රට්ටු නං කියන්නෙ බස්සා අමුතු සතෙක් කියලයි. උලමා නැත්නම් යක් කුරුල්ලා කියන්නෙත් බස්සෙක් කියලයි සමහරු නං කියන්නෙ. ඒ කතාවෙ ඇත්ත නැත්ත මම නොදන්නව වුනාට, මට සමහරු "උලමා" කියලත් අමතලා තියන නිසා, බාගදා එහෙම වෙන්නත් පුළුවනි. ලෝකයාට මාව කොහොම පෙනුනත්, මට නං, මම තාම "මූකලං බස්සා."
ඔහොම කිව්වට, ඔය අමුතු සත්තු ගැන මගේ පොඩි මනාපයක් නැත්තෙමත් නෑ. මේ ඉන්නෙ එහෙම හාදයෙක්:





