Oct 12, 2026

පොටෝෂොප්, PDF සහ Word විකල්ප

මෙන්න පේජ් එක:

ArtCraft · GitHub

Open-Source. ෆ්‍රී , පෝටබල් 64bit  වර්ෂන් තියනවා.  ගත්තෙ පෝටබල් වර්ෂන් නිසා ඉන්ස්ටෝල් කිරීමක් නෑ. මම පොටෝෂොප්, PDF සහ Word  ක්ලෝන් ඇප් ටික ගත්තා. තව ඕන අයට වීඩියෝ එඩිටින්, ඩෙස්ක්ටොප් පබ්ලිෂින්, ඇනිමේෂන් සහ CAD ඇප් එහෙමත් තියනවා. 

හරිම සැහැල්ලු ඇප් ටික. ලෝඩ් වෙනවා පට ගාලා. 


Word

PhotoCraft


PDF
DesignCraft


 
දෙල් නඟාට කවි කියන්න යන තරුණ ගමයා




(ඡායාරූප නැනෝ බනානා සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

85 comments:

  1. Replies
    1. කැමති ඕනම මාතෘකාවක් කතා කලැකි. පෝස්ට් එකට අදාල වෙන්න අවශ්‍ය නෑ.

      Delete
  2. ඉතාම හොඳ ඔත්තුවක්නේ මේක! දැන් ඉතින් මේකට කර්තෘභාගය ගෙවන්න ඕනේ ඔබතුමාටද? හා හා හා! 😂

    ඇත්තටම හොඳයි. පොඩි පොඩි වැඩ කරගන්න උදව් වෙන හොඳ සොෆ්ට්වෙයාර් ටිකක් තියෙනවානේ. 😄

    ReplyDelete
    Replies
    1. දන්න අයට ලොකු, ලොකු වැඩ උනත් කර ගත්තෑකි. ඒත් මට නං ඕන වෙන්නෙ සිල්ලර වැඩට.
      කර්තෘභාගය කෙසේ වෙතත් මෙහෙම කතාවක් තියනවා"දෙන්නෙ නොමිලේ නං විකුණන භාණ්ඩය ඔබයි" . මෙතනත් මොනවා හරි විකුණනව ඇති. ප්‍රෝ වර්ෂන් එක, ඔන්-ලයින් වර්ෂන් එකේදී කස්ටමර් ඩේටා වගේ ඒවා. ඒත් මේ පෝටබල් වර්ෂන් එක බාගත්තොත් ඒ අවුලත් නෑ.

      Delete
  3. මල්ලි පෝටබල් ලැට් එකක් රැගෙන යන්න

    ReplyDelete
    Replies
    1. හා!මචං . තෑන්ක්ස් මතක් කලාට. ඔය සෑහෙන කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ සාන්ත? 🤔😮
      ගෝලීප් එකක් ගහලා ටින්නෙකෙක් බොමුද, මල්ලියා?

      Delete
  4. Word craft වලින් සිංහල ටයිපිනීම දෝශ සහිතය. කොම්බුව ටයිපිනිය නොහැක
    බැඳි අකුරු නොපෙන්වයි

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. සිංහල සෑහෙන්න අවුල්. ඊලඟ අප්ඩේට් එකේ බලමු නේද? නිකං දෙන එක නොවැ? හොඳ වෙලාවට onlyOffice සහ EasyOffice දෙකම තාම තියනව මං ගාව.

      Delete
  5. Diablo 3 කලෝනයක් තිබුනිනම් මැනවි

    ReplyDelete
    Replies
    1. මේක වීඩියෝ ගේම් එකක් නේද? ගේම් එකක ක්ලෝන් එකක් කියන්නෙ, එයට සමාන අනිත් ගේම් ද?

      Delete
    2. එය කෙලීමට සමාගමේ වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. හොර කොපි වැඩ නොකරයි
      Diablo 2 නම් ගැටලුවක් නැත

      Delete
    3. මේ ගැන දැනීමක් නෑ, විස්තර ලැබුනොත් අපටත් කියන්න.🙏

      Delete
  6. දැන්ම මොකුත් කියන්නෙ නෑ
    කියන්න මං දන්නෙත් නෑ
    ඒත් මොකද කියවනවා
    ඒකේ ඇති වරදක් නෑ!

    ReplyDelete
    Replies
    1. නිදියගෙ බ්ලොගේ හරියට අපෙ ගෙදර වගේ
      උපදෙස්, රැසිපි දෙනකොට අපෙ අම්ම වගේ
      ලියන අප්පුලා ලොකු අයියලා වගේ
      ඉඳහිට ඇවිත් යති මී මල්ලිලා මගේ

      -පතල් කවි ඇසුරිනි-

      සමාවෙන්න මේ වර්ගයේ පෝස්ට් වලට නිදි අකමැති බව දන්නවා.
      නිදි කැමති මාතෘකාවක් කතා කරන්න තහනමක් නෑ.

