීයෝවෙ කමෙන්ට් වල එකෙක් අහනවා "ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකෙ මහ මුහුදේ බැස දිය නාන්නෙ දුවද අම්මද? කොහොමද හරියටම දැනගන්නෙ?" කියලා😮🤣🫠
පැය 7 ගියා නමියගෙ සින්ඩියට එන්න. සිංහල වියුණු එකතුවට, තමයි කලින් ආවෙ. මගේම බ්ලොග් රෝලට ආවෙ අන්තිමට. සමහර බ්ලොග්,පබ්ලිෂ් කරලා පැයෙන් සින්ඩි වලට ඇවිත් තිබ්බා. තාම ගූගල්ගෙ අවුල සම්පූර්ණයෙන්ම සුව නෑ, ඒත් ටිකක් හොඳ අතට හැරිලා තියනවා. සිංහල බ්ලොග් කොහොමත් අසාධ්‍ය තත්ත්වයේ ඉන්නෙ. ඒත් ඉතිං අපියි කියලා වෙන මොනවා කරන්නද?
ReplyDeleteමේ දවස්වල ගීත වල අයිතියට මරාගන්න හින්ද හිතුනේ මේ වගේ ජනකවි ආශ්රිත ගීත වල අයිතිය කාටද?
ReplyDeleteබසුතුමගේ හා නි.පා. තුමන්ගෙන් අවසරයි.
Deleteවිශ්ව සාහිත්‍යය අනුව ලෝක ජන ගී, ජනප්‍රවාද, ජනවහර කියන ඒවා folklore හැටියට ගැනේ. Folklore හෙවත් ජනශ්රැතිය යනු යම් කණ්ඩායමක් සතු, බොහෝ විට පරම්පරාවෙන් පරම්පරාවට ව්‍යවහාරයෙන් දායාද වූ ගී, කතා, චාරිත්‍ර සහ විශ්වාසයන්ගේ එකතුවයි.
නිහඬපාලතුමා ජනකවි ආශ්‍රිතව ලිව්වත්, ගීයේ රචකයා, සංගීතඥයා සහ ගායකයා තුන් දෙනා අතරම සාධාරණව බෙදී යන්න ඕනෙ කියන එකයි මගේ අදහස. ඔය "සාධාරණ" කියන එක සාපේක්ෂයි. නැවත, නැවත ගායනා කිරීමෙන් ගායකයාත් සෑහෙන බරක් අදිනවා. එක වරක් දායක වුනත් රචකයා නැත්නම් සින්දුවක් නෑ. එතකොට සංගීතඥයා නැත්නම් ඒ සිංදුව ජනප්‍රිය වෙන්නෙත් නෑ.
Deleteඅනේ බුදු සෑර්, මම ඔය රැබිට් හෝල් එක දිගේ යන්න අදහසක් නම් නෑ.😋
ගල්මල්තුමාව සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි Folklore- ජනශ්රැතිය විස්තරයට. මගෙත් කැමතිම විශයක් ඒක. 👌
Deleteඋපාලි කන්නංගර මහත්තයා කියන්නේ ඉතාම දක්ෂ බේස් ගිටාර් වාදකයෙක් වගේම හොඳ ගායකයෙක්.
ReplyDeleteඅසූව දශකයේ ලංකාවේ ඉහළින්ම වැජඹුණු සංගීත කණ්ඩායමක් තමයි Superstars. ඒ කාලේ එළිමහන් සංගීත ප්‍රසංග වේදිකාවේ රජ කළ කණ්ඩායම් අතර Superstarsලාට තිබුණේ සුවිශේෂී තැනක්. උපාලි කන්නංගර මහත්තයා තමයි ඒ කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා වුණේ.
පසුකාලීනව ඔහු Superstars කණ්ඩායමෙන් ඉවත් වෙලා ස්වාධීන ගායකයෙක් විදිහට තමන්ගේම සංගීත ගමනක් ආරම්භ කළා. ඒ කාලයේ ඔහු කැසට් පට දෙක තුනක්ම නිකුත් කළා මතකයි. මේ ගීතයත් ඒ අතරින් එකක්.
විශේෂයෙන්ම සිරස FM වගේ ගුවන්විදුලි නාලිකා හරහා ඒ ගීතවලට එකල හොඳ ජනප්‍රියත්වයක් ලැබුණා.
