Aug 12, 2011

Summer Wine

ටික කාලෙකට ඉස්සර කාන්තාරයක් කිට්‍ටුවදි බස්සට ඉහින් කනින් දාඩිය පෙරා ගත්ත සුද්දෙක් හම්බ උනා. හිනා වෙවී ඉන්න බස්සව දැකලා, තද වෙච්චි සුද්දා " ඈ බොල , උඹලට දාඩිය කියල ජාතියක් දාන්නෙ නැත්ද? මං -50c උශ්ණත්වය තියෙන තැන්වලත් ඉඳලා තියනවා, ඒත් හොඳට උනුසුම් ඇඳුම් ඇන්දාම ඒක හොඳා, මේ උලව් රස්නෙට වැඩිය" කියලා කිව්වා. මට ඔය කතාව ඒ දවස් වල හරියට තේරුනේ නෑනෙ, ඕං දැං නං යස අගේට තේරෙනව :)))

දැං මෙහේට ගිම්හානය. කණ පැලෙන්න රස්නෙ අප්පා. ඝර්ම කලාපීය පක්ෂියෙක් වෙච්චි බස්සා ඉස්සර කලේ සීත කාලෙට බනින එකයි. දැං නං හීනෙනුත් හිම පේනවා.සීත කාලෙට පොරෝගෙන කුම්බකර්ණයා වගේ බුදිය ගත්ත හැටි තාමත් මැවිලා පේනවා. හුහ්, මට හේම ඔය "ගිම්හාන " කියලා නමක් දාලා තිබ්බ නං දනී, මං කරන දේ...

හා දැං බොන එක ගැන කතා කරමුකො. ඔය වයින් තියනවා නේද? සීත කාලෙට ඕකට ඔය කුළුබඩු දාලා උණු කරලා " හොට් වයින්" ඇදලා ඇරියෑකි. ගිම්හානෙටත්, පලතුරු දාලා සීත කරලා ඇදලා ඇරියෑකි නෙව..හෙහ්..හෙහ්..

මේ කියන්නෙත් එහෙම"චෙරිස්, බෙරීස්" දාලා හදපු වයින් එකක් ගැනයි. පේන විදිහට මේක හදලා තියෙන්නෙ මන්තර කාරියක්, බස්සෙකුට මේක පොවලා, උම්මා දීලා  උගේ "මේව්වා එක" හොරකං කරගෙන යන්ට..



Strawberries cherries and an angel's kiss in spring
My summer wine is really made from all these things
Take off your silver spurs and help me pass the time
And I will give to you summer wine
 

My eyes grew heavy and my lips they could not speak
I tried to get up but I couldn't find my feet
She reassured me with an unfamilliar line
And then she gave to me more summer wine
 

When I woke up the sun was shining in my eyes
My silver spurs were gone my head felt twice its size
She took my silver spurs a dollar and a dime
And left me cravin' for more summer w
ine 

              

9 comments:

  1. //පේන විදිහට මේක හදලා තියෙන්නෙ මන්තර කාරියක්, බස්සෙකුට මේක පොවලා, උම්මා දීලා උගේ "මේව්වා එක" හොරකං කරගෙන යන්ට..//

    බකුසු බෙනේ දාලා තියන වෙඩින් ෆොටෝ එක දැක්කාම මට හිතුනේ බස්සාගේ මේවා එක දැන්ටමත් මන්තරකාරි හොරකම් කරලා කියලයි.....:D

    ReplyDelete
  2. අපොයි පොඩ්ඩි අක්කේ දැන් බස්සා ඒ වෙඩින් ෆොටෝ එක අයින් කරයි කෙල්ලෝ බෙනේට ගෙන්න ගන්න. ඔයා දන්නේ නෑ ඔය පිරිමින්ගේ හැටි. පේන්නේ නැද්ද මෙයා වයිනුත් බොනවලුනේ.

    ReplyDelete
  3. අපෝ බස්සො උනත් පිටරටකට ගියාම වෙනස් වෙන හැටි, හීනෙනුත් හිම පේනවා මළ කෝලං......

    ReplyDelete
  4. @ප්‍රියන්ත
    ඒකනෙ කියන්නෙ ලොක්කා, මේ ලිඳේ ඉන්න ගෙම්බියොන්ට ඕක නොතේරෙන හැටි:)

    @පොකු
    කරලා නේන්නං. ඒක තියාගෙන සමහර වෙලාවට ඒකට ඇල්පෙනිත්ති වලින් අනින එක තමා එපාම කරපු වැඩේ :)

    @සමනලී
    ඒ ෆොටො එක අයින් කලොත් තිං බස්සට අඹ සරණයි:)

    @ නීතා
    හහ්, ඔය කිව්වෙ! ලෙන්චිනෝ, උඹ නං එන ආත්මෙ කාන්තාරෙක පතොක් ගහක් වෙලාම ඉපදියන්
    පැටලි පැටලි ඉන්න :))))

    ReplyDelete
  5. බස්සා සිත කාලෙට කැමති සීතලට ගුලි වෙලා බෙනේට රිංගගෙන ඉන්න පුළුවන් හින්දද

    ReplyDelete
  6. බොල බස්සො ඔය summer wine බොතල් දෙකක්ද පෙන්න තියෙන්නෙ....

    ReplyDelete
  7. @බින්දි
    හා, ඔය තේරිලා තියෙන්නෙ අපූරුවට
    @Tanikada Jeewithe
    ඒ හොට් වයින් බෝතලකුයි, ස්ට්‍රොබෙරි දෙකකුයි වගෙයි මට නං පේන්නෙ :)
    කෝකටත් අර බදාගෙන ඉන්න ගොයියගෙන් අහල බැලුවොත් හොඳයි. උන්දැට හීතලයි වගේ :)

    ReplyDelete
  8. සමර් වයින් බීලා දැන් ඇතිවෙලා තියෙන්නෙ.. අලුත් පෝස්ට් එකක් දාපිය බොල.. :)

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code