      Delete
    2. කමක් නෑ බකුසුතුමෝ. මං නොදන්නා විෂයක් ගැන ලියවෙන දෙයක් වුණත් මං කියවනවා- ටිකක් හරි දැනගන්න හිතාගෙන.
      වැදගත්ම දේ මේවායින් ප්‍රයෝජන ගන්න ගොඩ දෙනෙක් ඉන්නවනේ. ඒකම කොච්චර හොඳයිද?

      Delete
    3. ඒක නෙවෙයි මහත්තයෝ, 'නිදියගෙ බ්ලොගේ...' කවිය නියමයි!
      ලය නොබිඳෙන විදිහට මාත්‍රා ගණන් හරියටම දැක්වෙන විදිහට අකුරු කරලා තියෙනවා පරෙස්සමින්... දීර්ඝයන් හා හල් කිරීම් ගැනත් ඉතා සැලකිල්ලෙන්.

      ඒ ගැන හරිම සතුටුයි!!!

      Delete
    4. මේවා රී-කන්ඩිෂන් පතල් කවි නිදියො. ඒත් සතුටුයි ඔබේ උපදෙසට.🙏
      අපි උඹැහෙට සලකනවා මඳි ලොකු අයියෙ. 💐

      Delete
    5. අම්මපා?
      බස්සා මහත්තයෝ- මං දන්නා දෙයක් තියෙනව නං ඒකෙ ගෞරවයෙන් 3/4 ක්ම අයිති පත්තරවලට- පොත් පත් සඟරාවලට හා අන්තර්ජාලයටයි. (ඒවාට දැනුමැති ලිපි- විශේෂාංග සැපයු හැමට පිං!)

      ගෞරවයෙන් ඉතිරි හතරෙන් එකෙන් 3/4 ඉස්කොලේටයි, ජපුර විශ්ව විද්‍යාලයයේ සය මාසික ජන සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලවටයි අයිති. දන්නවානෙ මං ඉගෙන ගෙන තියෙන්නේ අපොස සා/පෙ දක්වා විතරක් විත්තිය.
      ඉතිරි ගෞරව කොටහ අයිති වෙන්නේ අපේ මහරගම ආච්චිටයි- දැනුමැති මිතුරන්ටයි. (මං හෝඩියට යන්නත් කලින්- ආච්චිලට ඇහෙන්න ලංකාදීප පත්තරේ කියවලානේ කියවන්න පුරුදු වුණේ.) මිතුරු ගොඩට ඔයාලා වගේ නාඳුනන හිතවතුනුත් අයිතියි- හොඳේ!
      ඒ හැමෝටමත් ගොඩක් පිං!

      අනිත් අයට කොහොමද මංදා- මට නං 'කියවීම මිනිසා සම්පූර්ණ කරයි' කතාව හරියටම හරි.
      හැබැයි මම තවම සම්පූර්ණ වෙලා නෑ- තවම කියවන්නේ ඒකයි...

      Delete
    6. ඉගෙන ගෙන තියෙන්නෙ කීයටද කියන එක මේ AI යුගේ නං අදාලම නෑ නිදි. දැන් බලමුකො ඔහෙලෑ මහරගම ආච්චිම. උන්දෑ ඕන්නං පහේ කැලෑසිය කම්මුතු කරන්න ඇති. ඒත් නිදි කියන දේ අනුව උන්දෑ එහෙම පිටින්ම පුස්තකාලයක් නෙව?

      Delete
  7. //හරිම සැහැල්ලු ඇප් ටික. ලෝඩ් වෙනවා පට ගාලා// - හුම්. වයිරස් එන්ට පුලුහං නෙ.
    ඔය විදිහට පාවිච්චියේදී හා ක්‍රැක් වලදී පොටෝ සොප්වල ජෙනරේටිව් ෆිල් නැති එක පාඩුවක්. ඒත් සබ්ස්ක්රිප්සන් වියදම්කාරී. මුකුත්ම නැතිවට වඩා මෙහෙම හොඳා නෙව 😄

    ReplyDelete
    Replies
    1. "වයිරස් එන්ට පුලුහං නෙ" කතාව පැහැදිලි නෑ. ජෙනරේටිව් ෆිල් නැති එක පාඩුවක් තමයි. ඉදිරි අපේඩේට් වලදී ඒවි කියලා හිතමු.

