Jul 30, 2011

ආයිත් වලි....බස්සා නෙමෙයි, මූ උලමා


පින්සර ඔබ හැර පිළිබද සිතුවිලි වෙනතක දළුලාදෝ...
ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ...

සිහිනෙන් ගෑ මුදු සුවදක් වාගේ මිහිරි අතීතය හැගුනේ...
ඔබට මේ තරම් මා පෙම් කල බව වෙන් වන තුරු නෑ දැනුණේ...


ඔයාල අහල තියනවද, හුඟක් පිංබර අයට යම් අසාධාරණයක් කලොත් -ඒ කියන්නෙ , නිකං හිත රිදවනවා වගේ එකක්- , ඒක ඒ වෙලාවෙම පරිසං දෙනවා කියලා. මාත් ඔය කතාව අහල තිබුනා, ඒත් මේ වෙනතුරු විස්වාස කලේ නම් නෑ. දැං ඔයාල කියයි, ඒ සැරේ මුගේ ඔලුවෙ නට් එකක් බුරුල් වෙලා කියලා. විස්වාස කරන්ට, ආයිබෝං, මේක එක දවසක්, දෙකක් වෙච්චි අහඹු සිදුවීමක් නෙවෙයි. මං වලියක් ඇද්දොත්, අනිවා ඩෙෆා, මට එදාම කෙලවෙනවා - දිථ්ට දම්ම වේදනීය කර්මද මන්දා?

එක්කෝ මුන්දෑ පිං කඳක්, නැත්නම් මට කෙලවෙයන් කියලා වූඩූ කරන මන්තර කාරියක්.

 ඇයි රාළේ, මාත් ආස නැද්ද අර මුතු කැට වගේ ලස්සන කඳුළු බිංදුවක් දෙකක් ඉඳලා හිටලා හරි දකින්න? දැං බලාන්ට, එතකොට මට කෙලවෙනවා. ඒක නිසා ගොනා සේ කරබාගෙන ඉන්නවා කියන්නෙත් ,ඒත් මට කෙලවෙනවා කියන එකනෙ. බලාගෙන ගියාම අන්තිමට මට කෙලවෙලා තමයි ඉවරවෙන්නෙ.අද දවසෙම හරියට නිදාගත්තෙ නෑ, දැං ඉතිං ඇදපල්ලකො නිඳිමරගාතෙ නයිට් ශිෆ්ට් එක. අදත් බඩුම තමා.

 
කොහෙන් කැපුවත් රාත්තලයි නෙව. 

අන්තෝ ජටා -බහී ජටා



අනේ අසරණ බස්සා පවූඌඌඋ..නේද?

                  

13 comments:

  1. අනේ අසරණ බස්සා පවූඌඌඋ...නේන්නම්....:D

    ReplyDelete
  2. කොහොම උනත් 'මාර රොමැන්ටික් බස්සෙක්' .....:)

    ReplyDelete
  3. අප්පද බොල බස්සෝ, කොප්පර කොප්පර පිපිඤ්ඤා තමා.......

    ReplyDelete
  4. අනේ මට නං අන්දෝ සංසාරයක් තේරෙන්නේ නෑ.
    "අන්තෝ ජටා බහි ජටා
    ජටාය ජටිතා පජා"

    ReplyDelete
  5. @පොකු
    හුහ්, අනේ මයෙ කට!

    @නීතා
    පස්ස බැලුවොත් දෙසඤ්ඤා...

    @පොත් ගුල්ලා

    මේක නොවැ රාළේ, මේකෙ නිධාන කතාව නැතුව තේරුං ගන්න අමාරු නං තමා

    ReplyDelete
  6. //ජටාය ජටිතා පජා//

    අනේ මෙන්න මේ ටික තේරෙන්නේ නෑනේ...

    ReplyDelete
  7. @පොකු
    අන්තො ජටා බහි ජටා
    ජටාය ජටිතා පජා

    ඇතුළතද අවුල්ය. පිටතද අවුල්ය.
    සත්ත්ව වර්ගයා අවුලෙන් අවුලට පත්ව සිටිති.

    ගූගල් සරනං ගච්චා.....මී

    ReplyDelete
  8. බස්සා කියපු තේරුම වැරදි නෑ. නමුත් පදානුපදික තේරුම මෙහෙමයි.

