Sep 30, 2021
මැකී ගිය බකුසු දඩමං 2 - ප්‍රංශ ගම්මානයක්
කලින් කොටසටිකට් කවුන්ටරේ හිටිය ප්‍රංසුවාට පේන්න, බස්සා දාගන්න පුලුවන් උපරිම අසරණ මූණ දැම්මා. ප්‍රංසුවා ප්‍රශ්ණ වැලක් ඇහැව්වා. ඊට පස්සෙ ටිකට් එක හදලා දුන්නා. කෝච්චිය TGV , මේක ඒ කාලෙ තිබ්බ බුලට් ට්‍රේන් එක. යනවා බබා වගේ. හැන්දෑවෙන කොට ගමනාන්තයට ලඟා වුනා. ප්‍රංසෙ ඇතුලෙ තිබ්බ ගමක්. නැවතුන පොඩි හෝටලයක. නම Ibis, නම දැක්ක ගමන් මගෙ හිතට ඇල්ලුවා. බස්සා- බකුස්, ඉබ්බා-ඉබිස්. පොඩි වුනාට නියමයි. මතක උදේ හෝටලයෙන් ලැබිච්ච ඔරිජිනල් කෑම වේල ගැන තමයි.
Sep 29, 2021
මැකී ගිය බකුසු දඩමං 1 - පැරීසිය
අරාබිකරයේ හිටිය මිත්‍රයෙක් මෙහෙම කිව්වා. " බස්සො, ඔය යන ගමන් ඇම්ස්ටඩෑම් පලයන්කො. අපේ අයියා එහෙ. එයා ආස මේ පෝට් වයින් බෝතලෙත් දීහං. මම එහෙ නවතින්න සෙට් කරන්නම්" කියලා. එයා අයියත් එක්ක සෑහෙන කාලෙකින් කතා කරල නෑ. පොර කප්පාදු කරලා කතාව කෙටියෙන් කිව්වා.
Sep 26, 2021
බස්සාගේ වින්ඩෝස් ආයුධ පෙට්ටියෙන්
කාලෙකින් ටැක්නිකල් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුනා. ටැක්නිකල් පෝස්ට්වල හොඳේ තියෙන්නෙ, මැකී ගිය දඩමං වල අඩි සළකුණු මකන්න හිතන්න ඕනෙ නැති එකයි. එච්චර දෙයක් නෑ. පොඩි යුටිලිටි ඇප්ස් දෙකක් ගැනයි කතාව. මේක ලියන තව හේතුවක් තමා, අනිත් අය දන්න මෙයිට වඩා හොඳ විකල්ප තියනවද කියල දැණගන්න එක.
Sep 25, 2021
නරිවාදං සහ තවත් කතා
හතර අතේ කැරකිලා බැලුවා, ගලවන්න කඩන්න කිසිම දෙයක් නෑ, ආයිබෝං. කාලයක් යනකොට ඒ සෙල්ලමත් එපා වෙනවා. USB කේබල් දෙකක් තියනවා රිප්ලේස් කරන්න, කේබල් ආවා , ඒත් කනෙක්ටර් තාම තැපෑලෙ. ඔය දිග USB කේබල් හයි කරපු ගැජමැටික්, කාලයක් යනකොට ඇඹරිලා , පස්සෙ ලෙඩ දෙන්න ගන්නවා. මම හදන්නෙ, කරමුලින්ම USB කෙනෙක්ටර් එකකට මාරු කරලා දාන්න, එතකොට කේබල් එක ඕන සාමාන්‍ය එකකට මාරු කලෑකි නෙව?
ඔය නරියා ඉන්නව නේද? ආයෙ වහෙන්-ඔරෝ නෑ, කෙලින්ම අලි හොරා. මේක බලන්නකො.
Aug 15, 2021
අමතක නොවන මතක සටහන්
මගේ පලවෙනි රස්සාව අඹතලේ, නවතින්න වුනා ක්වාටස්වල. ක්වාටස් වල මගේ සඟයා වුනේ බලපිටියෙ හිත හොඳ හාදයෙක්. බලපිටියෙ කතා විලාසය, දකුණෙ කතාවට වඩා අමුතුයි. හොඳට ඇදලා පැදලා තමා කතා කරන්නෙ. ඔන්න දවසක් හැන්දෑවක, අපි දෙන්නා ක්වාටස් එක ඉස්සරහ කොට තාප්පෙ වාඩි වෙලා කයියක් ගහගෙන ඉන්නවා. මේං, කොහේ ඉඳන්ද ආපු බළල් තඩියෙක් යනවා පාරෙ අනිත් පැත්තෙන්. මම කිව්වා " ළූණු ගෙඩි දෙකත් අරගෙන, කොහෙද යන්නෙ , පූසෝ?" කියලා. බලපිටියා කියාපි " මොකා? පූචා නෙමෙයි බොල, ඕකා සෑනා" කියලා. මම ඉතින් මගේ යුතුකම විදිහට, අනෙත් අයටත් විස්තරේ කියලා, එදා ඉඳන් බලපිටියට "සෑනා" කියන නම බෞතීස්ම කලා.
Aug 14, 2021
Aug 4, 2021
ඔක්කෝටම මුල හොර බස්සා
පිහාටු වල සායම් මැකිලා..
බකමූණා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..
Aug 2, 2021
දෙවෙනි වෙඩි මුරය
Jul 23, 2021
හිතේ ඇඳුනු කෙටි කතාවක්
කාලෙක හිටන් හොය, හොයා හිටිය කෙටි කතාවක් හම්බ වුනා. නම "තනිකම", ලියල තියෙන්නෙ "කේයස්" යන අන්වර්ථ නමින් ලියපු සාගර පළන්සූරිය මහත්තයා. චායානුවාද කියන කැටගරියට අයිති මේ කතා වලට, මම කොහොමත් මනාපයි. ඔරිජිනල් කතාවෙ අදහස අරගෙන, ඒක දේශීයකරණය කරලා, තව ආරලු-බූරලු දාලා තමා ලියන්නෙ. ඔරිජිනල් බෙංගාලි සිත්තර පටියට, කොච්චර ධනාත්මක විචාර තිබුනත්, මේ කතාවෙන් මං ලබපු රසය, මට නං ලැබුනෙ නෑ.
Jul 21, 2021
බස්සාගේ පස්සා පැත්තේ අමාරුව
Colon cancer කියන්නෙ, මේ සාවියෙ බොහොම සුලභ දෙයක්. ඇයි කියල නං දන්නෙ නෑ, ඒත් ප්‍රතිශතයක් වශයෙන් සුද්දොන්ට වඩා කල්ලො අතර වැඩියි. එහෙමයි කිව්වට colon cancer සාධාරණ හාදයා, බොහොම ධනවත්, බලවත් අයටත් සුදු, කලු බේදයකින් තොරව සලකල තියනවා. බොහොම හෙමින් වර්ධනය වන කැන්සර් එකක් නිසා, නොදැනීම අන්තිම අදියරට වර්ධනය වෙන්න ඉඩකඩ තියනවා. එහෙම වුනොත්, බඩු බනිස්ම තමා.
Subscribe to:
Posts (Atom)