      දැන් Affinity Photo ප්‍රී දෙනවා
      https://www.affinity.studio/get-affinity
      තව GIMP, Krita එහෙම මුල ඉඳලම නිකං දුන්නෙ. මේවා මාරයි. එකම අවුල, පොටෝසොප් පුරුදු කෙනෙකුට ටිකක් විතර අවුලක් වෙන එකයි

      PhotoCraft: A brand new, ultra-lightweight, open-source clone built in Rust that specifically copies the Photoshop UI layout, toolset, and keyboard shortcuts.
      • Pros: Opens multi-layer PSD files completely locally, runs natively on Linux/Windows/Mac, and bypasses heavy cloud frameworks.
      • Cons: Currently in an advanced alpha stage, meaning you will encounter bugs and janky performance.

      Delete
    2. සබ්ස්ක්රිප්සන් ගේම් එක තමයි Adobe එපා කෙරෙව්වෙ. ඒත් Adobe තමයි පොටොසොප්, pdf ප්‍රවීණයා. මේ වගේ "ක්ලෝන්" වල වටිනාකම එන්නෙ ඒ නිසයි.

      සමහර වෙලාවට ලොග් වෙන්න ඕනෙ නැති, ඉක්මනට ලෝඩ් වෙන ඇප් එකකුත් ඕන වෙනවා.
      වින්ඩෝස් පේන්ට් වලත් දැන් ජෙනරේටිව් ෆිල් තියනව නේද?
      මේ ඇප් එකේ බිල්ට්-ඉන් නෑ. ජෙනරේටිව් ෆිල් තියෙන්නෙ මෙතන වෙබ් ඇප් එකක් විදිහට:
      https://aiphotocraft.com/apps/generative-fill

      ඔන්-ලයින් , නෝ ෆස් ඇප් එකක් විදිහට photopea ත් අවුලක් නෑ. ලොග් වෙන්න කියලවත් කියන් නෑ. psd සහ තව ෆෝමැට් සපෝර්ට් කරනවා. ඒත් කොහෙන් හරි , කොණක් කපලත් ඇති නේද?😋
      Photopea calls its generative fill feature "Magic Replace,"
      https://www.photopea.com/

      Delete
  8. සිංදුව... පොස්ටුවට ගැලපෙනව 😂😂
    කලින් අහල තිවනෙ නෑ. ලස්සන ගීයක්. නැතිබැරි කම එක්ක මතුකෙරුණු සියුම් උපහාසය!!
    බුකියෙන් හොයාගත්ත පද පෙළ -

    ඉඳිගහ යට වාඩි වෙලා විකුණාලා වතුර කනක්කු
    අරාබියේ මරු කතරේ මඟියන් ගේ පවස වැළැක්කූ
    ඔටුවන් පිට පටවාලා පුරවා හිස් බඳුන් අඩුක්කු
    ඉන්නාරී මං ආවා නුඹ තවමත් මොකද පරක්කු

    මහ වැලි කඳු උඩ යන්නම් කුණාටු ගෙරවිලි මැද්දේ
    ඇහුණ ද නන්නත්තාරේ ඇවිදින හුළඟේ සද්දේ
    ජබාර් ඛාන් කුමාරයා ඔටුවකු පිට උඩ නැඟිලා
    නුඹව පතා සහරාවෙන් එන බව ඉන් පවසනවා

    ඉඳිගහ යට වාඩි වෙලා ..

    ඔටුවන් දක්කන්නෙකු වූ මං නුඹ වාගෙ ම දුප්පත්
    ජබාර් ඛාන් කුමරුන්ගෙයි මේ මුළු කතරෙම උල්පත්
    රජ ඉසුරට වසඟ වෙලා නුඹ යාවි ද මං හැර දා
    ඉන්නාරී අද පමණක් කිමදෝ ඉන්නේ පිටුපා

    ඉඳිගහ යට වාඩි වෙලා ..

    ගායනය : ෆ්‍රෙඩී සිල්වා
    පදවැල : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : උපේන්ද්‍ර ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. සිංදුව... පොස්ටුවට ගැලපෙනව 😂😂//😋😁
      ඇයි අර "විකුණාලා" කියන්නෙ. අපි හැමෝම කරන්නෙ මොනවා හරි විකුණන එක නෙව? හා, නැහ්ද?
      ක්ලැරන්ස්ව වික්කා, මිල්ටන්ව වික්කා. ඉතිං මාත් බැලුවෙ ප්‍රෙඩියව විකුණගන්න.🤔😋🤣

      ප්‍රේමකීර්ති නෙව ලියල තියෙන්නෙ, ආයෙ මොනවද? ෆ්‍රෙඩීම කියන "පාන්කිරිත්තා" ගැනත් වෙනම කතාවක් තියනවා. මේ සිංදුවෙ ඉන්න සංගීතයඥයා හොඳ ජොබ් එකක් කරලා තියනවා කියලයි මට හිතෙන්නෙ( කතෘ බාගෙ දුන්න දන්නෙත් නෑ). අරාබි ගීතත් ඒ හැටි කර්කෂ නෑ, දුක්මුසුයි.

