![]() |
| ආ නංගේ...රවුමක් යංතේ? |
රට වටිනා ලිය දෙල් නෙලනා...
මේ බොලාට, මේකෙ පොඩි අවුලක් තියනවා කියල හිතෙන් නැහ්ද? නිකං "රෙඩ් ෆ්ලෑග්" වගේ? උඹහෙලට කියන්න, අම්මපා මට නං එහෙම හිතිල තියනවා. නෑ, නෑ දෙල් ගහක් ලඟදී නෙමෙයි, නාන පොකුණක් ගාවදී.
මම පට්ටම ආස සිංදුවක් ඕක.
ලියන්න කියල මෙලෝ දෙයක් නෑ. එහෙන් අල්ලපු ගෙදර තට්ට උකුස්සාගෙ කෙනහිලි. අපේ ලොක්කා නං අවුලක් නෑ, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන තමයි ඉන්නෙ. සහයට ඩැනී - යුරෝ යූනියන් එක ඉන්නවලු. අනේ මන්දා, බඩු මිල නං වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. මගේ සරල ජීවිතේට ඒ හැටි බලපෑමක් නං නෑ ඉතිම්.....![]() |
| Everybody wants a village,nobody wants to be a villager |
ඌවේ ජනවහර,ජනකවි, ඌවේ කැරැල්ල, කිවුලේගෙදර මොහොට්ටාල, තව ආදිවාසීන්ගෙ විස්තර ඔක්කොම ඒකෙ තියනවා.
පිදුම: නමියාගේ "වර්ගපූර්ණිකා" පෝස්ට් කෑල්ලට





ලස්සන කවි පන්තියක්:
ReplyDeletehttps://malsithroo.blogspot.com/2026/09/blog-post_30.html
පොඩ්ඩක් ගිහින් වැටක්වත් ගහල ආවොත් තමා හොඳ. දැන් අපේ බ්ලොග් ලියවෙන්නෙ, අවාරෙට වැටෙන කජු ගානටයි. අපි ලියන ටික දෙනාවවත් උනන්දු නොකෙරෙව්වොත්.......
මට නං ලියන්නට නිමිති ඕනි තරං - වෙලාව තමයි අඩු.
Deleteඅනෙක බස්සා මහත්තයෝ, යමක් කරන්න රූටින් එකක් තියා ගත්තම ඒ වැඩේ කෙරෙන්න තියෙන සම්භාවිතාව වැඩියි- මට නං.
ලිවීමේ කලාව ඔබතුමාගෙ ජානවල තියෙන දෙයක් වෙන්න ඕනෙ. ඒක අපි දෙගොල්ලටම වාසිදායක දෙයක්. අපට අපූරු කතන්දර සෙට් එකක් රස විඳින්න, රෙසිපි, ජීවිත අත්දැකීම්/උපදේස ලැබෙනවා. ඔබට මොලේ වෙහෙසන ව්යායාමයක් සහ ලෝකෙට යම් දෙයක් දුන්න චිත්ත ප්රීතිය ලැබෙනවා. ඔහොම යං!👌💐🫠
Deleteඔය දෙල් නෙලන එකෙයි මහ මුහුදෙ බහින එකෙයි සම්බන්ධෙ මට තාමත් හිතාගන්න බැරි උනා.
ReplyDeleteඔය පත්තුවේ වැසියො ලොකු වැව් වලට සමුද්රය කියනව නේද? එහෙම අදහසකින් කිව්වද, නැත්නම් නිකම්ම රයිම් වෙන්න කිව්වද මන්දා?🤔 සොරබොර වැව ගැනත් කියවෙන නිසා, ඔය සාවියෙ දෙලුයි, මූදයි එකට යන දේවල් නං නෙමෙයි කියලයි හිතෙන්නෙ. ඒත් රත්ගම, බලපිටිය පැත්තෙ නම් බලමාලුයි, දෙලුයි , පොලුයි ඔක්කොම තියනවා. ඒත් වැව් නම් නෑ.
Deleteමේකෙ යූ-ටියිබ් වීඩීයෝවෙ කමෙන්ට් වල එකෙක් අහනවා "ලොකු ප්රශ්නයක් තියෙනවා. මේකෙ මහ මුහුදේ බැස දිය නාන්නෙ දුවද අම්මද? කොහොමද හරියටම දැනගන්නෙ?" කියලා😮🤣🫠
// රත්ගම, බලපිටිය පැත්තෙ නම් බලමාලුයි, දෙලුයි , පොලුයි ඔක්කොම තියනවා. ඒත් වැව් නම් නෑ //
Deleteගාලු කොටුවෙ වැව් බැම්මේ - ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරුංගලයක හැඩ බලාන ඉන්න..
කියලා සිංදු ලිවුවෙ ඇයි එතකොට?
ඒකෙ "ගාලු කොටුවෙ ගල් බැම්මේ" කියල නෙමෙයිද කියන්නෙ?
Deleteමේ දවස්වල ගීත වල අයිතියට මරාගන්න හින්ද හිතුනේ මේ වගේ ජනකවි ආශ්රිත ගීත වල අයිතිය කාටද?
ReplyDeleteබසුතුමගේ හා නි.පා. තුමන්ගෙන් අවසරයි.
Deleteවිශ්ව සාහිත්යය අනුව ලෝක ජන ගී, ජනප්රවාද, ජනවහර කියන ඒවා folklore හැටියට ගැනේ. Folklore හෙවත් ජනශ්රැතිය යනු යම් කණ්ඩායමක් සතු, බොහෝ විට පරම්පරාවෙන් පරම්පරාවට ව්යවහාරයෙන් දායාද වූ ගී, කතා, චාරිත්ර සහ විශ්වාසයන්ගේ එකතුවයි.
නිහඬපාලතුමා ජනකවි ආශ්රිතව ලිව්වත්, ගීයේ රචකයා, සංගීතඥයා සහ ගායකයා තුන් දෙනා අතරම සාධාරණව බෙදී යන්න ඕනෙ කියන එකයි මගේ අදහස. ඔය "සාධාරණ" කියන එක සාපේක්ෂයි. නැවත, නැවත ගායනා කිරීමෙන් ගායකයාත් සෑහෙන බරක් අදිනවා. එක වරක් දායක වුනත් රචකයා නැත්නම් සින්දුවක් නෑ. එතකොට සංගීතඥයා නැත්නම් ඒ සිංදුව ජනප්රිය වෙන්නෙත් නෑ.
Deleteඅනේ බුදු සෑර්, මම ඔය රැබිට් හෝල් එක දිගේ යන්න අදහසක් නම් නෑ.😋
ගල්මල්තුමාව සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි Folklore- ජනශ්රැතිය විස්තරයට. මගෙත් කැමතිම විශයක් ඒක. 👌
Deleteසම්මතය folklore ගනය යටතේ එන හැම අංගයක්ම තනි කතෘ කෙනෙකුට හිමිකම් තියෙන දේවල් නොවේ. එනිසා ජනකවියත් එහෙමයි, අපේ රටේ ක්රමයට පලාතානුබද්ධයි.
Deleteරෑයාමේ ලියද්දි මේක අතෑරිලා නෙවැ.
ගල්මල් තුමාගේ දැනුම එකතුකිරිම ගැන ස්තුතියි. සමාවෙන්න බස්සා මහත්මයා ඔබතුමාව ඔය rabbit hole එක ඇතුලට තල්ලු කරන්න හිතුවේ නැහැ.
Delete//රෑයාමේ ලියද්දි මේක අතෑරිලා නෙවැ// ගල්මල් තුමා කියන මේ දේ පැහැදිලි මදි .
නිහඬපාල මහත්තයා, එහෙම අවුලක් නෑ. ඔබතුමා කිව්ව වගේ, මේ දිනවල ගීත වල අයිතිය ගැන ලොකු හාහෝවක් යනවා. වැඩියක්ම කිය වෙන්නේ සමහර ගායකයින් ගෙන්, ගීත රචකයාව නොසලකා හැරීම් ගැනයි. සමහර රචකයො කියනවා, සල්ලි එපා අඩුගානේ ලිව්වෙ අපිව මතක් කරන්න කියලා. ඒ අතරේ, කතෘභාගය වෙනුවෙන් එකවර මුදලක් ගත්ත රචකයො කියනව එහෙම මදි කියනවා. මේක දැන් සාල වනයක් වේගනයි එන්නෙ.😵💫
Deleteපාරට කිට්ටුව ගීත රචකයා ගැනත් ඒ හැටි ප්රසිද්ධියක් නෑ. තැනක රචකයා විමල් ලොකුලියන මහතා ලෙසත්, තව තැනක උපාලි කන්නංගරයන් විසින්ම, ඌවේ ජනකවි ඇසුරින් සැකසූ බවත් කියවෙනවා.
නිහඬපාල Nihandapala: සමාවෙත්වා! ලියනකොට මට ඒ කොටස අතෑරිලා බවයි ලිව්වේ. Sorry
Deleteඋපාලි කන්නංගර මහත්තයා කියන්නේ ඉතාම දක්ෂ බේස් ගිටාර් වාදකයෙක් වගේම හොඳ ගායකයෙක්.
ReplyDeleteඅසූව දශකයේ ලංකාවේ ඉහළින්ම වැජඹුණු සංගීත කණ්ඩායමක් තමයි Superstars. ඒ කාලේ එළිමහන් සංගීත ප්රසංග වේදිකාවේ රජ කළ කණ්ඩායම් අතර Superstarsලාට තිබුණේ සුවිශේෂී තැනක්. උපාලි කන්නංගර මහත්තයා තමයි ඒ කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා වුණේ.
පසුකාලීනව ඔහු Superstars කණ්ඩායමෙන් ඉවත් වෙලා ස්වාධීන ගායකයෙක් විදිහට තමන්ගේම සංගීත ගමනක් ආරම්භ කළා. ඒ කාලයේ ඔහු කැසට් පට දෙක තුනක්ම නිකුත් කළා මතකයි. මේ ගීතයත් ඒ අතරින් එකක්.
විශේෂයෙන්ම සිරස FM වගේ ගුවන්විදුලි නාලිකා හරහා ඒ ගීතවලට එකල හොඳ ජනප්රියත්වයක් ලැබුණා.
උපාලි කන්නංගර කියන්නේ ගායකයෙක් විතරක් නෙවෙයි, අපේ සංගීත කණ්ඩායම් සංස්කෘතියේ එක් යුගයක් නියෝජනය කළ දක්ෂ වාදන ශිල්පියෙක්.
හුම්. දැනුමට යමක් 👌
Deleteගෙලේ රන්මාල දා හැඩවී, දුම්බර මිටියාවක පැත්තේ... වගෙ ටිකක් ෆාසට් බීට් සිංදු තිබ්බ ගායකයෙක්. කලකට කලියෙන් මියැදුනා මයෙ හිතෙ!
ලංකාවට රූපවාහිනිය ආපු මුල් කාලේ ජාතික රූපවාහිනියේ ගිය නන්දන වින්දන සහ ITN එකේ ගිය මධුරසංග වැඩසටහන්වල බොහෝ වෙලාවට සංගීතය සැපයුවේ Super Stars වාදක කණ්ඩායම. ඒ කාලේ ඔවුන් ඉතාම ඉහළ මට්ටමක හිටපු වාදක කණ්ඩායමක්.
DeleteSuper Stars කණ්ඩායම මෙහෙයවූයේ අර්නස්ට් සොයිසා. ඒ කණ්ඩායමේ දක්ෂ සංගීතඥයන් රැසක් හිටියා. සරත් ද අල්විස්, උපාලි කන්නංගර, නේසන් ත්යාගරාජා වගේ නම් ඒ අතර විශේෂයි.
ඒ කාලේ රූපවාහිනී සංගීත වැඩසටහන්වල නිතර දකින්න ලැබුණු අනෙක් ප්රධාන වාදක කණ්ඩායම තමයි ස්ටැන්ලි පීරිස්ගේ Fortunes කණ්ඩායම. මහින්ද බණ්ඩාර, රාජු බණ්ඩාර වගේ අතිදක්ෂ ගිටාර් වාදකයන් Fortunes කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා හිටියා.
රූකාන්තත් ස්ටැන්ලි පීරිස්ගේ ගෝලයෙක්. ඔහුත් ඒ සංගීත පරපුරත් එක්ක බොහොම සමීපව කටයුතු කරපු කෙනෙක්.
ඇත්තටම ඒ කාලේ අපි රූපවාහිනියෙන් දැක්කේ ගායක ගායිකාවන් විතරක් නෙවෙයි. ඔවුන් පිටුපස හිටපු මේ අතිදක්ෂ වාදකයන්ගේ සංගීත ප්රතිභාවත් අපට රසවිඳින්න ලැබුණා.
මේ දවස්වල කාංචනා අනුරාධි ගායනා කරන නිසා අලුත් පරපුර අතරත් ජනප්රිය වෙලා තියෙන ‘කරකාර බඳින්නට කාලේ හොඳා’ ගීතයත් උපාලි කන්නංගරගේ ගීතයක්
Deleteටැංක්ස් ඉතිං... මාව ටැග් කරලා තියෙනවට.
