Sep 22, 2014

බස්සා සහ මකරා

යිස් ප්‍රාකාරෙ පදිංචියට ගියාට පස්සෙන් පහු , බ්ලොගෙ මකුලු දැලුත් බැඳිලා. කොහෙ පෝස්ට් ලියන්නද අප්පා, බිසී,බිසී?
ප්‍රාකාරෙ උඩත් තියනවා "පෝස්ට්". ඒත් එව්වා මේ ලියන කියවන එව්වා නං නෙමෙයි, හිටගෙන මුර කරන එව්වා. හිටපු ගමන් අපේ අණදෙන නිලධාරිතුමා කියනව " අද මං උඹව 'පෝස්ට්' කරඤ්ඤං, ඊස්ට් ටවර් එකට" කියලා. මුලදි මට හිතුනෙ , උන්දෑ මයෙ ත‍ටු අකුලලා හත‍රැස් පාර්සලයක් හදලා තැපැල් කරන්නවත් හදනවාද කියලයි.

Aug 10, 2014

කතන්දර කියන බස්සෙක් හා නරියෙක්


ඔහෙල දන්නව නෙව, මං ලඟදි ගෙවල් මාරු කරපු විත්තිය? ඕං ඉතිං, ඔය අලුත් නවාතැනේ  පෑලපදියං වෙලා , මේ පහුගිය සති අන්තෙ හැන්දෑ ජාමෙක මං වටපිට සිරි නරඹන්න කියලා බැල්කනියට - බෙනේ ඉස්සරහ අත්ත , උඩට ආවා.

මෙන්න බොලේ කව්ද මගේ නම කියල කතා කරනව:

" බස්ස, බස්ස"

හෑ, කව්ද මේ කැලේ මට  ගරුනම්බු නැතුව  මුල් නමින් කතා කරන්න පුළුවන් ජගතා?  මං උඩ බැලුවා, බිම බැලුවා. බැලින්නං, නරියෙක්.

"එම්බා, කසාවත් පැහැති හිවල් පුත්‍රය. මේ  නුඹ ඉදිරියේ වැඩ සිටින්නේ, හවුස් බස්තියං ගෘහමූලික සේර් බස්තියං  නැමති නයිට්-වරයා බව දැණ ගනුව. නැහ්නං තා අල්ලා අයිස් ප්‍රාකාරයේ උඩ සිට ඔලුව පහතට සිටින සේ පරසක්වල ගසන්නට , මාහට හැකි බව දණුව. මේ වනයේ මා හැර වෙනත් වෙනත් බසුන්නාන්සෙලා ඇත්ද?"

" මඟුලක් කියනවා. අනේ පිංසිද්ද වෙයි , ඔය මහප්ප්‍රාණ නැතිව කතා කරපං. දෑං බලාපං උඹ මෙහෙට වෙලා ඉන්නවා, අරහෙ අර බ්ලොග් කට්ට වේලෙනවා. මං අහන්නෙ එව්වා හරි වැඩද,බස්සො?"


Aug 2, 2014

බස්තියං

හා. ආයිබෝං කිව්වා. මං මේ, මේ පැත්තෙ ආව මකුලු දැල් ටික කඩල පොඩ්ඩක් සුද්ද බුද්ද කරල යන්න. දැන් පදිංචිය අයන්වුඩ් ගහක  නෙව. ඔහෙලට කියන්න එහෙ නෙව සෙල්ලං තියෙන්නෙ.අම්මපා, එහෙමත් පිංසාර රටක්, කිරියෙන් පැණියෙන් උතුරනව. විසේසයෙන්ම එහෙ පැණි බාන්නෙ බැරල් වලින් :)

Jun 8, 2014

පාරිභෝගික සමාජය සහ Pursuit of Happiness

http://ihatecommuting.files.wordpress.com/2008/09
/the-pusuit-of-happyness.jpg
පහුගිය දොහක මට හම්බ වුනා මීයෙක්. එයා ඔය අපේ බ්ලොග් එහෙමත් කියවනවා - යමක් කමක් දන්න සතා.

