Open-Source. ෆ්‍රී , පෝටබල් 64bit වර්ෂන් තියනවා. ගත්තෙ පෝටබල් වර්ෂන් නිසා ඉන්ස්ටෝල් කිරීමක් නෑ. මම පොටෝෂොප්, PDF සහ Word ක්ලෝන් ඇප් ටික ගත්තා. තව ඕන අයට වීඩියෝ එඩිටින්, ඩෙස්ක්ටොප් පබ්ලිෂින්, ඇනිමේෂන් සහ CAD ඇප් එහෙමත් තියනවා.
හරිම සැහැල්ලු ඇප් ටික. ලෝඩ් වෙනවා පට ගාලා.
![]() | ||||
| PhotoCraft |
(ඡායාරූප නැනෝ බනානා සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)








👍👍👍👍
ReplyDeleteකැමති ඕනම මාතෘකාවක් කතා කලැකි. පෝස්ට් එකට අදාල වෙන්න අවශ්‍ය නෑ.
Deleteඉතාම හොඳ ඔත්තුවක්නේ මේක! දැන් ඉතින් මේකට කර්තෘභාගය ගෙවන්න ඕනේ ඔබතුමාටද? හා හා හා! 😂
ReplyDeleteඇත්තටම හොඳයි. පොඩි පොඩි වැඩ කරගන්න උදව් වෙන හොඳ සොෆ්ට්වෙයාර් ටිකක් තියෙනවානේ. 😄
දන්න අයට ලොකු, ලොකු වැඩ උනත් කර ගත්තෑකි. ඒත් මට නං ඕන වෙන්නෙ සිල්ලර වැඩට.
Deleteකර්තෘභාගය කෙසේ වෙතත් මෙහෙම කතාවක් තියනවා"දෙන්නෙ නොමිලේ නං විකුණන භාණ්ඩය ඔබයි" . මෙතනත් මොනවා හරි විකුණනව ඇති. ප්‍රෝ වර්ෂන් එක, ඔන්-ලයින් වර්ෂන් එකේදී කස්ටමර් ඩේටා වගේ ඒවා. ඒත් මේ පෝටබල් වර්ෂන් එක බාගත්තොත් ඒ අවුලත් නෑ.
මල්ලි පෝටබල් ලැට් එකක් රැගෙන යන්න
ReplyDeleteහා!මචං . තෑන්ක්ස් මතක් කලාට. ඔය සෑහෙන කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ සාන්ත? 🤔😮
Deleteගෝලීප් එකක් ගහලා ටින්නෙකෙක් බොමුද, මල්ලියා?
Word craft වලින් සිංහල ටයිපිනීම දෝශ සහිතය. කොම්බුව ටයිපිනිය නොහැක
ReplyDeleteබැඳි අකුරු නොපෙන්වයි
ඔබ හරි. සිංහල සෑහෙන්න අවුල්. ඊලඟ අප්ඩේට් එකේ බලමු නේද? නිකං දෙන එක නොවැ? හොඳ වෙලාවට onlyOffice සහ EasyOffice දෙකම තාම තියනව මං ගාව.
DeleteDiablo 3 කලෝනයක් තිබුනිනම් මැනවි
ReplyDeleteමේක වීඩියෝ ගේම් එකක් නේද? ගේම් එකක ක්ලෝන් එකක් කියන්නෙ, එයට සමාන අනිත් ගේම් ද?
Deleteඑය කෙලීමට සමාගමේ වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. හොර කොපි වැඩ නොකරයි
DeleteDiablo 2 නම් ගැටලුවක් නැත
මේ ගැන දැනීමක් නෑ, විස්තර ලැබුනොත් අපටත් කියන්න.🙏
Deleteදැන්ම මොකුත් කියන්නෙ නෑ
ReplyDeleteකියන්න මං දන්නෙත් නෑ
ඒත් මොකද කියවනවා
ඒකේ ඇති වරදක් නෑ!
නිදියගෙ බ්ලොගේ හරියට අපෙ ගෙදර වගේ
Deleteඋපදෙස්, රැසිපි දෙනකොට අපෙ අම්ම වගේ
ලියන අප්පුලා ලොකු අයියලා වගේ
ඉඳහිට ඇවිත් යති මී මල්ලිලා මගේ
-පතල් කවි ඇසුරිනි-
සමාවෙන්න මේ වර්ගයේ පෝස්ට් වලට නිදි අකමැති බව දන්නවා.