ReplyDeleteඇත්තටම ඔය සිංදුවේ තේරැම මොකක් වෙන්ටැතිද කියල කාලෙකට කලින් මටත් හිතුන. සරල පද පෙළක්... ඒත්. සමාරවිට දෙල් කඩලා හිට කෙල්ල නාන්න යන්නැති මූදවගේ ලොකුවට හදලා තියෙන වැවකට 😁🤗
බොගේ ඒ පිංතූරෙ දැකලා තමයි මේ සිංදුව මතක් වුනේ. බ්ලොග් අප්ඩේට් අවුල චෙක් කරන්නත් එක්ක ලියපු පෝස්ට් කෑල්ලක් තමයි ඉතිං. 🫠
Deleteමට හිතෙන්නේ මේ වගේ පබැඳුම් අර්ථ රසයට වඩා ශබ්ද රසයට වැඩි ඉඩක් දීලා ලියවෙන ඒවා කියලයි.
Deleteඔව්, මටත් මේ සිංදුවෙ ඉස්සෙල්ලාම හිතට වැදුනේ තාලය තමයි. ඊට පස්සෙ පැරණි ගැමි ගතිය වගේ කැමති හැඟීමක් ආව මිසක්කා, කෙලී ගස් නැග්ගෙ ඇයි? කෙක්කක් තිබ්බෙම නැහ්ද? ගහෙන් බැහැපු ගමන් මූදෙ නාන්න ගියාද? ගමයා කෙල්ලො නානවා හොරෙන් බලන්න ආසද? වගේ ප්රශ්ණ ඔලුවට ආවෙම නෑ.🤔
Delete// ගමයා කෙල්ලො නානවා හොරෙන් බලන්න ආසද? //
Deleteගමයා කිවුවෙ අර, කොළඹ එක්කෙනා ද?
අපොයි නෑ. ඒ ගම මහත්තයා සිංහලේ යන්නෙ නෑ, ලෝකෙ වටේ යන නිසා. උන්දෑ පොර් කුකුලා.😋
Deleteමේ වෙන අහිංසක ගමයෙක්.
හෑ මේක දැනුයි දැක්කේ . මේ අපේ මව්තුමි නිතර කියන කතාවක් . මට හාන්කවිසියක් මතක නැහැ . හැබැයි නාන තැන හොඳට මතකයි . ගෙදර බාත්රුම් ටැප් තිබුනට ඔය පාරක් අද්දර වතුර උතුරන පොදු ළිඳක අම්මා නාන්න යනවා ඒ දවස් වල අපිව බලා ගත්ත ගෑණු ළමයත් එක්ක . ඕපාදුප සෙල්ලමට සහ ඒකෙ ත්රිල් එකට ගියේ කියල මට හිතේ . මට වයස පහක් විතර , මාව නාවලා පිහිදල අලුත් ජංගි කොටයක් සේට් එකක් හෙම අන්දලා අව්වේ හිටවල පාර අයිනේ . ඔන්න මම කෑ ගහල් කියනවලු . 'අම්මේ ලස්සන සුදු අක්කා කෙනෙක් එනව" කියල . වැඩේ කියන්නේ අක්කත් අම්ම දන්නා කෙනෙක් . අම්ම ඔය කතාව කියල ගෑනු ටික හිනා වෙලා අර අක්කා මාව පොඩ්ඩක් හුරතල් කරලා ගියාලු . හපොයි
Delete//අක්කා මාව පොඩ්ඩක් හුරතල් කරලා ගියාලු//
Deleteහෙහ් හෙහ් ජංගි ගමයා ලස්සන ඇති
සයිනි ගයි ඉස් ඔල්වේස් වොරීඩ්
පෝස්ටුව රසයි වෙනස නිසා දෝ ජනවහර, ජනකවිය නිසාදෝ වෙන්කරලා කියන්න බැරි තරම් රසයි. සිංදුව ලස්සනයි. ඔබ හරි, එය ඌව ජනකවි මුල්කරගත් පදරචනයක්. අපේ මුල්කාලේ බ්ලොග් එකක් ගී පැදුර, වරක් ඒ ගැන ලිව්වා මතකයි.
ReplyDeleteවසර කීපයකට කලින් මුහුණුපොත සමූහයක විවිධ ජනවහර, ජනකවි ගැන මම වැඩ කටයුතු කරා, ඒක වෙනම ඉන්ටරස්ට් එකක්. ජනකවිය වෙනම මානයකට අරන් යන්නේ. හැබැයි, මේ කලාව ගැන පොත පත, ලිපි ලියවුන ද ඒ හැම ඇකඩමිකල් සර්කල්වලට සීමාවෙනවා වගේ දැනෙනේ. ජනකවි පැවතෙන්න නම් ඒ වෙනුවෙන් රසිකත්වයක් ඇති කරන වැඩපිලිවෙලක් අවශ්යයි, ඒත් ඊට රුකුල් දීමක් ඇද්දැයි සැකයි. ජනකවිය නව නිර්මාණ වලට මුහුන් කරන්න ඔපෙනේ, ඒක වෙන්නේ අල්ප වශයෙන්.
ජනකවි, ජනප්රවාද, ජනකතා හැම එකම ඒකරාශී කරලා විශ්ව සාහිත්යය folklore හැටියට නම් කරනවා. බටහිර වගේම මැදපෙරදිගත් ඒ අංශය ගැන තවම උනන්දුවක් තියෙනවා, ඉන්දු-පකිස්තාන කලාපයේ ගසල් folklore වලට වෙනම වැලිව් ඇඩිෂන් එකක් මං හිතන්නේ.
පහුගිය දවසක පර්සියානු ජනකවියක් ගැන පෝස්ටුවක් මම කරා. ඒ වගේම පර්සියානු කලාපයට මායිම් වුන පරණ රුසියානු රාජ්යයන් වල ද වෙනම ජනකවි කලාවක් තියෙනවා.
බොහොම ස්තූතියි මේ දීර්ඝ විස්තරයට. ගී පැදුරේ මේ ගීතය ගැන ලින්ක් එක:
Deletehttps://geepadura.blogspot.com/2014/07/parata-kittuwa-del-gasa-mudune-upali.html
//වසර කීපයකට කලින් මුහුණුපොත සමූහයක විවිධ ජනවහර, ජනකවි ගැන මම වැඩ කටයුතු කරා, ඒක වෙනම ඉන්ටරස්ට් එකක්//
ඇර මාටින්! බලාගෙන ගියාම ඔබතුමා අදහන්න වටින ඇත්තෙක් නෙව? කිලික් වැඩි කරගන්න AI ස්ලොප් වලින් ඉතිහාසය විකෘති කරන මේ යුගේ, මේ වගේ පැරණි දේවල් ගැන හොයා බලනවා කියන්නෙ පට්ට වැඩක්. ඒ තොරතුරු සංරක්ෂණය කරන්න, සටහන් කරපු ලින්ක් එකක් එහෙම නැත්ද්?🙏💐
ඔබතුමාගෙ කමෙන්ට් එක නිසා මගෙත් "ලිවීමේ බාධකය" ඉවත් වුනා වගේ තේරෙනවා.🫠
fb group: කවියක අනුහස
DeleteLink: https://web.facebook.com/groups/596577862209626
මේ ටැග් යටතේ බලන්න:
#වදනක_පෙළහර
#ජනකවි_මිහිර
තෑන්ක්ස්. තව දාහක් වටිනවා. මම ඒ ගෲප් එකට ජොයින්ට් වුනා. 👌💐🙏🫠
Deleteකාලෙකට පස්සෙ ඩීන් අයියාව දකින්ට ලැබීමත් සතුටක්..
Deleteඑතුමා තමයි මේ ටෙස්ට් කරන්න ලියපු පෝස්ට් කට්ට වෙනම මානයක ගේන්න මූලික වුනේ. 🙏
DeleteBuratino: බුරා, මම මේ සටහන දැක්කේ දැන්. උඩහ තැනක බුරාගේ නම දැක්ක ගමන සටහනක් තිබ්බා. ඇත්තෙන්ම සතුටුයි. ඒ කාලේ මාගල් එලාගෙන සංවාද කරපු උදවිය. සංවාද කියලා ලියූ ගමන්ම මතක් වුනේ හද ගී පොතේ ඇත්තන්ගේ ඩෙෆිනිෂන් එක "සංවාදය - මාන්නයෙන් තොර විවාදය"
Deleteහේනක පැල් රකිමින් සිටි ගොවියෙක් වෙත පැමිණි යක්ෂණියක් ගොවියා අමතා මෙම කියූ ඌවේ ජන කවිය:
ReplyDeleteඈත එපිට පස්සර වත්තේද බුලත්
ඊට ඉණක් කන් මඩලාපු පල් පුවක්
කස්තුරි, කපුරු, පිණිදිය දාපු සුණු ටිකක්
බුලත් විටක් දෙනවද රාල දැන් මටත්
රූමත් කාන්තා වෙසක් ගෙන පැමිණියත්, මේ අවේලාවේ පැමිණ ඇත්තේ යකින්නක් බව අවබෝධ කරගත් ගොවියා යක්ෂණියගේ කවියට දෙන පිළිතුරු කවිය:
ආතා බූතයෙන් ආවද තෝ අ ඩී
ආත බූතයෙන් ආවොත් බැටේ දෙ මී
තිගේ පියා දැවු සොහොනත් මම දනි මී
අංජනම් දේවිගෙන් තිට බැට දෙව මී
තමා කවුරුන් දැයි අවබෝධ කැරගත් නිසා තව දුරටත් ගොවියා සමග දොඩමළු වීමට බියවූ යක්ෂණිය නිමේෂයකින් අන්තර්ධාන වී ඇතැයි ද කියති.
ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
Deleteදුක් දෙන අලි ඇතුන් පන්නා දමන්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ
එළිවෙලා කුකුළු අඬලන වේලාවේ
රෑ වෙලා මොණරු ගස් යන වේලාවේ
බාල ළමුන් ගෙයි සැතපෙන වේලාවේ
කෑරලා අඬයි දොරකඩ මාරාවේ
කන්දේ ගලේ වී වැපුරුවෙ මනා වයි
ඒක කන්ඩ කක්කුට්ටන් දෙබා නයි
පොල්කිච්චා හිස පීරන පනා වයි
බට්ටිච්චට හිර දෙඩුවා හිනා වයි
දුම්බර කෙතට වැට බැදලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට ගිලුම්
පෙම්බර ලියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ නෙලුම්
එක් බටු දෙබටු තුන් බටු සාර පස් බටු
නියං කලට මල් සැදෙනා තිත් බටු
එරටින් එකෙක් ඇවිදින් ඉල්ලුවේ බටු
සිව් පද කියන්නට බැරිනම් අහන් හිටු
post එක නිසා සිද්ද වෙලා තියෙන යහපතක් මයෙ අප්පා... ආයෙ ඇස්වහක් කටවහක් නෑ දෙයියෝ.
Deleteඔව්, ඔබතුමාත් ඇතුලුව අපේ හිතවත් පාඨකයො නිසා ගූගලයාව ටෙස්ට් කරන්න දාපු පෝස්ට් කොටේ, නොහිතුවම, ඒත් පට්ට ඉන්ටරස්ටින් පැත්තකට හැරුනා.🫠
Deleteබස්තුමා ඇණ ගලවන්නෙත් අර ගොවියා වගේ කවියෙන් තමයි
Deleteඒ කවි පෙළ හොඳට මතකයි . ඉස්කෝල පොතක තිබුනද මන්ද
Deleteඒව හැම තැනම ප්රසිද්ධ ජනකවි ගමතුමා.
Deleteසොර බොර වැවට වැදි ජනයා හා සාමාන්ය ජනයා හෙම මුහුද කියල කියන්නේ . මම ලුණුගල ඉස්කෝලේ යන කලේ මුහුද අදකාල තිබුනේ මමයි තව එක ලමයෙකුයි විතරයි . මට මතකයි ළමයි මුහුද ගැන අහනවා
ReplyDeleteඔව් ලොකු වැව්වල පොඩියට රැල්ලත් ගහනවා. පානදුරේට කිට්ටු අපේ සාවියෙත් වැව් නැති වුනත් විල් හතක් තිබ්බලු. අද තියෙන්නෙ ඒ විල් වල නමින් ඇති ගම් විතරයි. මහවිල, එළුවිල ....ඉතුරුවා මතක නෑ
Deleteඔය සිංදුවේ කියන පැත්ත "වැව් බැඳි රාජ්ජෙ" කියල නේද හැඳින්නුවේ?
//විල් හතක්
Deleteඅඩ්ඩා, එකක් මෝදරවිල
හරියටම හරි. ඒක නේද පුරවලා ගෙවල් හැදුවෙ? බෙල්ලන්විල වුනත් ඒ හැටිම ඈතක් නෑ කියලයි හිතෙන්නෙ.