      Ya Rayeh Wain Msafer

      බස්සත් ඉඳිගහ යට ඉඳල තියනවා. ඔටුවො හම්බවෙලත් තියනවා. කින්නාරීලාගෙ ඇස් විතරයි පේන්නෙ. පේනව නේද ඒවට පුළුවන් මිනී මරන්න.😋

      හප්පා ඒක එහෙම් පිටින්ම මඟුල් සක්වලක් නමියො. රස-මසවුළු, අව-කෙලි, කන්-සැප ඔක්කොම තියනවා. වැඩි කල් හිටියොත් ඒ ජීවිතේට ඇබ්බැහි වෙලා, අනාත වෙනවා. පණන් හතරක් හොයාගෙන, සුරුස්.... තමා ක්‍රමවේදය.

      Delete
    2. ඉඳි ගහ යට ගීතය ෆ්‍රෙඩී සිල්වා ගයා තිබෙන සීරියස්ම විරහ ගීයක් විදිහටයි මං දකින්නෙ. මේ විදිහේ වෙන ගීත එකක්වත් ෆ්‍රෙඩී ගයලා නැහැ නේද?

      Delete
    3. ඕව් ඔබ හරි කියල මටත් හිතෙනවා. ෆ්‍රෙඩී ප්‍රසිද්ධ වුනේ විකට ශිල්පියෙක්, ගායකයෙක් ලෙසයි. මේ ගීතයේ මොකක්දෝ දුක්බර ගතියක් තියනවා තමයි.

      Delete
  9. ඔත්තුවයි, විස්තරෙයි වටිනවා, බොහෝම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් ස්තූතියි, අපට දැණුම බෙදා දෙනවට.👌

      Delete
  10. මට තාමත් Adobe InDesign එකට හරියන Software එකක් හම්බුන්නෑ නෙව. ඒක නිසා ඉතින් දුක සේ cracked CC version එකක් දාන් දුවනවා. ඒකත් එක්කම ලැබුන හන්දා Photoshop CC එකත් දාන් දුවනවා. හරිහමන් Offline PDF Creator software එකක් ලැබුන දාට ඔය දෙක අයින් කරලා දානවා.

    ReplyDelete
    Replies
    1. උඹැහෙ හරිහමන් Photoshop විකල්පයක් හෙව්ව බව මට දන්නවා. ඒත් මම හෙවී Photoshop යූසර් කෙනෙක් නොවන නිසා, මගේ අනුමාන හැමදාම වරදිනවා.දැනට මේකයි Canva Affinity Photo එකයි තමා මම දන්නෙ. photopea වරදක් නෑ, ඒත් වෙබ් බේස්ඩ්.

      බොලා වගේ Photoshop සැරච පාවිච්චි කරන අයට මේවායේ අවුල් පේනවා ඇති. ඒත් මේ යන ට්‍රෙන්ඩ් එක හොඳයි ඕපන්-සෝස් එකේ. Adobe ත් ඩාර්ක්-ස්‍යිඩ් එකට ජොයින්ට් වුනා නෙව? 😕🙁

      Delete
    2. ගල්මල් තුමයි, උඹයි ලාහෙට දාන ගෙම්බො වගේ. එකෙක් එන කොට අනික පනිනවා.😋🤣😁

      Delete
    3. // බොලා වගේ Photoshop සැරච පාවිච්චි කරන අයට //

      ඈ.. මං Photoshop සැරට පාවිච්චි කරන්නෙ නෑ ගොයියො. සමහර වෙලාවට මට උවමනා කරන වැඩේ MS Paint එකෙනුත් කරගන්ට පුළුවන්. මං කිවුවෙ InDesign එකට හරියන open source PDF creation software එකක් තාම ලැබුනෙ නෑ, ඒක ලැබුනොත් InDesign එකයි Photoshop දෙකම අහක් කරලා දානවා කියලයි.

      Delete
    4. දැනට නෑ කියලයි කියන්නෙ. තියන ඒව inD එකෙන් 10% විතර තමයි කියනවා.

      මෙතන තියනවා DesignCraft කියල එකක් ඩෙස්ක්ටොප් පබ්ලිෂින් වලට. මම පිංතූරෙකුත් දැම්මා. ඒකෙ තියනවා export to pdf, epub සහ තවත් ෆෝමැට්. තාම මේවා බගී කියලයි කියන්නෙ. ඒත් ට්‍රයි කරලා බලන්න වටින්නෙ නැහ්ද?🤔

      Delete
    5. DesignCraft install කරලා බැලුවා. InDesign වගේම interface එකක් තමා තියෙන්නෙ. බලමු මොකක් හරි වැඩක් කරන වෙලාවට මේකෙන් කරලා. වැඩේ තියෙන්නෙ දැන් අපි වයසට ගිහින් හන්දා පරණ interface එකකින් අලුත් එකකට මාරු වෙන්ට කම්මැලියි කම්මැලියි වගේ. නාකි බල්ලන්ට අලුත් AI හරියන්නෙ නැහැල්ලු නෙව.