නිදි කැමති මාතෘකාවක් කතා කරන්න තහනමක් නෑ.
කමක් නෑ බකුසුතුමෝ. මං නොදන්නා විෂයක් ගැන ලියවෙන දෙයක් වුණත් මං කියවනවා- ටිකක් හරි දැනගන්න හිතාගෙන.
Deleteවැදගත්ම දේ මේවායින් ප්‍රයෝජන ගන්න ගොඩ දෙනෙක් ඉන්නවනේ. ඒකම කොච්චර හොඳයිද?
ඒක නෙවෙයි මහත්තයෝ, 'නිදියගෙ බ්ලොගේ...' කවිය නියමයි!
Deleteලය නොබිඳෙන විදිහට මාත්‍රා ගණන් හරියටම දැක්වෙන විදිහට අකුරු කරලා තියෙනවා පරෙස්සමින්... දීර්ඝයන් හා හල් කිරීම් ගැනත් ඉතා සැලකිල්ලෙන්.
ඒ ගැන හරිම සතුටුයි!!!
මේවා රී-කන්ඩිෂන් පතල් කවි නිදියො. ඒත් සතුටුයි ඔබේ උපදෙසට.🙏
Deleteඅපි උඹැහෙට සලකනවා මඳි ලොකු අයියෙ. 💐
//හරිම සැහැල්ලු ඇප් ටික. ලෝඩ් වෙනවා පට ගාලා// - හුම්. වයිරස් එන්ට පුලුහං නෙ.
ReplyDeleteඔය විදිහට පාවිච්චියේදී හා ක්‍රැක් වලදී පොටෝ සොප්වල ජෙනරේටිව් ෆිල් නැති එක පාඩුවක්. ඒත් සබ්ස්ක්‍රිප්සන් වියදම්කාරී. මුකුත්ම නැතිවට වඩා මෙහෙම හොඳා නෙව 😄
"වයිරස් එන්ට පුලුහං නෙ" කතාව පැහැදිලි නෑ. ජෙනරේටිව් ෆිල් නැති එක පාඩුවක් තමයි. ඉදිරි අපේඩේට් වලදී ඒවි කියලා හිතමු.
Deleteදැන් Affinity Photo ප්‍රී දෙනවා
https://www.affinity.studio/get-affinity
තව GIMP, Krita එහෙම මුල ඉඳලම නිකං දුන්නෙ. මේවා මාරයි. එකම අවුල, පොටෝසොප් පුරුදු කෙනෙකුට ටිකක් විතර අවුලක් වෙන එකයි
PhotoCraft: A brand new, ultra-lightweight, open-source clone built in Rust that specifically copies the Photoshop UI layout, toolset, and keyboard shortcuts.
• Pros: Opens multi-layer PSD files completely locally, runs natively on Linux/Windows/Mac, and bypasses heavy cloud frameworks.
• Cons: Currently in an advanced alpha stage, meaning you will encounter bugs and janky performance.
සබ්ස්ක්‍රිප්සන් ගේම් එක තමයි Adobe එපා කෙරෙව්වෙ. ඒත් Adobe තමයි පොටොසොප්, pdf ප්‍රවීණයා. මේ වගේ "ක්ලෝන්" වල වටිනාකම එන්නෙ ඒ නිසයි.
Deleteසමහර වෙලාවට ලොග් වෙන්න ඕනෙ නැති, ඉක්මනට ලෝඩ් වෙන ඇප් එකකුත් ඕන වෙනවා.
වින්ඩෝස් පේන්ට් වලත් දැන් ජෙනරේටිව් ෆිල් තියනව නේද?