අර මීපුර වැසියෝ එකේ හිටියෙ.

"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා..
තියෙනව, මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා.."

අන්න එයා.

Jun 4, 2014

දුක නැති කිරීමේ මාර්ගය

මේ දවස්වල කස්ටිය හෝ ගාලා දුක , සහ දුකට හේතුව හොයනව නෙව. අම්මපා , එව්ව කියවලා මගෙත් ඔලුව මඤ්ඤං වෙලා  ඉන්න අල්ල පනල්ලෙ, අද හැන්දෑ කොරේ  මං දැක්කා, දන්න කියක උගුඩුවෙක්ව.


මූ නිකං වට පිට බල, බල නැවති, නැවති යන විදිහට මට තේරුණා මේ නං යන්නෙ හොර ගමනක් තමයි කියලා.

Jun 1, 2014

මල් වඩම් අනවශ්‍යයි

http://www.hacknmod.com/wp-content
/uploads/2008/11/hard-drive.jpg
අනිච්චාවත සංකාරා ! මලා, ඒ හැටි කියන්න තරම් අසනීපෙකුත් තිව්වෙ  නෑ. ඔය පොඩි  කැස්සක් හෙම්බිරිස්සාවක් නං තිබ්බ තමා. හොඳට හිටියා. හුටස් ගාලා එකපාරටම පරලෝ සැපත් වුනා. මොනව කරන්නද? ගෙනාපු ආවිස ඉවර ඇති, බැලුවම වයස කියන්න බැරි වුනාට , සැහෙන්න වයසයි.

W.D Caviar  (උපත- 2007 විපත- 2014)

May 24, 2014

ජනතාව අවදි කරන්නෝ

http://www.prikol.ru/wp-content/gallery/july- 2012/big-cats-58.jpg
බස්සා කියන්නෙ නිශාචර පක්සිය කියන ඔහෙල දන්නව නෙව? බස්සා වැඩට යන්නෙ යක්කු ගස් නගින වෙලාවට. හැබෑටම, ඔහෙල දන්නවද , යක්කු ගස් යන්නෙ ඇයි කියලා? මට නං හිතෙන්නෙ, හොර කුරුම්බා බාන්ට වෙන්න ඇති කියලයි. ආයි මොකටෑ බොරු කියන්නෙ, බස්සත් හොර කුරුම්බා බීල තියනවා. මේක කිව්වෙ , " බස්සා අහිංසක පක්සියා කියල හැම තිස්සෙම කියා ගන්නව. ඒ වුනාට ඕකා මහ හොර බස්සා " කියල ලෝකයා කියන චෝදනාවෙන් ගැලවෙන්නයි :)
හරි, ඔය මඳෑ පඳුරු තැලුව ( © හැලපෙ -2013) , දැං එමුකො කතාවට. ඉස්සර කාලෙ ලංකාවෙ තිබිච්ච ජීවන රටාව අනුව,  කාලය කියන එක එච්චරම  වටිනා සාධකයක් බව  පේන්න නෑ. බොහෝ විට ස්වයං ‍රැකියා කල  අපේ පැ‍රැන්නො, වැඩකරල තියෙන්නෙ එයාලගෙම කාල සටහනකට. නිශ්චිතවම වේලාව දැණගැනීමේ අවශ්‍යතාවයක් නැති නිසා, ආසන්න වශයෙන් වෙලාව කියල තියෙන්නෙ සූර්ය්‍යාගෙ පිහිටීම අනුවයි - මෙන්න මෙහෙම:
" දැං, මයෙ හිතේ ඉර හැරිල හෝරාවක් විතර ඇති"

ඉර බැහැල ගියාට පස්සෙ, ජනතාවට වෙලාව දක්වල තියෙන්නෙ , මෙන්න මේ කස්ටිය:
ඇටි කුකුළා - බුක් ගෑම
ගං කුකුළා - හැඬලීම

මං හිතන්නෙ, ඒ කාලෙ කාටවත්   , දෙයියනේ කියල බුදිය ගත්තට පස්සෙ, ඒ ආතල් එක කඩාගන්න අවශ්‍යතාවයක් තියෙන්නෙ නැතිව ඇති, නැහ්නං, ඔය කුකුල් නාම්බෙක්  අල්ලල , බුදියන පැදුර ගාව බැඳලා තියාගන්ට තිබුනෙ නෙව , එලාම් ක්ලොක් එක විදිහට?