      Delete
    6. //නාකි බල්ලන්ට අලුත් AI....//
      අම්මපා සැටිපිකේට් ටරූ. 🤣
      මටත් Jason, Python සහ Rust ඉගෙන ගන්න අනේක වාරයක් හිතිලා තියෙනවා. කම්මැලිකම නිසා මේ කපේදි නං වෙන්නෙ නෑ. ලබන ආත්මෙදී කරන්න කියලා හිතාගත්තා.😋
      අනික ඔය හැමදෙයක්ම සුටුස් ගාලා වෙනස් වෙන්නත් ඉඩ තියනවා. එන සුමානෙ වෙන්නෙ මොකක්ද කියලා කියන්නත් අද අමාරුයි. ඒ නිසා මමත් "ටොලාගෙ" ලිවින් ෆෝ ද ඩේ, "හිතූමතේ ජීවිතේ" දැක්මෙන් තමයි දැන් යන්නෙ.🤔

      Delete
    7. මමත් දැන් අවුරුදු 10ක්-12ක් විතර තිස්සෙ Python ඉගෙනගන්ට හිතනවා. පැය 12ක විතර learning වීඩියෝවකුත් බෑවා YT එකෙන්. ඒත ඉතින් බාපු දා ඉඳන් ඔහේ තියෙනවා. අපට තියෙන ප්‍රශ්නෙ කොහොමද unlearn කරන්නෙ කියනෙක අපි ඉගෙනගෙන නැතිකම. ඉතින් GW-Basic/ Pascal/ C++ වලින් programming ඉගෙනගත්තු අපට අලුත් technology වලට හැඩගැහෙන්ට අමාරුයි.

      Delete
    8. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. මමත් අමාරුවෙන් හිත හදා ගත්තා, අපට අලුත් technology වලට හැඩගැහෙන්ට අමාරු බව. ඒ වගේම අමාරු දෙයක් තමා "අත්හරින" එක. හිතට පට්ට දුකයි, ඒත් අතෑරියාම හිතට සැහැල්ලුයි.

      Delete
  11. Replies
    1. පේන විදිහට තාම ප්‍රශ්ණ තියනවා කියල තමා කියන්නෙ. ඒ නිසා මෙතෙක් භාවිතා කල ඒවත් තියා ගන්න.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ගමයාගෙන් තමයි අහන්න ඕනෙ? මූදෙ නාන කතාවක් නේද කිව්වෙ?🤔😁

      Delete
  13. DELL නගා නාන්නෙත් ලිඳෙන්ද?

    ReplyDelete
    Replies
    1. හුටා ආතර්ට සිංහල තේරෙනවද මන්දා? ජෙමනායි ලමිස්සි කියල දෙයි නේද?🫠
      ඔහෙට කියන්න සෑර් , මැලියංතුමා මට පස්පඩංගුවෙ බැන්නා. ජෙමනායි නෙමෙයි ජෙමිනි කියහං කිව්වා. ඉස්සර අපේ ගම් තුලානෙ තිබ්බා පිචෑර් හෝල් එකක් "ජයමිනි" කියලා නං.🤔

      Delete
    2. බ්‍රිටිශ් විදිහට ජෙමිනි සහ ජෙමනායි දෙකම පුලුවන් මං හිතන්නෙ.

      ඒත් ඉතිං අකමැත්තෙන් හරි කැනේඩියන්ස්ලා වැඩියෙන් කියන්නෙ ඇමරිකන් ජෙමනායි තමයි.

      බැනුන් අහන එකෙන් බේරෙන්න කුබෙක් ගිහිල්ලා ජේමිනී කියන්න ඒක ජයමිනිට ලඟයි.
      Disclaimer - මැලියං වලි මිනියකින් කෙලවර වන සුලුයි.

      While "JEM-in-eye" is what you will hear most Canadians say, you may occasionally encounter two other variations depending on the context:
      • "JEM-in-ee" (rhyming with knee): This is a secondary historical pronunciation. In particular, it is heavily associated with the 1960s NASA space program (Project Gemini), where officials and astronauts intentionally used "JEM-in-ee" (or "Jiminy"). Some older Canadians or space history enthusiasts might still use this version.
      • French Canadian Pronunciation: In French-speaking regions like Quebec, the French pronunciation of Gémeaux (for the zodiac/constellation) is standard. However, when referencing the Google AI app in French, it is typically pronounced as "JAY-mee-nee" or with a standard French accentuation of the English product name.

      Delete
    3. //මැලියං වලි මිනියකින් කෙලවර වන සුලුයි//

      හා, හා උපාසක එහෙම කියන්න එපා. දැන් එතුමා පට්ට කූල්. වෙනදා එකෙක් දෙන්නෙක් වැලිගම් පිටි යන්න ඕනෙ සාකච්චාවක් මේක:

      https://maiyyagelokaya.blogspot.com/2026/10/blog-post_09.html?showComment=1791571633842#c4662945246425098350

      Delete
    4. Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

      Delete
    5. ජෙමනායි නගේ, උඹ නිසා දවසක මා නැතේ:

      The real meaning of "Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm" depends entirely on the context of your conversation, but it is essentially a highly exaggerated visual representation of someone pausing to think, hesitating, or reacting with deep suspicion.
      Because the letter "m" is extended so dramatically, it amplifies the emotion behind a standard "hmm." Here are the most common meanings:
      • Extreme Suspicion or Skepticism: The person heavily doubts what you just said. It is the digital equivalent of squinting one's eyes, tilting one's head, and looking at you sideways.
      • Deep, Intense Thinking: They are facing a very difficult decision or trying to solve a complex problem, and they genuinely don't know the answer yet.
      • The "I Don't Know How to Say No" Pause: They want to disagree, decline an invite, or point out a flaw in your plan, but they are dragging out the "hmm" to soften the blow or buy time to phrase their response politely.
      • Sarcasm or Playful Mocking: If sent in response to something obvious or a funny mistake, it’s a way of teasing you without using words.
      If you want to decode it exactly, tell me:
      • What was said right before they sent that message? හා, හා උපාසක එහෙම කියන්න එපා.
      • What is your relationship with this person? Err...a friend. Long-distant and complicated

      Delete
    6. ඒකට කිව්වෙ "එකඟයි" වගේ එකක්. හරිද? හරි නං කමින් කලර්ස් නෝ......ඕ ගුඩ්.😮😵‍💫🤔

      Delete
    7. මම ජෙමිනි කියනවා උඹල ඕන එකෙක් ඕන මගුලක් කියා ගනිල්ලා 😀

      Delete
  14. වීඩියෝ එකක් හදන්න බලන්න ඕනේ , චලන රූප නැතුවනේ දැනට මම වීඩියෝ හදලා දැම්මේ , ටන්කුයි , මෙන්න කතෘට බාගයක් (ජින් )

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝ එක බලලා, ඇප් එක බාගන්න. ඔබේ වැඩේට ගැලපෙනවා කියල හිතෙනවා. මමත් අත්හදා බැලුවෙ නෑ. තාම අලුත් නිසා, බග්ස් ඇති. ඒත් වටිනවා.
      ඩිමෝ වීඩියෝව https://www.youtube.com/watch?v=kzvQMdg66Go
      ඇප් එක මෙතනින්: https://github.com/storytold/artcraft/releases/tag/artcraft-v0.41.0

      කතෘට බාගෙට ජින් එපා පොල් බාගයක් නං හා!😋

      Delete
  15. බස්සා මහත්තයෝ, comments දෙසීය පන්නලා හන්දාද මුල්ම එව්ව නොපෙන්වන්නේ?එතකොට කරන්න ඕනි දේ ඔයා කියලා තිබුනත් ඒකත් තියෙන්නේ අර මුල්ම ගොඩේ නෙව. තරහ නැතුව ඒ කොමෙන්ටුව ආයිමත් දානවද?

    ReplyDelete
    Replies
    1. හුටා! මම ඒක මැකුවා, කට්ටිය දැක්කා කියලා හිතුව නිසා. අලුතෙන් කමෙන්ට් එකක් දාන, බලන හැම විටම අගම තියන " load more" kiyana එක ඔබන්න ඕනෙ. ඒක බටන් එකක් වගේ නෙමෙයි නිසා, බොහෝ විට මඟෑරෙනවා. සාල වනයක් තමා! ඒත් "මක්කැයි කොරන්නෙ?"

      Delete
    2. Load More හොයල දෙන්න අංජනන් දෙවිය් හනුමන්තාවයි ගෙන්න ගන්නයි වෙන්නේ.
      මට එහෙම එකක් හොයා ගන්න නැහැනේ- ලෝඩ් මෝර් එකක්...

      Delete
    3. මම දන්නවා ඒක තිබ්බත් පේන්නෙ නැහැ කියලා. අන්න මම ඒකෙ පින්තූරයක් "පාරට කිට්ටුව" පෝස්ට් එකේ අගට ඇමුණුවා.

      Delete
    4. ස්තුතියි, ඒත් තවම ඒක අප්ලෝඩ් වෙලා නැහැනේ... පස්සේ ඇවිත් බලන්නන්..

