ඔය EEVblog Forum එක, Electronics පිස්සොන්ට යන්න කියාපු තැන. එතන වයිවාරණ කස්ටිය ඉන්නවා. උගත් පිස්සෝ, ස්මාට් පිස්සෝ, දක්ස පිස්සෝ වගේ අය. කොටිම්ම ඒකෙම උයන්න කැමති අයට, වෙනම කොටසක කෑම රෙසිපි පවා තියනවා.
Apr 28, 2021
විකල්ප තාක්ෂණය සහ තැපෑලෙන් ආ පූසා
Apr 27, 2021
අනා-ගතේ තොපේ අතේ
"ඇසිමෝ" අපේ ආතා වගේ බොහොම පරිස්සමින් අඩි තියලා, දෙකට නැවිලා ඇවිද්දා, ඉඳලා හිටලා ෆුට් බෝලෙකට පයින් ගැහුවා. ඉතිං, වෙනද වගේම ඉර පෑව්වා, මල් පිපුනා, කුරුල්ලො සිංදු කිව්වා, ඔහොම කිසිම අවුලක්, කනස්සලක් නැතුව කාළය ගලාගෙන ගියා.
Apr 20, 2021
අමුතු සත්තු
රට්ටු නං කියන්නෙ බස්සා අමුතු සතෙක් කියලයි. උලමා නැත්නම් යක් කුරුල්ලා කියන්නෙත් බස්සෙක් කියලයි සමහරු නං කියන්නෙ. ඒ කතාවෙ ඇත්ත නැත්ත මම නොදන්නව වුනාට, මට සමහරු "උලමා" කියලත් අමතලා තියන නිසා, බාගදා එහෙම වෙන්නත් පුළුවනි. ලෝකයාට මාව කොහොම පෙනුනත්, මට නං, මම තාම "මූකලං බස්සා."
ඔහොම කිව්වට, ඔය අමුතු සත්තු ගැන මගේ පොඩි මනාපයක් නැත්තෙමත් නෑ. මේ ඉන්නෙ එහෙම හාදයෙක්:
Apr 12, 2021
තහවුරු කිරීමේ නැඹුරුව -Confirmation Bias
මටම මා ගැන, බය හිතෙන ජාතියෙ "TED Talks" එකක් බැලුව. මාතෘකාව "Why you think you're right -- even if you're wrong"
මාතෘකාව පොඩ්ඩක් අවුල් වගේ නේද? එහෙම කොහොමද අපි වැරදි වෙන්නෙ, නේද? අම්මපා, මට හිතුනෙත් ඔහොම්මමයි නෙව? වැඩේ කියන්නෙ ආයිබෝං, අපි එහෙම හිතන එකටත් නමක් තියනව නෙව? ඒකට කියන්නෙ "Cognitive Bias - The self-serving bias" කියලලු.
Apr 8, 2021
ජපන් ලලක්කා සහ කාමරේ ඉන්න අලියා
![]() |
| ලෝඩ් බස්තියං |
ලලක්කා ගැන ලියල හඳවල් ගාණක් ගෙවිල ගිහින්. ඒත් අලියා තාමත් කාමරේ. අපි නං ඉතිං තාමත් " දැක්කා නොදැක්කා වාගෙයි අලියව අක්කා" ඉස්ටැයිල් එකෙන්ම ඉන්නවා.
මට ආයෙ ලලක්කව මතක් වුනේ මෙන්න මේ ගීතය අහලා:
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට
Mar 27, 2021
මිල්ල සොයා යෑම
මේ සිංදුවෙම වෙනත් වීඩියෝ එකකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා:
"මේ සිංදුව එක්ක මටනම් සෙට් වෙන්නෙ "මචං" ෆිල්ම් එක හිතට ලොකු ශක්තියක් එනවා මොන ගේමක් හරි ගහල දියුණු රටකට පනින්න"Mar 24, 2021
දෙවියන් සොයා යෑම සහ The Circle of Life
මෝගන් ෆ්රීමන් තමා ගියේ, මම කලේ බලාගෙන ඉන්න එක.
ඕං ෆුල් එපිසෝඩ් එකම යූ-ටියුබ් එකේ නොමිලේ දාලා තියනවා. කතාවෙ හරය පැත්තක තිබ්බත්, මෝගන් ෆ්රීමන්ගේ බටර් වගේ සුමුදු සිත නිවන කටහඩත්, ඊජිප්තුවේ පිරමීඩ, යෙරුසලමේ ශුද්ධ වූ පල්ලිය, ඉංදියාවේ වාරාණාසී නුවර වගේ තැන්වල දර්ශණ ටිකම වටිනවා.
Mar 18, 2021
The New Corporation, ගූගල් සහ ඇල්ගොරිතම
සුජීව කොකාවෙලගෙ The null device බ්ලොග් එකේ ඉන්ටරෙස්ටින් ලිපියක් කියවන්න ලැබුනා
අතීතයේ සිට වර්තමානය දක්වා ඉතිහාසගත වෙලා ඉන්න "වීරයො" ගැන අලුත් මානයකින් බලන ඔහු දර-දිය ඇදපු "ෆුට් සෝල්ජ්ර්ස්ලා" ට ලැබිච්ච තැන ගැන සාධාරණ තර්කයක් මතු කරනවා. මේ වීරයොන්ගෙ ඇසින් ලෝකය දැකීමේ නැත්නම් ටිකදෙනෙක් විසින් අපේ අනාගතය තීරණය කිරීමේ පොඩි අවුලක් තියනවා. ඇයි, අපි උපකල්පනය කරනවා "වීරයො" හැමතිස්සෙම චෝයි, බලන්නෙම ලෝකෙ හොඳ තැනක් කරන්න කියලා.
The New Corporation ඩොකියුමෙන්ට්රි එක කරපු කස්ටිය කියනවා ඒක එහෙම නෙමෙයි කියලා. සියට සීයක් එකඟ නූනත්, ඒ අය අහන ප්රශ්ණ එහෙම ලේසියෙන් මඟහරින්න බෑ.
Mar 17, 2021
කුසුම්පුරේ කීඩෑවෝ සහ සපත්තු ලේස් -2
මම පොඩි කාලෙ බොහොම ආසාවෙන් කියෝපු පොතක් තිබුණ "දැත්තා සහ යහළුවන්ගේ හපන්කම්" කියලා. මේක බොහොම අපූරු රුසියානු මනෝරාජික සුරංගනා කතාවක්.
Mar 15, 2021
බස්සා දුටු බුකිය
තැන තැන රවුමට ඉඳගෙන
ප්රවෘත්ති දැණගන්න ළමයි බුකි ගත වෙන්නා
බුකිය වටේ යන විට කවිපද කියැවෙන්නා
කොපර කොපර පිපිඤ්ඤා - පස්ස බැලුවොත් දෙසඤ්ඤා
"කැකිරි" කියල ලියඤ්ඤා - හතර වටේ බෙදඤ්ඤා