Deleteතුන්බෝවිල (පිළියන්දලට අයිති එක ගමක්) මම පොඩි කාලේ ඒ විල (ටිකක් වගුරකුත් වගේ ) වටේ බෝගස්තුන මොනවද කියලා පෙන්නන්න පුලුවන්ව තිබුනා කියලා තාත්තා කිව්වා. දැන්නං විල පෙන්නන්නත් බෑ හරියට. ඒ තෙත් බිම බෙල්ලන්විල / අත්තිඩියට කනෙක්ට් වෙලා තියෙන්න ඇති ඉස්සර, තාමත් පොඩ්ඩක් විතර කනෙක්ශන් බොරුපන හරහා තියනව. මම පොඩිකාලෙ තුන්බෝවිල කුඹුරු සමහර කාලවල වගා කරන්න බෑ කරදිය එන නිසා.
Deleteපානදුරේ වැව් නැතිවුනාට බණ්ඩාරගම තියනවනෙ බස්තුමා.
Deleteහරියට හරි, පොකුණුවිට, වැල්මිල්ල වැව, උයන්වත්ත වැව, වෑවිට වැව වගේ වටේම තියනවා. ඒත් ඒවා වැව් වලට වැඩිය පොඩි විල් කියන එකයි මගේ අදහස.
Deleteකරදිය එන කුඹුරු, සමහර කාලවල වගා කරන්න බැරි එකට විසඳුම මෙයාල ලඟ තියනවා. චීනෙ තානාපති කිව්ව, කරදියේ වවන වී තාත්සනේ චීනෙ තියනව කියල. අපේ අපේ කුරිසි-කර්ම සහෝදර ඇමතිතුමා මීක් කිව්වෙ නැතුව විරිත්තන පින්තූරයක් පත්තරේ තිබ්බා. හප්පේ ඒ සිරියාවන්ත හිනාව දැක්කම බඩ පිරෙනවා.
කළුබෝවිල එහෙනම් එහෙම වෙන්න ඇති නේද
Deleteකළුබෝවිල අපට ටිකක් දුරයි. ඒත් ඒ කාලෙ දුර මැන්නෙ හූවෙන් නිසා එහෙම වෙන්නත් බැරි නෑ.
Deleteරුසියානු ජනකතා හා ජන ගී බොහොමයක් තිබෙනවා . ඒවා හරි මාරු . බබයගා යකින්න ගැන . ඉවනුෂ්ක දුරාචොක් ගැන කවි සින්දු හෙම නගර ගම්මාන උළෙලවල් වල අහල තිබෙන . මේක හැමෝම දන්නා එකක් . කාලින්කා https://www.youtube.com/watch?v=LDUGgiv4JrQ
ReplyDeleteහරිම ලස්සනයි. අනේ ඉතිං මෙච්චර ලස්සන රටක්/ සංස්කෘතියක් නෙව, මේ යුද්දෙ නිසා .......හ්ම් 😞
Deleteඔබතුමා මිසින් වෙලා හිටි ටික කාලෙ, අපට ඒ අඩුව දැනුනා. ඒ කාලෙම තමයි බ්ලොගර්ගෙ RSS අවුලත් ආවෙ. ඒ නිසා පාඩුවකුත් නෑ, බලාගෙන ගියාම.
//
Deletehttps://www.youtube.com/watch?v=HdX1pmIYrnA
එක වචනයක් නොතේරුණත් රිදම් එක මරු.
තුති අජිත්
ඔව්. ස්තූතියි අර මගේ පොත් එලි දක්වන වෙලාව ලංකාවේ නංගිලා කට්ටියකුත් නැටුවා ඒ සින්දුවට . 1.34 ඉඳන් බලන්න - https://www.youtube.com/watch?v=bNClZGsHRwY
Deleteමේක දැක්කද පැරිස් වල පෙළපාලි යන ළමයි කාලින්කා සින්දුව කියනවා - https://www.instagram.com/reel/DeP17qUuBGC/?srtk=MTNkdWd0eXkyOHQ2cQ==
Deleteෂා කට්ටියම එකට කියන කොට මාරම ගතියක් නෙව තියෙන්නෙ?🫠
Deleteදැන් මේ යන අන්ත දක්ෂිණාන්ත රැල්ලයි, හුදී ජනයාට අරින ඇරිල්ලයි බැලුවාම, දෙවන කම්කරු විප්ලවයට කාලෙ හරි කියලත් හිතෙනවා.🤔
මගේ අම්මෝ එපා , ඝාතන රැල්ලක් එන එකයි වෙන්නේ , චන්දෙන් වෙන ඕන එකක්
Delete100% එකඟයි. ඒ කැන්ගරු කෝට්, පන්ති වෛරය, ලයිට් කණුවල එල්ලන, පෙලට සිටුවා වෙඩි තියන ගොන්පාට් නෙමෙයි මම අදහස් කලේ. Late-stage capitalism වල ඊළඟ පරිනාමණය. අසීමිත ඇති-නැති පරතරය, AI/Techno ඕවර්ලෝඩ් යටත්විජිත වාදය අපි අද අත්විඳින්නෙ නැත්ද?
DeleteI'm a bleeding-heart liberal, but not necessarily a communist.
Late-stage capitalism වල ඊළඟ පරිනාමණය. - ඔව් එක හරි
Deleteඇමරිකන් capitalism අසාර්ථක වෙමින් පවතිනවා, ඒත් ප්රජාතන්ත්රවාද තාම දෙපයින්. ප්රශ්ණෙ තියෙන්නෙ ප්රජාතන්ත්රවාදට මුහුණ ගොඩයි. කොයි එකෙන්ද වඩා සාර්ථකව ජනතාව නියෝජනය වෙන්නෙ?
Deleteඅනික ලෝකෙට ඇමරිකන් බලපෑමෙන් මිදෙන එක ඉතාම අසීරුයි. අපි මේ ටික ලියන්නෙ ඇමරිකන් ගූගල් බ්ලොගර් උඩ. අඳින්නෙ, කන්නෙ, බොන්නෙ, බලන පිචෑර් ඔක්කොම ඇමරිකන්. ඇමරිකන් බූවල්ලා ආර්ථික, සමාජීයව විතරක් නෙමෙයි සංස්කෘතිකවත් ලෝකෙ වෙලා ගෙන ඉන්නෙ.
ඒත් කොහොමද ගොලායත් එක්ක ගේම ඉල්ලන්නෙ? හෙමීට වටේ ඉන්න අනිත් අන්ධයො ටික බාගන්න ඕනෙ, බූවල්ලගෙ අඞු ගලෝ ගන්න ඕනෙ. මට හිතෙන්නෙ අපේ ලොක්ක යන පාර හරි කියලයි.
https://www.youtube.com/watch?v=WP9a-OTn2QA
ReplyDeleteඅහා! ලස්සන නැටුම. අර පිටිපස්සෙ බිත්තිය පුරාවට තියෙන්නෙ ඕගන් එකක බට නේද? අම්මපා, එකවුස්ටික් නියමෙට ඇති නේද?
Deleteඔව් නේද - කලින්කා, කලින්කා, කලින්කා මයා!
Deleteව් සදූ යාගදා මලින්කා, මලින්කා මයා!
කලින්කා, කලින්කා, කලින්කා මයා!
ව් සදූ යාගදා මලින්කා, මලින්කා මයා!
කලින්කා, කලින්කා, කලින්කා මයා!
ව් සදූ යාගදා මලින්කා, මලින්කා මයා!
ආහ් ත්වි! ක්රසාවිත්සා, දූෂා-දෙවීත්සා
පල්යුබී ෂෙ ත්වි මින්යා!
ආහ්! පල්යුබී ෂෙ ත්වි මින්යා!
කලින්කා, කලින්කා, කලින්කා මයා... (Chorus repeats)
ආහ් ත්වි!
ෂිල් යා උ බාරිනා, ෂිල් යා උ මීලගා
නිචිවෝ න්යෙ නාෂිල් යා...
නිචිවෝ න්යෙ නාෂිල් යා----මගේ කලින්කා (හිමබෝල ගසේ ගෙඩි), මගේ කලින්කා!
වත්තේ තියෙන මගේ පුංචි ස්ට්රෝබෙරි/රැස්බෙරි (මලින්කා) ගෙඩිය!
(කෝරසය 3 වතාවක් නැවත කියවේ)
අහෝ! සුන්දර, ආදරණීය පුංචි කෙල්ල ,
කරුණාකර මට ආදරය කරන්න!
අහෝ! මට ආදරය කරන්න!
(කෝරසය නැවත කියවේ)
අහෝ!
මම මගේ මුදලාලි ළඟ ජීවත් වුණා, මගේ හිතවතා ළඟ ජීවත් වුණා,
නමුත් මම කිසිම දෙයක් හම්බ කරගත්තේ නැහැ...
මම කිසිම දෙයක් ඉතිරි කරගත්තේ නැහැ.
රුසියානු භාෂාවෙ ගීතමය ගතියක් තියනවා කියල මට හිතෙනවා. කනට කර්කෂ නෑ.👌
Deleteඔව් ඇත්තටම සංගීතමය ගතියක් තියනවා විශේෂයෙන් නංගිලා කතා කරන කොට ඇදල පැදලා
Deleteගල්මල්-Coral කලින් කිව්ව වගේ, මේ ජනවහර, ජනකවි අපව වෙනම මානයකට අරන් යනවා.
ReplyDeleteහිතන්නකො මෙහෙම: ඉස්සර කාලෙ ගමරාළ කෙනෙක් දුර ගමනක් යනවා. ඒ කාලෙ කිව්වෙ "සිංහලේ" යනව කියල, ඔය වගේ වැව් බැඳි පත්තුවේ ගමන් වලට , මහිතේ. අතේ බත් මුලක්.
පඳුරු තැලීම( RIP රවි )- බත් මුල
ඈත අතීතයේ ශ්රී ලාංකිකයන් දුර කතර ගෙවා යන දිගු ගමන් (වන්දනා ගමන් හෝ වෙළඳ ගමන්) සඳහා සූදානම් කරගත් බත් මුල "ගැට බත් මුල" හෝ "මඟ දිගට කන බත් මුල" ලෙස හැඳින්වුණා. එකල ශීතකරණ හෝ කල්තබා ගැනීමේ රසායනික ද්රව්ය නොතිබූ බැවින්, දින කිහිපයක් යනතුරු නරක් නොවී පවතින පරිදි බත් මුල සකස් කිරීමට ඔවුන් සුවිශේෂී සාම්ප්රදායික ක්රමවේද භාවිත කළා.
අතීතයේ දුර ගමන් සඳහා බත් මුල සකස් කළ සුවිශේෂී ආකාරය මෙන්න:
1. කල්තබා ගත හැකි වෑංජන තේරීම
නරක් වීමට ප්රධාන හේතුවක් වන දියර ගතිය (හොදි) සහ පොල්කිරි භාවිතය සම්පූර්ණයෙන්ම වළක්වා තිබෙනවා.
• බැදුම් වර්ග: තෙල් දමා හොඳින් කරකරගත් කරවල බැදුම, හාල්මැස්සන් බැදුම .
• ඇඹුල් තියල්: මාළු කල්තබා ගැනීම සඳහා ගොරකා සහ ගම්මිරිස් බහුලව යොදා සකස් කළ මාළු ඇඹුල් තියල්.
• වියළි සම්බෝල: දියර ගතිය රහිත, හොඳින් බැදගත් ළුණු, අමුමිරිස් සහ උම්බලකඩ දැමූ ළුණු සම්බෝල හෝ කට්ට සම්බෝල. ( අපි කුඩා කාලෙ වන්දනා ගමන් වලට පොල් මැල්ලුමක්, සීනී සම් බෝල එහෙමත් තිබ්බා. ඒවා නං එක දවසෙ ගමන්)
• බැදපු එළවළු: අළු කෙසෙල් වැනි එළවළු පෙති ගැඹුරු තෙලේ බැද එකතු කිරීම.
2. කෙසෙල් කොළය පදම් කිරීම සහ සුවඳ
• බත් මුල එතීමට ප්රථම කෙසෙල් කොළය ළිප් ගින්නෙන් හෝ උණු අළුවලින් ලාහ ගනු ලබනවා (තවා ගනු ලබනවා). මෙයින් කොළය නම්යශීලී වී ඉරී යාම වැළකෙනවා පමණක් නොව, කෙසෙල් කොළයේ ඇති ස්වාභාවික විෂබීජ නාශක ගුණය සක්රිය වී බත් මුල නරක් වීම ප්රමාද කරනවා.
• උණුසුම් බත් කෙසෙල් කොළයේ එතූ විට කොළයෙන් නිකුත් වන සුවඳ බතට සුවිශේෂී රසයක් එකතු කරනවා.
3. බත් මුල ඇසිරීමේ කලාව
• බත් මුල දිග හැරීමට අපහසු දුෂ්කර ගමන්වලදී පහසුවෙන් අතින් ගෙන කෑමට හැකි වන පරිදි, බත් සහ වෑංජන එකට හොඳින් මිශ්ර කර (Anointed/Mixed) තද කර ඔතා ගැනීමට එකල කාන්තාවන් වගබලා ගත්තා.