      Delete
    5. සොරි, මගේ වැරැද්ද බාගෙට උපදෙස් දුන්නට. "load more" පෙන්නන්නෙ, 200 වැඩි අදාල පෝස්ට් එකට විතරමයි. ඒකට කෙටුවාම, "load more" අන්තරස්ධාන වෙනවා. ඒ කියන්නෙ ඔක්කොම කමෙන්ට් පෙන්නනවා කියන එකයි. කොයි යම් මොහොතක හෝ "load more" පේන්න තියනවා කියන්නෙ අග කමෙන්ට් ටික හංගලා.🤣

      Delete
    6. හුටප්පරේ... මං එවපු comment එකකුත් වාෂ්ප වෙලා බොලේ...

      Delete
    7. හෑ, වාෂ්ප වෙලා නෙමෙයි , මම මකාගෙන යනකොට ඒකත් මැකෙන්න ඇති . මතක විදිහට ගල්මල්තුමාගෙ ඩබල් දෙකෙන් එකයි, මගේ තනි උත්තර ටික තමා මැකුවෙ. සමාවෙන්න ඕනෙ,🙏

      Delete
  16. Replies
    1. Reddit සමාලෝචනය:
      https://www.reddit.com/r/reactos/comments/1wxmkj6/libernt_a_whole_new_chapter/
      ස්තූතියි, ඒත් තාම වින්ඩෝස් 11 හොඳින්.

      මගෙන්:
      මෙන්න මේක නියම භාණ්ඩයක්. ESP 32 වර්ෂන් එකට වඩා ESP 8266 වර්ෂන් එක ලාබයි.Aliexpress තියනවා. Nov 11 සේල් එකේදී තවත් ලාබ වෙයි. Daraz එකෙත් ඇති, බාගදා
      https://www.youtube.com/watch?v=32nvWifwhOo
      USB C පෝට් එක හරහා ස්කෙච් දාගන්නත් හැකියි.

      මෙන්න තවත් ප්‍රයෝජනවත් වින්ඩෝස් ටූල් එකක්:
      https://www.youtube.com/watch?v=z_mFHlUpC-g

      Delete
  17. බොහොම ස්තූතියි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී බස්සා මැති සඳට . බොහොම ප්‍රයෝජනයි

    ReplyDelete
    Replies
    1. ආන්න එව්වරයි. අපට පොඩි සතුටු සාමීචියකට අවස්ථාවක් සහ සැමට ප්‍රයෝජනයක් වේවි කියන එක තමයි බලාපොරොත්තු වුනේ.🙏💐

      Delete
  18. මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි. පාවිච්චියට ගන්න බලන්නම්✌

    ReplyDelete
    Replies
    1. පාවිච්චියට නොගත්තත්, ආපු එක වටිනවා. 👌🫠

      Delete
  19. Replies
    1. ස්තූතියි ඉයන්. ඔබ හොඳින් ඇතැයි සිතනවා. ඉඳ හිට මොනවා හරි ලියන්න බලන්න. අපටත් ඇවිත් කොමෙන්ට් එකක් කොටලා, චැට් එකක් දාලා යන්නත් එක්කලා.🙏😁

      Delete
  20. කකා ලස්සන මතක සටහනක් ලියලා.

    අපි නොදන්න පාන්.

    කෙමෙන්ට් මොඩරේෂන් දාලා නිසා, එතන සාකච්චාවක් ගෙනියන්න නම් බෑ. ඒත් මතක සටහන ලස්සනට ලියලා තියනවා. නිදියො ලියහන්කො පාන් කතාවක්. 🤔😁

    https://www.youtube.com/watch?v=-KoLwAdkcdk

    ReplyDelete
  21. ජෙමනායි නඟාගෙ මෑතක ඇති වෙලා තියෙන සිංහල දියුණුව ගැන පුදුම හිතෙනවා. වැදගත්ම දේ අපි කියන දේ context එක තේරෙන එකයි. It is a huge improvement by leaps and bounds.

    මගේ පරණ පෝස්ට් එකකට(ගොයම් මැස්සෝ සහ සිත්තරපටි බස්සෝ) දාපු පින්තූරයක් අතුරුදහන් වෙලා තිබුනා. මම ජෙමනායිට මෙහෙම කිව්වා, අමු හිංගලෙන්:

    " හාන්සි පුටුවක දිගාවී, සුරුට්ටුවක් උරමින් ඉන්න ඉස්සර කාලේ මුදලාලි කෙනෙක්. පැත්තක පොඩි රවුම් ඩෙස්ක් එකක් මත ඇති, අඩක් ඉවර වූ අරක්කු බෝතකයක් සහ බයිට් බැදුමක්. දියසායම් සහ රේඛා චිත්‍රයක් අඳින්න"