ලංකාවෙ එහෙම වුනාට , විකිපීඩියාවට අනුව, පුරාණ චීනෙ  Song Dynasty (960-1279) කාලෙ, අය නං වෙලාවට වැඩ කරල තියෙනව. එයාලගෙ නිපැයුමක් තමා,  හඳුංකූරු  සීනු ඔරලෝසුව.
http://upload.wikimedia .org/wikipedia/ commons/e/eb/ IncenseAlarmClock.JPG
මෙන්න රාජකීයන්ට හදපු මහප්ප්‍රාණ එකක්:

මේ තියෙන්නෙ , බොහොම සරල , හුදී ජනයාගෙ වර්ෂන් එක:
http://www.japanese-i ncense.com/sb3.jpg
නිකං හිතන්නකො මදුරු කොයිල් එකක් ගැන. අපි මදුරු කොයිල් එකක් පත්තු කලාම ඕක පැය ගාණක් පත්තුවෙනව නෙව.  මේ අනුව  කොයිල් එකේ පැයකට පත්තුවෙන දිග ආසන්න වශ්යෙන් සමානයි. දැන් අපි  අවශය පැය ගානට දිග ගනන් බලල. ඒ තැන තියනවා හණ නූලකින් එල්ලපු  යකඩ බෝලයක් වගේ බර එකක්. දැන් කොයිල් එක පත්තුවෙලා ඇවිල්ලා අවශය වෙලාවට හණ නූල පිච්චිලා යකඩ බෝලෙ වැටෙනවා තැටිය උඩට "ටාං" කියල.  

මං මේක ඉස්සෙල්ලම දැක්කෙ Dragon (Wu Xia) - 2011 කියන චීන සිත්තර පටියෙ. මෙන්න මේ ට්‍රේලර් එකේ මුල යන්තමට ඒක පෙන්නනව. 

හරිම ලස්සන කතාව , බලන්න. හොයාගන්න කම්මැලි නං යූ-ටියුබ් එකේ තියනව සම්පූර්ණ බාල කොලිටි එක

දැං එමුකෝ අද කාලෙට. මේ කාලෙ, මූකලං බස්සෙකුටවත්, දෙයියනේ කියල  බුදිය ගන්න නිදහසක් නෑ නෙව. ඇයි ඉතිං පනං හතරක් හොයාගන්න, බඩ රස්සාවට යන්න එපැයි.

මං සාමාන්‍යයෙන් බුදියන්නෙ  කොටස්  දෙකකට. ඕං ඉස්සෙල්ලම, හිමිදිරියෙම හීල සප්පායං වෙලා, යනව ඉන්ටනෙට් එකේ හැලප ගිලින්ට. එහෙම ඉන්න කොට , ඇස් පියවීගෙන එන ගානට ආවම,  හොඳට කුරුමානං අල්ලල පනිනව ඇඳට. ආයි ඇහැරෙන්නෙ, බඩ පනුවො බොක්සින් ගහන වෙලාවට තමා- ඕක තමා පලවෙනි කොටස.

දෙවනි නිදි වඩිය පටන් ගන්නෙ, වැඩට යන්න පැයක්, දෙකක් තියල. ඔන්න ඕක තමා ආයිබෝං අමාරුම හරිය. බුදියන එක නෙමේ, ඇහැරෙන එක. මේකට මං ලෑස්ති කරගෙන තියනවා, අඩුම කුඩුම ටිකක්:

1.තඩි LED clock  එකක්. - එක ඇහැක් විතරක් ඇරල බලල, වෙලාව තියේ නං ආයෙ නිදා ගන්ට.