• ඇතැම් විට බත් පිසීමේදීම රතු කැකුළු බතට දියකරගත් ලුණු වතුර සහ සූදුරු, මහදුරු වැනි කුළුබඩු එකතු කර පිසීම සිදු කළා.
4. සුරක්ෂිතව ගැට ගැසීම
• බත් මුල පන් මල්ලක හෝ රෙදි කඩක දමා, පසුව කෙසෙල් පට්ට හෝ වැල් වර්ග (උදාහරණයක් ලෙස නියඳ වැල්) භාවිත කර "කුරුල්ලෙකුටවත් ලිහාගත නොහැකි" වන සේ ශක්තිමත් ගැටයකින් බැඳ තබනවා. ගමන පුරාම බත් මුල ආරක්ෂිතව පිටේ හෝ අතේ එල්ලාගෙන යාමට මෙය උපකාරී වුණා.
ආ දැන් එමුකො කතාවට. ඕන්න අපේ මඟියා , ඇටි කුකුලා බුහ් ගහන ජාමෙ, කුකුලවත් කිහිල්ලෙ ගහගෙනම ගමන පටන් ගන්නවා. යන මඟ දෙපස රූස්ස කැලේ. යන පාරේ පිංතාලියක් තිබ්බොත් වතුර බොනවා. නැත්නම් දොලක්, දියපාරක් හෝ උල්පතකින් වගේ ගලාගෙන යන වතුර තමයි බොන්නෙ
Cont....
//"සිංහලේ" යනව කියල, ඔය වගේ වැව් බැඳි පත්තුවේ ගමන් වලට
Deleteබකුස් පැති දෙකක් නෙවිද මේ
මේ සිංහලේ කියන්නේ ඌව පළාත නේද
වැව් බැඳි පත්තුව කියන්නේ රජරට පැත්තට නේද
ඔව්, ඔබ හරි. මම ෆැක්ට් චෙක් කලේ නෑ. ලියාගෙන ගියා මිසක්කා.
Delete//වැව් බැඳි පත්තුව (නැතහොත් වැව් බැඳි රට) යනු ශ්රී ලංකාවේ වියළි කලාපයට අයත්, විශේෂයෙන්ම රජරට සහ ඒ අවට පැරණි වාරි ශිෂ්ටාචාරය කේන්ද්ර කරගත් කෘෂිකාර්මික ප්රදේශ හැඳින්වීමට භාවිත වන සාම්ප්රදායික නාමයකි - ජෙමනායි//
ලිවිල්ලයි වැදගත්.හොඳ ලියවිල්ලක්නං fact අපි check කරනවා :-) :-) :-)
Deleteහෙහ්, හෙහ් රොම්බ තෑන්ක්ස්. ඔහෙට කියන්න සිරිබිරිස් උන්නැහේ, මම මේ ලියපු ටික ගූගල් ජෙමනායිට දීලා කිව්වා කතාවේ ඉතුරු ටික කියන්න කියලා. මෙන්න උන්දෑ ලියපු එක:
Deleteඕන්න අපේ මඟියා, ඇටිකුකුළා බුහ් ගහන ජාමෙ, කුකුළවත් කිහිල්ලෙ ගහගෙනම ගමන පටන් ගත්තා. යන මඟ දෙපස රූස්ස කැලෑව. මහ ඝන මූකලාන මැදින් වැටුණු අඩිපාර දිගේ ගමරාළ අඩි ඉක්මන් කළේ ඉර මුදුන් වෙන්න කලින් කැලෑ පාර පහුකරගන්න හිතාගෙන. අතේ තියෙන බත් මුලෙන් වහනය වෙන, අර ලාහපු කෙසෙල් කොළේ සුවඳයි, බැදපු කරවල කෑල්ලෙ සුවඳයි මුළු කැලේ පුරාම විහිදෙනවා වගේ ගමරාළට දැනුණා. ඒ සුවඳට බඩගින්න තවත් වැඩි වුණත්, "තව ටිකක් දුර ගිහින්ම බත් මුල ලිහනවා" කියලා ඔහු හිත හදාගත්තා.
හෝරා කිහිපයක් ගෙවිලා යද්දී ඉර රැස් ගස් අතු අතරින් බිමට වැටෙන්න පටන් ගත්තා. ගමරාළගෙ නළලෙන් මුතු කැට වගේ දාඩිය බිංදු කඩා හැලෙනවා. මඟ දෙපස තිබුණු පිංතාලියක් ළඟ ඔහු නතර වුණා. ඒත් පිංතාලියේ වතුර ඉවර වෙලා. "කමක් නැහැ, ඉස්සරහට යද්දී දොළ පාරක් හම්බවෙයි" කියලා හිතපු ගමරාළ ආයෙමත් ගමන පටන් ගත්තා.
වැඩි දුරක් යන්න හම්බවුණේ නැහැ, ඈතින් සලසල ගාන වතුර සද්දයක් ඇහුණා. ගල් කුළු අතරින් ගලාගෙන යන සීතල දිය දහරක්! ගමරාළ දොළ පාර ළඟට ගිහින්, දෝත පුරා වතුර අරන් මූණ කට හෝදාගත්තා. කූඩැල්ලෝ ඉන්නවද කියලා බලලා, දෝතින්ම සීතල වතුර උගුරු කිහිපයක් බීලා පිපාසය නිවාගත්තා. බඩගින්න නං දැන් ඉවසන්නම බැහැ.
ඔහු දොළ පාර අයිනේ තිබුණු ලොකු කුඹුක් ගහක් මුල වාඩි වුණා. කරේ බැඳගෙන ආපු පන් මල්ල බිමින් තියලා, ඒක ඇතුළේ තිබුණු බත් මුල අතට ගත්තා. නියඳ වැල්වලින් දාපු ඒ ශක්තිමත් ගැටය ලිහද්දීම, අර කෙසෙල් කොළේ තැම්බිච්ච සුවඳයි, ගොරකා දාලා හදපු මාළු ඇඹුල් තියල් සුවඳයි, කරකරපු හාල්මැස්සන් බැදුමේ සුවඳයි එක පාරටම පරිසරයට මුදාහැරුණා.
ගමරාළ පරිස්සමට කෙසෙල් කොළය දිග ඇරියා. ගෙදරින් පිටත් වෙද්දී ගෙදර උදවිය බතයි වෑංජනයි එකට අනාformat කරලා, තද කරලා ඔතලා තිබුණු නිසා බත් මුල තිබුණේ හරියට කැටයක් වගේ. එක බත් පිඩක් අරන් කටට දාගත්ත ගමරාළට දැනුණේ දිව්ය භෝජනයක් කනවා වගේ හැඟීමක්. ලුණු වතුරයි, කුළුබඩුයි දාලා උයපු රතු කැකුළු බතේ රස කෙසෙල් කොළේ සුවඳ එක්ක මුසු වෙලා අපූරු රසක් දුන්නා. එක දවසක් නෙවෙයි, දින ගාණක් වුණත් නරක් නොවී තියාගන්න පුළුවන් මේ "ගැට බත් මුල" තමන්ගේ මුතුන් මිත්තන්ගේ දේශීය ඥානය කොච්චරද කියලා ගමරාළට ආයෙමත් මතක් කරලා දුන්නා.
බත් මුලෙන් බාගයක් කාලා, ඉතිරි හරිය ආයෙමත් පරිස්සමට ඔතලා පන් මල්ලට දාගත්ත ගමරාළ, දොළ පාරෙන් ආයෙත් වතුර උගුරක් බීලා හිස් බුලත් විටකුත් කටට දාගත්තා. කුකුළා තවමත් කිහිල්ලේ.
"දැන් ඉතින් සිංහලේට යනකල්ම හිතටත් ගතටත් හොඳ පණක් තියෙනවා," ගමරාළ තමන්ටම කියාගනිමින්, හිරු රැස් තද වෙන්න කලින් ඉතිරි මඟ ගෙවන්න ආයෙමත් අඩිපාරට පිළිපන්නා.
යකඩෝ ඒ අය්යා නියමයිනේ.පොරට කුකුලවත් මතක තිබිලා :-) :-)
Deleteඅය්යාව ට්රේන් කරවලා තියෙන්නෙ අපේ යක්ඛ පුත්තුද මන්දා? . උන්දැට "කිහිල්ලෙ කුකුලා" මෙමෝ එක තාම ඇවිත් නැති පාටයි.🤣
Deleteමගේ හිතේ තිවුනෙ, ගමයා දෙල් නෙලන කෙලීව දැකලා "කව්දැ බොලේ මේ ඇලිස්" කියල විචිකිච්චාවට සිංදුව කිව්වා කියල ලියන්නයි දැන් පේන විදිහට, කුකුලෙක් කිහිල්ලෙ ගහගෙන ගමයා සිංහලේ යන්නෙ තොවිල් ගෙදරකට කියලයි මට හිතෙන්නෙ:-)
සිංහලේ තමා ආදි හෙළයෝ ජිවත් වුනේ . සුද්ද වෙල්ලස්ස විනාශ කලේ ඒ නිසා . ඌව පළාතේ සෑහ ඒ අවට සබරගමුව , කන්දේ රට
Deleteහ්ම්... එහෙම වෙන්න සෑහෙන්න ඉඩක් තියනවා. 🤔
Deleteඒක සුද්දගේ modus operandi එක නෙව . කැනඩාව , ඇමෙරිකාව , ඔස්ට්රේලියාව වගේ රටවල උනත් ආදී වාසී ජනතාවට ගේම සෙට් කළා , මික්ස් වෙච්චි හෝ පොඩිපොඩි ජන වර්ග අයින් කරගෙන . මොකද ආදී වාසී සෙට් එකනේ තමන්ගේ ඉඩම් වලට උරුමකම් කියාගෙන එන්නේ
Deleteහ්ම්....ඒ ඔය right of conquest පිලිගත්ත නීතියක් වෙච්ච කාලෙ නෙව. 🤔
Deleteහුටා! එතකොට ලෝක පොලිස් - ඔරේන්ජන් බැබෞන් මේ අද ඊයෙ නේද වැනිසියුලාවට කෙලියෙ 😋
මේ පෝස්ට් එකේ කොමන්ටු දකිද්දි, කියවද්දි මතක් වෙන්නේ සිංහල බ්ලොග් පීක් කාලය, එකට එකක් අදාල කරුණු වෑහෙනවා. ඒ ෆීලිං එක දුන්න, ලස්සන, හරබර කතිකාවක් ඇති කර පෝස්ටුවට මල් මිටක්.
ReplyDeleteඔබතුමාටත් බොහොම ස්තූතියි. අනිත් හිතාදර පාඨකයොත්, විශේෂයෙන්ම ඔබෙනුත් ලැබිච්ච දායකත්වය නිසා තමයි මේ සාකච්චාව වර්ණවත් වුනේ. 💐👌
Deleteඅහා! සිංහල බ්ලොග්වල පීක් කාලය. මතක් වෙනකොට තනි ඇහැට ඇඞෙනවා දොරේ. හ්ම්.. මෙහෙම හරි ඒ ෆීලින් එක ආ එකම මඳැයි?
මේ සිංදුවට මමත් කැමතියි. ඇත්තටම මම කැමති හේතුව තමයි මේ ගායකයා සාමාන්යයෙන් මිහිරියි කියලා පිළිගැනෙන, රොමෑන්ටික් සිංදුවලට ගැලපෙනවා කියලා සම්මත (උදා රූකාන්ත, අතුල අදිකාරි, සුපුන් වගේ) කටහඬක්ම නැති වුණත් ඔහු මේ සිංදුවලට දෙන අමුතු ෆීල් එක. පොඩි ජොලි ගතියක් එක්ක දෙන ඒ පන්ච් එක හරිම සිත් ඇදගන්නා සුළුයි. (මේ සින්දුව අහන්න ගිහිල්ලා දැනගත්තෙ "ඉවසිල්ලක් නෑ දකින තුරා.." සිංදුව කියන්නෙත් මොහුමයි කියලා).
ReplyDelete'රට වටිනා ලිය' මේ දවස්වල සින්ගපෝර් නේද?? බස්සාට එයාව මතක් වුණේ මක්කෙයි 🤔😉
හෙහ්, හෙහ් 'රට වටිනා ලිය' මේ දවස්වල සින්ගපෝර්. 😋🤣
Deleteමේ පෝස්ට් එකට අඩුවකට තිබ්බ හිනාවක් අපට ගෙනාවට ඔබට ස්තූතියි.👌💐
මමත් බින්තැන්නේ හාදයෙක්!
ReplyDeleteඋඩින් තිබුණු commentsවලින් උත්තේජනය වෙලා බදුල්ලට ආවේනික කෑම ජාති දෙකක් ගැන කියන්න හිතුණා.
