Apr 20, 2021

අමුතු සත්තු

 රට්ටු නං කියන්නෙ බස්සා අමුතු සතෙක් කියලයි. උලමා නැත්නම් යක් කුරුල්ලා කියන්නෙත් බස්සෙක් කියලයි සමහරු නං කියන්නෙ. ඒ කතාවෙ ඇත්ත නැත්ත මම නොදන්නව වුනාට, මට සමහරු "උලමා" කියලත් අමතලා තියන නිසා, බාගදා එහෙම වෙන්නත් පුළුවනි. ලෝකයාට මාව කොහොම පෙනුනත්, මට නං,  මම තාම  "මූකලං බස්සා."

ඔහොම කිව්වට, ඔය අමුතු සත්තු ගැන මගේ පොඩි මනාපයක් නැත්තෙමත් නෑ. මේ ඉන්නෙ එහෙම හාදයෙක්:


Apr 12, 2021

තහවුරු කිරීමේ නැඹුරුව -Confirmation Bias

මටම මා ගැන, බය හිතෙන ජාතියෙ "TED Talks" එකක් බැලුව. මාතෘකාව "Why you think you're right -- even if you're wrong"


මාතෘකාව පොඩ්ඩක් අවුල් වගේ නේද? එහෙම කොහොමද අපි වැරදි වෙන්නෙ, නේද? අම්මපා, මට හිතුනෙත් ඔහොම්මමයි නෙව? වැඩේ කියන්නෙ ආයිබෝං,   අපි එහෙම හිතන එකටත් නමක් තියනව නෙව? ඒකට කියන්නෙ "Cognitive Bias - The self-serving bias" කියලලු.

Apr 8, 2021

ජපන් ලලක්කා සහ කාමරේ ඉන්න අලියා

ලෝඩ් බස්තියං

ලක්කා ගැන ලියල හඳවල් ගාණක් ගෙවිල ගිහින්. ඒත් අලියා තාමත් කාමරේ. අපි නං ඉතිං තාමත් " දැක්කා නොදැක්කා වාගෙයි අලියව අක්කා" ඉස්ටැයිල් එකෙන්ම ඉන්නවා. 




මට ආයෙ ලලක්කව මතක් වුනේ මෙන්න මේ ගීතය අහලා:


පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම


සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට


මේකෙ වචන බොහොම තියුණුයි. ඒත්, හහ් අපි නං අහුවෙයි ඔව්වට, නැද්ද මං අහන්නෙ?

Mar 27, 2021

මිල්ල සොයා යෑම

 


මේ සිංදුවෙම වෙනත් වීඩියෝ එකකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා:

"මේ සිංදුව එක්ක මටනම් සෙට් වෙන්නෙ "මචං" ෆිල්ම් එක හිතට ලොකු ශක්තියක් එනවා මොන ගේමක් හරි ගහල දියුණු රටකට පනින්න"

Mar 24, 2021

දෙවියන් සොයා යෑම සහ The Circle of Life

 මෝගන් ෆ්‍රීමන් තමා ගියේ, මම කලේ බලාගෙන ඉන්න එක.



ඕං ෆුල් එපිසෝඩ් එකම යූ-ටියුබ් එකේ නොමිලේ දාලා තියනවා. කතාවෙ හරය පැත්තක තිබ්බත්, මෝගන් ෆ්‍රීමන්ගේ  බටර් වගේ සුමුදු සිත නිවන කටහඩත්, ඊජිප්තුවේ පිරමීඩ, යෙරුසලමේ ශුද්ධ වූ පල්ලිය, ඉංදියාවේ වාරාණාසී නුවර වගේ තැන්වල දර්ශණ ටිකම වටිනවා.

Mar 18, 2021

The New Corporation, ගූගල් සහ ඇල්ගොරිතම

 සුජීව කොකාවෙලගෙ The null device බ්ලොග් එකේ ඉන්ටරෙස්ටින් ලිපියක් කියවන්න ලැබුනා


අතීතයේ සිට වර්තමානය දක්වා ඉතිහාසගත වෙලා ඉන්න "වීරයො" ගැන අලුත් මානයකින් බලන ඔහු දර-දිය ඇදපු "ෆුට් සෝල්ජ්ර්ස්ලා" ට ලැබිච්ච තැන ගැන සාධාරණ තර්කයක් මතු කරනවා. මේ වීරයොන්ගෙ ඇසින් ලෝකය දැකීමේ නැත්නම් ටිකදෙනෙක් විසින් අපේ අනාගතය තීරණය කිරීමේ පොඩි අවුලක් තියනවා. ඇයි, අපි උපකල්පනය කරනවා "වීරයො" හැමතිස්සෙම චෝයි,  බලන්නෙම ලෝකෙ හොඳ තැනක් කරන්න කියලා.