මේ ඇප් එකේ බිල්ට්-ඉන් නෑ. ජෙනරේටිව් ෆිල් තියෙන්නෙ මෙතන වෙබ් ඇප් එකක් විදිහට:
https://aiphotocraft.com/apps/generative-fill
ඔන්-ලයින් , නෝ ෆස් ඇප් එකක් විදිහට photopea ත් අවුලක් නෑ. ලොග් වෙන්න කියලවත් කියන් නෑ. psd සහ තව ෆෝමැට් සපෝර්ට් කරනවා. ඒත් කොහෙන් හරි , කොණක් කපලත් ඇති නේද?😋
Photopea calls its generative fill feature "Magic Replace,"
https://www.photopea.com/
සිංදුව... පොස්ටුවට ගැලපෙනව 😂😂
ReplyDeleteකලින් අහල තිවනෙ නෑ. ලස්සන ගීයක්. නැතිබැරි කම එක්ක මතුකෙරුණු සියුම් උපහාසය!!
බුකියෙන් හොයාගත්ත පද පෙළ -
ඉඳිගහ යට වාඩි වෙලා විකුණාලා වතුර කනක්කු
අරාබියේ මරු කතරේ මඟියන් ගේ පවස වැළැක්කූ
ඔටුවන් පිට පටවාලා පුරවා හිස් බඳුන් අඩුක්කු
ඉන්නාරී මං ආවා නුඹ තවමත් මොකද පරක්කු
මහ වැලි කඳු උඩ යන්නම් කුණාටු ගෙරවිලි මැද්දේ
ඇහුණ ද නන්නත්තාරේ ඇවිදින හුළඟේ සද්දේ
ජබාර් ඛාන් කුමාරයා ඔටුවකු පිට උඩ නැඟිලා
නුඹව පතා සහරාවෙන් එන බව ඉන් පවසනවා
ඉඳිගහ යට වාඩි වෙලා ..
ඔටුවන් දක්කන්නෙකු වූ මං නුඹ වාගෙ ම දුප්පත්
ජබාර් ඛාන් කුමරුන්ගෙයි මේ මුළු කතරෙම උල්පත්
රජ ඉසුරට වසඟ වෙලා නුඹ යාවි ද මං හැර දා
ඉන්නාරී අද පමණක් කිමදෝ ඉන්නේ පිටුපා
ඉඳිගහ යට වාඩි වෙලා ..
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
පදවැල : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : උපේන්ද්‍ර ප්‍රනාන්දු
සිංදුව... පොස්ටුවට ගැලපෙනව 😂😂//😋😁
Deleteඇයි අර "විකුණාලා" කියන්නෙ. අපි හැමෝම කරන්නෙ මොනවා හරි විකුණන එක නෙව? හා, නැහ්ද?
ක්ලැරන්ස්ව වික්කා, මිල්ටන්ව වික්කා. ඉතිං මාත් බැලුවෙ ප්රෙඩියව විකුණගන්න.🤔😋🤣
ප්‍රේමකීර්ති නෙව ලියල තියෙන්නෙ, ආයෙ මොනවද? ෆ්රෙඩීම කියන "පාන්කිරිත්තා" ගැනත් වෙනම කතාවක් තියනවා. මේ සිංදුවෙ ඉන්න සංගීතයඥයා හොඳ ජොබ් එකක් කරලා තියනවා කියලයි මට හිතෙන්නෙ( කතෘ බාගෙ දුන්න දන්නෙත් නෑ). අරාබි ගීතත් ඒ හැටි කර්කෂ නෑ, දුක්මුසුයි.
Ya Rayeh Wain Msafer
බස්සත් ඉඳිගහ යට ඉඳල තියනවා. ඔටුවො හම්බවෙලත් තියනවා. කින්නාරීලාගෙ ඇස් විතරයි පේන්නෙ. පේනව නේද ඒවට පුළුවන් මිනී මරන්න.😋
හප්පා ඒක එහෙම් පිටින්ම මඟුල් සක්වලක් නමියො. රස-මසවුළු, අව-කෙලි, කන්-සැප ඔක්කොම තියනවා. වැඩි කල් හිටියොත් ඒ ජීවිතේට ඇබ්බැහි වෙලා, අනාත වෙනවා. පණන් හතරක් හොයාගෙන, සුරුස්.... තමා ක්‍රමවේදය.
ඉඳි ගහ යට ගීතය ෆ්‍රෙඩී සිල්වා ගයා තිබෙන සීරියස්ම විරහ ගීයක් විදිහටයි මං දකින්නෙ. මේ විදිහේ වෙන ගීත එකක්වත් ෆ්‍රෙඩී ගයලා නැහැ නේද?