1. කොල්ලු මාළුව
කබලේ බැදගත් කොල්ලු (පොල් මුඩු ටිකකුත් එක්ක) කුඩු නොවෙන්න කොටාගෙන උයාගන්න මේ වෑන්ජනේ හොරෙන් එහෙම උයනවා බොරු. ඒ තරමට සුවඳයි. ඉස්සර බදුල්ලේ කසාදියකදී මඟුල් මේසෙට කොල්ලු මාලුවකුත් තියනවාමයි....
තව දාහක් වටිනවා. නිදිටම හිතිලා මෙහෙම සූප-රස රහස් වට්ටෝරු දෙනවා කියන්නේ ආයෙ මොනවද?
Deleteදැන් ඉතිං හොයපංකො කොල්ලු?😋🤣
ඇයි බොලං Horse gram කියලා හොයකො. ඔය දකුණු ඉන්දියානු/ දෙමළ කඩවල අනිවා ඇති.
Deleteතියනවා, තියනවා. දැන් ගූගල් නිසා හොයා ගන්න අමාරු නෑ. මෙහෙ තියන Bulk Barn වගේ "ධාන්ය" කඩ වල, ග්රොසරි වල හොයන්න ලේසියි. බාගදා ලංකාවෙ දෙමල කඩ වල, අපේ නමින්ම තියනවා. ඒත් ඉන්දියානු කඩවල් තිබ්බත් තියෙන්නෙ උන්ගෙ බාසාවෙන්.
DeleteThis comment has been removed by the author.
Deleteපොල් මුඩු? නෙවිල්ටත් දුන්නද, නිමල්??
Delete@ DGMB,
DeleteAsk a Barn owl.
or visit a farm barn; don't approach the horses from behind though, unless u need a knee replacement already, or u aren't happy with the way u smile currently.
Barn owls? No thanks, those are big-ass owls. Don't like loud, farting horses either.😋
DeletePra Jay මහත්තයා දන්නවැයි පොල් මුඩුත් එක්ක කොල්ලු කොටන්නේ ඇයි කියල. කොල්ලු ටික ඕනිවට වඩා කුඩු වෙන එක නවත්ත ගන්නයි.
Deleteඔය කිව්වට මට විස්වාස නෑ. වංගුව කෙලින් කරපු එකේ වාඩුව ගන්න, නෙවිල්ට පොල්කුඩු බස්නෙ දුන්නා වෙන්න බැරිද?😋
Deleteනෙවිල් එක්ක තරහ අරගෙන- වාඩු පිරිමහගෙන වැඩක් නෑ. ඒ මනුස්සයට ඒවා තේරෙන්නේ නෑ. ඒ තරමට හිත හොඳයි.
Deleteනිදිට කල්යානමිත්ර සම්පත්තිය නං අඩුවක් නැතුවම ලැබිලා තියනවා.👌
Deleteඒක නං පුදුම වාසනාවක් තමා! ඒ යක්ෂ පැටව් තමයි මට මැරෙන්නවත් ඉඩ නොදෙන්නේ.
Deleteමටත් හොඳ මිත්රයො කලින් කලට ලැබිලා තියනවා. මගේ එක තැන වැඩි කාළයක් නොරඳන අහිකුණ්ඨික ජීවන රටාව නිසා, ඒ යාළු-මිත්රකම් වල ආවිස කෙටි වුනා. නිදිගෙ කල්යානමිත්ර සම්පත්තිය කියන්නෙ යහපත් මිතුරන් ලැබීම සහ ඒ ලැබීම දිගටම පවත්ත්වා ගැනීම යන දෙකම ලැබීමයි.
Delete2. මඤ්ඤොක්කා කොළ මැල්ලුම
ReplyDeleteහීනියට කොටා ගත්තු මඤ්ඤොක්කා කොළ ටිකක් පැත්තකින් තියාගෙන, තිබ්බටු ගෙඩි ටිකකුත් ඒ වංගෙඩියේම දාලා යන්තමට කොටා ගන්නවා. කැමතියි නං කොච්චි කරල් ටිකකුත් එකතු කර ගත්තෑකි.
මේ මැල්ලුමට පොල් දාන්නේ නෑ!!!!
පොල්තෙල් ටිකක් යහමින් වළඳකට දාලා තෙල් රත් වුණාම කපාගත්තු රතුළූණු හරි බී ළූණු හරි ටිකක් බැද ගෙන ඒකට අබ ඇටත් දාලා බැදෙන්න අරින්න. ඊළඟට වේලිච්ච මිරිස් කරල් තුන හතරකුත් කෑලිවලට කඩලා ඒ බැදුමටම දාලා බැදුනාම අර තලාගත්ත තිබ්බටුත් එකතු කරලා කූරු ගාගන්න. ටිකක් බැදුනාම කොටාගත්තු මඤ්ඤොක්කා කොළ ටිකත් එකතු කරලා හොඳින් තැම්බෙන තුරු කූරු ගාගන්න ඕනි.
පදමට ලුණු එකතු කරගෙන, කරපිංචා කොළ ටිකකුත් මැල්ලුමට දාලා කවලම් කරනකොට පැත්ත පළාතටම සුවඳත් ගහයි!!!!
අනිත් මැල්ලුම් හදනකොට වගේම මේක හදනකොටත් කහ කුඩු දාන්නේ නැතුව හදන්න. උයනකොට වළඳ පියනකින් වහන්නත් එපා.
තිබ්බටු මෙහෙ තියනවා. මඤ්ඤොක්කා තියනවා ඒත් කොළ ෂුවර් නෑ. කඩේ ගියාම මඤ්ඤොක්කා කොළ වලට ගන්න ආදේශකයක් බලන්නම්. වැදගත් දේ මේ රෙසිපියයි. මම ගුණ හින්දා තිබ්බටු මාලුව කාලා තියනවා, ඒත් මට ඒ හැටි අල්ලලා ගියේ නෑ. මෙහෙම හැදුවොත් වෙනසක් දැනෙන්න ඉඩ තියනවා.
Deleteමම බීට්රූට් හිදෙන්න හදනවා, තෙල් යන්තම් දාලා පොල්කිරි නොදා. අර ලූනු කැරමලයිස් කරනවා වගේ යන්තම් වතුර, තෙල් සේසයක් දාලා. පස්සෙ තමයි දුරු-තුනපහ, කරපිංචා දාන්නෙ. ඒක නං පට්ට රහයි. දැන් ගෙනැත් තියනවා rutabaga. ඒකත් ඒ වගේ හදන්නයි කල්පනාව.
මේ රෙසිපිය දුන්නාට බොහොම පිං!
බකුසුතුමෝ,
Deleteතිබ්බටු හාල්මැස්සෝ එක්ක තෙල් දාලා බලන්න- තත්කාලී ගෙඩියක් එහෙම දාලා...
හාල්මැස්සොයි තක්කාලියි එකට දාලා හදන එක එච්චර හොඳ වැඩක් නෙවී නේ ද නිදි? යලට මහට වගේ නං කමක් නෑ ඉතින්.
Deleteහෑ මම ඔය ඇහැව්වමයි. හාල්මැස්සොයි, තක්කලි හොද්ද එක්ක ඉඳිආප්ප මැරුවෑකි නෙව?
Deleteතක්කාලි වල තියෙන ඔක්සලික් අම්ලය හාල්මැස්සන්ගෙ තියෙන කැල්සියම් එක්ක ප්රතික්රියා කරලා කැල්සියම් ඔක්සලේට් හදන්ට පුලුවන් නෙව බසු. කැල්සියම් ඔක්සලේට් කියන්නෙ මුත්රාශයේ ඇතිවෙන ගල් වල තියෙන ප්රධාන සංඝටකයක්. ඒකයි එහෙම කියන්නෙ මම දන්න තරමට.
Deleteඔවුවා ඉතින් බඩජාරිකමට නිතර නිතර කන්නැතුන් පමන දැන කෑවට කමක් නෑ. එහෙමත් නැත්තං මොකක්ද ජීවිතෙන් ඇති පලේ?
හරියටම හරි කොයි දේත් ඕනවට වැඩිය හොඳ නෑ.
Deleteඒත් අපේ බොහෝ විස්වාස (ඉඟුරු-මඤ්ඤොක්කා , තක්කාලි - හාල්මැස්සො) වගේ දේවල පොසිබිලිටි එකක් තිබ්බත්, ඒ හැටිම අවදානමක් නෑ කියලයි ජෙමනායි කියන්නෙ. ඒත් AI hallucination සහ නිතරම වෙනස් වෙන විද්යාත්මක අර්ථදැක්වීම් ගැනත් සැලකිල්ලට ගන්න වෙනවා. තෑන්ක්ස් 🙏
Buratino මහත්තයෝ,
Deleteඉඳහිට අක්කපාන කොළ සම්බෝල හදලා කනවා නං මුත්ර ගල් ගැන බය වෙන්ට කාරී නෑ.
මේ comments තීරුව නං හෙණ උගුලක්.
Deleteතිබ්බටු හදාගන්න විදිහක් මතක් කළාම 'හාල්මැස්සෝ හොදි ගැන කියලා. ඒවා කියෙව්ව වෙලේ හිට කට පිස්සු වැටිලයි ඉන්නෙ.
හාල්මැස්සොයි හතරට කපපු අර්තාපල් අලයි තක්කාලියි එකට දාලා දිය කිරෙන් තම්බලා- යහමින් උකුවට හදාගත්ත මිටිකිරිත් එකතු කරලා, තෙල් පෑදෙන්න උයපු හොද්දක් එක්ක ඉඳියාප්ප ටිකක් හෙටානිද්දම නොකෑවොත්... බබාගේ කණ කුණු වෙනවා ෂුවර් එකටම.
comments තීරුව උගුලක් නේන්නං? ඒකටම තමුන්නැහේගෙ සූප-ශාස්ත්ර රහස් වට්ටෝරු ටිකත් ආවම, ආයෙ මොනවද, ජාඩියට-මූඩිය වගේ.😁
Deleteහප්පා ඕව ඉතින් කන්න ආයෙත් ලංකාවට යන්න වෙනව . අපේ බිරින්දෑට තිබ්බටු හදන්න පුළුවන් හාල් මැස්සෝ දාල . හැබැයි හදපු හාල් මැස්සෝ . මේ කපේට බදින්නේ නැහැ .
Deleteහාල් මැස්සෝ නොබදින හේතුව තෙල් වැඩියි කියල හිතෙන එකද? එහෙම නං හාල් මැස්සෝ යන්තං තෙලෙන් මලවලා, මයික්රෝවේව් එකේ දාලා කර කර ගත්තෑකි.
Deleteඅජිත් ධර්ම මහත්තයෝ, එයාර් ෆ්රයර් එකක් පාවිච්චි කරන්නැද්ද?
Deleteඑයාර් ෆ්රයර් බැදපු හාල්මැස්සො! හ්ම්.... ඒකත් ට්රයි කරලා බලන්න වටිනවා🤔
Deleteමං මුලින්ම එයාර් ෆ්රයර් එකෙන් හදල තිබ්බ මාළු බැදුමක් කෑවේ රවීලගේ ගෙදරදී. අමිලයි, Pra Jayයි, රවීයි, නෙවිලුයි එක්ක මුලින්ම හඟුරන්කෙත ගල් බෝලේ හොයන්න ගිය ගමන ගිහිං එද්දී.
Deleteකොහොමද තෙල් ගතියක් නොහිටින විදිහට ඒ මාලු බැදලා තිබ්බේ කියලා අපි ලොකු වාදෙකටත් පැටලුනාට පස්සේයි රවීගේ නෝන මහත්තයා රහස එළි කළේ.
ඊළඟ සැරේ අමිල ලංකාවට එනකොට මට එයාර් ෆ්රයර් එකක් ගෙනත් තිබ්බා. සැරයක් දෙකක් ඒක පාව්ච්චි කරලා මම ඒක නෙවිල්ට තෑගි දුන්නා. මොකද එයා මස්, මාළු බැදපුවා යහමින් කන මාංශ භක්ෂකයෙක් නිසා.
හෙහ්, හෙහ් මට මතකයි ඔය "ගල් බෝලේ" කතාව. අම්මපා නිදියෝ, බලාගෙන ගියාම බොටත් තියෙන්නෙ එසේ මෙසේ රුදාවක් නෙමෙයි නේද?🤣😋
Deleteඔය සිරිබිරිස් උන්නැහෙත් අපේ සාවියෙ ගොබිලෙක් බව, කොහේ හරි කමෙන්ට් එකක දැක්කා. බලමු ඇමක් දාලා කොටයිද කියලා? 😋🤣😁
ගල්කන්ද බේකරියෙ මාළු පාන්
//බලාගෙන ගියාම බොටත් තියෙන්නෙ එසේ මෙසේ රුදාවක් නෙමෙයි නේද?//
Deleteඒ හින්දනෙ මම බෙන්තොට වැඩ කරන කාලේ - කළුවර කැටයම් කපන බාස් උන්නැහේ කිව්වේ 'උඹලගෙ අම්මා උඹව වදලා තියෙන්නේ කහඹිලියා ගාලක් උඩට' කියලා.