උපාලි කන්නංගර කියන්නේ ගායකයෙක් විතරක් නෙවෙයි, අපේ සංගීත කණ්ඩායම් සංස්කෘතියේ එක් යුගයක් නියෝජනය කළ දක්ෂ වාදන ශිල්පියෙක්.
හුම්. දැනුමට යමක් 👌
Deleteගෙලේ රන්මාල දා හැඩවී, දුම්බර මිටියාවක පැත්තේ... වගෙ ටිකක් ෆාසට් බීට් සිංදු තිබ්බ ගායකයෙක්. කලකට කලියෙන් මියැදුනා මයෙ හිතෙ!
ලංකාවට රූපවාහිනිය ආපු මුල් කාලේ ජාතික රූපවාහිනියේ ගිය නන්දන වින්දන සහ ITN එකේ ගිය මධුරසංග වැඩසටහන්වල බොහෝ වෙලාවට සංගීතය සැපයුවේ Super Stars වාදක කණ්ඩායම. ඒ කාලේ ඔවුන් ඉතාම ඉහළ මට්ටමක හිටපු වාදක කණ්ඩායමක්.
DeleteSuper Stars කණ්ඩායම මෙහෙයවූයේ අර්නස්ට් සොයිසා. ඒ කණ්ඩායමේ දක්ෂ සංගීතඥයන් රැසක් හිටියා. සරත් ද අල්විස්, උපාලි කන්නංගර, නේසන් ත්‍යාගරාජා වගේ නම් ඒ අතර විශේෂයි.
ඒ කාලේ රූපවාහිනී සංගීත වැඩසටහන්වල නිතර දකින්න ලැබුණු අනෙක් ප්‍රධාන වාදක කණ්ඩායම තමයි ස්ටැන්ලි පීරිස්ගේ Fortunes කණ්ඩායම. මහින්ද බණ්ඩාර, රාජු බණ්ඩාර වගේ අතිදක්ෂ ගිටාර් වාදකයන් Fortunes කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා හිටියා.
රූකාන්තත් ස්ටැන්ලි පීරිස්ගේ ගෝලයෙක්. ඔහුත් ඒ සංගීත පරපුරත් එක්ක බොහොම සමීපව කටයුතු කරපු කෙනෙක්.
ඇත්තටම ඒ කාලේ අපි රූපවාහිනියෙන් දැක්කේ ගායක ගායිකාවන් විතරක් නෙවෙයි. ඔවුන් පිටුපස හිටපු මේ අතිදක්ෂ වාදකයන්ගේ සංගීත ප්‍රතිභාවත් අපට රසවිඳින්න ලැබුණා.
මේ දවස්වල කාංචනා අනුරාධි ගායනා කරන නිසා අලුත් පරපුර අතරත් ජනප්‍රිය වෙලා තියෙන ‘කරකාර බඳින්නට කාලේ හොඳා’ ගීතයත් උපාලි කන්නංගරගේ ගීතයක්
Deleteමයියා සහ නමී දෙන්නටම ස්තූතියි මේ වැදගත් විස්තරයට. 🙏💐
Deleteටැංක්ස් ඉතිං... මාව ටැග් කරලා තියෙනවට.
ReplyDeleteඇත්තටම ඔය සිංදුවේ තේරැම මොකක් වෙන්ටැතිද කියල කාලෙකට කලින් මටත් හිතුන. සරල පද පෙළක්... ඒත්. සමාරවිට දෙල් කඩලා හිට කෙල්ල නාන්න යන්නැති මූදවගේ ලොකුවට හදලා තියෙන වැවකට 😁🤗
බොගේ ඒ පිංතූරෙ දැකලා තමයි මේ සිංදුව මතක් වුනේ. බ්ලොග් අප්ඩේට් අවුල චෙක් කරන්නත් එක්ක ලියපු පෝස්ට් කෑල්ලක් තමයි ඉතිං. 🫠
Deleteපෝස්ටුව රසයි වෙනස නිසා දෝ ජනවහර, ජනකවිය නිසාදෝ වෙන්කරලා කියන්න බැරි තරම් රසයි. සිංදුව ලස්සනයි. ඔබ හරි, එය ඌව ජනකවි මුල්කරගත් පදරචනයක්. අපේ මුල්කාලේ බ්ලොග් එකක් ගී පැදුර, වරක් ඒ ගැන ලිව්වා මතකයි.
