Sep 26, 2021
බස්සාගේ වින්ඩෝස් ආයුධ පෙට්ටියෙන්
කාලෙකින් ටැක්නිකල් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුනා. ටැක්නිකල් පෝස්ට්වල හොඳේ තියෙන්නෙ, මැකී ගිය දඩමං වල අඩි සළකුණු මකන්න හිතන්න ඕනෙ නැති එකයි. එච්චර දෙයක් නෑ. පොඩි යුටිලිටි ඇප්ස් දෙකක් ගැනයි කතාව. මේක ලියන තව හේතුවක් තමා, අනිත් අය දන්න මෙයිට වඩා හොඳ විකල්ප තියනවද කියල දැණගන්න එක.
Sep 25, 2021
නරිවාදං සහ තවත් කතා
හතර අතේ කැරකිලා බැලුවා, ගලවන්න කඩන්න කිසිම දෙයක් නෑ, ආයිබෝං. කාලයක් යනකොට ඒ සෙල්ලමත් එපා වෙනවා. USB කේබල් දෙකක් තියනවා රිප්ලේස් කරන්න, කේබල් ආවා , ඒත් කනෙක්ටර් තාම තැපෑලෙ. ඔය දිග USB කේබල් හයි කරපු ගැජමැටික්, කාලයක් යනකොට ඇඹරිලා , පස්සෙ ලෙඩ දෙන්න ගන්නවා. මම හදන්නෙ, කරමුලින්ම USB කෙනෙක්ටර් එකකට මාරු කරලා දාන්න, එතකොට කේබල් එක ඕන සාමාන්‍ය එකකට මාරු කලෑකි නෙව?
ඔය නරියා ඉන්නව නේද? ආයෙ වහෙන්-ඔරෝ නෑ, කෙලින්ම අලි හොරා. මේක බලන්නකො.
Aug 15, 2021
අමතක නොවන මතක සටහන්
මගේ පලවෙනි රස්සාව අඹතලේ. නවතින්න වුනා ක්වාටස්වල. ක්වාටස් වල මගේ සඟයා වුනේ බලපිටියෙ හිත හොඳ හාදයෙක්. බලපිටියෙ කතා විලාසය, දකුණෙ කතාවට වඩා අමුතුයි. හොඳට ඇදලා පැදලා තමා කතා කරන්නෙ. ඔන්න දවසක් හැන්දෑවක, අපි දෙන්නා ක්වාටස් එක ඉස්සරහ කොට තාප්පෙ වාඩි වෙලා කයියක් ගහගෙන ඉන්නවා. මේං, කොහේ ඉඳන්ද ආපු බළල් තඩියෙක් යනවා පාරෙ අනිත් පැත්තෙන්. මම කිව්වා " ළූණු ගෙඩි දෙකත් අරගෙන, කොහෙද යන්නෙ , පූසෝ?" කියලා. බලපිටියා කියාපි " මොකා? පූචා නෙමෙයි බොල, ඕකා සෑනා" කියලා. මම ඉතින් මගේ යුතුකම විදිහට, අනෙත් අයටත් විස්තරේ කියලා, එදා ඉඳන් බලපිටියට "සෑනා" කියන නම බෞතීස්ම කලා.
Aug 14, 2021
Aug 4, 2021
ඔක්කෝටම මුල හොර බස්සා
පිහාටු වල සායම් මැකිලා..
බකමූණා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..
Aug 2, 2021
දෙවෙනි වෙඩි මුරය
Jul 23, 2021
හිතේ ඇඳුනු කෙටි කතාවක්
කාලෙක හිටන් හොය, හොයා හිටිය කෙටි කතාවක් හම්බ වුනා. නම "තනිකම", ලියල තියෙන්නෙ "කේයස්" යන අන්වර්ථ නමින් ලියපු සාගර පළන්සූරිය මහත්තයා. චායානුවාද කියන කැටගරියට අයිති මේ කතා වලට, මම කොහොමත් මනාපයි. ඔරිජිනල් කතාවෙ අදහස අරගෙන, ඒක දේශීයකරණය කරලා, තව ආරලු-බූරලු දාලා තමා ලියන්නෙ. ඔරිජිනල් බෙංගාලි සිත්තර පටියට, කොච්චර ධනාත්මක විචාර තිබුනත්, මේ කතාවෙන් මං ලබපු රසය, මට නං ලැබුනෙ නෑ.
Jul 21, 2021
බස්සාගේ පස්සා පැත්තේ අමාරුව
Colon cancer කියන්නෙ, මේ සාවියෙ බොහොම සුලභ දෙයක්. ඇයි කියල නං දන්නෙ නෑ, ඒත් ප්‍රතිශතයක් වශයෙන් සුද්දොන්ට වඩා කල්ලො අතර වැඩියි. එහෙමයි කිව්වට colon cancer සාධාරණ හාදයා, බොහොම ධනවත්, බලවත් අයටත් සුදු, කලු බේදයකින් තොරව සලකල තියනවා. බොහොම හෙමින් වර්ධනය වන කැන්සර් එකක් නිසා, නොදැනීම අන්තිම අදියරට වර්ධනය වෙන්න ඉඩකඩ තියනවා. එහෙම වුනොත්, බඩු බනිස්ම තමා.
Jul 7, 2021
ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?
හෝතම්බුවා පාවිච්චි කරන්නේ රජකාලෙ කම්පූටරයක්. දුවන්නෙ වින්ඩෝස් 7, එක දවසක්, ඉන්ටනෙට් සම්බන්ධ වෙන්නෙ නෑ කියල කිව්වා. මම පාස් වර්ඩ් වෙනස් කරල කියලත් චෝදනා කල නිසා, මම ගියා උන්දැගෙ කම්පූටරේ බලන්න. ඕං ඉතිං, ගිහින් රී-ස්ටාර්ට් කරල එහෙම වින්ඩෝස් ලෝඩ් වෙනකං හිටියා. පස්සෙ මං කිව්වා "ගිහින් තේකක් බිලා එඤ්ඤං, ලෝඩ් වුනාම කියපං" කියලා. ඒක එහෙම වුනාට , ඒ හෝතම්බු කම්පූටරේට වෙන ඉහෙන් බහින ලෙඩක් නෑ. ඩෙස්ක්ටොප් එකේ පැත්තක "This copy of Windows is not activated" කියන වෝටමාක් එක පවා තියනවා.
Jul 5, 2021
මැකෑනිකල් කී-බෝඩ්
දැන් කම්පියුටර් කස්ටියගේ අළුත්ම විනෝදාංශය කී බෝඩ්ය. කී බෝඩ් කීවාට මෙව්වා නේක වර්ග සුවිච් තියෙන මැකෑනිකල් කී බෝඩ්ය. බොහොම වියදම් සහිත විනෝදාංශයක් නිසා, බස්සා කාලෙක සිටම කුරුමාණන් අල්ලමින් සිටියා පමණය.
Subscribe to:
Posts (Atom)