තව...පියසිරියේ වැඩ කරද්දී මට නමක් වැටිලා තිබ්බේ මිස්ටර් කලබල කියලා...
එහෙව් නිදි දැන් ඇවිදින්නෙත් පියවර මැන-මැන...
සසරක හැටි!
වයසත් එක්ක බොහෝ දේ වෙනස් වෙනවා, නිදි. මගේ රසවිඳනයත් පැහැදිලි ලෙසම දැන් වෙනස්. බය හිතෙන, දුක්මුසු අවසාන තියෙන ෆිල්ම්ස් බලන්න ඒ හැටි ආසාවක් දැන් මට නෑ . ඒකට අනුගත වෙලා පවතින යථාර්තයට මුහුන දෙන එක තමා විසඳුම. ජීවිතේ සරල දේ වලින් සතුටු වෙන්න කියල කව්දෝ කිව්වා.
Delete[බය හිතෙන, දුක්මුසු අවසාන තියෙන ෆිල්ම්ස් බලන්න ඒ හැටි ආසාවක් දැන් මට නෑ] මටත් එහෙමයි .. හැපි එන්ඩින් විතරයි
Deleteඒත් අර bittersweet කියන එව්වා නං ලැබුනොත් බලනවා. තමුන්නැහෙත් කාලෙකින් ලිව්වෙ නෑ නේද? ඔය එදිනෙදා ගම්මැද හෑලී වුනත් කාරි නෑ, ඔන්නොහේ ලියලම දාන්න. 😋
Delete//ගල්කන්ද බේකරියෙ මාළු පාන්
Deleteහප්පා දැක්කම දුක හිතෙනවා.පළමු පරම්පරාව ගොඩදානවා.
ගොඩක් තැන්වල තුන හතර පරම්පරා සුද්දෙටම සුද්ද කරලා දානවා
එයාර් ෆ්රයර් එකක් තියනවා නිදි තුමා . අහල බලන්නම් . කරෝලහදා ගන්නත් පුළුවන්නේ එහෙනම් . ඒවා බදින්න දෙන්නෙත් නැහැනේ . බැදලා කවුරු හරි ගෙනත් දුන්නම් හොඳට කන්න නම් පුළුවන් උන්දැට
Deleteස්තූතියි බසු තුමා
Delete//ඒවා බදින්න දෙන්නෙත් නැහැනේ?... කවුරු හරි ගෙනත් දුන්නම් හොඳට කන්න නම් පුළුවන් උන්දැට//
Delete👌😋🤣 හෙහ්, හෙහ් ගම ගෙදර කෙලින්ම බ්රිටිෂ් slapstick කොමඩි බාර් එකක් වගේ කියල හිතුනා. ඒකත් විරල වාසනාවක්, රාළේ. මේකයි රාළාමි වැඩේ, අපට කරවල සුවඳ වුනාට, අනිත් අයට ඒක පට්ට ගඳයි. ගෙදරම ගඳයි, අහල පහල රෙදි තිබ්බොත් බඩුම තමා. ඒකට විසඳුමක් දෙන්නම වෙනවා.
Buratino මේ අපේ බුර්තානෝ තුමන් ද?
Deleteසිංදුව, බිංතැන්න අතරෙ එහෙ වාස දේසෙ ගැනත් සඳහනක් දාල නෙ.
ReplyDeleteහුම්. මෙහෙත් එහෙමයි. බඩු මිල හීන්සීරැවේ ඉහළට යනො වගෙ තමා. නස්රැදීන් කීව කතාව තමා. එහෙත් එහෙමද?. මෙහෙත් එහෙමයි!
ඉතිං මෙහෙත් එහෙම නේ?
Deleteඅමාරිස් තුමා කොමෙන්ට් 156 දාගෙන තියෙන්නේ "තමන් -කමෙන්ට් " බර ගානක් දාලද - ඉරිසියාව මේ ඈ
Delete//156 දාගෙන තියෙන්නේ "තමන් -කමෙන්ට් " බර ගානක් දාලද//
Deleteහෙහ්, හෙහ් ආයෙ අහල.😋🤣🫠
ඔව්වා ට්රේඩ් සීකරට් 😋
බාගදා ඒක පෝස්ට් එකෙන් ඇති කරවන වාතාවරණය නිසා වෙන්නත් ඇති. මේකෙදි නං මම මුලදී කිව්වෙ බොහොම ටිකයි, අපේ මිත්රයො තමයි කතාව ඇද ගෙන ගියේ.🤔
සින්දුවනං රයිම් වෙන්න ලියල වගේ හිතෙන්නේ. ඔරිජිනල් ඌව ජන ගීය හොයාගත්තොත් ඔය අවුල
ReplyDeleteආවේ කොහෙන්ද කියල හිතාගන්න පුළුවන් වේවි.
ඌව වෙනම ලෝකයක්.
නෑ යකුන්,තොට මුට්ටි, තනිවීම නිසා හැදිච්ච මහා සංස්කෘතික ගබඩාවක්.
ලින්කුවට තුති බකුස්.
අම්මපා සහතික ඇත්ත. ඒක වෙනම ලෝකයක්. මට අත්දකින්න බැරි වුන එකක් තමයි, ඔය වගේ ලංකාවෙ වෙන පලාත්වල ජන ජීවිතය. සයිමන් නවගත්තේගම කාලයක් එහෙම හේනේ පැලක හිටිය කියලා අහල තියනවා.
Deleteමම මේ අපේ නිදියගෙ සූප ශ්රාස්ත්ර රහස් වට්ටෝරු ටික කොටාගන්න මෙච්චර නහයෙන් අඞන්නත් එක හේතුවක්.😋
බස්සා සහ සිරිබිරිස්.. :-D
Deleteඅර ප්රාජේ මහත්තයා හෙම මේ පැත්තෙ ආවෙ නෑ බසු? දැක්කොත් මතක් කොලා කියන්ට..
ආන් උන්දෑ හිටු කියලා කිඹුහුං අරිනවා😋🤣
Deleteආ... රූකඩ උන්නාසේ ! අර මං පහල ලිව්වා ඔබවහන්සේ තුන්ගොං කරත්තෙන් බදුල්ලෙ ගිය හැටි
Delete// හේනේ පැලක හිටිය කියලා අහල තියනවා.
Deleteඅප්පා කියන්න දේවල් එමටයි එතුමා ගැන.වතාවක් කීවලු අපරාදේ පහේ ශිෂ්යත්වේ පාස් වෙලා ගමෙන් එලියට ආවේ කියල
ඔහුගේ අසමසම කලා හැකියාව ඒ අත්දැකීම් නිසා තවත් වැඩි වෙන්න ඇති. හොඳට කෑව, බීවා සහ තවත් දේ කලා. ජීවිතය හොඳින් එන්ජෝයි කලා. 😋
Deleteඌවේ ජනකවි ගැන රූකඩතුමා දන්නව. එතුමා එහෙ හිටියද මොකක්ද කිව්ව වගේ මං අර මයියංගන බදුල්ල දර කරත්තවල ගොනා ගැන කිව්ව වෙලාවක.
ReplyDeleteTrainee/spare bull
Deleteමට මතකයි ඩබල් ඇන්ජින් කරත්තෙ පස්සෙ ගැට ගහගෙන යන ට්රේනී-ඔන් ද ජොබ් වස්සා නේද?🤣😋
Deleteමතක විදියට කන්ද නැග්ම වැඩිනන් තුන්වැන්නවත් ඉස්සරහින් බඳිනවා අදින්න first gear එකේම.
Deleteතන්ඩලේ වචනේ ඇවිල්ල තියෙන්නෙත් Tandem නිසාලු
කරත්ත භාෂාව:
Delete• හෝව් / හෝව් පුතා: කරත්තය හෝ ගොනුන් නතර කිරීමට.
• ජඃ / ජඃ පුතා: ගොනුන්ට ඉදිරියට යාමට විධානය දීමට.
• මක උඩ: දකුණට හැරවීමට හෝ දකුණු පසින් ගමන් කිරීමට.
• පිට උඩ: වමට හැරවීමට හෝ වම් පසින් ගමන් කිරීමට.
• හෝව් කොටියා: ගොනා නොනැවතී වේගයෙන් දුවන විට හෝ කේන්ති ගිය අවස්ථාවලදී නතර කර ගැනීමට
තව ඉතිං ගොනාගෙ දෙපරැන්දට කෙවිට දාලා බූස්ට් එකක් දෙන ක්රමවේදයකුත් තියෙනවා.
නාන ලිඳේ ගෑණු, දෙල්ගස් නැගපු කෙල්ලො ..
ReplyDeleteහ්ම්ම් තව මොනවද අඹතලේදි වුනේ, රටෙනුත් යන්න?
අඹතලේ හැසිරීම තමයි බස්සව නරක් කරල තියෙන්නෙ.
Deleteමම හිතන්නෙ ඔය සින්දුව අහපු කිසිම එකෙකුට අර වගේ ප්රශ්න ඇතිවෙලා නෑ කියල. හැක්..
@Pra Jay
Deleteමට මේ නිකමට හිතෙන්නෙ, මම අඹතලේ ඇන්කර් එක දැම්ම නං මොකක් වෙයිද කියලා. තටු කපලා කූඩු කරන එක නං බුදු ෂුවර්. එහෙනං බස්සා නෙමෙයි වස්සා, කෙලින්ම කුඹුරට.....
කොහොමද දිය රෙදි නඟා, පස්ස වන,වන කුඹුරට ඇඹුල අරන් එනකොට....
@ Praසන්ன
Deleteඅඹතලේ වැසියො කියයි බෝ-පැලේ වගෙ අහිංසක පක්සියා කියල.
මට මතකයි වංගියක් නිදියාද කොහෙද පොදු නාන පොකුණක් ගැන කියපු කතාවක්. නාන පොකුණක් තිබිල තියෙන්නෙ පාරක් අද්දර. එතන බෑවුමක් සහ වැලමිටි වංගුවක් තිබ්බලු පහල. වංගුවට පහල වෙලක්. නාන ලඳුන් බලන්න ඔලුව හරෝපු, සමහර ඩැයිවර්ලට වංගුව අමතක වෙනවලු. මාසෙකට වාහන, දෙක තුනත් වෙලේ කියලත් කිව්වා වගේ තමයි මතක.
කිව්වා නේන්නං. ඒක තියෙන්නේ පන්නිපිටිය ඇරැව්වල පාරේ. නෙවිල්ගේ RZ සයිකලේ යනකොට ඒ වැලමිටි වන්ගුව කෙලින් වෙච්චි. නෙවිලුයි මෝටර් සයිකලෙයි වෙලේ. මං එයාලට වැඩිය උඩින් ඉස්සරහට ගිහිං වෙල මැද්දට වැටුණේ ගෙම්බා පොළොවේ ගැහුවා වගේ.
Deleteමැවිලා පේනවා.මුලින්ම නෙවිල් කන පිරෙන්න අහගන්නවා ඊට පස්සේ ඩබල හිකි හිකි ගගා හිනා වෙනවා. පරණ රජ පාරක වෙච්චි ජොලි වැඩක්.
Deleteමට නං මැවිලා පේන්නෙ, අර කාටුන් වල වගේ නිදියා ගුවන්ගත වෙලා , වෙල මැද්දෙ ගෙම්බා පොළොවේ ගැහුවා වගේ වැටිලා ඉන්න හැටි.😋
Deleteවැටිලා ඉන්න හැටි!
Deleteවැටිච්ච ගමන් මං නැඟිට්ටා. එදාත් වාසනාව මගේ පැත්තේ. තැලීම් විතරයි. ලේ බිංදුවක් ගලන සීරීමක්වත් නෑ!
නිදි වැටිච්ච ගමන් මං නැඟිට්ටා කිව්වම මට මතක් වුනේ. ලඟදී ගෙදර ගහපු බල්ටි වලට පස්සෙ, ඒ ගැන යම් ආරක්ෂක ක්රමවේදයක් අනුගමනය කලාද?🙏
Deleteකරමින් ඉන්නවා බකුසුතුමෝ.
Deleteබොහොම හොඳයි. විශේෂයෙන්ම නාන කාමරයේ බිම තියෙන්නෙ ටයිල් නම්.🙏
Deleteහප්පේ මේක සෑහෙන දුර ගිහිල්ලනෙ.
ReplyDeleteබ්ලොගර් කාරය මට රීඩින් ලිස්ට් එකේ මක්කවත් පෙන්නන්නෙ නෑ තාම.
උපාලි කන්නංගර කියන්නෙ මාත් ආසම ගායකයෙක්.
එයා පටංගද්දි තිබ්බ අව්යාජත්වය දිගටම තියා ගත්ත කෙනෙක්.
ආන්න ඒක නෙව. මං ඒත් බැලුව ඔබතුමා පරක්කු ඇයි කියල? අපේ නීතිය කරවන හූරත් එන්න පරක්කු වුනා. ඒකට මොකෑ, ඇවිත් දුන්න කමෙන්ට් දෙවිල්ලක් රම්පෙට පොරි විසික්කා වෙන්න.🤣😋
Deleteබ්ලොගර්ගෙ සින්ඩි අපඩේට් වෙන එක ටිකක් හරි ගියාට, තවම ලෙඩා. අපේ බ්ලොග් රෝල් වල් අප්ඩේට් කරන්න හොරයි.