ReplyDeleteවසර කීපයකට කලින් මුහුණුපොත සමූහයක විවිධ ජනවහර, ජනකවි ගැන මම වැඩ කටයුතු කරා, ඒක වෙනම ඉන්ටරස්ට් එකක්. ජනකවිය වෙනම මානයකට අරන් යන්නේ. හැබැයි, මේ කලාව ගැන පොත පත, ලිපි ලියවුන ද ඒ හැම ඇකඩමිකල් සර්කල්වලට සීමාවෙනවා වගේ දැනෙනේ. ජනකවි පැවතෙන්න නම් ඒ වෙනුවෙන් රසිකත්වයක් ඇති කරන වැඩපිලිවෙලක් අවශ්‍යයි, ඒත් ඊට රුකුල් දීමක් ඇද්දැයි සැකයි. ජනකවිය නව නිර්මාණ වලට මුහුන් කරන්න ඔපෙනේ, ඒක වෙන්නේ අල්ප වශයෙන්.
ජනකවි, ජනප්‍රවාද, ජනකතා හැම එකම ඒකරාශී කරලා විශ්ව සාහිත්‍යය folklore හැටියට නම් කරනවා. බටහිර වගේම මැදපෙරදිගත් ඒ අංශය ගැන තවම උනන්දුවක් තියෙනවා, ඉන්දු-පකිස්තාන කලාපයේ ගසල් folklore වලට වෙනම වැලිව් ඇඩිෂන් එකක් මං හිතන්නේ.
පහුගිය දවසක පර්සියානු ජනකවියක් ගැන පෝස්ටුවක් මම කරා. ඒ වගේම පර්සියානු කලාපයට මායිම් වුන පරණ රුසියානු රාජ්‍යයන් වල ද වෙනම ජනකවි කලාවක් තියෙනවා.
බොහොම ස්තූතියි මේ දීර්ඝ විස්තරයට. ගී පැදුරේ මේ ගීතය ගැන ලින්ක් එක:
Deletehttps://geepadura.blogspot.com/2014/07/parata-kittuwa-del-gasa-mudune-upali.html
//වසර කීපයකට කලින් මුහුණුපොත සමූහයක විවිධ ජනවහර, ජනකවි ගැන මම වැඩ කටයුතු කරා, ඒක වෙනම ඉන්ටරස්ට් එකක්//
ඇර මාටින්! බලාගෙන ගියාම ඔබතුමා අදහන්න වටින ඇත්තෙක් නෙව? කිලික් වැඩි කරගන්න AI ස්ලොප් වලින් ඉතිහාසය විකෘති කරන මේ යුගේ, මේ වගේ පැරණි දේවල් ගැන හොයා බලනවා කියන්නෙ පට්ට වැඩක්. ඒ තොරතුරු සංරක්ෂණය කරන්න, සටහන් කරපු ලින්ක් එකක් එහෙම නැත්ද්?🙏💐
ඔබතුමාගෙ කමෙන්ට් එක නිසා මගෙත් "ලිවීමේ බාධකය" ඉවත් වුනා වගේ තේරෙනවා.🫠
හේනක පැල් රකිමින් සිටි ගොවියෙක් වෙත පැමිණි යක්ෂණියක් ගොවියා අමතා මෙම කියූ ඌවේ ජන කවිය:
ReplyDeleteඈත එපිට පස්සර වත්තේද බුලත්
ඊට ඉණක් කන් මඩලාපු පල් පුවක්
කස්තුරි, කපුරු, පිණිදිය දාපු සුණු ටිකක්
බුලත් විටක් දෙනවද රාල දැන් මටත්
රූමත් කාන්තා වෙසක් ගෙන පැමිණියත්, මේ අවේලාවේ පැමිණ ඇත්තේ යකින්නක් බව අවබෝධ කරගත් ගොවියා යක්ෂණියගේ කවියට දෙන පිළිතුරු කවිය:
ආතා බූතයෙන් ආවද තෝ අ ඩී
ආත බූතයෙන් ආවොත් බැටේ දෙ මී
තිගේ පියා දැවු සොහොනත් මම දනි මී
අංජනම් දේවිගෙන් තිට බැට දෙව මී
තමා කවුරුන් දැයි අවබෝධ කැරගත් නිසා තව දුරටත් ගොවියා සමග දොඩමළු වීමට බියවූ යක්ෂණිය නිමේෂයකින් අන්තර්ධාන වී ඇතැයි ද කියති.
ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
Deleteදුක් දෙන අලි ඇතුන් පන්නා දමන්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ
එළිවෙලා කුකුළු අඬලන වේලාවේ
රෑ වෙලා මොණරු ගස් යන වේලාවේ
බාල ළමුන් ගෙයි සැතපෙන වේලාවේ
කෑරලා අඬයි දොරකඩ මාරාවේ
කන්දේ ගලේ වී වැපුරුවෙ මනා වයි
ඒක කන්ඩ කක්කුට්ටන් දෙබා නයි
පොල්කිච්චා හිස පීරන පනා වයි
බට්ටිච්චට හිර දෙඩුවා හිනා වයි
දුම්බර කෙතට වැට බැදලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට ගිලුම්
පෙම්බර ලියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ නෙලුම්
එක් බටු දෙබටු තුන් බටු සාර පස් බටු
නියං කලට මල් සැදෙනා තිත් බටු
එරටින් එකෙක් ඇවිදින් ඉල්ලුවේ බටු
සිව් පද කියන්නට බැරිනම් අහන් හිටු
සොර බොර වැවට වැදි ජනයා හා සාමාන්‍ය ජනයා හෙම මුහුද කියල කියන්නේ . මම ලුණුගල ඉස්කෝලේ යන කලේ මුහුද අදකාල තිබුනේ මමයි තව එක ලමයෙකුයි විතරයි . මට මතකයි ළමයි මුහුද ගැන අහනවා
ReplyDeleteඔව් ලොකු වැව්වල පොඩියට රැල්ලත් ගහනවා. පානදුරේට කිට්ටු අපේ සාවියෙත් වැව් නැති වුනත් විල් හතක් තිබ්බලු. අද තියෙන්නෙ ඒ විල් වල නමින් ඇති ගම් විතරයි. මහවිල, එළුවිල ....ඉතුරුවා මතක නෑ
Deleteඔය සිංදුවේ කියන පැත්ත "වැව් බැඳි රාජ්ජෙ" කියල නේද හැඳින්නුවේ?
රුසියානු ජනකතා හා ජන ගී බොහොමයක් තිබෙනවා . ඒවා හරි මාරු . බබයගා යකින්න ගැන . ඉවනුෂ්ක දුරාචොක් ගැන කවි සින්දු හෙම නගර ගම්මාන උළෙලවල් වල අහල තිබෙන . මේක හැමෝම දන්නා එකක් . කාලින්කා https://www.youtube.com/watch?v=LDUGgiv4JrQ
ReplyDeleteහරිම ලස්සනයි. අනේ ඉතිං මෙච්චර ලස්සන රටක්/ සංස්කෘතියක් නෙව, මේ යුද්දෙ නිසා .......හ්ම් 😞
Deleteඔබතුමා මිසින් වෙලා හිටි ටික කාලෙ, අපට ඒ අඩුව දැනුනා. ඒ කාලෙම තමයි බ්ලොගර්ගෙ RSS අවුලත් ආවෙ. ඒ නිසා පාඩුවකුත් නෑ, බලාගෙන ගියාම.
https://www.youtube.com/watch?v=WP9a-OTn2QA
ReplyDeleteඅහා! ලස්සන නැටුම. අර පිටිපස්සෙ බිත්තිය පුරාවට තියෙන්නෙ ඕගන් එකක බට නේද? අම්මපා, එකවුස්ටික් නියමෙට ඇති නේද?
Deleteගල්මල්-Coral කලින් කිව්ව වගේ, මේ ජනවහර, ජනකවි අපව වෙනම මානයකට අරන් යනවා.
ReplyDeleteහිතන්නකො මෙහෙම: ඉස්සර කාලෙ ගමරාළ කෙනෙක් දුර ගමනක් යනවා. ඒ කාලෙ කිව්වෙ "සිංහලේ" යනව කියල, ඔය වගේ වැව් බැඳි පත්තුවේ ගමන් වලට , මහිතේ. අතේ බත් මුලක්.
පඳුරු තැලීම( RIP රවි )- බත් මුල
ඈත අතීතයේ ශ්‍රී ලාංකිකයන් දුර කතර ගෙවා යන දිගු ගමන් (වන්දනා ගමන් හෝ වෙළඳ ගමන්) සඳහා සූදානම් කරගත් බත් මුල "ගැට බත් මුල" හෝ "මඟ දිගට කන බත් මුල" ලෙස හැඳින්වුණා. එකල ශීතකරණ හෝ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය නොතිබූ බැවින්, දින කිහිපයක් යනතුරු නරක් නොවී පවතින පරිදි බත් මුල සකස් කිරීමට ඔවුන් සුවිශේෂී සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිත කළා.
