බොම්බයි මොටයි කියන්නෙ, Candy Floss,Cotton Candy නැත්නම් කැන්ගරුවන්ගෙ Fairy Floss නෙමෙයි. බස්සා රටගිය වෙලේ හිටංම බොම්බයි මොටයි හෙව්වා. මේක ඉන්දියන් රස කැවිල්ලක් බව අනුමාන කරපු බස්ස, එයාලගෙනුත් ඇහැව්වා, ඒත් උන්දලා දන්න බොම්බයි මොටෙක් නෑ. හොයන්නාට සම්බවේ කියනවනෙ, අන්තිමට බොම්බයි මොටාව හම්බ උනා. එයා නම වෙනස් කරලා, වෙස් වලාගෙන උන්නෙ. හුහ්, අපි අහුවෙයි ඕවට. මෙහෙදි එයාගෙ නම Soan Papdi . Sohan papdi නැත්නම් Soam papdi හරි Sohan halva/Patisa කියලත් කියනවා.
මෙන්න බස්සා හොයා ගත්ත බොම්බයි-මොටයි සිංදුව. එයාගෙ හින්දි ටිකාක් මලකඩ කාල නං තමා. ඒත් ඕං ඔහෙලා වෙනුවෙන් දන්න විදිහට පරිවර්තනය කලා:
මං බොම්බයි මොටාව, දිල්ලියත් හෙව්වා,
පූනාත් බැලුවා,
අන්තිමට පට්නා ත් ගියා.
ඔයා එහෙත් නෑ,
අනේ , ඔය හින්දියෙන් ලව් කරන කස්ටියවත් මේකෙ තේරුම දාන්ට. ඉතුරු ටික නං අලද, ගෝවද කියලවත් තේරෙන්නෙ නෑ, සිංදුවත් ලස්සනයි, කතාවත්ලස්සනයි. පුහ්, බලාන්ටකො එයාගෙ නැටුම. නම වව්ලා. වව්ලා මොකද, බස්සා මොකද, දෙන්නම පක්ෂියො නොවැ.