The New Corporation ඩොකියුමෙන්ට්‍රි එක කරපු කස්ටිය කියනවා ඒක එහෙම නෙමෙයි කියලා. සියට සීයක් එකඟ නූනත්, ඒ අය අහන ප්‍රශ්ණ එහෙම ලේසියෙන් මඟහරින්න බෑ.

Mar 17, 2021

කුසුම්පුරේ කීඩෑවෝ සහ සපත්තු ලේස් -2

මම පොඩි කාලෙ බොහොම ආසාවෙන් කියෝපු පොතක් තිබුණ "දැත්තා සහ යහළුවන්ගේ හපන්කම්" කියලා.  මේක බොහොම අපූරු  රුසියානු මනෝරාජික  සුරංගනා කතාවක්. 

ඔය ඉන්නෙ මම මේ කියන, ගොබිලො කස්ටිය තමා, පේනවනෙ සයිස් එක? කියවන්න කැමති කෙනෙක් ඉන්නව නං  මේං තියනව පොතේ ඉංගිලිසි පරිවර්තනය. මං කියන්න යන්නෙ ඕකෙ සිංහල පරිවර්ථන දෙකෙන් එකක් ගැනයි. එයාලට කිව්වෙ "කීඩෑවො" කියලයි, හිටියෙ "කුසුම්පුරේ". ඔය අතරේ හිටිය "දත්තා", එයා හැම දෙයක්ම දන්නවා. එක්කෝ දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා.

Mar 15, 2021

බස්සා දුටු බුකිය

https://i.pinimg.com/originals/4c/8c/a6/4c8ca694652d1cc93da653662342b7f6.jpg

තැන තැන රවුමට ඉඳගෙන 
ඉඳහිට එබිකම් කර කර

ප්‍රවෘත්ති දැණගන්න ළමයි බුකි ගත වෙන්නා

බුකිය වටේ යන විට කවිපද කියැවෙන්නා


කොපර කොපර පිපිඤ්ඤා - පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

"කැකිරි" කියල  ලියඤ්ඤා - හතර වටේ බෙදඤ්ඤා

Feb 21, 2021

මතක මංතීරුව දිගේ....පහළට නොහොත් ගෑස්පා හංදියෙන් ඉහලට



මේස ඔරලෝසුවේ දෙකයි තිහ පෙනෙනවා

එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස  වහිනවා

දවල් බුදියන බස්සො, රෑට නිදි    මරනවා

එලි සමක් නැතිවුනත් බස්සො කවි ලියනවා

Dec 22, 2020

බස්සා සහ සපත්තු ලේස්

නෑ, නෑ සෙරෙප්පු සුප් නෙමෙයි, මේ වෙන එකක්. ඇත්ත, ලෝකයා මට " චීප් ****" කියනවා තමා. ඒත් අපි සැලෙයි ඔව්වට, උන්යෑ මට කන්න දෙන්නෙ?

කම්පියුටර් අප්ග්‍රේඩ් වලට ආවම, මගේ ප්‍රතිපත්තිය තමා shoestring budget. බස්සා කියන්නෙ සේල් කාක්කෙක්. දැක්කද ඩීල් එකක්, කොටන්නෙ උඩ පැනලා. සමහර විට මේ සෙල්ලම වරදින වෙලාවලුත් නැත්තෙම නෑ. දැන් බලාන්ට සේල් නිසා කොටල ගත්ත, Intel i5 9400F හොඳම තේරීම නෙවෙයි, මොකද එව්වට එන motherboard ගණන් නිසා, එහෙම කියල බෑ නෙව? දැම්මා shoestring තියරිය, ගත්තා MSI H310m pro-vdh plus motherboard එක. ඔබට සතුටුයිද දැන්? නෑ නෙව.