    මෙන්න බලහල්ලකො ඇඳපු එක 😮🫠

    ගොයම් මැස්සෝ සහ සිත්තරපටි බස්සෝ


    ReplyDelete
    Replies
    1. 😁😁 මුදලාලි අන්කල්

      Delete
    2. ඒක ඩබ්ලිව් ඒ සිල්වාගෙ ලස්සන කෙටි කතාවක්. ‘දෙකින් එක’ කෙටිකතාව වෙන්නත් ඇහැකි. මුදලාලි "අන්කල්" නාහෙට නාහන බුවා. ඉස්සර ගෙදරට එනවා "ඒජන්ත උන්නාන්සෙ " කෙනෙක්. මුදලාලියා ඉරිදට ඔහොම ලඟ,ලඟ නමන කොට සද්දෙට වෑර්ලස් එකේ සිංදුත් දානවා. ඒජන්තයට මල පැනලා මුදලාලියට දානවා "අං" තට්ටුවක්. දන්න එකෙක් කතාව හොයා දීහල්ලකො.🙏

      මේකෙ පුදුමෙ ජෙමනායි නගාට ගිංගලෙන් දෙඩුවාම, එයැයි කනප්පුව, පරණ ගේ එහෙම දාගත්තා. හුකා බොල, මේ ලමිස්සි මුදලාලියට අන්දලා තියෙන්නෙ වේට්ටියක් නේත? ඒක තමයි නිකං ප්‍රභාකරන් වගේ ගතියක් තියෙන්නෙ?😮🤣

      තාම සර්ව සම්පූර්ණ නම් නෑ. සුරුට්ටු දෙකයි. පොරොප්ප දෙකයි. වේට්ටියයි. අතේ රොලෙක්ස් එකයි, පත උඩු රැව්ලයි අවුල් තමා. ඒත් නිකං ඉන්න අපට අහලා ගියත් මඳෑ නේද? ආයෙ කිව්ව නං, අඩුපාඩු මකවන්නත් තිබ්බා.

      Delete
    3. මුදලාලියාගෙ පොඩි 'මයින්ද රාජපස්ස' පෙනුමක් තියෙනවා කියලා හිතෙන්නෙ මට විතර ද?

      Delete
    4. අඩේ හැබෑ නෙන්නං? කොහොමත් "ඉන්දියානු ව්‍යාප්තවාදේ" (දකුණු) සැරම බලපාල තියනවා කියලයි හිතෙන්නෙ. දැන් තලපතා-විජේ අයියගෙ අර්චුනා මල්ලියාවත් ස්ටේජ් නග්ගවපු එකේ අපේ මයින්ද මාත්තියට ඥාණසාර සරණයි.😋

      Delete
    5. දෙකෙන් එකේ කියන්නෙ ප්‍රේම කතාවක්.
      මහ රෑ හොරෙන් පෙම්වතියගේ ගෙදරට යන තරුණයෙක් / හදිසියේ එහාට එන පෙම්වතාගේ මව / කොල්ලාගේ සෙරෙප්පුව නිසා අම්මට මාට්ටු වීම තමයි කතාව.

      Delete
    6. තෑන්ක්ස් නිදි එහෙනං ඒක නෙමෙයි මම හොයන කතාව. ඔය කියන කොටු පැනපු කතාව, සිල්වා උන්නැහේගෙ අත්දැකීමක් කියල තමයි මෙතන තියෙන්නෙ. 🤣

      Delete
  22. කාාාාලෙකට පස්සෙ අද බ්ලොගර් රීඩින් ලිස්ට් එක වැඩ.

    ReplyDelete
    Replies
    1. ඇති යන්තං. 👌🙏
      එහෙනං තව පෝස්ට් එකක් ලිව්වෑකි "හයිබර්නේට්" කරන්න යන්න කලින්.🤔

      Delete
  23. මේක දැක්කයි බසු? මාත් එකක් ගන්ට හිතාගත්තා. ට්‍රැෆික් වෙලාවට උඩින් යන්ට පුලුහන් නෙව.

    Tesla Unveils 'Flying' Roadster with SpaceX Thrusters

    ReplyDelete
    Replies
    1. ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
      මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ...

      බස්සන්ට මෙය අදාල නොවන බව සකලන්න.

      Delete
    2. ඕව මොන මැජික්ද බුරෝ, මෙන්න මැජික් :

      'Big Balls'

      @ නයිහාමි

      ටෙක්-ජීසස් උතුමෙක් නොවැ බොල ඒ ඉන්නේ
      කැටමින් කුඩු ගහල තමයි අපි ඉගිලෙන්නේ

      Delete
  24. දෙකම රසවත් පෝස්ට් දෙකක්:
    https://kolompure.blogspot.com/2026/10/blog-post.html
    https://awidda-paya.blogspot.com/2026/10/blog-post.html

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code