    අන්තෝ ජටා - ඇතුලත් ගැට
    බහි ජටා - පිටත් ගැට
    ජටාය ජටිතා පජා - ගැට මැදිකර ගැට

    මේ ගාථාවේ තව පද දෙකක් තියෙනවා. මටත් මතකයක් නැහැ. මේක එක්කො "ජාතක පාලියෙ" නැත්තං "ථෙර ගාථා" වල ඇතුලත් ගාථාවක්.

    ReplyDelete
  9. අපි නං හැමදාම මේ පැත්තේ එනවා. ඒත් බස්සා නිකමටවත් අපේ පැත්තෙ එන්නෙ නෑ නේද? මකරන්ද සුවඳට බස්සා කැමති නැතුව ඇති මයේ හිතේ.
    මං ලියන දේවල් ගැන වලව්වේ කට්ටියත් එච්චර මනාපයක් නෑ වගේ. කුමාරිහාමි නං එක දවසක් ඒ පැත්තෙ ඇවිත් පුරස්න වගයක් අහල ගියා ගියාමයි ආයෙ මං දීපු උත්තර කියවන්ඩවත් ආවේ නෑ දන්න තරමින්. කමක් නෑ ඉතිං ඒ ඒ අයගෙ රුචි අරුචි කම් වලට මං ගරු කරනව.

    ReplyDelete
  10. @ පොත් ගුල්ලා
    ඔහෙට කියන්ට ලොක්කා, මං ඔය රෑට, රෑට හොරෙන් ඇවිත් ඔව්වා කියවලා යනවා. කොමෙන්ට් දාන්නෙ කොහොමද, එතකොට අතේ මාට්‍ටු නෙව. ගොයියෝ, උඹ හදන්නෙ මයෙ සැකුරිටි ජොබ් කට්ටට බඩේ පාර ගහන්නද? :)))

    ReplyDelete
  11. @ පොත් ගුල්ලා
    කුමාරිහාමි කොච්චෝරවත් "ෆුල් බිසී"ය. උන්දෑට, රස්සාව කරන්ටයි, ලෝකෙ වටේ රවුං යන්නයි, අපිත් එක්ක රංඩු අල්ලනයි ගියාම "රොස්" පරිප්පුවක්වත් හදාගන්නට වෙලාවක් නැත. රතිඤ්ඤා කරල වගේ උනාට උන්දෑ හිත හොඳ අම්මණ්ඩිය.

    අවුරුද්දේ වැඩිකාලයක් කණ පැලෙන්න හීතල මේ සාවියේ, ජීවිත්වීම ලේසි පහසු කාරියක් නොවේ. බස්සාත් බොහෝ වෙලාවට සතියේ දින හතම වැඩය. හැමදේටම මිලක් තියෙන මේ රටේ එහෙම නොකර බැරිය.ඔන්න ඕකයි ගුල්ලෝ, ඇත්ත කතාව, එහෙම නැතුව ඔයා ලියන දේට අකමැත්තක් නැත. ඉඩ ලැබෙන පිලිවෙලට ඇවිත් හොට දාලා යඤ්ඤං.

    ReplyDelete
  12. @පොත්ගුල්ලා,

    බස්සා කියා ඇත්තේ සම්පුර්න සත්‍යයකි.

    ReplyDelete
  13. ඒ පැත්තෙ ආවෙ නෑ කියල ආඩපාලි කිව්වට වලව්වෙ කට්ටිය මාත් එක්ක අමනාප වෙන්ඩ එපා. හරි හමන් ප්‍රතිචාරයක් නැති කොට මට නිකං මිං ඉස්සරහට ලියන්දෝ නොලියන්දෝ වගේ හැගීමක් ඇති උනා. ඒකයි නිකං අන්තිම තුරුම්පුවක් වගේ ගහල බැලුවෙ. එකෙන් ඉතින් කට්ටිය අපි ලියන එව්වත් කියවනවා කියල දැනගත්තනෙ. කුමාරිහාමියි, බස්සයි ඒ පැත්තෙ ඇවිත් ප්‍රතිචාරත් දීල ගිය එක ගැන හුඟක් සතුටුයි. රාජකාරි බහුල නං අදහස් නොදැක්වුවට අමනාප වෙන්නේ නෑ.
    ආයෙත් කියන්නේ ඉතින්, "බොහොම ස්තුතියි".

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code