Deleteඕව් ඔබ හරි කියල මටත් හිතෙනවා. ෆ්‍රෙඩී ප්‍රසිද්ධ වුනේ විකට ශිල්පියෙක්, ගායකයෙක් ලෙසයි. මේ ගීතයේ මොකක්දෝ දුක්බර ගතියක් තියනවා තමයි.
Deleteඔත්තුවයි, විස්තරෙයි වටිනවා, බොහෝම ස්තුතියි.
ReplyDeleteඔබතුමාටත් ස්තූතියි, අපට දැණුම බෙදා දෙනවට.👌
Deleteමට තාමත් Adobe InDesign එකට හරියන Software එකක් හම්බුන්නෑ නෙව. ඒක නිසා ඉතින් දුක සේ cracked CC version එකක් දාන් දුවනවා. ඒකත් එක්කම ලැබුන හන්දා Photoshop CC එකත් දාන් දුවනවා. හරිහමන් Offline PDF Creator software එකක් ලැබුන දාට ඔය දෙක අයින් කරලා දානවා.
ReplyDeleteඋඹැහෙ හරිහමන් Photoshop විකල්පයක් හෙව්ව බව මට දන්නවා. ඒත් මම හෙවී Photoshop යූසර් කෙනෙක් නොවන නිසා, මගේ අනුමාන හැමදාම වරදිනවා.දැනට මේකයි Canva Affinity Photo එකයි තමා මම දන්නෙ. photopea වරදක් නෑ, ඒත් වෙබ් බේස්ඩ්.
Deleteබොලා වගේ Photoshop සැරච පාවිච්චි කරන අයට මේවායේ අවුල් පේනවා ඇති. ඒත් මේ යන ට්‍රෙන්ඩ් එක හොඳයි ඕපන්-සෝස් එකේ. Adobe ත් ඩාර්ක්-ස්යිඩ් එකට ජොයින්ට් වුනා නෙව? 😕🙁
ගල්මල් තුමයි, උඹයි ලාහෙට දාන ගෙම්බො වගේ. එකෙක් එන කොට අනික පනිනවා.😋🤣😁
Delete// බොලා වගේ Photoshop සැරච පාවිච්චි කරන අයට //
Deleteඈ.. මං Photoshop සැරට පාවිච්චි කරන්නෙ නෑ ගොයියො. සමහර වෙලාවට මට උවමනා කරන වැඩේ MS Paint එකෙනුත් කරගන්ට පුළුවන්. මං කිවුවෙ InDesign එකට හරියන open source PDF creation software එකක් තාම ලැබුනෙ නෑ, ඒක ලැබුනොත් InDesign එකයි Photoshop දෙකම අහක් කරලා දානවා කියලයි.
දැනට නෑ කියලයි කියන්නෙ. තියන ඒව inD එකෙන් 10% විතර තමයි කියනවා.
Deleteමෙතන තියනවා DesignCraft කියල එකක් ඩෙස්ක්ටොප් පබ්ලිෂින් වලට. මම පිංතූරෙකුත් දැම්මා. ඒකෙ තියනවා export to pdf, epub සහ තවත් ෆෝමැට්. තාම මේවා බගී කියලයි කියන්නෙ. ඒත් ට්‍රයි කරලා බලන්න වටින්නෙ නැහ්ද?🤔
බලමු බලමු.
ReplyDeleteපේන විදිහට තාම ප්‍රශ්ණ තියනවා කියල තමා කියන්නෙ. ඒ නිසා මෙතෙක් භාවිතා කල ඒවත් තියා ගන්න.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteගමයාගෙන් තමයි අහන්න ඕනෙ? මූදෙ නාන කතාවක් නේද කිව්වෙ?🤔😁
DeleteDELL නගා නාන්නෙත් ලිඳෙන්ද?
ReplyDeleteහුටා ආතර්ට සිංහල තේරෙනවද මන්දා? ජෙමනායි ලමිස්සි කියල දෙයි නේද?🫠
Deleteඔහෙට කියන්න සෑර් , මැලියංතුමා මට පස්පඩංගුවෙ බැන්නා. ජෙමනායි නෙමෙයි ජෙමිනි කියහං කිව්වා. ඉස්සර අපේ ගම් තුලානෙ තිබ්බා පිචෑර් හෝල් එකක් "ජයමිනි" කියලා නං.🤔
බ්‍රිටිශ් විදිහට ජෙමිනි සහ ජෙමනායි දෙකම පුලුවන් මං හිතන්නෙ.