අතීතයේ දුර ගමන් සඳහා බත් මුල සකස් කළ සුවිශේෂී ආකාරය මෙන්න:
1. කල්තබා ගත හැකි වෑංජන තේරීම
නරක් වීමට ප්‍රධාන හේතුවක් වන දියර ගතිය (හොදි) සහ පොල්කිරි භාවිතය සම්පූර්ණයෙන්ම වළක්වා තිබෙනවා.
• බැදුම් වර්ග: තෙල් දමා හොඳින් කරකරගත් කරවල බැදුම, හාල්මැස්සන් බැදුම .
• ඇඹුල් තියල්: මාළු කල්තබා ගැනීම සඳහා ගොරකා සහ ගම්මිරිස් බහුලව යොදා සකස් කළ මාළු ඇඹුල් තියල්.
• වියළි සම්බෝල: දියර ගතිය රහිත, හොඳින් බැදගත් ළුණු, අමුමිරිස් සහ උම්බලකඩ දැමූ ළුණු සම්බෝල හෝ කට්ට සම්බෝල. ( අපි කුඩා කාලෙ වන්දනා ගමන් වලට පොල් මැල්ලුමක්, සීනී සම් බෝල එහෙමත් තිබ්බා. ඒවා නං එක දවසෙ ගමන්)
• බැදපු එළවළු: අළු කෙසෙල් වැනි එළවළු පෙති ගැඹුරු තෙලේ බැද එකතු කිරීම.
2. කෙසෙල් කොළය පදම් කිරීම සහ සුවඳ
• බත් මුල එතීමට ප්‍රථම කෙසෙල් කොළය ළිප් ගින්නෙන් හෝ උණු අළුවලින් ලාහ ගනු ලබනවා (තවා ගනු ලබනවා). මෙයින් කොළය නම්‍යශීලී වී ඉරී යාම වැළකෙනවා පමණක් නොව, කෙසෙල් කොළයේ ඇති ස්වාභාවික විෂබීජ නාශක ගුණය සක්‍රිය වී බත් මුල නරක් වීම ප්‍රමාද කරනවා.
• උණුසුම් බත් කෙසෙල් කොළයේ එතූ විට කොළයෙන් නිකුත් වන සුවඳ බතට සුවිශේෂී රසයක් එකතු කරනවා.
3. බත් මුල ඇසිරීමේ කලාව
• බත් මුල දිග හැරීමට අපහසු දුෂ්කර ගමන්වලදී පහසුවෙන් අතින් ගෙන කෑමට හැකි වන පරිදි, බත් සහ වෑංජන එකට හොඳින් මිශ්‍ර කර (Anointed/Mixed) තද කර ඔතා ගැනීමට එකල කාන්තාවන් වගබලා ගත්තා.
• ඇතැම් විට බත් පිසීමේදීම රතු කැකුළු බතට දියකරගත් ලුණු වතුර සහ සූදුරු, මහදුරු වැනි කුළුබඩු එකතු කර පිසීම සිදු කළා.
4. සුරක්ෂිතව ගැට ගැසීම
• බත් මුල පන් මල්ලක හෝ රෙදි කඩක දමා, පසුව කෙසෙල් පට්ට හෝ වැල් වර්ග (උදාහරණයක් ලෙස නියඳ වැල්) භාවිත කර "කුරුල්ලෙකුටවත් ලිහාගත නොහැකි" වන සේ ශක්තිමත් ගැටයකින් බැඳ තබනවා. ගමන පුරාම බත් මුල ආරක්ෂිතව පිටේ හෝ අතේ එල්ලාගෙන යාමට මෙය උපකාරී වුණා.
ආ දැන් එමුකො කතාවට. ඕන්න අපේ මඟියා , ඇටි කුකුලා බුහ් ගහන ජාමෙ, කුකුලවත් කිහිල්ලෙ ගහගෙනම ගමන පටන් ගන්නවා. යන මඟ දෙපස රූස්ස කැලේ. යන පාරේ පිංතාලියක් තිබ්බොත් වතුර බොනවා. නැත්නම් දොලක්, දියපාරක් හෝ උල්පතකින් වගේ ගලාගෙන යන වතුර තමයි බොන්නෙ
Cont....