2.එලාම් ඔරලෝසුව - මේක තමා වැදගත්ම එක. මං දැනට ඔරලෝසු දහයක් විතර ට්‍රයි කරල තියනවා. ඔය සාමාන්‍ය එලාම් වලට බෑ බස්සොන්ව ඇහැරවන්ට. කොටින්ම , මං අත්හදා බලපු හයිටෙක්, ටච් ඉස්කිරින්, ඉන්ටනෙට් ඔරලෝසුවටවත් බැරි වුනා නෙව, ඔය වැඩේ - හයියෝ ෂල්ලි .

සමහර දාට මට ඇහිල තියනවා, මං බල බල ඉන්න හීනෙ එලාම් එකක් වදිනවා. හීනෙන් වදින එලාම් කව්ද ගනන් ගන්නෙ, නේද? පුරස්නෙ, වැදිල තියෙන්නෙ ඇත්තම එලාම් එක නෙව.

දැං බලන්නකො , මේ සුද්දො අතරෙත්  ඉන්නව නෙව, මේ අපි වගේ කුම්භකර්ණයො?


අන්තිමට මං හොයා ගත්තා, අල්ටිමේට් එලාම් එක. මේක  නං අති සාර්ථකයි.  වැඩි මහප්ප්‍රාණ නෑ, වැඩි ගාණකුත් නෑ. මෙන්න තියෙන පහසු කං:
1. ලොකු snooze button එකක් - පලවෙනි සැරේ පටෝන් ගාල තඩි බාලා, ආයෙ ඇහැපියෝ ගන්න
2. එලාම් සද්දෙට අමතරව, වයිබ්‍රේටර් වෙන ගැජට් එකක්. මේකෙන් පුළුවනි , ඕන බස්සෙක්ව ඇහැරවන්න. 

අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි..

May 14, 2014

ගරිල්ලා මාකටින්

http://pepecasals.files.wordpress.com/2008/07/guerrilla-marketing
-ikea-bus-stop-new-york1.jpg
ගරිල්ලා මාකටින් කියල කියන්නෙ , සම්ප්‍රදායක නොවන , ඒත්  නිර්මාණාත්මක වගේම ආකර්ශණීය වෙළෙඳ උපක්‍රමයක්. මේ පිංතූරෙ තියෙන්නෙ IKEA  වලින් කරපු එහෙම එකක්:

මට මේක මතක් වුනේ , අපේ සමහර සහෝදර බ්ලොග් රචකයො , බ්ලොගෙ මාකට් කර ගන්න විඳින දුක දැකලා. 

May 10, 2014

අපි නොදන්න අයි-පෑඩ්

ලියන්න දේකුත් නෑ, වෙලාවකුත් නෑ. ඔන්න ඔහේ වල්පල් ටිකක් ලියලම දාන්නම්.

මුං මගේ සති-අන්ත නිවාඩු දවස් දෙකෙන් එකකට කෙලිය නෙව. මං සතියෙ දවස් පහක් මහන්සි වෙලා වැඩකරන පක්සියා ආයිබෝං. එහෙව් සතෙක් සති අන්තෙ එනතුරු ඉන්නෙ ඇඟිලි ගැණ, ගැණ. කඩේ යන්න, උයන්න,  ඇඳුම්-කැඩුම් හෝද ගන්න තියෙන්නෙ ඕය දවස් දෙක නෙව. සිකුරාදා නයිට් එක ඇදලා ඇවිත් හෙනහුරාදා  වලහ වගේ ආතල් එකේ බුදියනවා. රෑට ඔය කඩල එකක් එහෙම හදාගෙන , සිත්තර පටි දෙක තුනක් එහෙම බලලා, ඉරිදා  ෂපාන් එකේ  දිග ඇදිලා , අල ගෝනිය වගේ ඉඳගෙන යනවා හැලප කන්ට.  එතකොට තමා මයෙ බැස්ටි රී-චාජ් වෙලා, ඊලඟ සුමානෙ අදින්න ඇඟට පණක් එන්නෙ. එහෙව් නිවාඩු දවසට නෙව මුං කෙලියෙ?