Deleteඒත් ඉතිං අකමැත්තෙන් හරි කැනේඩියන්ස්ලා වැඩියෙන් කියන්නෙ ඇමරිකන් ජෙමනායි තමයි.
බැනුන් අහන එකෙන් බේරෙන්න කුබෙක් ගිහිල්ලා ජේමිනී කියන්න ඒක ජයමිනිට ලඟයි.
Disclaimer - මැලියං වලි මිනියකින් කෙලවර වන සුලුයි.
While "JEM-in-eye" is what you will hear most Canadians say, you may occasionally encounter two other variations depending on the context:
• "JEM-in-ee" (rhyming with knee): This is a secondary historical pronunciation. In particular, it is heavily associated with the 1960s NASA space program (Project Gemini), where officials and astronauts intentionally used "JEM-in-ee" (or "Jiminy"). Some older Canadians or space history enthusiasts might still use this version.
• French Canadian Pronunciation: In French-speaking regions like Quebec, the French pronunciation of Gémeaux (for the zodiac/constellation) is standard. However, when referencing the Google AI app in French, it is typically pronounced as "JAY-mee-nee" or with a standard French accentuation of the English product name.
//මැලියං වලි මිනියකින් කෙලවර වන සුලුයි//
Deleteහා, හා උපාසක එහෙම කියන්න එපා. දැන් එතුමා පට්ට කූල්. වෙනදා එකෙක් දෙන්නෙක් වැලිගම් පිටි යන්න ඕනෙ සාකච්චාවක් මේක:
https://maiyyagelokaya.blogspot.com/2026/10/blog-post_09.html?showComment=1791571633842#c4662945246425098350
Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
Deleteජෙමනායි නගේ, උඹ නිසා දවසක මා නැතේ:
DeleteThe real meaning of "Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm" depends entirely on the context of your conversation, but it is essentially a highly exaggerated visual representation of someone pausing to think, hesitating, or reacting with deep suspicion.
Because the letter "m" is extended so dramatically, it amplifies the emotion behind a standard "hmm." Here are the most common meanings:
• Extreme Suspicion or Skepticism: The person heavily doubts what you just said. It is the digital equivalent of squinting one's eyes, tilting one's head, and looking at you sideways.
• Deep, Intense Thinking: They are facing a very difficult decision or trying to solve a complex problem, and they genuinely don't know the answer yet.
• The "I Don't Know How to Say No" Pause: They want to disagree, decline an invite, or point out a flaw in your plan, but they are dragging out the "hmm" to soften the blow or buy time to phrase their response politely.
• Sarcasm or Playful Mocking: If sent in response to something obvious or a funny mistake, it’s a way of teasing you without using words.
If you want to decode it exactly, tell me:
• What was said right before they sent that message? හා, හා උපාසක එහෙම කියන්න එපා.
• What is your relationship with this person? Err...a friend. Long-distant and complicated
mmmmmh
Deleteඒකට කිව්වෙ "එකඟයි" වගේ එකක්. හරිද? හරි නං කමින් කලර්ස් නෝ......ඕ ගුඩ්.😮😵💫🤔
Deletemmmmmm
Deleteවීඩියෝ එකක් හදන්න බලන්න ඕනේ , චලන රූප නැතුවනේ දැනට මම වීඩියෝ හදලා දැම්මේ , ටන්කුයි , මෙන්න කතෘට බාගයක් (ජින් )
ReplyDeleteමේ වීඩියෝ එක බලලා, ඇප් එක බාගන්න. ඔබේ වැඩේට ගැලපෙනවා කියල හිතෙනවා. මමත් අත්හදා බැලුවෙ නෑ. තාම අලුත් නිසා, බග්ස් ඇති. ඒත් වටිනවා.
Deleteඩිමෝ වීඩියෝව https://www.youtube.com/watch?v=kzvQMdg66Go
ඇප් එක මෙතනින්: https://github.com/storytold/artcraft/releases/tag/artcraft-v0.41.0
කතෘට බාගෙට ජින් එපා පොල් බාගයක් නං හා!😋