උපාලි කන්නංගරයන් ගැන ඔබ කිව්ව දේ සමඟ මාත් එකඟයි
කලින් පෝස්ට් එකට කොමෙන්ට් 147 ක්.
ReplyDeleteකාලෙකින් කොමෙන්ට් 100 පන්නපු පෝස්ට් එකක් දැක්කෙ.
මේක පොස්ට් කොටයක්. ඒත් බැරිවෙන එකක් නෑ 100 කිට්ටු කරන්න.🫠
Delete97 වෙනි කොමෙන්ටෙක.
Deleteස්තූතියි.
Deleteඔව් ඉතින් බදුල්ල ඌව පැත්තේ කොල්ලෝ තමා ගේමක් ගහන්නේ කොහෙත්
ReplyDeleteහෑ තමුන්නැහෙටත් ආදීවාසී නෑඳෑකමක්වත් තියෙනවද? 😮
Deleteමේ ඇත්තන්ගේ කැදැල්ල කොයි දේපොළේද? කැලෑ පොජ්ජෙන් මංගච්චපු එක හොඳමයි.😋
අපි ඉතිං බදුලු පුරේ කොල්ලෝ
Deleteහෑ! නිදියත් කියන්නෙ ඔහොමම තමයි දොරේ.😋
Deleteහපුතලේ ඉපදුන එකත් ඇති නේද පොඩි සද්දයක් දාන්න
Deleteයකඩෝ, බලාගෙන ගියාම මේකෙන් බාගයක්ම ඉන්නෙ ඌවෙ වෙල් විදානෙලා කියහංකො.😮🤣😁
Deleteඅපිත් බදුල්ලට ගෑවිලා ගිහින් තියනව යන්තමට වගේ
Deleteහෙහ්, හෙහ් ආදී-වාසී ගමරාළ. 😋🤣😁🫠
Deleteලස්සන කතාවක්:
ReplyDeletehttps://lakshmanillangakoon.blogspot.com/2026/10/blog-post.html
ගියා. බැලුවා. ඇත්තටම ලස්සන කතාවක්. කවියකුත් ලියලයි ආපහු ආවේ.
Deleteබකුසාණන්ගෙ ඔත්තුවකිනි මෙහි ආවේ
හද පිරි සතුටකිනි කතාව කියවූවේ
ඇලදොළ ලන්ද කඳුහෙල් මට සිහි වූවේ
මහත්තයයි ඩිංගිරියයි සතුටින් දිවි ගෙව්වාවේ!
👌
Deleteමම ඉඳල හිටලා බ්ලොග් බලන දවසට මෙලෝ රහක් නැතුව පරණ ඒවා විතරයි .. කලාතුරකින් මාසයක් විතර නොබලා හිටියොත් මෙතන හෙන සිද්දි නේ ..
ReplyDeleteඔය සිංදුවට මාත් ආසයි .. කොමෙන්ට් ටික කියෙව්වම තව පොස්ට් 10ක් කියෙව්වා වගේ ..
ඒක නෙව කියන්නෙ? බ්ලොගර් ලෙඩ වුනා, RSS අප්ඩේට් නොවන ලෙඩක් ආවා. මම කලේ කඩේ ඇරලා එන අයට කිතුල් හකුරු කෑල්ලක් එක්ක කෝපි දීපු එක විතරමයි.😁🫠
DeleteOpen All Hours
ඒක මරු
Delete"We need the mice money" සහ "Come and meet Owlnaby" තමයි හොඳම. ආවොත් මීයා "හබුං" 🤣
Deleteමේ පිංතූරෙ "Open All Hours" ටච් එක තියනවා. පැරණි බ්රිටිෂ් කොමඩි රසිකයො නං ඒ ගැන දන්නවා.
"Open All Hours"
දැන් AI තරමක් ක්රියේටිව් වීගන එනවා. තනිකරම AI ස්ලොප්ම හදලා, බලන එකාට අප්පිරියා නොකර, AI ටූල් එක්ක ලෙස භාවිතා කරනව නං ඒක අවුලක් නැති වේවි කියල හිතනවා.
අංචි අරු අහසේ කෙලිනවා දුටින්
ReplyDeleteපංච මුතු මැණික් බිම වැටෙනවා දුටින්
අංචි පිඩාරන්...
කිංචි බිංචි වැස්සට තෙමෙනවා දුටින්
Deleteලංසි ලියෝ මල් නෙලනවා දුටින්
ඔහොම තමයි ගූගල් ජෙමනායි ගුරුන්නාන්සෙ කිව්වෙ. මේක සිංහල සාහිත්යයේ එන ප්රසිද්ධ තේරවිලි කවියක් කියලා කියපු එක හරි කියලා හිතුනා. "ලංසි ලියෝ" කෑල්ල නං ෂුවර් නෑ අපෙ හාංදුන්නේ.🤔
හ්ම්....ලංසි ලියෝ නේද? 😁.....ඒව "නොකියන" කතා කැටගරියෙ තමා තියෙන්නෙ.🤣
//ලංසි ලියෝ නේද?
Deleteබෝගේ හැටි ජෙමනායි ගුරුන්නාන්සෙ දන්නවා වගේ
ගැලපෙන්න ඔනිදේ දීල තියනවා :-)
අංචි අරු අහසේ කෙලිනවා දුටින්
පංච මුතු මැණික් බිම වැටෙනවා දුටින්
අංචි පිඩාරන් අලයක් අතට ගනින්
පංච ගීත අහපන් සකි වෙලට ගොසින්
අංචි අරු අහසේ තරු නොවෙය්දෝ
පංච මුතු මැණික් ලුණු කැට නොවෙය්දෝ
අංචි පිඩාරන් බත් පිඩි නොවෙය්දෝ
පංච ගීත ඇටිකිත්තා නොවෙය්දෝ
ඕන්න ඉතිං බලාපංකො . මූව දීයා කන්න එපැයි? ඔය දීලා තියෙන්නෙ හරි වර්ෂන් එක.😡💢 🤣
Deleteවත්කමි තිබුණට උඩඟුව හරි නැත
ReplyDeleteබැරිකමි තිබුණට සරදමි යුතු නැත
සැලකිලි තිබුණට සැරවැර හරි නැත
...
Deleteබලය නොමැති කල බලු බල්ලොත් නැත
"ඉවසුමි නැතුවට අන් අය පලි නැත" 🔗
Deleteහරිම පදේ ජෙමනායි හොයා ගෙන අපේ "ඌවෙ පලාත" බ්ලොග් ලින්ක් එකත් දුන්නා.
මට වෙලාවකට AI ගැන මෙහෙමත් හිතෙනවා. අපි AI දිහා වපර ඇහෙන් බලන එකෙන් වැඩක් වෙන්නෙ නෑ කියලා. අපි කොච්චර නැටුවත්, ඕක ඝාතීයව දියුණු වෙන එක නවත්තන්නත් බෑ නෙව? සුද්ද "if you can't beat them join them" කිව්වෙ ඒ නිසා වෙන්නත් ඇති.🤔
@නිදි
Deleteහෙහ්, හෙහ් "බලය නොමැති කල බලු බල්ලොත් නැත" නියම පදේ නිදියො. ඕනම නං මෙහෙමත් කිව්වෑකි නේද?😋
" හිරේ ගියත් මට ගෙදරින් බත එත"
පුළුවනි නේන්නං රජෝ- කමක් නැහැ නේද ඒකට තව පද තුනක් එකතු කළාට.
Deleteහිරේ ගියත් මට ගෙදරින් බත එත
කියන්නෙ කවුරුද- සිරිලිය හිරිකිත
උඩඟුකමින් ඉතිරිලා නැටුව කත
පක්ෂයෙ කෙනෙකුත් නොවෙයිලු මේ කත
කිසිම අවුලක් නෑ. හැබැයි රජෝ නාමල් හාමු ආවොත් අපිට "පාන්දරින් කුකුලා අඞන්නා...අපි තැටිය අරං පෝලිමෙ යන්නා" සබ්බුව තමා.😋
Deleteකල්පෙකට පස්සේ හරි එහෙමත් වෙන්න බැරි නෑ තමයි!
Deleteකඩා පළු වීර කාලා වතුර බොමු
ReplyDeleteමහියංගනේ වැදලා අඬ අඬා යමු
වතුර බොන්න ගංගාවක් ගලන්නා
කැවිලි කන්න කඩ වීදීය තිබෙන්නා
සාදු සාදු මුතියංගනේ පෙනෙන්නා
දිරන තුරු වහල පොල් අත්ත නොබඳිති
ReplyDeleteඉරෙන තුරු රෙද්ද තවෙකක් නොම ගනිති
කෙරෙන තුරු යමක් එහි තරම නොදනිති
මැරෙන තුරු ඉගෙන ගන්න දේ තිබෙති
අම්මපා ඇත්ත!
Deleteමැරෙන තුරු ඉගෙන ගන්නට දේ තිබෙති
උගත් දේ හොරා කන්නට කෙනෙක් නැති
උගැනුම තමයි මට නම් මේ ලොවේ ඇති
ලොකුම ධනය! සීමා මායිම් නොමැති
The morning brings a quiet grace,
DeleteA slower clock, a softer pace.
No grand applause, no heavy crown,
Just steam that rises, settling down
Above a ceramic morning mug,
As comforting as any hug.
The world outside is rushing by,
Beneath a vast, indifferent sky,
But here, a single golden ray
Reaches down to start the day,
Illuminating dust that dances,
A tiny room of second chances.
An autumn leaf that floats to earth,
A line of prose of quiet worth,
The sudden scent of falling rain,
The cooling touch of window pane
These small, forgotten, daily things
Are where the hidden spirit sings.
We chase the loud, the bright, the bold,
And trade our peace for heavy gold,
But joy is found in simpler lines:
In laundry blowing on the vines,
In shared dinners, broken bread,
And pillows where we rest our head.
So let the busy world spin wide,
I’ll stay right here with peace inside,
To count the wealth that freedom brings,
And feast upon the simple things.
මේක ලිව්වෙ ජෙමනායි. 🤔
මේ වගේ පත කොමන්ටු කියවලා ස්ක්රෝල් කර කර උඩට යනකොට තියෙන සැප. කොමන්ටු මොනතරම් දිග වුනත් මෙච්චර සම්මාදමක් දකිද්දි මාරම සතුටුයි. ජය වේවා!
ReplyDeleteටුකුස් ගාල ටොප් එකටම යන්න පුල්වන් ගැජටයක් මම එල්ල ගත්තා, ඕනෑ නම් ගල්මලට ඊයක් විදින්න, මේල් කරතෑකි.
රොම්බ තෑන්ක්ස් ගල්මල්තුමා අදහසට.👌💐🙏
Deleteඇත්ත නෙවන්නම්? කමෙන්ට් ගහේ අග ඉඳලා උඩට බඩගාන එක පුදුම දුකක් තමයි.😁
මම එල්ලුව ගැජට් එක. ඔන්න තියනවා දකුණු පැත්තෙ අග.
අන්න වැඩ :)
Deleteඅම්මපා ඔහෙට කියන්න ගල්මල්තුමා, සොරබොර වැව පැත්තෙ කයි කිව්ව ගමයෙක් ගිය දුර?🤔🤣
Deleteතාම උත්තර බැඳලා ඉවරත් නෑ, අපේ ගැන්සියටම එක් වෙන්න අවස්ථාවක් දුන්නට ස්තූතියි.💐🙏
මේ කොමන්ටු අතර කවි පද නම් මොනතරම් එකතු වෙලා තියේද? මාරම සතුටුයි, නොදන්නා දේවල් ගොඩාක් මතු කරපු පෝස්ට් එක.
ReplyDeleteඔන්න මේක කොටලා, හිතට ආවා ඌවේ ජනවහරින්ම ලිව්වොත් කියලා, Gemini ට කිව්වාම මෙහෙම කියාපි:
Deleteමේ පෝස්ටුවේ කොමෙන්ටු අස්සේ කවි සීපද වැහිවැහැලා... හිතට පුදුම සන්තෝසයක් දැනෙන්නේ. නොදන්නා සේසතක්ම මතුකරපු අපූරු පෝස්ටුවක්.
වැදි ජනවහරින් කෝමැයි ඇහුවාම:
Deleteමේ මංඤං (බොහෝ) කොමෙන්ටු පොජ්ජවල් ඇතුළේ කවි පද රොත්තක්ම තියෙනවා නං. හිතට පුදුම බොටඳක් (සතුටක්) දැනෙනවා. නොදන්න ඇත්තවල් (කරුණු) ගොන්නක් මතුකරපු අපූරු පෝස්ට් පොජ්ජක්.
