May 28, 2011

සරල සැහැල්ලු ජීවිතයක්.....

අපි කවුරුත් කැමතියි මෙහෙම ජීවත් වෙන්න, නමුත් ඇත්ත තත්ත්වෙ අපි කාගෙත් ජීවිත එච්චරම සරල නෑ කියන එකයි. කොච්චර ඕනෙකම තිබ්බත් අපි ජීවත්වන පරිසරයත් මේකට බලපානවා. නිකං හිතන්නකො හයියෙන් ඉදිරියට යන සෙනඟක් මැද ඉන්න කෙනෙක් හෙමීට යන්න හැදුවොත් මොකද වෙන්නෙ කියලා, අනිත් අය නිසා එයාවත් තල්ලුවෙලා යනවා.


මං අද ඉන්න රටේ සමාජ රටාව එක්ක මේ පරස්පරතාවය මටත් බලපානවා. මේ ජනප්‍රිය සමාජ ‍රැල්ලට ගහගෙන යන්නෙ නැතුව, මං පොඩිකාලෙ ගමේදි පුරුදු පුහුණු කරපු පුරුදුත් ආදේශ කරගෙන ජීවිතේ ගනියන්න තමා බලාපොරොත්තුව. ඒත් එහෙම කියලා, මේ සමාජයට සම්පූර්ණ පිටස්තරයෙක් විදිහට ජීවත් වෙන්න හදන එකත් ප්‍රායෝගික නෑ කියලා මං දන්නවා.


සරලයි කියලා පෙනුනාට, මේක ලේසි සෙල්ලමක් නෙමෙයි. ඇයි ‍රැව්ලයි, කැඳයි දෙකම බේරගන්න එපැයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ මං ඉතාමත් අගේ කරන සංකල්පයක්, සමහර විට බුදුදහම කියන්නෙ මොකක්ද කියලා නොදන්න කවුරුහරි ඇහැව්වොත් මං පැහැදිලි කරන්නෙ මැද පිලිවෙත ගැන.


හැමතිස්සෙම කරන්න පුළුවනි කියලා සහතික වෙන්න බැරි වුනත් මං රකින්න උත්සහ කරන සමහර දේවල් මෙන්න:


වැඩිපුර ලොකු බලාපොත්තු ඇතිකර නොගැනීම
ලැබෙන දෙයින් සතු‍ටු වීම
"වැස්ස කාලෙට" ගන්න යමක් ඉතුරු කර ගැනීම
ජීවත්වීම සඳහා පමණක් කෑම ගැනීම ( කෑම සඳහා ජීවත් වීම නොවේ)
ජීවිතේ සරල දේවල් රස විඳීම
මහන්සි වී වැඩකිරීමෙන් පසු ලැබෙන විවේකය සුව විඳීම
ලොකු අනාගත සැලසුම් නැතත්, අනාගතය ගැන පොඩි ක‍ටු සටහනක් හිතේ ඇඳ ගැනීම


අද ගමේ මේ කියන සරල ජීවිතේ නැතිබව මං දන්නවා. ඒත් මගේ හීන ලෝකෙ ගමේ ජීවිතේ මෙන්න මේ වගේ:
http://www.artoflegendindia.com/images/images_big/pga069_scene_village.jpg


බස්සා ඕං ඔහොම සැහැල්ලුවෙන්, සෙමින් , දැහැමින් ජීවත්වෙනකොට තමා බැස්සි පිංතූරෙට ආවෙ. හුටා......

11 comments:

  1. //ජීවිතේ සරල දේවල් රස විඳීම//
    මේ කියන්නේ චෙරීස් හා බෙරීස් කන එක ගැන වෙන්ටැති.

    //මහන්සි වී වැඩකිරීමෙන් පසු ලැබෙන විවේකය සුව විඳීම//
    වලහෙක් වගේ වැටිලා නිදාගන්න එක ගැන මයෙ හිතේ මේ කියන්නේ

    //අනාගතය ගැන පොඩි ක‍ටු සටහනක් //
    කොච්චර විතර පොඩි එකක්ද? ඩෙනිම් අඳින බැස්සියෙකුට රෙදි හැට්ට ඇන්ඳවීම වගේ පොඩි එකක්.

    අර පුතෙක් ලඟ ඉඳන් පාඩම් කියලා දෙන්නේ බැස්සිද? දැන් කාලේ බැස්සියෝ නම් ඩෙනිම් අඳින අය. එයාලට ඉතින් ඔය රෙදි, හැට්ට ටිකක් මස්සවලා තියාගන්ට වෙයි.

    අවංක හදවතකින් ලීව හොඳ පෝස්ට් එකක් බස්සෝ....

    ReplyDelete
  2. අනාගතය ගැන තියන කටු සටහනේ පින්තූරේ දැන්නේ දැක්කේ.

