මේස ඔරලෝසුවේ දෙකයි තිහ පෙනෙනවා
එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස වහිනවා
දවල් බුදියන බස්සො, රෑට නිදි මරනවා
එලි සමක් නැතිවුනත් බස්සො කවි ලියනවා
එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස වහිනවා
දවල් බුදියන බස්සො, රෑට නිදි මරනවා
එලි සමක් නැතිවුනත් බස්සො කවි ලියනවා
කම්පියුටර් අප්ග්‍රේඩ් වලට ආවම, මගේ ප්‍රතිපත්තිය තමා shoestring budget. බස්සා කියන්නෙ සේල් කාක්කෙක්. දැක්කද ඩීල් එකක්, කොටන්නෙ උඩ පැනලා. සමහර විට මේ සෙල්ලම වරදින වෙලාවලුත් නැත්තෙම නෑ. දැන් බලාන්ට සේල් නිසා කොටල ගත්ත, Intel i5 9400F හොඳම තේරීම නෙවෙයි, මොකද එව්වට එන motherboard ගණන් නිසා, එහෙම කියල බෑ නෙව? දැම්මා shoestring තියරිය, ගත්තා MSI H310m pro-vdh plus motherboard එක. ඔබට සතුටුයිද දැන්? නෑ නෙව.
මේ ගතවෙන්නේ, එච්චරම හොඳ කාළයක් නූනත්, හෙටත් ඉර පායනවා, මල් පිපෙනවා, කුරුල්ලෝ සිංදු කියනවා, අපි බයිල කියනවා. ඔව්වා ඔහොම තමා. මේවාත් එක්ක ජීවත් වෙන ක්‍රමයක් හදාගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. මිනිසාව ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි, කියල කව්දෝ කිව්වය කියල මම අහල තියනවා. ඒක එහෙම නං, අපිට තාම අපේ බලාපොරොත්තු ඉතිරිවෙලා තියනවා කියල හිත හදාගන්න බැරි කමක් නෑනෙ?
සතුට කියන්නෙ, බලාපොරොත්තුවක් ඇතිවීමත්, එය ඉටුවීමත් අතර සිතේ ඇතිවන හැඟීමක් කියලා අර්ථකතනයක් තියනවා. ඒත් මං හිතන්නෙ සතුටෙ ආයු කාළය, බලාපොරොත්තුව ඉටුවීම පස්සෙත් ටික කාළයක් තිබිලා දියවෙලා යනවා කියලයි.
මේ කොරෝනා කාලෙ, මං නං බලාපොරොත්තු ගෙන්න ගන්නෙ තැපැල් මාර්ගයෙන්.මේ එහෙම ගෙන්න ගත්ත දෙකක්:
නිතරම ඇසෙන, කියන අසුභ කතා පැත්තක තියලා, මේ උත්සව සමයෙ මට හිතුනා, ටිකක් හරි හිතට සැනසුමක් ගේන දෙයක් කරන්න. අවාසනාවට බස්සොන්ට කලාත්මක හැකියාවක් නෑ. ඒ නිසා මට හිතුන, මම දැකපු, හිතට සැහැල්ලුවක් ගෙනාපු වීඩියෝ කීපයක්, ඔහෙලත් එක්ක බෙදාගන්න.
කතාකරන බල්ලෙක්: Foo....d, you are always on my mind
| කොරොනා දේවී |
එතකොට සුද්ද ගල විදල උඩරටට පාර කපල, තාරත් දාල තිබුණලු. එතකොට තව, රේල් පාරවල් හදලා, අඟුරු කෝච්චිත් තිබුණලු. කොළඹ ගෑස් වීදී ලාම්පු තිබ්බලු.
තව ඉතිං ට්රෑම් කාරුත් තිබ්බලු, ඒක නං කිව්වෙ මනප්පුවා. කොලොම් පුරේ ශ්‍රියා දැකපු, සිංගප්පූරු නායකයා කිව්වලු, සිංගප්පූරුව ලංකාවෙ තත්ත්වයට ගේනව කියලා. උන්දැගෙ වාසනාවටද කොහෙද පස්සෙ ඒ අදහස වෙනස් කරගෙන තියනවා, මෙන්න මේ සිංදුව අහලාහඳ මාමා උඩින් යතේ...අපෙ මාමා බිමින් යතේ...
හඳ මාමා උඩින් යතේ ඒඒ...... අපෙ මාමා බිමින් යතේ.... ඒඒ.....
අපෙ මාමා ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැනමයි හිතුවේ..