දකුණේ ගැමි වහරට බරව ලියනවා නම්:
Delete"මේ පෝස්ටුවේ කොමෙන්ටු අස්සේ කවි සීපද වැහිවැහැලා නෙවැ... හිතට පුදුම සන්තෝසයක් දැනෙන්නේ. නොදන්නා කුණුකන්දල් (තොරතුරු/විස්තර) ගොඩාක් එළියට දාපු අපූරු පෝස්ටුවක්."
(මෙහි "බොලං", "නෙවැ" වැනි වචන සහ "කන්දරාවක්" වැනි යෙදුම් දකුණේ කතා බහේදී බහුලව භාවිත වේ.)
ඔබට මෙම අදහස ලංකාවේ වෙනත් පළාතක (උදාහරණයක් ලෙස රජරට හෝ සබරගමුව) ජනවහරින් ලියාගන්න අවශ්යද, නැතහොත් වෙනත් යෙදුමක තේරුමක් දැනගන්න අවශ්යද?
මේකි චැලේන්ජ් කරනවා, අතාරින්නේම නැහැ.
අද කාලේ තියෙන ටෙක්නොලොජිය, මෙතොඩොලොජිය ගැන නම් උපරිමයි. ඒත් මෙච්චර දුරට ට්රේන් කර එකයි අදහාගන්න බැරි, ඒකයි මෙතැන ටාස්ක් එක.
මෙතැන සම්මාදම්/සංවාද හැටිය ට අපිට ඇති ඔප්ෂන් ගැන හයිලයිට් කරන්න කොමන්ටුව පාවිච්චි කරා(ට අමනාපයක් නැතුව ඇති කියලා හොඉතුවා). ලිවීමට විවිධත්වයක් ඇති කරන්න පුලුවන් තරමට ලස්සනයි, රහයි නෙවැ.
ආපහු හැරිලා 80 ගනන් දිහා බැලුවොත්, හීනයක් ද හිතෙන තරම්, ඒත් සුන්දර උන්මාදයක්.
ලඟදී ජෙමනායි "ට්රේනින් ඩේටා" සෙට් එක අප්ඩේට් කරලා පාටයි. 80 ගනන් දිහා ආපහු හැරිලා බැලුවොත් හීනයක්ම තමයි.🫠👌
Deleteමේ මෑතක් වෙනතුරු, ටෙක් කම්පැණි සිංහල වලට දැක්වුවේ කුඩම්මගෙ සැලකිලි. අපට හොඳ tts(text to speech) එකක්වත් නෑ. ගූගල්ගෙ මේ වෙනස ධනාත්මක දෙයක්. ගල්මල්තුමා ඉන්නෙ IT ෆීල්ඩ් එකේ නිසා, ප්රයෝජනවත් දෙයක් දැක්කොත් අපිටත් කියන්න.🙏
tts වලට පලදායී වැඩකටයුතු කෙරීගෙන යනවා, ඉස්සරහට සුබ වේවි. AI වල හැම දේම රැඳී තියෙන්නේ ට්රේනිං කියන Task එකේ, එදා යුනිකෝඩ් දාගන්න තිබුන උනන්දුව ඒ කොටසටත් ලැබුණොත් ගොඩ. ඒ කාලේ රොක්ව තිබුණ තරුණ ජවය, කැපවීම අද වැඩිහිටි නෙවැ.
Deleteඅතුල අපිට සීනියර්, දක්ෂ ක්රිකටර් කෙනෙක්.
සතුටුයි දකුණේ කිව්වාම. මම කුරුළු ඇහෙන් දකින්න කැමැතියි දූපතම.
දකුණට අපෙත් නෑඳැකම් තියනවා. වසරකට වරක් දකුණේ ගෙවුන සුන්දර ලමා වියක් මටත් තිබුනා.
Deleteඩොංගා, ජම්බු, පිනි ජම්බු කමින් දවසම නටපු අපට දවල් බතට කැරෑන්කොකුත් ලැබුනා. මහ ගේ තිබ්බ කඳු ගැටේ පහලින් ඇලක් ගලාගෙන ගියා. අපි යන්නෙම ඇලේ පනින්න. ඔය ඇල කණ්ඩි ගුල්වල ඉන්නවා කාවයියො, හරියට පණ හයියයි. කනටත් විදගෙනයි පනින්නෙ. තව තිබ්බා මොනවද වැල් ගොන්නකින් හදාපු උගුල් ඇලේ හිල්ලලා. ඕවයෙ ඉන්නවා ඉස්සො. තව කක්කුට්ටොත් හිටියා. හිච්චි එකෝ මෙහෙවර කියලා, ලොකු තාත්තා අපව අරං යනවා ඇලට "කක්කා පැත්ත" හෝදන්න.
ඒත් වතාවක් මගේ රූමා බලපිටියෙ සෑනා මෙහෙම කිව්වා" අනේ පලයං බස්සො යන්න. බොලා දන්න. ඉස්සො. එලිස්සා, කලිස්සා ...ඔහොම දිගටම කිව්වෙ නැතෙයි නම් වැලක්ම...."
ඒත් ජෙමනායි නඟාට තාම දකුණ ගැන තියෙන්නෙ ඩේටා "හිච්චයි" කියලයි හිතෙන්නේ. මක්කා කොරන්නද ඇහක් විදිහට නෙව ඒ ලමිස්සිත් දොඩන්නෙ? වතාවක් පොල් ඔයන්න ගිහිල්ලා මාව "හින්නො" කෑව. මේ අපිත් දකුණේ තමයි, හරිය?😋
ඩවුන්-අන්ඩර් දේසෙ කැංගරුවන්ට පයින් ගහපු ඔරිමජිනල් දකුණේ කකුලක්:
අයිස් මෝල හන්දියේ අතුලයා
අහා! tts වලට පලදායී වැඩකටයුතු කෙරීගෙන යනවා කියන එකම සුභාරංචියක්. හම්මේ ඒ යුනිකෝඩ් යුගේ. සින්ඩියකට තිබ්බෙ Indi Samarajivaගෙ Kottu.org විතරයි. තව හිටියා "ඩොනල්ඩ්" කියලා ගොයියෙක්, සිංහල යුනිකෝඩ් වලට පෙරලුවෙම බාල්දි.
Deleteගල්මල්තුමා දන්නවද මන්දා දැන් Kottu.org නෑ. මතකය විතරක් තියනවා. ඉස්සර ඕකෙ වැඩිහරියක් හිටියෙ කොළඹ එලීට් ගැන්සිය. පන්තිය "එලීට්" වුනාට බැන ගන්නවා පස් පඩංගුවේ. හැබැයි බැන ගත්තෙ ඉංගිරිසියෙන්. මාත් වෙලාව බලලා මගේ කඩ්ඩ පොලිෂ් කරගත්තා.😋
අපි ඉතිං ඩොටේ හැදිච්ච එව්වො නෙව? නිව්ඩාවෙයි-කැනඩාවෙයි වෙනසක් දැණන් හිටියෙ නෑ.
මේක මේ ජෙමිනායි මගුලක් කියනවට . ගල් මල් තුමත් මම වගේ ජෙමිනි කියන එකට මනාපයි . මට අපේ යාළුවෙක් ගේ දුවෙක් හිනා වුනා ජෙමිනයි කියල කියන්නේ අන්කල් කියල . මම කිව්වා මම ඔය ඇමෙරිකන් කරයි සුද්දෝ නම් වෙනස් කරන ඒවා පිලි ගන්නේ නැහැ කියල . කොහේද යකෝ ජෙමිනායි මගුලක් . මම ජෙමිනි නංගි ගෙන් ඇහුව . එයත් කීව ඔව් එහම තමා කියන්නේ කියල . මම කිව්වා ඒක වරදයි අනාදිමත් කාලයක් ඉඳන් හරි නම ජෙමිනි . ඕන පොතක් බලන්න කියල . මෙන්නටිකකින් ජෙමිනි නංගි කියන - ඕව ඔබ හරි . ජෙමිනි තමා හරි විධිහ කියල . ඕනේ නම් අහල බලන්න . , හැබැයි ටිකක් බනින්න ඕනේ . 😃මම ඒ පිළිතුරැ තියා ගත්ත හොයා ගන්න බැහැ
Deleteඕක ඉන්න රට අනුව වෙනස් වෙනවා කියන එකයි මගේ අදහස. මුලදී ෂෙෆ්, රවුටර්, ෂ්කෙඩූල්, ඇලුමිනම් වගේ ඒවා " රැජිනගෙ " ක්රමේට කියන්න ගිහින්, මුන් මා දිහා බැලුවෙ අමුතු සතෙක් දිහා බලනව වගෙයි.
Deleteදේසේ හැටියට බාසේ කලොත් නේද සන්තෝසේ
මම දන්න තරමින් "ජෙමිනි" අපේ ඉන්පුට් "ට්රේනින් ඩෙටා" විදිහට ගන්නෙ නෑ. ඒක අපේ චැට් එකට විතරක් ලෝකල් කියලයි කියන්නෙ. අපි වැරදියි කිව්වම, වටයක් කැරකිලා, ඉන්ටනෙට් එකෙන් ඊට සමාන එකක් හොයාගෙන " හා, ඔයා හරි" කියනවා. ආයෙත් සෙෂන් එක රීසෙට් වුනාම පරණ තැනට යනවලු.
source: Can AI predict the future?
Gemini ලමිස්සි, ඒක ලස්සනයි වගේම හරබරයි.
DeleteGemini නම, ජෙමිනායි කියන උච්චාරණය හරි වෙන්න ඕනේ. නම හැදෙන්නේ දෙමුහුමකින් කියලා මුල්කාලේ කියවලා තිබුනා මතකයි.
බ්ලූටූත් ආවේ දෙදාහ කාලෙදි වුනාට නිල්දතාට නම ලැබෙන්නේ 1997දී, තාක්ෂණය ඊටත් පරණයි. TV වලට රිමෝට් කොන්රෝල් එන්නේ 1980 ගනන් වල, ඒත් වයිට් රේස් කියන තාක්ෂණය හඳුන්වා දෙන්නේ 1955 දි. ඒ වගේ AI ගැන පර්යෙෂණ කටයුතු 2012 කාලේ ඉඳන් වෙනස් මානයකට හැරුනත්, තාක්ෂණය ගැන කියවෙන්නේ 1950 ගනන් වල ඉඳන්. ගූගලයා ෆීල්ඩ් එකට බැස්සේ මුල්ම කාලේ.
Gemini කියන්නේ ලතින් බසින් Twin/නිවුන් කියන එක. AI තාක්ෂණයේ මුල්පෙලේ පර්යේෂණ කටයුතුවල ලොකු කාරියක් කරා ගූගල් සමාගම. ඔවුන්ගේ Google Brain, DeepMind කියන කණ්ඩායම් දෙකක් ඊට දායක වුනා. පසුව ඒ දෙකම ඒකාබද්ධ කරලා තාක්ෂණික පැත්තෙන් ලොකු වෙනසක් ටාගට් කරා වගේ ප්රගතියක් ලැබුවා, නව කණ්ඩායම Google DeepMind හැටියට ඉදිරියට ගියා. ඒ බද්දය නිසා Gemini නම ගත් හැටියටයි ප්රසිද්ධ.
මගේ පුද්ගලික අදහස Google Brain වලින් G, DeepMind වලින් MIN අරන් Eයෙන් යාකර AI GeMin(A)I ජෙමිනායි වුනාවත් ද?
කවදත් Whats in the name කියන එක කියන/නොකියවෙන කුතුහලයක්. ඒක තමයි නමක බියුටිය.
ගල්මල්තුමාගෙ මේ අපූරු විස්තරේ නිසා දැන් මට තියනවා සුමානෙකට වැඩ ඔය විස්තර හොයන්න.👌
Deleteමාගලක් එලල දියේ ගහගෙන ගියා වගේ දැනුනා, දෙපාරක්ම ලියන්න වුනා නෙවැ.
ReplyDeleteහෙහ්,හෙහ් සහතික ඇත්ත. මම මගේ වැලිව්-ඇඩඩ් නැති කමෙන්ට්, අගට තිබ්බ මගේ කෙටි රිප්ලයි කමෙන්ට් සහ ප්රමෝෂනල් කමෙන්ට් ඔක්කොම අයින් කලා. ඒත් පුදන්න බැරි වේ ගනයි එන්නෙ.
Deleteඅවුල තියෙන්නෙ මෙතන තියෙන්නෙ වැරදිලා හැදිච්ච අයිඩියල් වේදිකාවක්. ඒක නිකං අර "වන් හිට් වන්ඩර්" කැටගරියෙ එකක්. ආයෙ ඒක ප්රතිනිර්මාණය කරන්න ඇහැකිද මට විස්වාස නෑ. එන අයට සැපපහසු තැනක් වෙන්නත් ඕනෙ, බෝරිං වෙන්නත් බෑ, TD:LR" (Too Long; Didn't Read) වෙන්නත් බෑ, හරියම හරි මාත්තුවට උත්ප්රේරකය ලැබෙන්නත් ඕනෙ. උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බෑ. 😵💫🤔