    'හුටාම' තමයි. :D

    ReplyDelete
  3. ඒකනෙ මං හුටා.. කිව්වෙ. පොඩ්ඩක් ඉවසලා හොඳට බලන්න එපැයි..හෙහ්..හෙහ්

    ReplyDelete
  4. පොස්ට් එකනම් ලස්සනයි බස්සෝ. ඇත්ටම සරල ජීවිතයක් කියන්නේ ඕනෑම කෙනෙක්ට ආභරණයක් වගේ. මධ්‍යම ප්‍රතිපදාව හරිම වැදගත් තමා. ඒත් බුදුදහම කියන්නේ මොකක්ද කියා ඇසුවොත් දෙන්න තියන සරලම අර්ථ දැක්වීමනම් හේතුථල වාදයයි. හේතුවක් නිසා ඇතිවූ සියල්ල නැසෙන සුළුය..
    දිය පාර සැර වැඩි උනාය ඒ අතරින් සීරුවෙන් ඇදීයන්නත් බැරි කමක් නඹ නෑ. අවශ්‍ය වන්නේ උත්සාහයයි.

    ReplyDelete
  5. මමත් ඉගෙනගත්ත ලොකුම ලොකු පාඩමක් තමා "වැඩිපුර ලොකු බලාපොත්තු ඇතිකර නොගැනීම" කියන එක.. පුංචි පුංචි ටාගට් තියාගෙන ස්ටෙප් බයි ස්ටෙප් යන එක තමා මාත් දැන් අනුගමනය කොරඤ්ඤෙ.. හිතටත් හොදයි නොවැ..

    හැබැයි අර "වැස්ස කාලෙට ගන්න යමක් ඉතුරු කර ගැනීම" නං මගෙන් කවමදාවත් වෙන්නැති වැඩක්.. වැහි කාලෙට මටත් ගිරවෙක් කෝචෝක් දාන්න එයිද..??

    ReplyDelete
  6. කාලෙකට පස්සේ හොඳ අදහසක් බස්සෝ.මම වැඩියෙන් කැමති මහන්සිවෙලා වැඩ කරලා හොඳට විවේකගන්න . තව දෙයක් ඔය ලිස්ට් එකට එකතු කරගන්න .කවුරු හිටියත් නැතත් ආදරෙන් තමගෙ ජීවිතේ ජීවත් කරනවා කියන එක .

    කියන්නම කියල හිටියේ .කාලයක් මගෙ බ්ලොග් එකේත් බස්සෝ , පිස්සො එහෙම පිහෑඹුවා .දැන් නම් කොහේ ගිහින්ද මන්ද උන්දැලා

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. @පොකු
    චෙරීස්, බෙරීස් විතරද? ඇයි ස්ට්‍රොබෙරීස්..හෙහ්..හෙහ්
    සනීපෙට නිදාගන්න එක නියමෙට රස විඳින්න දන්නෙ වලස්සු තමා. උන්ට"පැණි" කීවොත් වෙන දෙයක් ඕනෙ නෑ, පැණි වලහා කියන්නෙ ඒකනෙ.
    ක‍ටු සටහන දැක්කෙ නෙ. ඩෙනිම් ඇන්දට මොකෝ වැඩ ටික කෙරෙනව නං ඒ මදෑ?

    @ප්‍රියන්ත
    මට නිකං හිතුනා ඔයත් මේ වගේ දේට කැමති ඇති කියලා. හේතුඵල වාදය මත්ක් කලාට ස්තූතියි, දෙඤ්ඤං දැං සුද්දොන්ට උණ ගන්නම.

    @බුරා
    හපෝයි , මගේ හිතේ තිබුණෙ අර පළගැටියා සහ කූඹි කතාව. හෙහ්..හෙහ්, වඳුරො සහ ගිරව් වර්ෂන් එක තමා හොඳම කතාව. මං හොඳ බස්සෙක් කියපු නිසා මට නං බෑ ඒ කතාව කියන්න, ඇහැව්වොත් උඹම කියාපං. ගිරව් කෝචොක් දැම්මොත් කියපං" හිටපල්ලකො වැස්ස පායනකං තොපේ.........."කියලා..හෙහ්..හෙහ්

    @TG

    හප්පේ නෝනෙට තාම මතකයි එහෙනං එයාලව. පිස්සාගෙ හුටප්පරයෙන් පස්සෙ ඌ වයලට් එක්ක නොකියාම වාෂ්ප උනා. බස්සත් හුටප්පරයක පැටලුනා නෙව, ඌ නං කොහොඹ ගහක ලැගලා ඉන්නවා කියලයි ආරංචිය..

    ReplyDelete
  9. මේන්න බස්සාට යාළුවෙක්
    http://jbasnayaka.blogspot.com/

    ReplyDelete
  10. එයාගෙ නම බස්නායක නෙ, ඒකයි එය බස්සා වෙලා තියන්නෙ. බස්සො වර්ග ගොඩක් ඉන්නවනෙ.අනේ පවු ඌඌඌ.සමහරු හිතල ඒ මමමයි කියලා. මේ විදිහට පටලැවෙනවා නං, මට දැං දැං හිතෙනවා හෝතම්ඹුවෙක් වෙන්න..

    ReplyDelete
  11. නෑ ඌත් බස්සා කියල නම දාගෙන ඉන්නේ. නෑ නෑ මම කිවේ ඌ යාළුවෙක් වෙන් ඇති කියල. අනික අපි කොහොමටවත් ඌට දොරකඩ ගහ දෙන්න බෑනේ..:D

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code