Paranoid කියන වචනෙ ගූගල් ට්‍රන්ස්ලේට් කරන්නෙ"ව්‍යාකූල" කියලයි. දැන් අපි ආයෙ "ව්‍යාකූල" ගූගල් ට්‍රන්ස්ලේට් කලොත්, මේං ඒ වංගියෙ උන්දෑ කියනවා ඒක "Confused" ලු!
හරි, හරි ලිතියම් බැස්ටි වලට, වෙබ් සයිට් වලට පවා බයවෙන බස්සෙක් Paranoid කියල ඔහෙල කියාවි. ඔය අපේ හෝතම්බු ගොබිල ඉන්නව නේද? උන්දෑ ලංකාවෙදි, වට්ටක්කා ගෙඩියක් වරුගාණක්, පොල් මුඩ්ඩකින් මැද, මැද හේදුවාලු. මට ඒ කතාව පිලිගන්න හේතු තියනවා. මම ප්‍රතිපත්තියක් ලෙස හාල් උණුවතුරෙන් හෝදන්නෙ නෑ. තද සීතකාලෙ හාල් හෝදන කොට දෙපාර පැන්න ගමන් අත, ගල්ටික් වෙනවා, හීතලට. මං කරන්නෙ, තුන්වෙනිපාර හෝදන්නෙ ප්ලාස්ටි හැන්දෙන්. ඕකට මේකා මට හිනාවෙනවා. දැන් එතකොට Paranoid මමද? හෝතම්බුවද?මම බොහොම කාළයක ඉඳලා ටොරන්ට් පාවිච්චි කරනවා. දැන් ඉතිං අහනව එහෙම නෙමෙයි. මොකටද පාවිච්චි කරන්නෙ කියල එහෙම?
හරි, හරි, ටොරන්ට් වලට නරක පැටිකිරියක් තියනවා තමා. ඒත් සමහර Free Software, Open Source වගේ එව්වට පවා ටොරන්ට් පාවිච්චි වෙනවනෙ? මේ ලඟකදි ඉඳලා මගේ එක Torrent Client එකක්වත් වැඩ කරන්නෙ නැතුව ගියා. අර නරක පැටිකිරිය නිසා අපේ ISP ඔක්කොම ටොරන්ට් කප්පාදු කරල වෙන්න ඉඩ තියනවා.ගිම්හාන කාළයත් ඉවර වේගන එනවා. සැරින්, සැරේ තදින් හුලං හමනවා වුනාට කාලගුනේ කිසි ලකයක් නෑ, හිටපු ගමන් රත් වෙනවා, ආයෙ හිටපු ගමන් සීතල වෙනවා. මං ගියා පොඩි වෝක් එකකට කැලේ ඇතුලට.
මෙන්න මට පේනවා තඩි පඹ ගාලක්. පඹ ගාල ඇතුලෙ මොකෙක්දෝ යමර යුද්දයක්. ලංවෙලා බැලින්නන් නරියෙක්.බස්සා: පැටලිලා වගෙයි නේද?
නරියා: හුහ්? අපි එහෙමත් පැටලෙනවද? මං මේ ව්‍යායාම කරනවා, හිටං. ඇයි ඔහෙට මාව නිච්චියක් නැහ්ද?
බස්සා: හුටා! යකඩෝ, මේ අපේ හිටපු කපටිසේන රජතුමා නෙව? ඇයි කොහොම අඳුන ගන්නද, මොකෑ නිල් සායමට වුනේ?
නරියා: ඒක නෙව බස්සෝ, බලාපංකො, මේ වල් අලි සැට් එක මයෙ සායම ඇරියා නෙව? ඒක නෙමෙයි, මං මේ පඹගාලෙ ඉන්න ගමන් කල්පනා කරැව්වෙ, " මයෙ නරිබාප්පුච්චේ මේ ලෝකෙක තියෙන අවුල්" කියලයි.
බස්සා: නෑ මේ වෙන එකක්. බය වුනේ බැස්ටියකට.
හෝතම්බුවා: බැස්ටියකට? ඇයි හත්වලාමෙ, තෝ මෙහෙම බය වෙන්න ගියොත් ගෙදර කුස්සියෙ තියෙන කොස්සටත් බයවෙලා නූල් බඳින්න වෙනවනෙ?
බස්සා: නෑ බං නිකම්ම බැස්ටි නෙමෙයි, මේ ලිතියම්-අයන් බැස්ටි. අර ෆෝන් එකෙයි, අරකෙයි-මේකෙයි දැන් හැම පෝටබල් උලව්වෙම එන්නෙ. ආන්න එයා. උඹත් මේක බලලම කියපංකො, ඇඟේ මයිල්, ඉස්මයිල් වෙන්නෙ නැහ්ද කියලා.